BOONDI.LK| කතන්දර දෝසි| ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
පුහුල් දෝසි
කතන්දර
Cine
ඉඟුරු
කවි
ගී
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් කතන්දර
කෝතුරා- හුළඟට අධිපති දෙවියා
[0]
සෝඩා වතුරෙන් දුවන රියෙන් වැඩබැරිදාස ගමන් ගිය සැටි
|
නිකොලායි නෝසව්
[4]
නීනෝ - පුංචි කණාමැදිරියා
|
සුඑලි මෙනෙසස්
[3]
රන් කුසලානය [බුර්යාත් ජනකතාවකි]
[2]
The Giving Tree | ආදරණීය ගස
|
ෂෙල් සිල්වස්ටයින්
[3]
හඳ අහසට ගිය හැටි
|
වසිලිස්සා
[0]
පුරසාරම් කපුටා
[0]
වැඩ බැරිදාස | වට මේස කතා
|
නිකොලායි නෝසව්
[1]
අචිනියි, සචිනියි.....!
|
තුෂාරි ප්‍රියංගිකා
[0]
දේදුන්න අයිති කාටද?
|
මුතු පබා
[0]
අක්ෂර සෙනග-
[කතන්දර]
[9/22]
තුෂාරි
රෝල්
එවලින්
නිකොලායි
ලියෝ
අන්ද්‍රියා
අනුෂ්ක
ඉද්රීස්
වසිලිස්සා
BOONDI • Dosi • •
කතන්දර දෝසි
ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි
[0]
බූන්දි| | 19:18:54
අන්න අර රංචුවට එකතු වෙන්න තමයි මට ඕනෑ. ගේ කුරුළු රෑන පියාඹනව දුටු හැමවෙලේම ඇන්ටන්ට සිතුණා. ඒත් දවසක් කුරුළු රෑනේ නායකයාට හිනා ගියා, ඇන්ටන් එයාලගෙ රංචුවට එකතු වෙන්න පුළුවන්දැයි ඇසූ විට.
"අපි අපේ රංචුවට එකතු කරගන්නෙ නිර්භීත, ශක්තිමත්, නුවණැති ගේකුරුලලෝ විතරයි...."
කුරුළු නායකයා ඇන්ටන්ට කීවා.
"ඊටත් වැඩිය ඔයා පුංචි වැඩියි.. ඒක නිසා අඩුමගානෙ ඔයා තව ටිකක් ලොකු වෙනකල්වත් ඉන්න වෙනවා.."
"එච්චර කාලයක් මට ඉන්න
බෑ.. "
ඇන්ටන් ට සිතුණා.
ඇන්ටන් ගේ කුරුළු රංචුවට හොරෙන්, එයාලා පියාඹා යන එන තැන් වලට පියෑඹුවා.
එතකොට ඇන්ටන් දුටුවා ගේකුරුල්ලෝ ආපනශාලාවට යන අඩිපාරේ රංචු ගැසී කරන දඟ වැඩ. පුංචි පුංචි කේක් කැබලි, සීනිකූරු
ඩැහැගන්නා උන් එහි සේවකයින්ගේ අත් වලට අහුවෙන්නට කලින් වේගයෙන් පියාඹන හැටි...! මේ වැඩේ ගේ කුරුළු රංචුව කිසිම බයක් සැකක් නැතිව දිගටම කළා. ඉතින් ඇන්ටන්ටත් ඕනෑ කොහොමහරි මේ රංචුවට එකතු වෙන්න.
තවත් සමහර වෙලාවට ඇන්ටන් දුටුවා ගේ කුරුළු රංචුව ගොවිපළේ පූසාව අවුස්සන හැටි... නැත්නම් එක එක හැඩ රටා මවමින් උඩු ගුවනේ පියාඹන හැටි... ඒ අවට හිටිය කුරුල්ලන්ගෙන් දක්ෂ ලෙස පියාඹන්නට හැකි වූයේත් මේ ගේ කුරුළු රංචුවටයි.
දවසක් ඇන්ටන් එයාටම මෙහෙම කියා ගත්තා.
"දැන්නම් මම මොනවා හරි කොහොම හරි හිතන්න ඕනැමයි.. මට කොහොම හරි ගේ කුරුළු රංචුවට එකතු වෙන්න ඕනෑ."
"සමහර විට අපිට ඒ ප‍්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි.."
ඇන්ටන්ට කවුදෝ කියනවා ඇහුණා.
ඒ ගොවිපළේ පූසා බව දුටු ඇන්ටන් හොඳටෝම තිගැස්සුණා. ඒත් පූසාගෙන් නම් කිසිම භයානක පෙනුමක් දිස් වුණේ නෑ. ඒ නිසාම ඇන්ටන් පියාඹා නොගොස් පිඩැල්ල උඩ සන්සුන්ව ඉඳගෙන හිටියා.
"මම මොනවද කරන්න ඕනෑ...?"
ඇන්ටන් පූසාගෙන් ඇහුවා.
"ඔයා, ඔයාගේ දක්ෂකම්, නිර්භීතකම ඔප්පු කරලා එයාලට පෙන්වන්න ඕනෑ. එතකොට එයාලා අනිවාර්යෙන්ම ඔයාව එයලාගේ රංචුවට එකතු කර ගනීවි..."
පූසා උත්තර දුන්නා.
"ඒක කොච්චර හොඳ අදහසක්ද.."
ඇන්ටන් පී‍්‍රතියෙන් ඉපිළ යමින් කීවා. ඊටපස්සෙ පූසයි, ඇන්ටනුයි ඒ සඳහා කළ යුතු දේවල් කතිකා කරගත්තා.
"මම ඔයාලට පෙන්වන්නද ගොවිපළේ පූසා මට කොච්චර බයද කියලා?"
ඊළඟ උදයේ ඇන්ටන් ගේ කුරුළු රංචුවගෙන් ඇහුවා.
"පූසා..? බයයි..? ඔයාට..? හී...හී...හී... ඕවා කියල මාව හිනස්සවන්න එපා."
ගේ කුරුළු නායකයා ඇන්ටන්ට කීවා.
"හරි එහෙනම් එක පාරක් බලා ගන්නකො.. ඒ පූසා මට තරම් කාටවත්ම බය නෑ.."
"එහෙනම් අපි ඒක කොහොම හරි බලාගන්න ඕනෑ.. හැමෝම දැන් යමු පූසා ළඟට.."
කුරුළු නායකයා සෙසු කුරුල්ලන්ට කීවා.
ටික වෙලාවකට පසු දුටු දෙයින් ගේ කුරුළු රංචුව පුදුමයෙනුත් පුදුමයට පත්වුණා. ඇන්ටන් පූසට උඩින්, පූසගේ පැත්තට ගොඩක් නැඹුරු වෙමින් පියාඹනවා. බයවුණු පූසා ඇන්ටන්ගෙන් බේරෙන්න කෑගසමින් හයියෙන් දුවනවා. මුළු ගොවිපළ වටේටම පූසව බය කරවමින් උගෙ පස්සෙන් එලෙව්ව ඇන්ටන්, අන්තිමට පූසව ගොවිපළ කෙළවරටම ගෙනාවා. දුවන්න තැනක් හොයාගන්න බැරි වුණ පූසා වැට ළඟ බයෙන් ගුලි ගැහුණා.
"අනේ හොඳ ඇන්ටන් නේ.. අනේ මට රිද්දවන්න එපා.."
පූසා ඇන්ටන් ළඟ අඬා වැටුණා. මවිත වෙලා හිටිය ගේ කුරුළු රංචුව ඇන්ටන් යන පැත්තටම, හිමින් සීරුවේ පියෑඹුවා.
ඇන්ටන් පූසගේ නහය ළඟින් එහාට මෙහාට ආඩම්බරෙන් පියාඹනවා. ගේ කුරුළු රංචුව සිදුවෙන දේ හොඳ හැටි බලාගන්නට, වැට ළඟ තිබූ ගහක් යට තණකොළ ගොල්ලේ ඇවිත් වැහුවා. එතකොටම වැටට හේත්තු කරලා තිබුණ දර කෑල්ලක ගැට ගසා තිබුණ ලණුවක් පූසා ඇද්දා. ලණුවේ ගැට ගසා තිබූ යකඩ කූඩුවක්, ගේ කුරුළු රංචුවට උඩින් වැටුන නිසා, මුළු කුරුළු රංචුවම කූඩුව ඇතුලෙ හිරවුණා. කූඩුව ඇතුලෙ හිරනොවී ඇන්ටන් එළියෙ හිටියත් පූසා, ඇන්ටන් ගැන කිසිම සැලකිල්ලක් දැක්වූයේ නෑ.
"දැන් හරි.."
බොහොම සන්තෝසෙන් පූසා කීවා.
"මම දැන් ගිහින් ටිකක් නිදා ගන්නවා.... තව ටිකකින් මම නැගිට්ටම මට හොඳ බඩගින්නක් තියේවි.. ඒ වෙලාවට ඉතින් මස් කදිමයි.... එහෙනම් අපි පස්සෙ මුණගැහෙමු"
යි කීව පූසා, කූඩුව එසේ තබා යන්න ගියා.
පූසා මේ වගේ දෙයක් කරයි කියා බලාපොරොත්තු නොවුණ ඇන්ටන්, කිසිම දෙයක් කියාගන්නට බැරිව ගොළු වෙලයි හිටියේ.
"අපි දැන් මොකද කරන්නෙ?"
කුරුළු නායකයා කලබලයෙන් සෙසු කුරුල්ලන්ගෙන් ඇහුවා.
"ඇයි ඔයා පූසාගේ බෙල්ලෙන් දැන් අල්ලගන්නෙ නැත්තෙ?"
නායකයා ඇන්ටන්ගෙන් ඇහුවා.
බයවෙලා උන් ඇන්ටන් එහාටයි මෙහාටයි පියාඹන ගමන් පූසා සමග කතිකා කරගත් සියලුම දේවල් ගේ කුරුළු රංචුවට කීවා.
"ඉතින් ඔයා පූසා කියපු දේවල් විශ්වාස කරාද? බලන්න ඔයාගෙ වැඩ නිසා පූසා දැන් අපි හැමෝවම කයි.."
"නෑ.. නෑ.. එහෙම වෙන්නෙ නෑ.."
ඇන්ටන් තීරණාත්මකව කීවා.
කූඩුව වටේට ගිය ඇන්ටන් කූඩුව දිහා හොඳට බැලුවා. යකඩ කූඩුව ගොඩක් බර නිසා කුරුළු රංචුවට එකතුවෙලාවත් එය උඩට උස්සගන්න බැරි වුණා.
'මම දැන් මොකද කරන්නේ.. ? '
තමාටම හිමිහිට මුමුණගත්ත ඇන්ටන්ගේ ඇස් වලට එකපාරටම, කූඩුවට යටවුණ දර කෑල්ල අහුවුණා.
දර කෑල්ලෙ ගැට ගසා තිබුණ ලණුව දෙසත් ඇන්ටන් උවමනාවෙන් බැලුවා. ටිකක් ඈතින් ගොවිපළේ බල්ලා හොඳට නිදාගෙන ඉන්නා අයුරු දුටු ඇන්ටන්ට හොඳ අදහසක් පහළ වුණා. බල්ලා ළඟට යෑම භයානක බව දැන දැනත් ඇන්ටන් ලණුව හොටෙන් අරන් ඌ ළඟට ගියා. ගොරව ගොරව හොඳට නිදාගෙන උන් බල්ලගේ ඇඟ උඩ හිමිහිට වහපු ඇන්ටන් ලණුව උගෙ කරපටියේ ගැට ගැහුවා. ඊටපස්සෙ හිමින් සීරුවේ පියාඹා ගොස් බල්ලගෙ හොම්බ උඩින් වැහුවා. ලොකු හුස්මක් උඩට ගත් ඇන්ටන් පුළුවන් තරම් වේගයෙන් බල්ලගෙ හොම්බට හොටෙන් ඇන්නා.
හොඳටෝම බයවෙලා ඇහැරුණු බල්ලා,
"මොනවද..? කව්ද..? කොහෙද..?"
කියා බුරාගෙන, යකඩ කූඩුවත් ඇදගෙනම දුවන්න පටන් ගත්තා. ඒ නිසා ගේකුරුල්ලන්නට නිදහස් වන්නට හැකි වුණා.
ටික වෙලාවකට පස්සෙ ගේ කුරුළු රංචුව ගමට පියාඹා ගියා. බොහොම දුකෙන් ඇන්ටනුත් එයාලගේ පස්සෙන් පියෑඹුවේ, කුරුළු රංචුවට එකතු වෙන්නටතියෙන ආසාව හිතින් අත්හැරලයි.
"ඇන්ටන් නිසයි අපිට භයානක සිද්දියකට මූණ දෙන්නට සිද්ද වුණේ.."
ගේ කුරුළු නායකයා බැරෑරුම් හඬකින් කියන්නට වුණා.
"ඇන්ටන් නිසයි අපි අද පූසගෙ අතට අහුවුණෙත්.."
ඒ වචන ඇහුන ඇන්ටන් ගොඩක් දුකෙන් බිම බලාගත්තා.
"ඒ මොනා වුණත්.."
ටික වෙලාවක් නිහඬව උන් කුරුළු නායකයා නැවතත් කතා කරන්නට පටන් ගත්තා.
"ඇන්ටන් නිසයි අපිට මේ වගේ කවමදාවත් අමතක නොවන සිද්දියකට මූණ දෙන්නට හැකි වුණේ.. ඊටත් වඩා ඇන්ටන්ට පුළුවන් වුණා අපි හැමෝම අහුවුණ උගුලෙන් අපිව බේරගන්න.. ඒකනිසා මට හිතෙනවා ඇන්ටන් අපේ රංචුවට ගැලපෙන ගේකුරුල්ලෙක් කියලා..!"
සෙසු ගේකුරුල්ලෝ සන්තෝසෙන් කෑගැහුවා. පුදුමෙනුත් පුදුමයට පත්වෙලා සිටිය ඇන්ටන්ටත් බොහොම සන්තෝස හිතුණා.
"දැන් ඉතින් යමු හැමෝම.."
කුරුළු නායකයා හඬ නැගුවා..
"අපි ගිහින් ආපනශාලාවෙ අයට ටිකක් කරදර කරමු.. ගන්න පුළුවන් හැම කෑමක්ම අරගමු.."
ගේ කුරුළු රංචුව පියාඹලා යන්න ගියා.
ඒ රංචුවේ ඇන්ටනුත් හිටියා.
සිතුවම්-
Julia Gukova
Udo Weigelt | ඌඩෝ වෙයිගල්ට්
පරිවර්තනය -
Muthu Paba | මුතු පබා
[SEO Tags] Kids Stories, Lama Kathandara
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ජුලියන් අසාංශේ කියයි.|
Personal Quotes
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ....
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus