BOONDI.LK| අදහස් බූන්දි| නිර්මිත පරිසරයේ ගැවසෙන නොපෙනෙන බලවේග
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
මහාවංශය හොල්මන් කිරීම
|
තිසරණී ගුණසේකර
[4]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
ජයසිරි
කුසල්
වරුණ
ප්‍රියාන්
මාලතී
සුමිත්
එස්.ජී.
චතුර
චන්දන
අරවින්ද
රෝහිත
රංජිත්
ආදිත්‍ය
ප්‍රසාද්
දර්ශන
මංජුල
සංඛ
නිර්මාල්
රුවිනි
රන්සිරිමල්
BOONDI • Currents • •
අදහස් බූන්දි
නිර්මිත පරිසරයේ ගැවසෙන නොපෙනෙන බලවේග
[0]
බූන්දි| | 23:08:16
මිනිසා ස්වකීය සුව පහසුව පතා සොබාදහම වෙනස් කිරීමට පටන් ගත් දා සිට ලෝකය ස්වාභාවික පරිසරය සහ නිර්මිත පරිසරය ලෙස දෙකඩ වන්නට විය. මේ ක්‍රියාවලිය පටන් ගත් මුල් අවධියේ, එනම් විද්‍යාව සහ තාක්ෂණයත් දේශපාලන සංකල්පත් එතරම් දියුණුව නොපැවති කාලයේ සොබාදහම දෙවියන්ට, යකුන්ට සහ භූතයින්ට ආරූඪ කරනු ලැබූ ගූඪ ප්‍රපංචයක් විය. එනිසා එය සමඟ ගැටුමක් ඇති කර ගැනීමට බිය වූ මිනිසා දෙවියන්, යකුන් හා භූතයින් මුල් කර
ගත් යම් යම් සීමාවන්, පුද පිළිවෙත්, යාගහෝම ආදිය නිර්මාණය කොට මේ නොපෙනෙන බලවේග සමඟ සාමකාමී ව සිය ගනුදෙනුව කරගන්නට සිතුවේය. විද්‍යාව හා තාක්ෂණයත් දේශපාලන සංකල්පත් බොහෝ සෙයින්-
දියුණුවට පත්ව ඇති අද දවසේ වුව මිනිසා යම් යම් වෙනස්කම් ඇතිව වුව භූමිය හා අවකාශය සම්බන්ධ ගනුදෙනුවේදී දෙවියන්, යකුන් හා භූතයින් සතුටු කිරීමට පෙළඹෙනු දක්නට ලැබේ. එහෙත් මෙසේ දෙවියන් භූතයින් සතුටු කිරීමෙන් මිනිසාට එදා මෙන් අද දවසේ සැනසීමක් අත් නොවන බව හොඳ නිරීක්ෂකයකුට පෙනේ. දෙවියන්ට හා භූතයින්ට වඩා බලවත් නොපෙනෙන බලවේග අප වටා සිය අණසක පතුරුවා සිටින බව ඇතැම් විට බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. මේ ලිපියේ අරමුණ මේ නොපෙනෙන බලවේග මොනවාදැයි නොදන්නා අයට පෙන්වා දීමය. එය නිර්මිත පරිසරය සමඟ ගනුදෙනු කරන ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.
තිරසාර බව (Sustainability) පිළිබඳ ප්‍රලාප
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමය (SLIA) විසින් සංවිධානය කරන ලද 27 වන ජාතික සමුළුව සහ වාස්තු විද්‍යාඥයින්ගේ පොදු රාජ්‍ය සංගමයේ (CAA) සමුළුව 2010 වසරේ පෙබරවාරි මාසයේ කොළඹ දී පවත්වනු ලැබූයේ
"තිරසාර බව පිළිබඳ නැවත සිතා බැලීමක්"
(Rethinking Sustainability) යන තේමාව යටතේය. එහි මුඛ්‍ය දේශනය පැවැත්වූ මැලේසියානු ජාතික වාස්තු විද්‍යාඥ ආචාර්ය කෙනත් යෑන්ග් (Archt. Dr. Kenneth Yeang) සිය දේශනයේදී මතු කළ එක් වටිනා අදහසක් තිබුණි. තිරසාර බව සාක්ෂාත් කර ගැනීම උදෙසා එක් එක් විෂය ක්ෂේත්‍රයට කළ හැකි බලපෑම ඔහු ඒවායෙහි බලවත්කම අනුව අනුපිළිවෙළින් ලැයිස්තුගත කර පෙන්වීය. එහි මුලින්ම දැකිය හැකි වූයේ දේශපාලන ක්ෂේත්‍රයේ ගනු ලබන තීන්දු තීරණයි. දෙවනුව අධ්‍යාපනය හරහා ඇති කරනු ලබන බලපෑම විය. වාස්තු විද්‍යාත්මක නිර්මාණ මගින් කළ හැකි බලපෑම පස්වන තැන තබා තිබුණු අතර ඊට පහළින් එතරම් වැදගත් ක්ෂේත්‍රයක් දක්නට නොතිබිණ.
මේ සමුළුවේම තවත් අවස්ථාවක ශ්‍රී ලාංකික වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ඩිවොස් (Archt. Ashley de Vos) විසින් ද මේ හා සමාන අදහසක් ඉදිරිපත් කරනු ලැබිණි.
'ලෝකය වාස්තු විද්‍යාඥයින් අතින් පාලනය වේය'
යනුවෙන් මතු වූ ප්‍රලාපයකට එදිරිව ඉදිරිපත්වූ ඒ අදහස තුළ ගැබ්වූයේ මෙය ගොඩනැඟිලි පිළිබඳ ගැටලුවකට ලඝු කළ නොහැකි, "නොනැසී ජීවත්වීම (Survival)" පිළිබඳ ගැටලුවක් බවයි. වැඩිවන ගෝලීය උණුසුම, බලවත් කාලගුණ විපර්යාස හමුවේ සියලු ස්වාභාවික ක්‍රියාවලීන් අවුල් වී මිනිසාට ජීවත්විය නොහැකි අහිතකර පාරිසරික තත්ත්වවලට මුහුණදීමට නුදුරු අනාගතයේදීම සිදුවන බවයි.
මේ ගෝලීය ප්‍රශ්නය හමුවේ වාස්තු විද්‍යාඥයකුගේ භූමිකාව තුළ කළ හැකි දේ කෙතරම් අල්පදැයි සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනකුට සිතාගත හැකිය. එහෙත් නිර්මිත පරිසරයේ පාලන අධිකාරිය තමන් සතු යයි යම් වාස්තු විද්‍යාඥයකු සිතා සිටින්නේ නම් ඒ තමන් පිළිබඳ අධිතක්සේරුවෙනි. නොඑසේ නම් මනෝවිකාරයෙනි.
"තිරසාර බව"
(Sustainability) යනු කුමක්දැ'යි ඇත්ත වශයෙන්ම අපි තේරුම් ගෙන ඇත්තෙමු ද? "තිරසාර බව" යනුවෙන් අද අප අර්ථදක්වා ගනුයේ "මිහිමත ඇති සම්පත් අනාගත පරපුරට ද ප්‍රයෝජනයට ගත හැකි පරිදි වර්තමානයේ ප්‍රයෝජනයට ගැනීම" යන අදහසිනි. මේ අදහසට වටිනාකමක් ලැබෙනුයේ සම්පත් 'සීමිත' යැයි සැලකුවහොත් පමණි. ඇත්ත වශයෙන්ම සම්පත් සීමිත ද? සම්පත් 'සීමිත' යයි සැලකෙනුයේ 'අසීමිත' අවශ්‍යතාවලට සාපේක්ෂවය. ඊළඟට මතුවන්නේ තවත් ප්‍රශ්නයකි. ඇත්තටම අවශ්‍යතා 'අසීමිත' ද? අවශ්‍යතා අසීමිත වන්නේ කීපදෙනෙකුගේ 'කෑදරකම' නිසා ද? මහත්මා ගාන්ධිතුමා වරක් මෙසේ කීවේය.
"මේ මහ පොළොව හැමදෙනාගේම අවශ්‍යතාවන්ට ප්‍රමාණවත්ය. එහෙත් කිහිපදෙනකුගේ කෑදරකමට ප්‍රමාණවත් නොවේ."
ඇත්ත වශයෙන්ම 'තිරසාර බව' පිළිබඳව කතා කිරීමට සිදුව ඇත්තේ බලය අතැති සුළු පිරිසකගේ කෑදරකම නිසාය. එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව මිනිස් වර්ගයාගෙන් 20% ක් වූ ධනවත් සුළු කොටසට ලෝක දළ ජාතික නිෂ්පාදිතයෙන් 82.7% ක් හිමි වී ඇත. 20% ක් වන ධනවත් ජනයා 80% ක් වන දුප්පත් ජනයා අත තිබෙන 10%-20% අතර වන ධනය පවා උදුරා ගැනීමට බලා සිටී (Thomas Kocherry).
අද අප වෙසෙනුයේ ගෝලීයකරණයේ සහ ලිබරල්කරණයේ යුගය තුළයි. මේ වචන ඉතා ආකර්ෂණීය වන නමුත් ලෝක ජනගහනයෙන් විශාල බහුතරයක් මේ ගෝලීයකරණයේ ගොදුරු බවට පත්ව තිබේ. ගෝලීය සංකල්පයේ නියම කේන්ද්‍රය G8 රටවල් වන අතර ඒ කේන්ද්‍රයේත් කේන්ද්‍රය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සිටියි. ඔවුහු විශාල බහුතරයක් වූ ජනතාව හා පරිසරය විය පැහැදම් කොට ලාභ ලැබීමට සැදී පැහැදී සිටිති. ඉතිරි සියලු දෙනා සිටින්නේ පරිධියේය. විශාල වූ බහුතරය මෙසේ පරිධියකරණයට (Peripheralisation) ලක්වීම ගෝලීයකරණයේ ඛේදනීය සංසිද්ධිය වේ.
ගෝලීයකරණ ක්‍රියාවලිය පිටුපස සිටින මේ ධනවත් රටවල් විසින් බහුජාතික සමාගම් හරහා, අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් කරගෙන යනු ලබන ක්‍රියාවලීන් නිසා ලෝකයේ තිරසාර පදනම බිඳී ඇති බව සත්‍ය කතාවයි. මෙහිදී ධීවර කර්මාන්තය, කෘෂි ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර තුළ බහුජාතික සමාගම් ක්‍රියාකාරීත්වය විමසා බැලීම වටී.
මේ බහුජාතික සමාගම්වල තිරසාර නොවන මහා පරිමාණ ක්‍රියාකාරීත්වය දේශගුණය, ආර්ථීකය, මානව හිමිකම් (ජීවත්වීමේ අයිතිය, ආහාර හා ජලය සඳහා වන අයිතිය ආදී වශයෙන්) ආදී සියලු පැතිවලින් ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මොන දේ කතා කළත් එය ද දුර්වල මෙවලමක් බවට පත් වී තිබේ. බහුජාතික සමාගම්වලට අවශ්‍යව ඇත්තේ එක්සත් ජාතීන් සතු පාලන බලය අතට ගන්නටය. එක්සත් ජාතීන්ට වඩා ලෝක වෙළඳ සංවිධානය (WTO) ශක්තිමත් වන්නේ නම් ඔවුහු ඉතා කැමැත්තාහ. මේ බලවත් හා ධනවත් රාජ්‍යවලට 'තිරසාර බව' පිළිබඳව කතා කිරීමට පවා අයිතියක් තිබේදැයි ඇසීමට දැන්වත් කාලය පැමිණ නැති ද? කෙතරම් සම්මන්ත්‍රණ, සමුළු ආදිය පැවැත්වූවත් මතවාදී තලයේ හෝ ප්‍රගමනය වන දෙයක් පෙනෙන්නට නැත්තේ ඇයි? ඊට හේතුව නොපෙනෙන බලවේගවල බලවත්කම විය හැකිය.
සංවර්ධනය පිළිබඳ මිථ්‍යාව
හුදු යටිතල පහසුකම් (Infra-structure) වැඩිදියුණු කිරීම 'සංවර්ධනය' නම් වේ යැයි පොදු ජන විඤ්ඤාණයට විශාල ලෙස පොම්ප කරමින් තිබෙනු මේ කාලයේ දැකිය හැකිය. අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ, විදුලි බලාගාර ආදී වශයෙන් ගෝලීය බලවතුන්ගේ යටිතල පහසුකම් මේ භූමිය තුළ සපයාදීම 'සංවර්ධනය' ද? ආර්ථීක සංවර්ධනය (Economic development) පිළිබඳ කුමන අර්ථකථනයකින් මෙය වටහා ගත හැකිදැයි අපි නොදනිමු.
පසුගිය දශක කීපය තුළ ඊනියා සංවර්ධනයේ මුවාවෙන් මෙරට ස්වාභාවික පරිසරයටත් නිර්මිත පරිසරයටත් ජන ජීවිතයටත් සිදු වී ඇති හානිය නම් අතිප්‍රබලය. එය කෙතරම්දැයි තවමත් හරිහැටි හෙළිදරව් වී නැතැයි සිතේ. මේ පිළිබඳ ඒ ඒ විෂය ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයින් නොඑක් විට අනතුරු ඇඟැවීම්, කරුණු දැක්වීම් කර ඇතත් ඒ කිසිවකට ඉහත එකදු ක්‍රියාවලියක් හෝ නවතා දැමීමට හැකි වී නැත. විශාල ව්‍යාපෘති (Large scale projects) නිසා මෙරට ජෛව විවිධත්වයට, පාරිසරික සමතුලිතතාවට සිදු වී ඇති බරපතළ තර්ජනය පිළිබඳ පොත පත පවා ලියැවී ඇත. එහෙත් අදාළ පුද්ගලයෝ ඒ පොතපත නොකියවති. පරිපාලන ගොඩනැඟිලි, ක්‍රීඩාංගන, බස්නැවතුම්පොළ, ගුවන් තොටුපළ, වරාය ආදිය පිහිටුවිය යුතු උචිතම ස්ථාන කවරේදැයි පෙන්වා දිය හැකි දැනුම ඇති සුදුසුකම් ලත් පිරිස් කොපමණ සිටිය ද ඒ තීන්දු තීරණ ගනු ලබන්නේ අත්තනෝමතික දේශපාලන බලය විසිනි. ස්වාභාවික පරිසරය වෙනස් කරමින් නිර්මිත පරිසරය සකස් කරගන්නා වාස්තු විද්‍යාඥයින් විශේෂයෙන් යථා තොරතුරු දැන සිටිය යුතු නොවේ ද?
ලොකුම දේ කිරීමට යෑම රජ කාලයේ සිටම මෙරට මුල් බැස ගත් රෝගයක් යැයි සිතෙන තරමට මෑත කාලයේත් මේ කුඩා දිවයින තුළ ආරම්භ කර ඇති බොහොමයක් ව්‍යාපෘතීන් ලොකුම ඒවා ය. දස දහස් ගණන් ජනයා උන් හිටි තැන් අහිමිව සිටින රටක උසම බුදු පිළිමය තැනීමට යෑම තරම්ම ලොකුම ජලාශය තැනීමට යෑම ද ඔලමොට්ටල වැඩකි. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය පාරිසරික ගැටලු රැසක් දායාද කර දුන් අතර, කැප කර ඇති සම්පත් ප්‍රමාණය සමඟ සසඳන කල තිරසාර ප්‍රතිඵල අත්කර දී නැත. (වික්ටෝරියා ජලාශය 1996 න් පසු නැවත මුළුමනින්ම පිරී ඇත්තේ 2006 දී ය. වසර 10 ක් තිස්සේ වික්ටෝරියා ජලාශය පිරවීම සඳහා ජලය තිබී නැත.)
මෑත කාලයේ මෙරට ආරම්භ කර ඇති විශාල ව්‍යාපෘති අතර වීරවිල ගුවන් තොටුපළ (දැන් එය මත්තලට ගෙන ගොස් ඇත.), මොරගහකන්ද සහ කළුගඟ යෝජනා ක්‍රමය, දක්ෂිණ අධිවේගී මාර්ගය, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති ප්‍රබල ලෙස ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට තර්ජන එල්ල කර ඇති අතර ප්‍රබල පාරිසරික ප්‍රශ්න රැසක් අත්කරදීමට නියමිත ය. මෙවැනි පාරිසරික ගැටලු හමුවේ තිරසාර නිර්මිත පරිසරයක් පිළිබඳ බලාපොරොත්තුව සිහිනයක් පමණක් වනු ඇත.
පහත සැකෙවින් දක්වන තොරතුරු බොහොමයක් මවිසින් සපයා ගනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථීකාචාර්ය එච්. කේ. එන්. කරුණාරත්න විසින් සම්පාදනය කර ඇති
"ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ මෑතකාලීන පාරිසරික අර්බුද"
යන කෘතියෙනි. ඒ මහතාට ඒ පිළිබඳ සියලු ගෞරවය ද ස්තුතිය ද හිමි වේ.
නිදසුනක් ලෙස මොරගහකන්ද සහ කළු ගඟ යෝජනා ක්‍රමය සලකා බලමු. ඒ යටතේ අඹන් ගඟ හරහා වේල්ලක් බැඳ මොරගහකන්ද ජලාශය ද කළු ගඟ හරහා පල්ලේගම දී වේලි තුනක් ඉදිකිරීමෙන් පල්ලේගම ජලාශය ද ඉදිකිරීමට නියමිත ය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා පැන නැඟිය හැකි පාරිසරික ගැටලු කිහිපයක් හඳුනාගත හැකිය. මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් පස් ගුණයක් විශාල ය. යෝජනා ක්‍රමය අනුව මෙම ජලාශයෙන් පිරවිය හැකිවන්නේ 20% ක පමණ වපසරියකිත උපරිම වශයෙන් 30% කි. වික්ටෝරියා ජලාශය සේම මෙහිදී ද (පිහිටීම අනුව) වසර 10 කට පමණ පසුව ජලය පිරවිය හැකි වනු ඇත. මෙතරම් විශාල වැවක් නිර්මාණය කර මෙවැනි තත්ත්වයක් ඇතිවීම විශාල බිම් ප්‍රමාණයක් අපතේ යාමකි. අනෙක් අතට ජලාශයට කුඩා වැව් රාශියක් යට වී යයි. කුඩා වැව් සියල්ලම සංවර්ධනය කර එම ජලය වගා කටයුතු සඳහා ලබාදෙන්නේ නම් මීට වඩා ප්‍රයෝජනවත්ය. (කුඩා වැව් පද්ධතියක් හරහා කෙරෙන වාරිමාර්ග ක්‍රමය ශ්‍රී ලංකාවට වඩා යෝග්‍ය බව විද්වත් මතයයි.) තවද, විශාල වශයෙන් ඖෂධ පැළෑටි වර්ග, වගා බිම් හා ඛනිජ සම්පත් නිධි (මයිකා, පෙල්ස්පාර්, මැණික්) ජලාශයට යට වී යයි. අනෙක් ප්‍රධානතම ගැටලුවක් වන්නේ මිනිසුන්ගේ ස්වකැමැත්තෙන් තොරව උන් හිටි තැන් අහිමි කිරීමත් ඔවුන් නැවත පදිංචි කරවන ස්ථානවලදී ඇතිවන අහිතකර තත්ත්වයත් ය. අදූරදර්ශී ලෙස අවතැන් වන පිරිස් පදිංචි කරවන ස්ථාන දෙස බැලූ විට ඒවා වල් අලීන්ගේ ස්වාභාවික සංක්‍රමණ රටාවන් හා ගැටෙන පරිදි පිහිටයි. මෙයින් අලි- මිනිස් ගැටුම්වලට මඟපෑදීම නොවැළැක්විය හැකිය.
යෝජිත වීරවිල ගුවන් තොටුපළ ව්‍යාපෘතිය ද මෙවැනිම පරිසර ගැටලු රැසක් ඇති කිරීමට නියමිතව තිබිණ. මේ සඳහා තෝරාගෙන තිබූ ස්ථානය නොගැඹුරු තෙත් බිමකි. එනම්, කුඹුරු සහිත භූමියකි. යෝජිත භූමියෙන් 95% ක් වී වගාව යටතේ පවතී. ඉන් 03% ක් පමණ වන ලැහැබ් සහිත කලාපයකි. හම්බන්තොට දිස්ත්‍රික්කයට පිටතින් ගෙන්වා ගන්නා පස්වලින් හෙක්ටාර 700 ක් පමණ වන මේ තෙත් බිම පුරවා සකස් කර ගැනීමට නියමිත විය. මේ ගුවන් තොටුපළ නැගෙනහිරින් වීරවිල - තිස්ස කුරුලු අභය භූමියෙන් ද දකුණින් බූන්දල ජාතික අභය භූමියෙන් ද මායිම් වේ. වයඹ දෙසින් කිලෝමීටර 15 ක් පමණ දුරින් උඩවලවේ ජාතික වන උද්‍යානයත්, උතුරු දිසාවෙන් කිලෝමීටර 08 ක් පමණ දුරින් ලුණුගම්වෙහෙර ජාතික වන උද්‍යානයත් පිහිටා තිබේ. යෝජිත ගුවන් තොටුපළ භූමිය පකෂි සංක්‍රමණ කලාපයේ පිහිටා ඇත. මෙවැනි කලාපයක ගුවන් තොටුපළක් පිහිටුවීම කෙසේවත් සුදුසු නොවේ. ගුවන් ගමන්වලට ද පක්ෂීන්ට ද එක සේ හානිකර ය. (ලෝකයේ ගුවන් අනතුරුවලින් 35% ක් පමණ සිදු වී ඇත්තේ පක්ෂීන් නිසා බව වාර්තා වී තිබේ.) තවද, වල් අලීන්ගේ සංක්‍රමණ රටාවන් ද මේ භූමිය හරහා පිහිටා ඇත. ආහාර සහ සහකරුවන් සොයමින් ගමන් කරන වල් අලීන් නැවැත්වීම විදුලි වැටවල්වලට කළ නොහැකි වනු ඇත. තවද මේ ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවීමට නියමිත සංවර්ධන කටයුතුත් සංචාරක කටයුතුත් හේතු කොටගෙන බලාපොරොත්තු විය හැකි පරිසර විනාශය ද අතිමහත්ය.
මූලික වශයෙන්ම ප්‍රදේශයේ ගොවීන්ගේ බලවත් විරෝධය නිසා මේ ගුවන් තොටුපළ ඉදිකිරීම වීරවිල සිදුකිරීම නවතා මත්තල ප්‍රදේශයට ගෙන යනු ලැබිණ. මත්තල ප්‍රදේශය, වීරවිල සිට එතරම් දුරින් පිහිටි ප්‍රදේශයක් නොවේ. (15 Km කට වඩා දුරින් නොපිහිටයි.) වීරවිලදී මෙන් වගා බිම් විනාශ නොවන බව කියැවුණත් මත්තල ඉදිකිරීමෙන් බූන්දල, කළමැටිය, ලුණුගම්වෙහෙර, උඩවලව අභයභූමිවලට ද සංක්‍රමණික පක්ෂීන්ට ද විය හැකි බලපෑම අවම වන බවක් හෝ හෙළිදරව් වී නැත.
මේ හැරුණු විට දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා පරිසරයට එල්ල වන අහිතකර බලපෑම ඕනෑම තරාතිරමක කෙනෙකුට සියැසින් දැකගත හැකිය. වගා බිම්, වගුරු බිම් යට කරගෙන, මිනිසුන්ගේ වාසභූමි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් දිවෙන අධිවේගී ව්‍යසනයක් ලෙස පෙනෙන එය ඒ ඒ පරිසර තුළ පවතින ස්වභාවික සමතුලිතතාව බිඳ දමනු පමණක් නොව රටේ වෙනත් කඳුකර පෙදෙස්වල පාංශු ඛාදනය ඇති කරනුයේ ව්‍යාපෘතියේ සියලු පිරවුම් අවශ්‍යතා වෙනුවෙන් පස් සපයා ගැනීමේ ක්‍රියාවලිය හරහාය. නිර්මිත පරිසරය සඳහා ස්වාභාවික පරිසරය මේ සා වෙනස් කිරීමට දෙවිදේවතාවුන් නම් අවසර නොදෙනු ඇත. එහෙත් දෙවිදේවතාවුන්ගේ බලය ඉක්මවා ආසියාවේ බලවතා වන චීනයේ බලය මේ භූමිය මත (ඊනියා සංවර්ධනයට මුවා වී) අධිවේගී ව්‍යසනය අතුරමින් යයි. මේ බලවතුන් ඉදිරියේ අපි දණ ගසාගෙන සිටිමු.
මෙලෙස මේ භූමිය මත දේශීය හා විදේශීය බලවේගවල අත්තනෝමතික ක්‍රියාවන් ඔඩු දුවවින් තිබෙන කාලයක තිරසාර බව පිළිබඳ කතාබහ ප්‍රායෝගික තලයට ගෙන යන්නේ කෙසේදැයි මීට වඩා සිතා බැලිය යුතුය.
මධ්‍යම පරිසර අධිකාරියේ භූමිකාව
පරිසරයට බලපෑම් ඇතිකරන ඕනෑම පරිමාණයක ව්‍යාපෘතියක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වේ. මේ සඳහා ක්‍රියාත්මක වන ක්‍රමවේදය "පරිසර බලපෑම් ඇගැයීම් පටිපාටිය (Environmental Impact Assessment Procedure)" නමින් හැඳින්වේ. එය, යෝජිත සංවර්ධන ක්‍රියාකාරකම් මගින් භෞතික, ජෛව විද්‍යාත්මක සහ සමාජීය පරිසරයට ඇතිකරනු ලබන බලපෑම් පිළිබඳ අනාවැකි පළ කරමින් ඒ බලපෑම් අතර වන අහිතකර බලපෑම් වැළැක්වීමට හෝ අවම කිරීමටත් හිතකර බලපෑම් වැඩිදියුණු කිරීමටත් යෝජනා ඉදිරිපත් කෙරෙන ක්‍රියාවලියකි. 'පරිසර බලපෑම් ඇගැයීම් පටිපාටිය' අදියර කිහිපයකින් යුක්ත ය. එය දීර්ඝ වශයෙන් විස්තර කිරීම මෙහිලා අවශ්‍ය නොවේ යයි සිතමි. සැකෙවින් කියතොත් ව්‍යාපෘතියේ හිමිකරු විසින් ඉදිරිපත් කිරීමෙන් පසු එය අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙර මහජන විචාරය (Public review) සඳහා ප්‍රදර්ශනය කෙරෙන අතර අනතුරුව ගැසට් පත්‍රයක් මගින් අනුමත කරනු ලැබූ ව්‍යාපෘති, අනුමත කිරීමේ නියෝජිත ආයතනයක් (Project Approving Agency) මගින් පත්කරනු ලබන කමිටුවක් (TEC) විසින් විචාරයට බඳුන් කෙරේ. ඒ හැරුණු විට අනුමත කෙරුණු ව්‍යාපෘතියක් අනුමත වුණු වාර්තාවට අනුකූලව ක්‍රියාත්මක වේදැයි සෝදිසි කෙරෙන මෙහෙයුම් අදියරක් ද (Monitoring) මේ ක්‍රියාවලියට ඇතුළත්ය.
ඉහතින් සඳහන් කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගය ආදී විශාල පරිමාණයේ සංවර්ධන ක්‍රියාවලීන් මේ 'පරිසර බලපෑම් ඇගැයීම් පටිපාටිය' තුළින් ගමන් කළේ ද? නැතිනම් අනුමත වුණු පරිසර බලපෑම් ඇගැයීම් වාර්තා පරිසර හිතකාමී ලෙස සකසා තිබී පසුව වෙනස් වී ද? එසේ වූයේ නම් මේ පටිපාටියේ අවසන් අදියර වන සෝදිසි මෙහෙයුම (Monitoring) ක්‍රියාත්මක නොවන්නේ මන්ද? මේ සියලු දේ සිදුවන විට මධ්‍යම පරිසර අධිකාරිය නිද්‍රෝපගතව සිටියේ ද? සිදුවන්නට ඇත්තේ කුමක්දැයි සිතාගැනීම සාමාන්‍ය මහජනයාට අපහසු වන බැවින් මධ්‍යම පරිසර අධිකාරිය මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට බැඳී සිටී. ඒවාට පිළිතුරු දීමේ යම් අපහසුතාවක් වේ නම් අධිකාරියේ මුල් පුටු හොබවන තැනැත්තන් ඉල්ලා අස්වීමට තරම්වත් සදාචාර සම්පන්න විය යුතුය.
වරලත් වාස්තු විද්‍යාඥ
ප්‍රදීප් සාරංග කුමාර
ආශ්‍රිත මූලාශ්‍ර
1. ශ්‍රී ලාංකීය කම්කරුවා වෙනුවෙන් දීර්ඝ කාලයක් මහඟු මෙහෙවරක් ඉටු කළ 'සරණපාල සිල්වා' වෙනුවෙන් රත්මලාන කම්කරු සෙවණේදී පවත්වන ලද අභිනන්දන උළෙලේදී ඉන්දියානු ජාතික තෝමස් කොචරි (Thomas Kocherry) විසින් පවත්වනු ලැබූ දේශනය.
2. එච්. කේ. එන්. කරුණාරත්න (2009) , 'ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ මෑතකාලීන පාරිසරික අර්බුද', විඡේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, පුංචි බොරැල්ල.
3. CEA Guidelines on Environmental Impact Assessment.
සැ.යු.:
මෙම ලිපිය ශ්‍රී ලංකා වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ නිල සිංහල ප්‍රකාශනය වන 'වාස්තු' සඟරාවට සපයනු ලදුව එහි පළ කිරීම ප්‍රතික්ෂේප විය. 'රජයේ සංවර්ධන ක්‍රියාදාමය විවේචනය කර තිබීම' ඊට හේතුව ලෙස අසන්නට ලැබිණි.
Pradeep Saranga Kumara | ප්‍රදීප් සාරංග කුමාර
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියයි.|
Personal Quotes
සිනමා පටයක "දිග" යනු, මිනිස් මුත්‍රාශයේ දරා සිටීමේ හැකියාව සමග සෘජු ලෙස සම්බන්ධ කොට සැලකිය යුත්තකි!
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus