BOONDI.LK| අදහස් බූන්දි| ඊජිප්තු විප්ලවයට වගකීම් සහතිකයක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
අලුතෙන්ම!
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[0]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
තවත් අදහස්
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු....
|
චමීර කොස්වත්ත
[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
රංජිත්
නුවන්
සංජීවිකා
දර්ශන
සන්ධ්‍යා
අශෝක
මංජුල
කුසල්
සනත්
නිර්මාල්
සංඛ
උදය
මාලතී
ප්‍රසාද්
ආදිත්‍ය
ගාමිණී
කේ.කේ.
චන්දන
ප්‍රියංජිත්
ප්‍රදීප්
BOONDI • Currents • •
අදහස් බූන්දි
ඊජිප්තු විප්ලවයට වගකීම් සහතිකයක්
[0]
බූන්දි| | 23:20:39
පශ්චාත් මුබාරක් සමය
ඊජිප්තු ජන නැගිටීමේ ප්‍රතිඵලයක් ලෙස හුස්නි මුබාරක් නික්ම ගොස් සති තුනකට පමණ පසු අපූරු සිදුවීමක් සිදු විය. ඊජිප්තුව තුල මේ වන විට අඩු වැඩ් වශයෙන් වර්ධනය වන නිදහස් ජනමාධ්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස බාරකාර ආන්ඩුවේ අගමැති වරයා වූ
අහමඩ් ෂාෆික්
හා විචාරකයන් කිහිප දෙනෙකු අතර සජීවි විවාදයක් එරට ඕටීවී නාලිකාව ඔස්සේ විකාශය විය. එහි දී ප්‍රශ්න විචාරකයෙකු ලෙස වැඩසටහනට සහභාගී වූ අරාබි කරයේ ජනප්‍රිය
ලේඛකයෙකු වන
අලා අල් අස්වානි
(ගුණදාස අමරසේකර සේම අස්වානි ද රැකියාවෙන් දන්ත වෛද්‍යවරයෙකි. නමුත් ලේඛකයන් වූ සියලු දන්ත වෛද්‍යවරු ජාතිවාදීන් නොවේ.) විප්ලවීය නැගිටීම් අතර තුර ආන්ඩුවේ ආරක්ෂකයන් අතින් ඝාතනයට ලක් වූ ජනයා පිලිබඳ ප්‍රශ්න කරයි. එම ඝාතනයන් පිලිබඳ සිදුවන විමර්ශනයන් මගින් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ඔහු අවධාරනය කරයි. දිගින් දිගටම සිදු වන මෙම ප්‍රශ්න කිරීමෙන් වෙහෙසට පත් වන අගමැති වරයා ඔබට වඩා මම දේශප්‍රේමියෙක් යැයි කෝපයෙන් ප්‍රකාශ කරයි.
මෙය සජීවීව නරඹන ලක්ෂ සංඛ්‍යාත ඊජිප්තු වැසියන් ගේ හාස්‍යයට හා උපහාසයට ගොදුරු වන අගමැති වරයාට පසුදින ඉල්ලා අස්වීමට සිදු වෙයි. ජනවාරි 25 ජන නැගිටීමට පෙර මෙම වැඩසටහන මෙලෙස විකාශය විනි නම් සිදු වන්නේ කුමක් ද? නිත්‍ය වශයෙන්ම ප්‍රශ්න විචාරක අස්වානි රූපවාහිණී මැදිරියේ සිට සිර මැදිරියකට මාරු කිරීමයි. නමුත් අද එහි ප්‍රතිපක්ෂය සිදු වී ඇත. (ලංකාවට තවම එම ජනවාරි 25 උදා වී නොමැති නිසා සිය කාර්යාල වල සිට මාධ්‍යවේදීන් සිර මැදිරි වලට හදිසියේ මාරු කර යවයි. එහි අලුත්ම ගොදුර ලංකා ඊනිව්ස් ප්‍රවෘත්ති කර්තෘ
බෙනට් රූපසිංහ
යි.)
මෙම සිදුවීම හුවා දැක්වීමෙන් මා කියන්නට උත්සාහ කරන්නේ ඊජිප්තු විප්ලවය ජය ගෙන ඇත යන්න නොවේ. අරගලය පැවතුනු සමයට වඩා ඊජිප්තු සමාජ දේශපාලන බල සබඳතාවයන් අද බෙහෙවින් සංකීර්ණ ය. වසර තිහක කාලයක් මුබාරක් ගේ යකඩ හස්තයෙන් තලා දැමුනු දේශපාලන බලවේග ක්‍රමයෙන් නැවත නැගිටිම්න් සිටියි. මෙය මුස්ලිම් සහෝදරත්වයට සේම වාමාංශික දේශපාලන ව්‍යාපාරයන්ට ද එක සේ පොදු ය. නමුත් වඩා විධිමත් සංවිධාන ව්‍යුහයක් ඇති මුස්ලිම් සහෝදරත්වය වාමාංශික ව්‍යාපාර වලට වඩා වේගයෙන් පොදු ජනයා වෙත සමීප වීමේ ශක්‍යතාව දරා සිටියි. අරගලය සමයේ මේ සිදුවෙමින් පවතින්නේ කුමේනිගේ විප්ලවය වැනි ඉස්ලාමීය රාමුවක් සහිත එකක් යැයි පවසමින් ඉරානය ඊජිප්තුවට සුබ පැතූ විට ඊජිප්තු විප්ලවය කිසිසේත් ඉස්ලාමීය එකක් නොවන බවත් එය ඊජිප්තු ජනතාවගේ විප්ලවය බවටත් ප්‍රතිචාර දැක්වීමට තරම් මුස්ලිම් සහෝදරත්වය එඩිතර විය. අරගලය සමයේ එහි හැසිරීම ඒ ආකාරයෙන් අතිශය ලෞකික එකක් වූ නමුත් එය ඉදිරි අනාගතයේ දී ඒ අකාරයෙන් අපේක්ෂා කල නොහැකි ය.
මේ ගැන යම් ඉඟියක් පසුගිය මාසයේ අවසන් වූ ඊජිප්තු ජනමත විචාරනය දෙස බැලීමෙන් ද ලබා ගත හැකි ය. මුබාරක් ඉවත්ව ගිය පසු පාලනය බාර ගත් මිලිටරි කවුන්සලය ව්‍යවස්ථා සංශෝධන මන්ඩලයක් පත් කරනු ලැබී ය. එය විසින් නිර්දේශ කල සංශෝධනයන්ට ජනතා අනුමැතිය ලබා ගැනීමට ය ජනමත විචාරනය පැවත් වූයේ. එම නිර්දේශිත සංශෝධන අතර මුබාරක් විසින් අසීමිත වාර ගනනකට දීර්ඝ කර ගන්නා ලද ජනාධිපති ධූරය වාර දෙකකට සීමා කිරීම ද ඇතුලත් විය. කෙසේ වුවත් ඉතා කෙටි කාලයක් තුල සිදු වූ මෙම ව්‍යවස්ථාවට අන්ඩ දැමීමේ ක්‍රියාවලියට අරගලයට සහභාගී වූ තරුණ හා වාමාංශික බලවේග තරයේ විරුද්ධ විය. වසර තිහක් පුරා ඛාදනය වූ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපනය කිරීමේ ක්‍රියාන්විතය ඇරඹීමට සති තුනක් ප්‍රමාණවත් නොවන බව අප්‍රේල් 6 ව්‍යාපාරය ඇතුලු මෙම ප්‍රගතිශීලී බලවේග එකහෙලා කියා සිටින්නට විය. මේ නිසා ජනමත විචාරණයේ දී සංශෝධන පිලිගන්නා ඔව් වෙනුවට එම ක්‍රියවලියම බැහැර කරන නැහැ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව උනන්දු කර වන ව්‍යාපාරයක ඔවුහු නිරත වූ හ. මෙහි දී මුස්ලිම් සහෝදරත්වය එයට විරුද්ධව සංශෝධන වෙනුවෙන් පෙනී සිටි අතර ඔව් ලෙස ඡන්දය භාවිත කිරීම තම ආගමික වගකීම ලෙස සැලකිය යුතු යැයි වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි. අවසානයේ සියයට හැත්තෑ හතකින් පමණ ඔව් ජය ගත්තේ ය.. දැන් අවශ්‍ය නම් අරාබි කරයේ විප්ලව වලට වගකීම් සහතිකයක් නැතැයි කියන අයට සිය මතය යලි තහවුරු කිරීමට වාරයක් පැමිණ ඇත. නමුත් එසේ කල හැකි වන්නේ මිලියන හතරක් වූ සියයට විසි තුනක් පමණ වන නැහැ ලෙස ඡන්දය භාවිත කල කිසියම් වාමාංශික නැඹුරුවක් ද සහිත එසේම අරගලයේ තීරණාත්මක කාර්ය භාරයක් සිදු කල සුලුතරය අමතක කරන්නේ නම් ය. සැබෑ අරගලය සිදු වෙමින් පවතින්නේ දැන් යැයි බෝහෝ විචාරකයන් පවසන්නේ මේ වන විට ඊජිප්තුව තුල ඉතා උද්යෝගයෙන් වර්ධනය වන මෙම වාමාංශය ද උදාහරණයට ගනිමිනි. එක්කෝ ආගමික මූලධර්මවාදී දක්ෂිණාංශය නැත්නම් නව ලිබරල් බටහිර ලැදි දක්ෂිණාංශය යන සමාජ දේශපාලන දෛවය විසින් උරුම කර දී ඇති විකල්ප දෙකෙන් ඔබ්බට ගමන් කිරීමට ඊජිප්තුව උත්සාහ කරමින් සිටියි.
කොමියුනිස්ට් උපන්‍යාසයේ ඉතිහාසය තුල ඊජිප්තු අරගලය
දැන් මෙම දේශීය සන්දර්භයෙන් එපිට ඊජිප්තු(හා ටියුනීසියානු) විප්ලවය මේ මොහොතේ ගෝලීයව වැදගත් සමාජ සිදුවීමක් වන්නේ ඇයි? එය විසින් මේ වන විට නිදහස හෝ ආර්ථීක සමානාත්මතාව තහවුරු කර නැත. මෑත අනාගතයේ එසේ සිදු නොවන බව ද පැහැදිලි ය. එසේ වන විට පවා පශ්චාත් දේශපාලනය අධිනිශ්චය වූ යුගයක එය විසින් නැවතත් ඉතිහාසයේ වේදිකාව මතට මහජනයාගේ සම්ප්‍රාප්තිය සලකුණු කරන ලද බව අමතක කල හැකි ද? දේශපාලනය විය හැකියාවේ කලාව ලෙස සලකන්නට පටන් ගත් ඉතිහාසය අවසන් වී යැයි කී යුගය තුල මෙම ජන නැගිටීම් දේශපාලනය යනු වියනොහැකියාවේ කලාව බව නැවත සිහිපත් නොකලේ ද? පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නෛතික රාමුවට පිටතින් පාලකයන්ට ඉවත්ව යන්නට සිදු වූ විට එය ෆුකුයාමා නොවෙනස් වන්නේ යැයි කී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම හා ආයතන මඳකට හෝ සලිත නොකලේ ද?
ඊජිප්තු සිදුවීම ගැන ස්ලොවීනියානු දාර්ශනිකයෙකු වන
ස්ලෙවෝ ජිජැක්
මෙසේ ලියයි. මේ ජන නැගිටීම විශ්වීය එකක්. ඊජිප්තු සමාජයේ සංස්කෘතික අංග පිලිබඳ කිසිදු විශ්ලේෂනයක අවශ්‍යතාව නොමැතිව ක්ෂනිකව ලොව පුරා සිටින අප හැමට එය හා අනන්‍ය වීමට පුලුවන්. ඉරානයේ කුමේනිගේ විප්ලවයට වෙනස්ව (එහිදී වාමාංශිකයන්ට තමන්ගේ පනිවිඩය ප්‍රධාන ඉස්ලාමීය රාමුවට හොරෙන් ඇතුල් කරන්න සිදු වුනා.) මෙතැන රාමුව නිදහස හා සාධාරණත්වය වෙනුවෙන් වන විශ්වීය හා ලෞකික ආමන්ත්‍රණයක්.
පසු ගිය
සමබිම සඟරාව
ට
වගකීම් සහතිකයක් නැති අරාබි විප්ලව
යන හිසින්
දීප්ති කුමාර ගුණරත්න
ලියා ඇති ලිපියට අනුව නම් ඊජිප්තු විප්ලවය යනු ඔටුවන්ගේ හා අශ්වයන්ගේ කකුල් කැඩීමට හැකි ඈතට ගල් විසි කිරීමට සමත් පිරිසක් සී අයි ඒ සංවිධානයේ සාමාජිකයන් හරියටම හයසියයක් විසින් මෙහෙයවා සිදු කරන ලද්දකි. යමක වැදගත් කම පිටතින් බිඳ දැමීම සඳහා විමල් වීරවංශ වැන්නන් ගේ ලාබ උපක්‍රමය වන කුමන්ත්‍රණ න්‍යායට ගුණරත්න පසු බැස තිබීම ශෝක ජනක කරුණකි. අනික් අතට හරියටම සී අයි ඒ සාමාජිකයන් 600 දෙනෙකු සම්බන්ධ බව ඔහු දැන සිටීම වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු කරුණකි. කෙසේ හෝ වේවා ඉහත ලිපියේ ප්‍රධාන තර්කය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. එයට අනුව නිශ්චිත නායකත්වයක් සහිත දේශපාලන පක්ෂයක මෙහෙය වීමෙන් තොරව විප්ලවයක් ජය ගත නොහැකි ය. මෙම තර්කය ඔප්පු කිරීම සඳහා ඊජිප්තුවේ හා ටියුනීසියාවේ පශ්චාත් විප්ලවීය භූ දර්ශනය යොදා ගැනීමට හැකි බව සැබෑ ය. නමුත් ගැටලුව වන්නේ අවම වශයෙන් දශක ගනන් ස්ථාවරව පැවති රෙජීමයන් පෙරලා දැමීමට තරම් ශක්තිමත් වූ මෙම අරගල මෙහෙය වීමට දේශපාලන පක්ෂයකට නොහැකි වූයේ ඇයි ද යන්නයි. 20 වන සියවසේ සමාජ වාදී විප්ලවයන් හි ගාමක බලවේගය වූ
ලෙනිනියානු පක්ෂය
තව දුරටත් ඒ සඳහා සමත් ද? පශ්චාත් විප්ලවීය පක්ෂ- රාජ්‍යයන් විසින් ඒ ඒ රටවල ඇති කරන ලද ව්‍යසනයන් පිලිබඳ බිහිසුනු මතකයට අමතරව මේ ගැටලුවට වඩා න්‍යායිකව ප්‍රවේශ වීමේ දොරටුව කුමක් ද? මේ සඳහා අපි ගුණරත්නට අනුව නිකම්ම ප්‍රංශ බුද්ධිමතෙකු වූ
ඇලන් බදියු
දෙසට හැරෙමු. බදියු විසින් ලියන ලද
කොමියුනිස්ට් උපන්‍යාසය
යන ලිපිය සමකාලීන වාමාංශික දාර්ශනික සංවාදය තුල අතිශය කතා බහට ලක් වූවකි. සමානාත්මතාවයේ ශුද්ධ වූ අදහස ලෙස කොමියුනිස්ට් උපන්‍යාසය රාජ්‍යය ඇරඹුනු තැන් සිට පවතින්නේ යැයි ඔහු අවධාරනය කරයි. රාජ්‍යයේ මර්දිත බලයට එරෙහිව ඇති වන බහු ජන ක්‍රියාකාරිත්වයන් සමඟ කොමියුනිස්ට් උපන්‍යාසය ක්‍රම ක්‍රමයෙන් දර්ශනය වන්නට විය.
ස්පාටකස්
ගේ වහල් අරගල හෝ
මුන්ට්සර්
ගේ ගොවි අරගල හෝ මේ සඳහා ප්‍රායෝගික උදාහරන ලෙස ගත හැකි ය. ප්‍රංශ විප්ලවය ඔස්සේ කොමියුනිස්ට් උපන්‍යාසය විසින් දේශපාලන නූතනත්වයට මූලාරම්භය සපයන ලදි.
මේ ආකාරයට දැන් අපව කොමියුනිස්ට් උපන්‍යාසයේ ඉතිහාසය තුල පිහිටුවා ගන්නා විට අපට කොමියුනිස්ට් උපන්‍යාසයේ මහා පරම්පරාවන් දෙකක් දැකිය හැකි ය. පලමු පරම්පරාව හමුවන්නේ 19 වන සියවස තුල යි. එය 1789 ප්‍රංශ විප්ලවයේ සිට 1871 පැරිස් කොමියුනය දක්වා පවතියි. මේ පරම්පරාව වටහා ගත හැකි වන්නේ කොමියුනිස්ට් උපන්‍යාසය ප්‍රායෝගිකව ස්ථානගත කිරීමේ උත්සාහයක් ලෙසයි. සමානාත්මතාවයේ ආදර්ශයන්ට අනුව සමාජය ප්‍රති ව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සමුදායක් වූ මෙම අරගලයන් ඒවා පවත්වා ගෙන යාමේ යාන්ත්‍රනය දැන සිටියේ නැත. එයට පිලිතුර ලැබෙන්නේ දෙවන පරම්පරාවෙනි. එනම් 1917 බොල්ෂේවික් විප්ලවයෙන් ඇරඹී 1976 චීන සංස්කෘතික විප්ලවයෙන් අවසන් වන පරම්පරාවයි. පිලිතුර වන්නේ (ලෙනිනියානු) පක්ෂයයි. පක්ෂයේ යකඩ හස්තය විසින් කොමියුනිස්ට් උපන්‍යාසය ආරක්ෂා කිරීම සිදු විය. සමානාත්මතාවයේ ආදර්ශයන්ට අනුව ප්‍රති-ව්‍යුහගත කෙරෙනු සමාජයන් පලමු පරම්පරාවට වඩා වැඩි කලක් පක්ෂ-රාජ්‍යයේ බලපරාක්‍රමය යටතේ සුරැකින. එහෙත් මතකයන් මිහිරි නැත. 1958-61 කාලය තුල
මාඕ සේතුං
ගේ කොමියුනිස්ට් පක්ෂයේ පාලනය තුල ඇති වූ සාගතයෙන් මිය ගිය චීන වැසියන් ගනන මිලියන තිස් පහකට අධික බවට වාර්තා ඇත. එය ස්වභාවික විපතක් නොවන බව සියලු දෙනා දනියි. කෙසේ හෝ වේවා 19 වන සියවසේ අත් කර ගැනීමට සිහින දුටු දේ 20 වන සියවසේ අත් කර ගනු ලැබින.
දැන් 21 වන සියවසේ අරාබි කරයේ විප්ලව කොමියුනිස්ට් උපන්‍යාසයේ ඉතිහාසය තුල වටහා ගැනීමට අපට ඉඩක් විවර වී තිබේ ද? උදාහරණයක් ලෙස ඊජිප්තුවේ ජන නැගිටීම 19 වන සියවසේ ජන අරගල සේම තමන් සිහින දුටු සමාජය දිගු කාලීනව පවත්වා ගැනීමට අසමත් ය. 2011 ජනවාරි 25 සිට පෙබරවාරි 11 දක්වා කාලය තුල කයිරෝ වේ නිදහස් චතුරස්‍රය යනු සමානාත්මතාවයේ ආදර්ශයන් ක්‍රියාවට නැඟුනු එම සිහින සමාජයයි. නමුත් එම අද්විතීය සාමූහික සමාජය පවත්වා ගෙන යාමේ උපකරනය කුමක් ද යන්නට පිලිතුරක් තවම 21 වන සියවස තුල ඉදිරිපත් වී නැත. අප මෙම විප්ලවයන් ක්‍රියාවට නැංවූ ව්‍යාපාරයන්ට උද්ධච්ඡ මහාචාර්ය වරු නොවී ඒවා යේ ශිෂ්‍යයන් වෙමු යැයි ඇලන් බදියු පවසන්නේ මේ නිසා විය හැකි ය. මීට වෙනස්ව දීප්ති කුමාර ගුනරත්න 21 වන සියවසේ ගැටලුවට 20 වන සියවසෙන් පරන පිලිතුරක් සොයා ගෙන අපට අභිමානයෙන් ඉදිරිපත් කරයි. එනම් ලෙනිනියානු පක්ෂයයි.
කොමියුනිස්ට් උපන්‍යාසයේ පලමු පරම්පරාව හා දෙවන පරම්පරාව අතර වසර 40 ක විවේක කාලයක් පැවතින. අප මේ ජීවත් වෙමින් සිටින්නේ දෙවන පරම්පරාව හා අනාගතයේ පැමිනෙන තෙවන පරම්පරාව අතර විවේක කාලයක බව බදියු ප්‍රකාශ කරන්නේ 2007 පමණ ය. එහි දී කොමියුනිස්ට් උපන්‍යාසයේ නව පරම්පරාවක ආනුශංගික ඇරඹුමක වියහැකියාව පෙන්වා දෙන ඔහු එය කිසිසේත්ම 20 වන සියවසේ දෙවන පරම්පරාවේ දිගුවක් නොවන බව අවධාරණය කරයි. ඒ සඳහා 20 වන සියවසේ සොයා ගැනීම් වන ලෙනින්වාදය හා පක්ෂය වැනි සංකල්ප වෙනුවට අනාගතයෙන් පිලිතුරු සොයා ගැනීමට සිදු වනු ඇත. ලෙනින්වාදී පක්ෂය කර තබා ගෙන යාම නිසා දීප්ති කුමාර ගුණරත්න වේගයෙන් ඇදී යමින් සිටින්නේ සියවසක පෞරාණිකත්වය සුරකින කටුගෙයක් දෙසට ය.
පසුවදන
ගුණරත්න ගේ ලිපිය කියවා අවසන් වූ විට මට එකවරම සිහියට නැඟුනේ
නයිට් ෂ්‍යාමලන්
ගේ ද
සික්ස්ත් සෙන්ස්
චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේ ය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මනෝ විශ්ලේෂකයෙකි. චිත්‍රපටය ආරම්භයේ දී අපට පෙනෙන්නේ කිසිවෙකු මෙම මනෝ විශ්ලේෂකයාට ඔහුගේ නිවස තුල දීම වෙඩි තබන බවයි. ඉන් පසු දිග හැරෙන රූපරාමු වලින් අප දකින්නේ මෙම මනෝ විශ්ලේෂකයා සුපුරුදු පරිදි සිය එදිනෙදා කටයුතු සිදු කරමින් ජීවත් වන ආකාරයයි. නමුත් ඔහු කිසිවෙකු හා කතා බහ කරන බවක් දැකිය නොහැකි ය. මේ අතර ඔහුට අහම්බෙන් කුඩා දරුවෙකු මුණ ගැසෙයි. ඔහු කිසියම් මානසික අසමතුලිත බවකින් පෙලෙන බව දැකිය හැකි ය. මේ දරුවා සමඟ මනෝ විශ්ලේෂකයා කතා කරයි. එම කතා බහ තුල දරුවා හෙලි කරනු ලබන්නේ තමන්ට මිය ගිය අය පෙනන බවයි. දරුවා සමඟ ඉතා සමීප සම්බන්ධයක් ගොඩනඟන මනෝ විශ්ලේෂකයා ඔහුගේ ජීවිතය සාපේක්ෂව උසස් තත්වයකට රැගෙන යාමට සහය වෙයි. මේ අතර මෙම අපූර්ව සම්බන්ධයේ උච්ඡතම තැනක දී ප්‍රේක්ෂකයා විසින් අති බිහිසුනු සත්‍යයක් වටහා ගනියි. එනම් මනෝ විශ්ලේෂකයා කතාව ආරම්භයේ වැදුනු වෙඩි පහරින් මිය ගිය බවයි. කුඩා දරුවාට ඔහු පෙනෙන්නේ දරුවාට මිය ගිය අය පෙනෙන බැවිනි.
ගුණරත්න ගේ සංකේතීය ජීවිතයට මෙම වෙඩි පහර වැදුනේ 2004 දෙසැම්බර් මාසයේ දී ය. නමුත් තවමත් ඔහු සමාජයේ සැරිසරයි. එසේම තවමත් ඔහු බොහෝ දෙනා දෙස බලමින් සිටින්නේ තම සායනයට පැමිණි විශ්ලේෂිතයන් දෙස බලන අකාරයට ය. මේ අතර යම් පිරිසකට තවමත් ඔහුව පෙනෙයි. ඒ දීප්ති කුමාර ගුණරත්න ජීවත් වන නිසා නොව ඔවුන්ට මිය ගිය අය ද පෙනෙන නිසා ය. ද සික්ස්ත් සෙන්ස් චිත්‍රපටය අවසානයේ මනෝ විශ්ලේෂකයාට ඔහු මිය ගිය බව වටහා දෙන දරුවා සිය සංක්‍රාමනීය ආදරයේ වේදනාව තුල මෙවැන්නක් පවසයි.
දැන් ඉතින් යන්න. ඒත් නොයන බව අඟවන්න.
Kaushalya Kumarasinghe | කෞශල්‍ය කුමාරසිංහ
[SEO Tags] Egypt Revolution 2011, Slavoj Žižek, Deepthi Kumara Gunarathna, Samabima, Alain Badiou, The Sixth Sense (1999), M. Night Shyamalan
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.|
Personal Quotes
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus