BOONDI.LK| Cine බූන්දි| ශිෂ්ටාචාරය හා එහි අසහනය | යටත්විජිත මනසක නිධානය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා
[මරාසාද්. Peter Weiss]
|මරා කියයි.
|Theatre Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[2]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
විදර්ශන
ලියනගේ
ඉසුරු
හෂිත
චමිල
ප්‍රියාන්
එරික්
ජගත්
මොන්ටානා
නුවන්
බී.ජී.එම්.
විකුම්
දර්ශන
චින්තන
සංඛ
තුෂාරි
මංජුල
අමිල
දිලීප
තිස්ස
BOONDI • Raha • •
Cine බූන්දි
ශිෂ්ටාචාරය හා එහි අසහනය | යටත්විජිත මනසක නිධානය
[1]
බූන්දි| | 21:26:20
2011 වසරේ මුල් කාර්තුවේ සිටින මගේ ඇස 1972 වසරේ මුල් කාර්තුවේ තිරගත වූ නිධානය තුළ දකින්නේ කුමක්ද? නොඑසේනම් මාව ග්‍රහණයට ගනිමින් නිධානය තුළින් මා නරඹමින් සිටින්නේ කුමක්ද? නිධානයේ දැක්ම (Gaze) සංවිධානය කෙරෙන අන්ධ ස්ථානය (Blind Spot) කුමක්ද? නිධානය හා මා අතර ඇති ආශා බැඳීම විසින් මතු කෙරෙන ප්‍රශ්න ඒවාය. 'නිධානය' කතිකාවක් කිරීමට පෙර මගේ කියවීමේ යතුර වන්නේ මෙම ආශාවේ තර්කනයයි.
සරලව කිවහොත් මාගේ ජීවන පොළොව මත නැති, නිධානය තුළ ඇති දෙය කවරක්ද? නිධානය විසින් මගේ සමකාලීන ජීවන පැවැත්මට දෙන පොරොන්දු මොනවාද?
නිධානයේ "පෙනෙන ආඛ්‍යානය" මෙබඳුය. ගරාගෙන වැටෙමින් තිබෙන වලව්වක-
අවසන් පුරුක වූ විලී අබේනායක සිය ආර්ථීක හා පරම්පරා ගර්වයේ බිඳවැටීම වලක්වා ගැනීම සඳහා පුස්කොළ පොතක සඳහන් වූ නිධානයක් ලුහුබැඳ යයි. ඒ වෙනුවෙන් ඇවැසි බිල්ල වෙනුවෙන් ඔහු මුහුණේ හා ගෙලෙහි උපන් ලප හතරක් ඇති කන්‍යාවක් විවාහ කර ගනී. එහෙත් සිය අසීරු අසනීප තත්ත්වය තුළ ඇයගෙන් ලද උවටැන්, ආදරය හා උණුසුම විසින් ඔහුගේ ආදරය ක්‍රමයෙන් ඇය කෙරෙහි යොමු වෙයි. එහෙත් තීව්‍ර කෙරෙන ණය බරෙහි ගැටළුවට මැදිව විලී අවසානයේදී නිධානය ලබා ගැනීම වෙනුවෙන් අයිරින් නැමැති ඇයව මරා දමයි. එහෙත් විලී වෙනුවෙන් ගල් ලෙනෙහි දොර නොඇරේ.
විලී යනු 'නිධානයක්' ප්‍රේරණය කරගත් මිනිසෙකි. ස්ත්‍රියක් හා විවාහය තෝරා ගන්නේ ඒ අරමුණ සඳහා වූ උපායක් ලෙසයි. එහෙත් ආදරය අභිමුව නිධානය පිළිබඳව වූ ආශාව විතැන් වී ඔහු ආදරයේ විෂයක් බවට පත්වෙයි. එහෙත් නිශ්චිත භෞතික ගැටළුවට මුහුණ දීමට සිදුවන නිමේෂයේදී ඇය මරා දැමීමට ඔහු තිර ලෙස අදිටන් කරගනී. එතැනදී ඔහු ආදරය පාවා දෙයි. ගාමිණී වේරගම වර්ගයේ විචාරක සනුහරයට අනුව විලී යනු මනුෂ්‍යත්වයට ආවේණික දුර්වලතා හා ප්‍රබලතා අනාවරණය කරන, තණ්හාව විනාශයට මූලික වේය යන ධර්මතාව ඉස්මතු කරන්නෙකි. (බලන්න- ජාතික චිත්‍රපටි සංස්ථාවේ ස්වර්ණ ජයන්ති අතිරේකය)
විලී නිධානයක් සඳහා ස්ත්‍රියක් හා විවාහය උපක්‍රමිකව තෝරා ගන්නා බව දෘෂ්‍යමානය වෙද්දී මගේ පැවැත්ම රඳවන සමකාලීන යථාර්ථය පෙන්වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ මුහුණතකි. සමකාලීන ලාංකිකයා ආදරය, විවාහය හා ස්ත්‍රිය ඒ වෙනුවෙන්ම තොරාගන්නා අතර බැලූ බැල්මට එතැන උපාය උපක්‍රමයක් නොමැත. පරිභෝජනයේ අනන්ත චලනය සිය ජීවන ගමන පත්කරගෙන ඇති ඔහුට හා ඇයට ඔවුන් අන්‍යෝන්‍යව නොදන්නා නිධානමය රහසක් නොමැත. ධනවාදයේ පරිභෝජන උරුමය වෙනුවෙන් එකිනෙකා ගොදුරක් ලෙස හුවමාරු කෙරෙන බව ඔවුන් දනියි. ඔවුන් දනිමින්ම එය කරයි. හැම වචනයකම ආදරය නම් වූ ශබ්ද රූපය ඇති අතර ඉන් හැඟවුමක් ජනනය නොකෙරෙන යුගයක අපි ජීවත්වන්නෙමු. සැම තැනම 'ආදරය හා මනුස්සකම' ඇති අතර එහෙයින්ම කිසි තැනක 'ආදරය හා මනුස්සකම' නැත. දෘෂ්ටිවාදී වෙස් මුහුණ හා සමාජ යථාර්ථය අතර ඇති පරතරය හඳුනාගත් පසුත් ඔහු හා ඇය වෙස්මුහුණ ඉවත් නොකර පවත්වා ගනී. අද සදාචාරය යනු දුරාචාරයේ ශ්‍රේෂඨතම මාදිලිය යි. සත්‍යය යනු බොරුවේ සුදුසුතම ආකාරය යි. ඍජුභාවය යනු වංචනිකත්වයේ හැඳින්වීම් පදයකි. මෙවැනි විපරීත දෘෂ්ටිවාදයක් ව්‍යවහාරිකව අත්විඳින නරුමවාදී විෂයයන් සමග අපි ජීවිතය ගෙවමින් සිටිමු. කිසිවකු දෘෂ්ටිවාදී සත්‍යයන් තවදුරටත් විශ්වාස නොකරයි. බරපතල ලෙස බාර නොගනී. යථාවේ දෙය ප්‍රබන්ධකාරීව අනාවරණය කරනු වෙනුවට අවිඥාණික ෆැන්ටසීන් එය විසින්ම අපේ සමාජ යථාර්ථය ව්‍යුහගත කරයි.
එහෙත් නිධානයේ විලී යනු නරක හා නපුරයි. එහෙයින්ම ඔහු අයිරින් කෙරෙහි බඳනා ප්‍රේමය දීප්තිමත් වූවකි. නැවත ඝාතනය සැලසුම් කිරීම තුළ ඔහු අචලව සිට ගනී. ආදරය ආදරය ලෙසම මූර්තිමත් කරමින් විටෙක ඔහු නිධානය ලුහුබැඳීම හා අයිරින් මරා දැමීම අත්හැර දමයි. නැවත නිධානය හා බිලිදීම තොරාගන්නා නිමේෂයේදී යකෂයාගේ භූමිකාව බවට පත්වෙයි. නිධානය නොලැබී සැබෑ නිධානය යනු අයිරින්ම බව ඉඟි කෙරෙන මොහොතේ ඔහු වැලපෙයි. ඔහුගේ සිත දුකඳුරෙන් පිරෙයි. හෘද සාකෂියේ බරින් ඔහු වෑවෙයි. සිත අරක්ගත් දුකඳුරෙන් මිදීමට විලී ආත්ම කථනයක යෙදෙයි.
ඔහුගේ ආත්මීය පාපෝච්චාරණය ප්‍රේක‍්ෂිකාව වෙත යොමු වෙයි. සිය දිවි නසා ගැනීම නමැති පරම ආචාරධර්මීය ක්‍රියාව ඔහු අවසානයේ තෝරාගනී.
ඒ අනුව නිධානය යනු, එක්තරා අයුරකින් මනුෂ්‍යත්වය හා සමාජය පිළිබඳව වන දෘෂ්ටිමය රාමුවකි. ජීවිතයේ ව්‍යවහාරික දර්ශනවාදයක් තුල නිධානය අපව පාර්ශවීය පිහිටුමකට ලක් කරයි. දෘෂ්ටිවාදය වෙස් මුහුණක් ලෙස නොව සාරයක් ලෙස බාර ගැනීමට අපව යොමු කරවයි. මගේ දැන් මෙතන පොළොවේ නැති, නිධානය නමැති තිරයේ ඇති පොරොන්දුව එයයි. විපරීත සමාජ මොහොතක සිට නිධානය ෆැන්ටසියක් කරවන මගේ ආශාව මොළවන්නේ මෙම නොමැති දෙය විසිනි.
එක් අතකින් නිධානය තිරගත වූ වසර (1972) ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක වසරකි. පශ්චාත් යටත් විජිත රාජ්‍යයට එල්ල වූ පළමු සන්නද්ධ ප්‍රහාරය මර්ධනය කර වසරක් ගෙවී තිබුණු අතර ශ්‍රී ලංකා ජනරජය නමැති ව්‍යවස්ථාපිත සංකල්පකරණය නිර්මාණය වුණු වසර වන්නේද එයයි. යටත් විජිත රාජ්‍යයට සේවා අනුග්‍රාහකත්වය සැපයූ පරපුරක ගැහැණියක් රාජ්‍ය නායිකාව වූ අතර යටත් විජිත ස්වාමියාගේ රටේදී ලක් වූ වර්ණවාදී ආන්තිකකරණයට එරෙහිව මාක්ස්වාදය දෘෂ්ටිවාදී අවියක් ලෙස ලංකාවට රැගෙන ආ පිරිස සමඟ ඇය පාලන හවුලක් නඩත්තු කරමින් සිටියාය.
විලී අබේනායකගේ වෘත්තිය වන්නේ යටත් විජිත රාජ්‍යයේ කොන්ත්‍රාත් සේවයයි. සිය ඇඳුම් පැළඳුම්, බාහිර අලංකරණ, ගෘහස්ථ දෛනික චාරිත්‍ර, සේවා පිළිවෙත්, ගමනාගමනය ඇතුළු වෙනත් ඇවතුම් හරහා දෘෂ්‍යමාන වන්නේ ඔහු බ්‍රිතාන්‍ය ස්වාමි විජිතයේ සංස්කෘතික සැකැස්ම තුළ දිවි ගෙවන්නෙකු බවයි. එනම් ඔහු ලාංකේය යුරෝපීයයකු ලෙස පොලා පැන (Interpellation) තිබෙයි. එහෙත් මෙම පොලාපැනීම අසමත් වන විලීගේ විෂයීත්වය නිරූපණය කෙරෙන සිනමා මුහුණත වන්නේ නිධානය සහ කන්‍යා ස්ත්‍රිය පිළිබඳ ඇදහිල්ලයි. ඔහුගේ ගූඨ පැවැත්ම, මානසික රෝගය, ගුප්ත විනෝදාංශ හා මිථ්‍යා විශ්වාස යනු එහි සෙසු දෘෂ්‍යමානයන් ය.
විලීගේ පැවැත්මේ අභ්‍යන්තර නිශේධනය ධනාත්මක පැවැත්මක් බවට පත්කරන්නේ ඔහුගේ ඝාතන සැළසුම හා ඝාතනය බව මම සිතමි. එක්තරා මිනිස් විෂයක අනේකත්වය එහි සංකේතීය බාහිර රූපකයක් ලෙස ප්‍රකාශ කෙරෙන්නේ එහිදී ය. නිධානයේ ගල් කුළු යනු එම මර්ධිතයේ සිනමාත්මක පැමිණිම ලෙස මම දකිමි. විලීගේ ජීවිතයේ අන්ධකාරය සැබැවින්ම චිත්‍රපටියේ ආලෝකය යි. දේශපාලන ආර්ථීකයේ සංකේත බසකින් කිවහොත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලාංකේය සමාජ සංවිධානයේ ද්වන්ධය නිධානය තුළ නිරූපණය වෙතැයි කිවහැක. එක් අතකින් බ්‍රිතාන්‍ය යටත් විජිත ධනවාදය ගොඩනැගී ඇත්තේම එහි අනර්ථීය අනේකත්වය වන පූර්ව යටත් විජිත හෝ පූර්ව ධනේෂ්වර අගතීන් අභ්‍යන්තරීකරණය කිරීමෙනි.
විලීගේ චරිතය ගැන පියල් සෝමරත්න නමැති විචාරකයා එදා කීවේ මෙවැන්නකි.
"විලීගේ චරිතය අධ්‍යකෂක විසින් නටවනු ලබන චරිතයක් බවට පත්වෙනවා. විලීගේ ප්‍රශ්නය බාහිර වශයෙන් ආයාසයෙන් ඔහු මත පටවන ලද්දක් වන හෙයිනි. ගෙය සහ ඉඩම නොවිකුණන ලෙස අම්මා හීනෙන් කීමත්, විලීගේ ගුප්ත අසනීපයත්, බොළඳ හේතුවක් ඉදිරිපත් කිරීමෙන් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමත්, ආයාසයෙන් රිංගවා ඇති බිහිසුණු සිහිනත් සලකන්න. විලීගේ ප්‍රශ්නය උග්‍ර කිරීම සඳහා මෙසේ ආයාසයෙන් යොදා ඇති මෙම උපක්‍රම නිසා විලී මුහුණපාන ප්‍රශ්නයට ආරෝපණය කර ඇත්තේ ව්‍යාජ බැරෑරුම් කමක් බව පැහැදිලි වෙනවා. විලීගේ චරිතය නිසා මුළු පුවතම විශ්වාසනීයත්වයෙන් තොර නිසරු එකක් බවට පත්වෙනවා."
(විකසිත පරසතු- 1972 පෙබ. 11 සිකුරාදා)
'සමාජ යථාර්ථය නිරූපණය කිරීම යනු, පංති අරගලය නිරූපණය කිරීම' යැයි කියන පියල්ලා වර්ගයේ විචාරකයන්ට නිධානයේ විලීගේ චරිතය විශ්ලේෂණාත්මකව වටහා ගැනීම මගහැරී තිබෙයි. 'නිධානය' තුළ ඇති 'සමාජ යථාර්ථය' වටහා ගැනීමට පවා විලීගෙ මානසික ආර්ථීකය අර්ථවත් කරගැනීමට අවශ්‍ය වන බවත් මගේ අදහසයි.
පියාගේ ණය බරින් නිදහස් වීම හා පුස්කොළ පොතක තිබුණු නිදන් වදුලක් සොයා යාම අතර ඇති තාර්කික සම්බන්ධයක් වෙනුවට නිධානය චිත්‍රපටියේ ප්‍රථම භාගය තුළ මම දකින්නේ විලීගේ අවිඥාණය පිළිබඳ හෙළිදරව්වකි. එනම් පළමු කොටසේදී විලී විසින් 'නිධානය' ලුහුබැඳීම යනු ඔහුගේම අවිඥාණික ආශාවක් තෘප්ත කරගැනීමට වන පෙළඹුමක් යැයි මම සිතමි. එනම් එය ආර්ථීක බරින් නිදහස් වීම යන අරමුණට ඔබ්බෙන් වන්නකි. විලී නිධානය ඇති ගල් ගෙය වෙත පළමු වරට ගිය අවස්ථාවේදී සිය ආත්ම කථනයෙන් කියන්නේ මෙවැන්නකි. "ගල්ගෙය මට හමු විය. එහෙත් මේ ගැහැණිය හුදු මිථ්‍යාවක් විය නොහැකිද?"
විලී නිධානයට ඍජු බිල්ලක් සොයනවා වෙනුවට අවිඥානික මතක මාත්‍රයේ ස්ත්‍රියක් සොයමින් සිටියි. විලීගේ 'මියගිය අම්මා' පිළිබඳ රූපකය ඔහු තුළ විටින් විට හොල්මන් කරන දර්ශන කිහිපය ඊට සිනමා හෝඩුවාවන් සපයයි. (කුඩා කල නිදියහනේදී ආයම්මා විසින් ඔහුගේ හිස පිරිමදිමින් කතන්දරයක් කියනා දර්ශනයක් ද තිබේ.) දැවීයන කෘතිම ස්ත්‍රී රූපයක් දැක සිහිනයෙන් ඇහැරෙන විලී බියපත්ව යහනේ ඉඳ සිටින දර්ශනයේදී ඔහු පසුබිමින් දර්ශනය වන්නේ සම්ප්‍රදායික කුලීන සිංහල ඇඳුමින් සැරසී සිටින මවගේ ආලේඛ්‍ය සිතුවමකි. විශේෂයෙන්ම අයිරින් විවාහ වී නිවසට පැමිණෙන දිනයේදී මෙම චිත්‍රය ඇගේ අවධානයට ලක්වන අවස්ථාවේදී ඇය හා විලීගේ මව අතර වන දෘෂ්‍යමාන සමානත්වය (ඇඳුමෙන් සැරසී සිටින ආකාරය) සිහිපත් කරන්න. බොහෝ විට මගේ ඇස අයිරින් තුළින් දකින්නේ විලීගේ ආශාවේ වස්තුවයි. විලීගේ මව හා අයිරින් අතර වන රූපක ආදේශනය මම සිනමා වියමන තුළ දකින්නට කැමැත්තෙමි. විලීගේ ප්‍රහේලිකාමය දර්ශන පසුබිමින් බොහෝ විට මවගේ සිතුවම දක්නට ලැබෙයි.
අයිරින් යනු විලීගේ මර්ධිතය වූ මාතෘ දෙයෙහි (Maternal thing) යළි සම්ප්‍රාප්තිය යි. එනම් අයිරින් යනු විලීගේ රෝග ලකෂණය යි. (Symptom) විලීගේ අසනීප තත්ත්වය තීව්‍ර වූ මොහොතේ ප්‍රතිකාරයට පැමිණෙන පවුලේ වෛද්‍යවරයා විලීව සුවපත් කිරීම සඳහා අයිරින්ගේ හෙදකම කෙරෙහි විශ්වාසය පලකරන්නනේ මෙසේ ප්‍රකාශයක් කරමිනි.
"මේකට (වෙද නලාවට) අහුවෙන ලෙඩේ මට සනීප කරන්න පුළුවන්. නමුත් විලීගෙ අසනීපෙ මේකට අහුවෙන්නේ නැති පැත්තක් තියෙනවා. අන්න එතැනදී විලීට පිහිට වෙන්න පුළුවන් මිසිස් අබේනායකට විතරයි."
එසේම අයිරින්ගේ ආදරණීය ප්‍රතිකාරයන්ගෙන් සුව අතට හැරෙන විලී සිය ආත්ම කථනයේදී අයිරින්ගේ ස්පර්ශනීය රැකවරණය සිහිපත් කරන්නේ මෙලෙසිනි.
"එවන් ප්‍රීති ප්‍රමෝදයක් ඉන් පෙර හෝ පසුව හෝ කිසිදාක මා ස්පර්ෂ කර නැත. හැම දෙයක්ම නිවී සැනහී ගිහින්. හැම දුක් දොම්නසකින්ම නිරාවරණය වූ ජීවිතය එකම සම්පතක් වගේ මට දැනී ගියා. බාලකාලයේ සිහින් සිනිඳු ඇතිරිලි මත හොවා සුමුදු ඇඟිලි තුඩු මා හිස කෙස් මත දැවටෙද්දී, කෙමෙන් ගතත් සිතත් අඩ නින්දක ගිලෙන විට මෙවන් සුවයක් දැනුනා මට මතකයි."
විලීගේ පූර්ව ඊඩිපල්මය (Pre-oedipal) වියවුල සමතුලනය කරන කේන්ද්‍රීය හිස්තැන නියෝජනය කිරීමට අයිරින් සාර්ථක වන බව පෙනෙයි. විලී විසින් මරණයට ඉලක්ක කළ වස්තුව පෙරලා විලීට ආදරය කැඳවීමට සමත් වෙයි. මරා දැමීමට අරමුණු කළ දෙයටම ආදරය කිරීම? පසුව, ආදරය කළ වස්තුව මරා දැමීම? කුමක්ද මේ?
අන්ධකාරමය නිවසේ ගුප්ත අහුමුළු හා බඩු භාණ්ඩ, මළ සතුන්ගේ සිරුරු එක්රැස් කිරීම, මනසට සම්බන්ධ රෝගය, විලීගේ බිය ජනක සිහින පූර්ව ඊඩිපල්මය විලී කෙනෙකු සිහි කැඳවයි. ඊඩිපස් පැමිණීම යනු මනුෂ්‍යයෙකුව නීතියේ රජදහන සහ සංකේතීය නීතිය තුළ පිහිටුවීමයි. ෂාක් ලැකාන් නමැති ප්‍රකට මනෝවිශ්ලේෂයා සිය "The formation of Unconscious" සම්මන්ත්‍රනයේදී මනුෂ්‍ය දරුවකු පරිකල්පනයේ සිට සංකේතනයට එන ගමන පහදයි. විලීගේ ජීවිතය හා මරණය වටහා ගැනීමට ඇතැම්විට එම කියවීම ආලෝකයක් වනු ඇත. අවශ්‍ය යැයි හැඟේනම් මෙම කොටස කියවන්න.
ඊඩිපස් සංකීර්ණයේ පළමු අවධියේදී මවක් හා දරුවකු ෆැල්ලසය (Phallus) නමැති දෙයක් සමග පරිකල්පනීය ත්‍රිකෝණාකාර සම්බන්ධයක් ගොඩනඟයි. ජීවිතාරම්භයේදී දරුවා මවගේ සෙනෙහස තුළ වැඩෙයි. අගේ වචනවල සියලු හැඟීම් මත රැඳෙයි. නමුත් ඇගේ හැසිරීම තාර්කිකව හඳුනාගත නොහැකි නිසාම දරුවා තුළ නිරන්තර පැනයක් මතු වේ. 'ඇයට මොකක්ද අවශ්‍ය? ', 'ඇයි ඇය දැන් මගේ කාමරයෙන් එළියට ගියේ? ', 'ඇයි බෝතලය එයා මගේ කටට දුන්නේ?", 'ඇයි එයා මාව තදින් හෝ බුරුලෙන් අල්ලගත්තෙ? ' දරුවා මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුරු ගලපා ගන්නේ ඊඩිපස් සංකීර්ණයේ එක් තීරණාත්මක මොහොතකදීය. දරුවා සුළු හේතුවලින් මෙම ප්‍රශ්න ඇතිකරගනී. සිය ජීවිතය මුළුමනින්ම දරුවා වෙනුවෙන් කැපවී නැතැයි මවට හැඟවිය හැකිනම් සියල්ල වෙනස් ආකාරයක් ගනී.
පියාගේ මැදිහත්වීමට පෙර මව හා දරුවා අතර ඇති සම්බන්ධය නඩත්තු කෙරෙන්නේ තුන්වැන්නෙක් හරහාය. එය දරුවාට ඔබ්බෙන් වන මවගේ ආශාව ඍජුව යොමු වූවකි. ෆැල්ලසය යනුවෙන් හැඳින්වෙන එය පරිකල්පනීය වස්තුවකි. මෙම පළමු අවධියේදීම තමාත් මවත් අඩුවකින් සලකුණු වී ඇතැයි දරුවා හඳුනාගනී. මවගේ පාර්ශවයෙන් බැලූ විට ඇය ආසා නොකරන අසම්පූර්ණත්වයක් යම් හිස්තැනකින් සලකුණු වී ඇත. (මවගේ සිරුරු ප්‍රතිරූපය තුළ නැති ලිංගික කොටස/ලිංගික හිස්තැන) දරුවාගේ පාර්ශවයෙන් බැලූ විට ඇති අඩුව වන්නේ මවගේ ආශාව ඇයට සහමුලින්ම තෘප්ත කළ නොහැකි වීමයි. (දරුවා - "මව යමකට ආශාවෙන් ඉන්නව. නමුත් මට එය සම්පූර්ණයෙන් උරාගන්න හෝ පුරවාගන්න බැහැ.") මෙම අඩුව නියෝජනය කරන ආකාරය පරිකල්පනීය ෆැල්ලසයෙන් සලකුණු කෙරෙයි. ෆැල්ලසය යනු ඊඩිපස් සංකීර්ණයේ යතුරයි. මව ඇයට අඩුවක් වූ ෆැල්ලසයට ආශා කරයි. විෂය (දරුවා) මවගේ ආශාවේ ආශාව බවට පත්වීමට එනම් ඇගේ අඩුව පුරවන ෆැල්ලසය බවට පත්වීමට වෑයම් කරයි. (ෆැල්ලසය - ශිෂ්ණය + අඩුව) දරුවාගේ සියලු වසඟකාරීත්වයන් මෙම තුන්වැන්නා වෙත දිශාගත වෙයි. මෙම පරිකල්පනීය වස්තුව දරුවාට තෑග්ගක අගයකින් යුක්තය. එය දරුවාගේ අනාගතය සලකුණු කරන පොරොන්දු වස්තුවකි. මෙම අවස්ථාවේදී සර්ව බලවන්ත ලෙස පෙන්නුම් කෙරෙන අතර ඇයගේ ආශාව වන්නේ නීතිය යි. මුල පටන්ම එල්ලවන තර්ජනය තුළ මෙම බලයේ නිමේෂ හඳුනාගත හැකිය. විශේෂයෙන්ම දරුවාගේ ලිංගික හඹායෑම්වලදී මෙය දක්නට ලැබෙයි. මෙම හඹායෑම විසින් පෙර දැක්වූ වසඟකාරී පරිකල්පනීය ත්‍රිකෝණයට සාංකාවේ අසංගත මානයක් හඳුන්වා දෙයි. ඒ වන විට පරිකල්පනීය ෆැල්ලසයකින් මවගේ ආශාව පිරවිය නොහැකි බව දරුවා හඳුනා ගනී. දරුවාගේ සැබෑ ඉන්ද්‍රිය තවමත් ප්‍රමාණවත්ව වැඩී නොමැත. සර්ව බලවන්ත මාතෘ ආශාව අභිමුව දැනෙන ප්‍රමාණවත් නොවීම හා බෙලහීනතාවය විසින් සාංකාව වැඩි කරයි. මෙම සාංකාවට සැලකිය යුතු විසඳුමක් ලැබෙන්නේ ඊඩිපස් අවධීන් හි පසු මොහොතක සිදුවන පියාගේ මැදිහත්වීම තුළයි.
ඊඩිපස් සංකීර්ණයේ දෙවන අවධිය තුළ පරිකල්පනීය පියාගේ (Imaginary father) මැදිහත්වීම සිදුවේ. පියා, මවගේ ආශාව මත නීතිය පනවමින් ෆැලික වස්තුව කරා වන ඇයගේ පිවිසුම බැහැර කරනු ලබයි. (අනෙක් අතට මව වෙතට වන විෂයේ පිවිසුම තහනම් කෙරෙනු ලැබෙයි.) මවගේ කප්පාදුව ලෙස ලැකාන් මෙය හඳුන්වයි. මෙතැනදී සැබෑ පියා මැදිහත් වී නීතිය පැනවීමක් වෙනුවට මවගේ වචන හා ක්‍රියා ඔස්සේ මවගේ කතිකාව හරහා වන මැදිහත්මක් ලෙස මෙය හඳුනා ගැනේ.
තුන්වන අවධියේදී පියාගේ මැදිහත්වීම සිදුවන්නේ Father- No බලපත්‍රය සමගයි. තමන් සතුව ෆැල්ලසය ඇති බවත් එය දීමට හෝ හුවමාරු කිරීමට බැරි බවත් දක්වමින් දරුවා කප්පාදු කෙරෙයි. මව වෙනුවෙන් ෆැල්ලසය වීමේ වෑයම විය නොහැක්කක් බව ඒත්තු යෑමත් සමග වන එදිරිය පලක් නැති බව වැටහීමත් දරුවාට ජීවිතයේ තීරණාත්මක හැඟවුමකි. එය හා සාංකාව භාෂාව වෙතට සළකුණු කිරීමෙන් දරුවා පරිකල්පනීය අනන්‍යකරණයේ නිසඟ කළහකාරීත්වයක් ඉක්මවා පියාගේ නාමය (Name of the father) සමග අනන්‍ය වෙයි. මෙතැන් සිට මිනිසාගේ දෛවය සංකේත පිළිවෙල හා නීතිය විසින් සලකුණු කිරීම ඇරඹෙයි.
ශිෂ්ටාචාරය හා එහි වියවුල මනුෂ්‍ය ජීවිතයේ ඛණ්ඩාංක වෙන් කර තිබෙන්නේ එලෙසය. මනුෂ්‍යයා යනු පිළිවෙල හා එහි අසමත්කමයි. මිනිස් විෂය දෙකට බෙදී ඇත්තේ එනයිනි. විලීගේ ජීවිතයේ රාත්‍රී අර්ධය එයයි.
විලී ලුහුබැඳ යන්නේ මිථ්‍යාමතික අතීතයකි. තමා වින්දනය කළා යැයි සිතන දැන් අහිමි වී යැයි හඟින පුරාතන ප්‍රීති ප්‍රමෝදයකි.
විලී ලුහුබැඳ යන මෙම අහිමි වූ වස්තුව (Object a) ලැකාන් විසින් "agalma" යන ග්‍රීක පදයෙන්ද නම්කර තිබෙයි. එහි තේරුම් වන්නේ දෙවියන්ට පුදදෙන සම්මානනීය ආභරණය, කුඩා සුරුවම හෝ නිධානයයි. ප්ලේටෝගේ මධුපානෝත්සවය (Symposium) නැමැති වියමනේ දැක්වෙන පරිදි මෙම වස්තුව නොවටිනා මංජුසාවක සඟවා තිබෙයි. විලී හඹා යන මේ වටිනා වස්තුව එනම් මව සමග වින්දායැයි සිතන ඒකත්වය වින්දනය සැබවින්ම අහිමි වූවක් නොවෙයි. එය හිමි නොවූ දෙයක අහිමි වීමකි. මෙය මනුෂ්‍යයා භාෂා විෂයක් වීම තුළ නිර්මාණය වන අතිරික්තයයි. ශිෂ්ටාචාරගත වීම තුළ අතහැර දැමෙන ශේෂයයි. පසුව එය අතීතාවර්තනයක් තුළ සෙවීම නැමැති මායාත්මක ස්වරූපයක් අත්කරගනී. අහිමි වීමක අහිමිවීම නැමති නිශේධනීය නිමේෂය සඳහා මිනිස් විෂය යොදන ආරක්ෂණය වන්නේ අහිමි වීමේ හේතුව වාස්තවික පැවැත්මක් බවට පත්කිරීමයි. යෝධ ගල් කුළු අතර සඟවා ඇති නිධානය නම් වූ චිත්‍රපටයේ රූපකය එය විය හැක.
විලී සොයන නිධානය යනු ගල්කුළු අතර සඟවා ඇති වස්තු කන්දරාවද නොඑසේ නම් අයිරින්ද යන පැනය චිත්‍රපටිය අවසානයේදී විලී විසින් මතු කෙරේ. විත්‍රපටිය ඇරඹෙන්නේ සිය දිවි නසා ගැනීමට තීරණය කළ විලී සිදුවු සියල්ල ආත්ම කථනයක් ලෙස වෘතාන්තගත කිරීමට සුදානම් වෙමිනි. විත්‍රපටිය අරඹන්නේ සියදිවි නසා ගැනීමට තීරණය කළ විලී සිදු වූ සියල්ල ආත්ම කථනයක් ලෙස වෘතාන්තගත කිරීමට සුදානම් වෙමිනි. චිත්‍රපටිය අවසන් වන්නේද සියදිවි නසා ගැනීමට වන සුදානමිනි. මගේ අදහස වන්නේ විලීගේ දිවිනසා ගැනීමේ තීරණය නිධානය හා අයිරින්ව අහිමි වීමේ ප්‍රතිඵලයක් නොවන බවයි. ඊට ප්‍රතිවිරුද්ධව සිය දිවිනසා ගැනීමේ උන්මුල ප්‍රේරණය සඳහා නිධානය හා අයිරින් සංකේතීයව ආදේශ වූ බවයි. මනෝවිශ්ලේෂණය තුළ මරණීය ප්‍රේරණය (Death Drive) වටහා ගන්නේ අහිමි වූ ඒකත්වයක් සඳහා වන නොස්ටැල්ජියාවක් ලෙසයි. එනම් මාතෘ ශරීරය සමග වන පූර්ව ඊඩිපල්මය බන්ධනය කරා නැවත යාමට වන ආශාව ලෙසයි. මරණීය ප්‍රේරණය ඒ අනුව ස්වරූප රාගී නාසිස්මික(norcissism) වූ ආත්මඝාතක පෙළඹුමකින් යුක්තය. සිග්මන් ප්‍රොයිඩ් විසින් ජීවිත ප්‍රේරණය (life drive/eros) දකින්නේ ඒකත්වයට දක්වන පෙළඹුමක් ලෙසයි . ඊට අනුව මරණීය ප්‍රේරණය යනු දේවල් විනාශ කිරීමට යොමු වූවකි. සත්‍යය නම් මේ දෙකම දිශාවන් දෙකකට විහිදුණු හඹායාමකි. ආදරය කිරීම හා විනාශ කිරීම යනු මිනිස් විෂයේ ඒකීය පැවැත්මයි. එහි අභිප්‍රාය වන්නේ ජීවිතයේ නිවී සැනහුණු අන්තයයි. තමන් ආදරය කළ වස්තුව වූ අයිරින්ව මරාදමා අවසන තමාවද ඝාතනය කරමින් විලී හඹායන්නේ මෙම පරම නිෂ්ටාවයි. එය සතුටේ මූලධර්මය(Pleasure Principle) ඉක්මවා ගිය වේදනාත්මක අත්දැකීමකි. එය මාතෘ දෙය (Maternal thing) අහිමි කළ සංකේත ආදේශන විනාශ කර දමා නැවත එම දෙය (thing) සමග ඒකාත්මික වීමට දරන හඹායාමයි.
චිත්‍රපටයේ තීරණාත්මක අවස්ථාව වන්නේ අයිරින් කෙරෙහි බැදුනු ප්‍රේමයෙන් ඇයව බිලි දීමේ කාර්යය අතහැර දමන විලී පසුව බ්‍රිතාන්‍ය ඒජන්තවරයාට ගෙවීමට ඇති ණය මුදල වෙනුවෙන් සිය තීරණය වෙනස් කර ගැනීමයි. දේව පූජා වැනි චාරිත්‍ර ඇතුළු හේතු මත පාලමේ කොන්ත්‍රාත්තුව පමා වූවාය යන චෝදනාව මත තෙමසක් තුළ ණය මුදල් පියවීමට ඒජන්තවරයා කරන නියෝගයත් විලීගේ ඥාති සගයා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන විලීගේ වළව්ව විකුණා දැමීම සඳහා කරන යෝජනාවත් ඔහුගේ ඝාතන අරමුණ නැවත දල්වන බව චිත්‍රපටයේ නිරූපනය වේ.
යටත් විජිතයේ නියෝගය විසින් විලීගේ පරිකල්පනීය ආදර කුටීරය දෙදරා යැවෙයි. රෝග ලක්ෂණයට ඔබ්බෙන් වන මානසික ව්‍යුහයේ (Structure) සැබෑව නැවත අභිමුඛ වෙයි. එම අණ අනුව විලීගේ ආත්මය ප්‍රමෝදමත් වීමට අවනත වෙයි. පූර්ණ ප්‍රමෝදය වෙනුවෙන් ආදර වස්තුව මරා දැමීමට විලී යොමු කෙරෙයි.
Vidarshana Kannangara | විදර්ශන කන්නන්ගර
[SEO Tags] Nidhanaya Sinhala Movie By Lester James Peries, Sri Lankan Cinema, Sinhala Movies
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
අමීන් ඩාඩා (ඉඩි අමින්) කියයි.|
Facts
අමීන් ඩාඩා (ඉඩි අමින්)
1971 ඉඳලා 1979 වෙනකල් උගන්ඩාවේ පාලකයා. මේ අමීන් ඩාඩා කිවුව දේවල් කීපයක්.
"මම දේශපාලනඥයෙක් නොවෙයි; මම වෘත්තීයමය සොල්දාදුවෙක්."(1971)
"සමහර විටෙක මිනිස්සු වැරදියට තේරුම් ගන්නවා මම කියන දේවල්- ඒවා මම හිතන දේවල්ය කියලා. මම කිසිම දවසක ඉගෙන ගෙන නැහැ. පෙර පාසල් අධ්‍යාපන සහතිකයක්වත් මට නැහැ. ඒ වුනාට, සමහර වෙලාවට මම දන්නවා පී.එච්.ඩී. කාරයන්ටත් වැඩිය. මොකද මම මිලිටේරිකාරයෙක්. මං දන්නව වැඩ කරන විදිහ. මම වැඩ- කාරයෙක්!!!" (1974)
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus