BOONDI.LK| අදහස් බූන්දි| මලට ලියමනක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
මහාවංශය හොල්මන් කිරීම | තිසරණී ගුණසේකර
ප්‍රතිචාර[4]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
මලට ලියමනක්
ප්‍රතිචාර[0]
බූන්දි| | 21:40:15
ඇට මිඳුළු වලට රිදෙන්න දැනෙන සීතල තනිකමට කෑ ගහලා අඬන්න හිතෙන සිතුවිල්ලට මීදුම කඩාගෙන දුවන්න හිතෙන වියරුවට මූකලං බස්සෝ රිංගන්න හදන හුදකලාවට මං බය නෑ. සීතලට උණුහුමක්වී කඳුළට සුසුමක්වී වියරුවට හද ගැස්මක්වී හුදකලාවට විරාමයක් වී උඹ ආවා. උඹව හම්බුනු පළවෙනි වතාව මට මතක් වුණා. මං උඹව විශ්වාස කරන්න කැමති වුණේ නෑ. ඒ නිසා මම කිව්වා "no thank you" කියලා. කාලය ගෙවීගෙන ගියා. ජීවිතේ වෙනස් වුණා හොඳට නරකට හරි අත්වාරු නැතුව කෙළින් නැගිටින්න මට ඕන වුනා. ඔලුව උස්සලා බැලුවහම යකෝ වටේ හිටපු එකෙක්වත් ළඟ නෑ.

එතකොට මට උඹ ගැන වටින් ගොඩින් ආරංචි වුණා. පොලිසිය බල්ලෝ වගේ උඹව හොයනවා. කවුරුවත් උඹට ප්‍රසිද්ධියේ-

ආදරේ කරන්න කැමති වුණේ නෑ. ඒ උඹ සමාජ විරොධියෙක් නීති විරෝධියෙක් ජාති විරෝධියෙක් හැටියට නම් කරලා තිබුන නිසා. දැන් ආණ්ඩුව මාර තදයි. පොඩි ඉඩක් වත් දෙන්නෙ නෑ. ඒ වුණත් ලොක්කෝ ටික හැමෝටම හොරා උඹව ගෙනත් ආතල් ගන්නවා කියල හැම එකාම දැනන් උන්නා. ඒ අතරේ උඹ කඩන් වැටුනා මගේ ඇස් ඉස්සරහට. ඕන මඟුළක් කියලා මං හිතුවා උඹව ඇත්තටම අඳුනගන්න. අපිට ප්‍රසිද්ධියේ හම්බෙන්න ඉඩක් ලැබුනේ නෑ. ඒ නිසා හොරෙන් තමයි ලව් එක පටන් ගත්තේ. ඒක මාර ආතල්. උඹයි මමයි විතරමයි. හොඳම යාළුවෝ කීප දෙනෙක් විතරක් දැනං උන්නා.

සිරාවට උඹ නිසා මගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තා. ඔලුවේ තිබුනු කුණු කන්දල් පිච්චිලා ගියා. මට ඕන වුණු ඒත් මාව එපා වුණු සෑහෙන්න දෙනෙක්ව මං මඟ හැරලා ඇවිද්දා හරි ලේසියෙන්. මගේ වටේ වේගෙන් දිව්ව ලෝකේ මැද්දේ මම නතර වෙලා බලන් උන්නා. ක ඳුළ මං අමතක කරා. සිතුවිලි අපතේ යන්න නොදී ඒවලින් මාල ඇමිණූවා. හිනා වුණා. හුස්ම ගත්තා අලුතින්. මං උඹට ආදරේ කළා. උඹ මට ආදරේ කළා කවුරු මොනවා කිව්වත්.

මං සමාජ විරෝධියෙක් වුණා. මට ඒක අවුලක් වුණේ නෑ. බඩුකාරයෝ මීනිමරුවෝ මිනිස්සුන්ගේ දේපළ හූරකන්නෝ දේශපාළුවෝ නිල ඇඳුම දාගත්ත ලෙඩ්ඩු අස්සේ මං හිතේ කිසි කහටක් නැතුව සමාජ විරෝධියෙක් වුණා. යටිපතුල් සීතල වෙනකල් කන් පෙති යාන්තමට රත් වෙනකල් රිදෙන හීන ඈතට පාවෙලා යනකල් මට මාව නැති වෙලා හිස් තැනක් ඉතිරි වෙනකල් උඹ මට ආදරේ දුන්නා. මහා ලෝබ කමින් මම ඒ ආදරේ ඇතුලේ ගුලි වුණා. පාට හේදෙන හීන වියරු වැටුණු ඇස් ගෙඩි ලාබ සුසුම් සින්තටික් වචන හැමදේම ගුලි කරලා අරගෙන මම විසික් කරා තරු නැති අහසට. ගෙඩි නැති ගස් වඳ වගේම තරු නැති අහස මූසලයි කියලා කිව්වට තරු තියනකොට මට අහස නිදහස් නෑ.

උඹ නැති දවස් වලට මං පාළු පාර වල් දිගේ ඇවිද්දා. මාර විදියට හැමදේම වෙනස් වෙලා තිබුනා. මට හැමදේම අලුත් වගේ පෙනුනා. පිළුණු ගඳක් දැනුනේ නෑ. මං කවි ලිව්වා උඹ නැති දවසට. උඹව හොයාගෙන දුවගෙන එන්න හිතුනත් මට කිසිම දෙයක් පස්සේ උවමනාවට වැඩිය දුවන් යන එක සෙට් වෙන්නෙම නෑ. එළියේ එවුන් උඹව හංවඩු ගහනකොට මට හීනියට රිදුනා. උන්ගේ සුදුපාට ජීවිත ගැන මං හරි බයයි. කළු පාට තිත් වලට බයෙන් ජීවත් වෙන්න සුදු පාට රෙද්දක් පොරව ගන්න මට ඕන නෑ. ඒ නිසා මං උඹට නිදහසේ ආදරේ කරන්න පටන් ගත්තා. මට තවත් සීතල දැනුනේ නෑ. අඬන්න කඳුළු තිබුනෙත් නෑ. තනිකමත් මාර ආතල් කියලා දැනුනා. හුදකලාව විඳින්න පුරුදු වුනා.

උඹ ගැන මම ලියන මේ කතන්දරේ තවත් දික් වෙයි. ඒත් කියවන එවුන් හිතයි මේකිගේ ලව් ඉලව් අපිට මොකටද කියලා. ඒ ආදරේ මගේ විතරක්ම නෙමෙයි. සමහර විට ඔයත් සමාජ විරෝධියෙක් වෙන්නැති. මල් වලට බබරු එන එක නවත්තන්න බඩුකාරයන්ගේ නීති වලට බැරි වෙයි. මිනිස්සුන්ගේ කුහකත්වය අසංවෙදීතාවය එකතු කරලා බැඳලා හිර කරන්න පුළුවන් නීති හැදුනු දවසට බඩු කාරයන්ට නිල ඇඳුම දාගත්ත ලෙඩ්ඩුන්ට දේශපාළුවන්ට මීනිමරුවන්ට ආත්මේ විකුණලා ආතල් ගන්න එවුන්ට පැවැත්මක් නැති වෙයි.

එතකල් මං උඹට ආදරේ කරන සමාජ විරෝධියා වෙන්නම්… නීතී කඩන නීති විරෝධියා වෙන්නම් හිතේ කිසිම කහටක් නැතුව…. මගේ ආදරේ බෙදාගන්න එක නං කරන්න බෑ. ඒකට මං සෑහෙන්න අකමැති. හැමෝම තනි තනියෙන් බුදු වෙන කොට උඹව බෙදාගෙන හවුලේ බුදු වෙන එක නං කරන්න බෑ දෙය්යො.....

Ramesha Harshani | රමේෂා හර්ශනී
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
සතුට...!| Book Quotes
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.
එවිට ඔබට "සතුට" පමණක් ඉතිරි වේ."

- Buddhism FB Page