BOONDI.LK| කතන්දර දෝසි| එක ලපයා වාසනා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
පුහුල් දෝසි
කතන්දර
Cine
ඉඟුරු
කවි
ගී
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් කතන්දර
කෝතුරා- හුළඟට අධිපති දෙවියා
[0]
ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි
|
ඌඩෝ වෙයිගල්ට්
[0]
සෝඩා වතුරෙන් දුවන රියෙන් වැඩබැරිදාස ගමන් ගිය සැටි
|
නිකොලායි නෝසව්
[4]
නීනෝ - පුංචි කණාමැදිරියා
|
සුඑලි මෙනෙසස්
[3]
රන් කුසලානය [බුර්යාත් ජනකතාවකි]
[2]
The Giving Tree | ආදරණීය ගස
|
ෂෙල් සිල්වස්ටයින්
[3]
හඳ අහසට ගිය හැටි
|
වසිලිස්සා
[0]
පුරසාරම් කපුටා
[0]
වැඩ බැරිදාස | වට මේස කතා
|
නිකොලායි නෝසව්
[1]
අචිනියි, සචිනියි.....!
|
තුෂාරි ප්‍රියංගිකා
[0]
අක්ෂර සෙනග-
[කතන්දර]
[9/22]
තුෂාරි
රෝල්
අන්ද්‍රියා
වසිලිස්සා
එවලින්
ඉද්රීස්
අනුෂ්ක
නිකොලායි
ලියෝ
BOONDI • Dosi • •
කතන්දර දෝසි
එක ලපයා වාසනා
[0]
බූන්දි| | 04:42:23
වසන්නතය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි පුංචිම පුංචි හරිත දම් ලපළු අතු ඉති වලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඬේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියො අවදි වෙනවා. උන් කෑම හොයන්නට කොළ අතරින් පතර එහෙට මෙහෙට යනවා. එහෙමත් නැතිනම් සෙල්ලම් කරනවා.
ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වී, හෙල්ලෙන්නෙවත් නැතුව නින්ද ගියා සේ ඉන්නවා. ඒත් ළං වෙලා හොඳ හැටි බැලුවොතින් නම් පෙනෙයි, පුංචි
ඇස් ඇරිලා තියෙන ආකාරය. මිතුරු කුරුමිණියෝ සන්තෝසෙන් ඉපිලෙමින් හැංඟිමුත්තො කරනායුරු බලන් ඉන්නාකාරය.
"අයියෝ! මට එක ලපයක් තියෙන නිසා මෙයාලා විහිළු කරනවා...." කුරුමිණියෝ රංචුවක් එකතුවෙලා කණපිට හරවපු ඒ කුරුමිණියා, බොහොම අමාරුවෙන් කෙලින් වෙන ගමන් දුකෙන් කියන්නට වුණා.
"එක ලපයා අවාසනා.. එක ලපයා අවාසනා
හා.. හා.... හී.. හී..... හූ.. හූ...."
කුරුමිණි රංචුව එක ලපයක් තියෙන කුරුමිණියාට ඇහෙන්න හයියෙන් කවට ගීත කියන්න පටන් ගත්තා. ළඟට එන ලප හයක් තියෙන කුරුමිණියෙක් එක ලපයාව වේගයෙන් තල්ලු කරන්නෙ, කකුල් උඩට විහිදෙන ලෙස බිමට වැටෙන්නයි.
ආයෙමත් කෙලින් වෙන එක ලපයා පුංචි අත්තටු විහිදගෙන, විහිළු තහළු කරන කුරුමිණියන්ගෙන් ඈතට පියාඹනවා.
එක ලපයාට ඕනෑ වුණේ කුරුමිණි රජ්ජුරුවන් ගාවට යන්නයි. ගිහින් අනෙක් කුරුමිණියන්ට ලප කීපයක් තියෙද්දි, තමන්ට විතරක් එක ලපයක් තියෙන්නෙ ඇයි කියල අහන්නයි. අත්තටු තෙහෙට්ටුවට පත්වුණ නිසා එක ලපයා බිමට ඇවිත් වැහුවා. කුහුල් සිතින් අවට වට පිටාව නරඹන්නට වූ එක ලපයා දුටුවේ දිග ගැඩවිල් පණුවෙක්.
"ඔයා දන්නවද එක ලපයක් තියෙන තවත් කවුරු හරි?" කුරුමිණියා පණුවගෙන් ඇහුවා.
"මට එක ලපයක්වත් නෑ..."යි කීව පණුවා, ලස්සනට ඇකිලුණා."බොරුනම් බලන්නකෝ...."යි කීව ඌ, පස් ඇතුලේ අතුරුදහන් වෙන විදිහ එක ලපයා පුදුමයෙන් බලන් සිටියා.
ටිකෙන් ටික ඉදිරියට ඇදුණ කුරුමිණියා ඊළඟට දුටුවේ සුදුපාට බෝලයක් උස්සගෙන යන කූඹියෙක්ව.
"අනේ! ඔය සුදු ලපය මට දෙනවද?"එක ලපයා කූඹියාගෙන් ඇහුවා.
"අනේ.. පුංචි යාළුවේ, මේ කූඹි බිත්තරයක්නේ...."යි කියා සිනාසුණ කූඹියා, කඩිසරව ඉස්සරහට ගියා.
නොනැවතී ඉදිරියට ඇදුණ එක ලපයාට රෝස සුවඳ දැනෙන්නට වුණා.
‘ඔය සුවඳ එන්නෙ රෝස මාළිගාවෙන් වෙන්න ඕනෑ.... ’එක ලපයාට සිතුණා.
ලස්සනම ලස්සන රතුරෝස මලක් උඩයි වයසක රජතුමා ජීවත් වුණේ.. ගොඩක් ලප තිබුණ මේ රජතුමා හොඳට දන්නවා, මල්පැල වලට සාත්තු සප්පායම් කරනායුරු. රජතුමාගේ සේවක කුරුමිණියෝ ඒ සඳහා රජතුමාට උදව් පදව් කරනවා.
කොහොමහරි කටු වලින් පිරුණ ශක්තිමත් රෝසගහ ළඟට එක ලපයා සේන්දු වුණා. විශාල රෝසකටු අතරින් පරිස්සමට එක ලපයා ගහ මුදුණට නගින්නට වුණා. අතර මගදි තවත් කුරුමිණියො රාශියක් එක ලපයාට හමුවුණා. උන් එක ලපයා දිහා පුදුමයෙන් බැලුවා.
සෑහෙන වෙලාවකට පසු, සුවඳ හමන රතුරෝස මල ළඟට එක ලපයා පැමිණියා.
රජතුමා ඉදිරියට පැමිණි එක ලපයා ගරු සරුව නැමී: "රජතුමනි.... ඔබතුමා දන්නවද මට විතරක් ඇයි එක ලපයක් තියෙන්නෙ කියලා.... ?" යි ඇසුවා.
"එක ලපයක්? ඒක කොයි තරම් පුදුමයක්ද! ?" රජතුමා සන්තෝසෙන් උදම් වැනුවා."ඔයා විතරයි මුළු කුරුමිණි ලන්තයේම ඉන්න එක ලපයක් තියෙන කුරුමිණියා...." යි කීව රජතුමා, රෝස පඳුරේ සියලුම කුරුමිණියන්ට පෙනෙන්නට එක ලපයාව උඩට ඉස්සුවා.
එක ලපයාව දුටු කුරුමිණි සේවකයෝ තාලෙට ගයන්නට වුණා.
"එක ලපයක් එක ලපයක්
හරිම හැඩයි හරි පුදුමයි
එක ලපයා වාසනා
එක ලපයා වාසනා"
රජතුමා සහ එක ලපයා උන් තැනට කුරුමිණියෝ ඉක්මණින් පියාඹගෙනද, තවත් සමහරෙක් කඩිසරව ඇවිදගෙනද එන්න පටන් ගත්තා. එක ලපයා ඉදිරියේ බාගෙට නැමුණු ඒ කුරුමිණියෝ කකුලක් දී එක ලපයාට සුබ පතන්නට වූණා.
"එක ලපයක් තියෙන රතු කුරුමිණියෙක්.... හරි පුදුමයි...."උන් එකිනෙකාට මුමුණන්නට වුණා.
"එක ලපයා.... කොච්චර ලස්සන නමක්ද.. ?"
විහිළු තහළු කරමින් එක ලපයාව කොන් කරපු කුරුමිණි රංචුවටත් මේ පුවත ඉක්මණින් ආරංචි වුණා. රජතුමාගේ මාළිගාවේ සැඳෑ සාදයට ඒ කුරුමිණි රංචුවට ද ආරාධනා ලැබුණත්, ලැජ්ජාව නිසා උන් මාළිගාවට ගියේ නෑ. ලැජ්ජාව කොච්චරද කියනවනම් ඒ කුරුමිණි රංචුව මුළු දවස තිස්සෙම ඇවිද්දෙ රෝස කොළයක් යට හැංඟිලායි.
මාළිගාවේ සියලුම කුරුමිණියෝ ගී ගය ගයා රවුමට නැටුවා. එක ලපයාත් ගොඩක් සන්තෝසෙන් සහ ආඩම්බරෙන් අනෙකුත් කුරුමිණියන් හා නටන්නට ගයන්නට වූණා. ඒ විතරක් නෙමෙයි එක ලපයාව රජතුමාගේ සේවක කුරුමිණි හවුලටත් බඳව ගත්තා. රජතුමාට සේවය කිරීම ගරු නම්බුවක් විදිහටයි, කුරුමිණි ලන්තයේ හැමෝම සැලකුවේ.
එදා ඉඳන් රතුරෝස මාළිගාව තවත් දිලිසි දිලිසි සුවඳ හමන්නට රෝසපෙති සුද්ද පවිත‍්‍ර කරන අනෙක් සේවක කුරුමිණියන්ට, එක ලපයාත් උදව් කරනවා.
[
සිතුවම්-
ගෙර්දා වෙස්ටරින්ක්]
Evelien van Dort | එවලින් ෆන් දොර්ත්
පරිවර්තනය -
Muthu Paba | මුතු පබා
[SEO Tags] Kids Stories
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
පාවුලෝ කොයියෝ ලියයි.|
Book Quotes
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
[3]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus