BOONDI.LK| අදහස් බූන්දි| ජාතික සමගිය කොයිබටද? අලුත් අවුරුද්දේ පරණ සංදර්ශන
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
  තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
මහාවංශය හොල්මන් කිරීම | තිසරණී ගුණසේකර
ප්‍රතිචාර[3]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
ජාතික සමගිය කොයිබටද? "අලුත්" අවුරුද්දේ "පරණ" සංදර්ශන
ප්‍රතිචාර[0]
බූන්දි| | 04:19:04
ලැබූවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සියළු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නට හේතුඵල රහිතව වුවද මමද ප්‍රාර්ථනා කර සිටිමි. බාහිර කාරණාවන්ගේ බලපෑමකින් තොරව ප්‍රාර්ථනාවන් සඵල වීමේ යම් සම්භාවිතාවක් වත් පවතින්නේ නම් ලද එස්. එම්. එස් සුභපැතුම් වලට අනුව මේ අවුරුද්ද ආශ්චර්යයේ සිහිනයන් ළඟා කරවන්නක් විය යුතුය. නිවාඩු පාඩුවේ රූපවාහිනිය 'බැලෙමින්' සිටින විටෙක උතුර දකුණ යා කරමින් සිංහල දමිළ අළුත් අවුරුදු සමාන්තර විකාශනයක් ගෙන ආ රජයේ රූපවාහිනියක සිදුවීමක් ඇසුරෙන් මෙකී ලිපිය ලිවීමට මූලික අදහස ඇති කරලීය.

"උතුරෙ තියෙන මද්දලයත්, කෙම්බුව, වගේම දකුණෙදි බෙරය, හොරණෑව, නංවන්නේ එකම හඬ. පිච්ච මලෙනුයි අ‍රලිය මලෙනුයි එන්නේ එකම සුවඳ, තල් ගහයි පොල් ගහයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්"
-රඛිත අබේවර්ධන - (2011.04.14 දින ස්වාධීන රූපවාහිනී අළුත් අවුරුදු වැඩසටහන් නිවේදක)

මෙම නාළිකාවේ නිවේදකයා විසින් වඩාත් අලංකාරවූත්, ජාතික සමගිය ‍පෙන්වා සිටීමේ අරමුණින් යුතුව ප්‍රකාශ කළා යැයි සිතෙන ඉහත වාක්‍ය ඛණ්ඩයන් ඇසුරෙන් තවමත් අංශුමාත්‍රයකින් වත් වෙනස්ව නැති ලංකාවේ ජාතික ප්‍රශ්ණයේ මූලික විෂබීජ තැම්පත්ව ඇතැයි යන්න මගේ නිගමනයයි. "ජාතිය සම්බන්ධයෙන් වන ඓතිහාසියක අගතිය" පෙන්වන්නක් යැයි යමෙකුට මෙම වාක්‍ය ඛණ්ඩය උදාහරණයකට ගත හැකි වුවද යම් ආකාරයක විසඳුමක් වෙනුවෙන් උනන්දුකරලීමට නම් දකුණේ සමාජය පුරාවටම විහිද පවතින මෙම මතවාදය විශ්ලේෂණයකට බඳුන් කළ යුතුය. බොහෝ දෙනෙකු හැඟීම්බරව හිස සොලවා අනුමත කළ රඛිත විසින් සිදුකළ මෙම ප්‍රකාශය විමසා බලමු.

සරලවම ‍ගතහොත් මෙම ප්‍රකාශයේ එන "පිච්ච මලෙනුයි අ‍රලිය මලෙනුයි එන්නේ එකම සුවඳ" යන්න සිනාවට පාදක වන ප්‍රකාශයකි. එනම් මේ මල් දෙවර්ගයෙන් හමනුයේ එකම සුවඳක් ‍නොව එකිනෙකට වෙනස් සුගන්ධයන් ‍දෙකක් බව රඛිතට අමතකව යෑම තුළ ඔහු වෙලී සිටින දෘෂ්ඨිවාදී කඩතුරාවේ දෘඪබව අවබෝධ කරගත හැක. ඒ සමානවම දමිළ සංස්කෘතිය හා බැඳුණු, එමෙන්ම සිංහල සංස්කෘතිය හා බැඳුණු සංගීත භාණ්ඩ වලින්ද නික්මෙනුයේ එකිනෙකට වෙනස්කම් වලින් යුතු නාද බවද අමතක නොකළ යුතුය. තල් ගහ සහ පොල් ගහ අතර එකිනෙකට අනන්‍ය ලක්ෂණ ඕනෑතරම් ඇත.

ඒ රඛිත විසින් ඉදිරිපත් කළ ප්‍රකාශයේ දෘෂ්‍යමාන අර්ථයේ ඇති දෝෂ සහිත බව හාස්‍යයක් මිස අන් යමක් නොහඟවයි. එසේ වුවද සිංහල හා දමිළ ජාතිකයින් අරභයා දකුණේ ජනයා අතර පවතින්නා වූ දෘෂ්ඨිවාදයේ ස්වභාවය පෙන්වන කැඩපතක් ලෙස ඉහත ප්‍රකාශය භාවිතා කරන්නේ නම් ඉන් ඇති වන්නේ බලවත් කණගාටුවකි. ඉහත ප්‍රකාශය සඳහන් කළ වැඩසටහන ඇසුරින්ම මේ සඳහා උදාහරණයක් ගනිමු.

සිංහල දමිළ එකමුතු කම ‍සංකේතවත් කරලීම සඳහා ඉදිරිපත් කළ එකී වැඩසටහනේ යාපනේ ප්‍රදේශය ආවරණය කරලීම සඳහා ද යොදවා සිටියේ ද සිංහල නිවේදිකාවක් පමණි. යුධ හමුදාවේ පිරිස් ඉදිරිපත් වූ තරඟ හැරුණු කොට පැවති අනෙක් ඒවා සඳහා සහභාගී වූ දමිළ තරඟකාරීයන් හා දොඩමළු වීමට එකී නිවේදිකාව උත්හාස කරන බවක් පෙනුනද ඇගේ අල්ප දමිළ දැනුම ඊට හරස් වූ බවක් දක්නට ලැබුණි. ඇය විසින් අසනු ලැබූ ප්‍රශ්ණ දෙකක් පමණි. එනම් "උංගලින්ටැ පේයර් එන්නැ?" (ඔබේ නම මොකද්ද?) සහ "ඒපපඩි සුහම්" (සැප සනීප කොහොමද) යන්න පමණි. උතුරේ දමිළයාත් දකුණේ සිංහලයාත් යනු එකම පුද්ගලයෙක් යැයි නිර්වචනය කොට ගෙන ඇති මතවාදයක් තුළ ඔවුන් දෙපාර්ශවයේ ඇති භාෂාත්මක වෙනස අවබෝධ කර නොගත් විට මෙවැනි අපහසුතා සිදුවීම අහඹුවක් නොවේ.

සිංහල දමිළ එකතුබව ගොඩනැංවීම සඳහා යැයි පවසමින් ඉදිරිපත් කෙරෙන වැඩසටහනක තිබිය යුතු ප්‍රධානතම කාරණය නම් මෙකී දෙපාර්ශවයේ සන්නිවේදනයට බාධා කරමින් පවතින භාෂාත්මක බාධකය ඉක්මවීම සඳහා අවශ්‍ය කටයුතු කාරණා සිදුකිරීමය. එසේත් නොමැති එක් පාර්ශවයක් දැඩිව අපහසුතාවයකට ලක්වීම පුදුමයක් නොවේ. අනෙක් අතට මෙවැනි වැඩසටහන් හුදු ඒකපාර්ශවික ප්‍රදර්ණාත්මක දේවල් ලෙස නොව අන්තර් සන්නිවේදනයකින් යුතු අන්තර් අවබෝධය ගොඩනංවන්නක් ලෙස පැවතිය යුතුය.

තවදුරටත් සරල කරන්නේ නම්, කිසියම් සතුන් පිරිසකගේ රැඟුම් මිනිසුන් පිරිසකට රඟදක්වන විට විස්තර ප්‍රචාරයක කරන්නේ මානව භාෂාවෙන් පමණි. අණදීම් හා මෙහෙවීම් සදහා පමණක් එකී සත්තුන්ට තේරෙන සංඥා උපක්‍රම භාවිතා කරයි. මන්ද එය ඒකපාර්ශවික වූවක් නිසාය. එහෙත් මානව කණ්ඩායම් දෙකක් අතර අන් සබැඳියාව ගොඩනැංවීමේ අරමුණින් යම් කටයුත්තක් සිදුවන්නේ නම් එහි පාර්ශව දෙකටම සිදුවන දේ පිළිබඳව විශ්වාසය ගොඩනංවන සුළු ආකාරයෙන් ඒවා සංවිධානය විය යුතුය. ‍ මෙවැනි වැඩසටහන් මඟින් තවදුරටත් එකිනෙකා අතර විශ්වාසය පළුදු වේ නම් හොඳම දේ එවැනි දේ සංවිධානය නොකර සිටීමය.

දැන් නැවතත් මූලික කාරණය දෙසට හැරෙමු. වසර ගණනාවක යුද්ධය විසින් අපට ඉගැන්වූ මූලිකම පාඩම ජනවාර්ගික විවිධත්වය වටහා ගැනීමේ අවශ්‍යතාවයයි. එය රටේ ඉහළම ව්‍යවස්ථාවේ සිට පහළතම සමාජ සම්බන්ධතා ක්ෂේත්‍රය දක්වා විහිදී යයි. ලංකාව රටක් ලෙස විවිධ ජාතීන් ගණනාවකගේ භූමිය ලෙස අප අවබෝධ කරගැනීම මෙන්ම ඔවුන් කිසිවෙක් පහත් අය ලෙස නිර්වචනය නොකර ගත යුතුමය. නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක සැමට සමාන අයිතීන් ඇති බවට අපි විසින් පිළිගත යුතුය.

පරණ තරහ මරහ අම‍තක කොට අළුත් ආරම්භයකට පාර කියන සාම්ප්‍රදායිකව වැදගත් උත්සවයක් සමරන මේ මොහෝතේ අප විසින් වටහාගත යුතු වැදගත්ම දෙයක් නම් පුද්ගල විවිධත්වයය හා සමානාත්මතාවයයි. ජාතීන් අතර විවිධත්වය අවබෝධකර ගැනීම වැදගත්ම කාරණයක් වුවද අප ජීවත්වන සමාජයේ පිරිස් අතර වන විවිධත්වය තේරුම්ගැනීම තුළ අ‍පගේ පුද්ගලික ජීවිතයටද අවුරුදු සිරි පැතිරෙනු ඇත. එක් පුද්ගලයෙක්ට තවත් අයෙක් සර්ව සම නොවන්නා සේම එකිනෙකාගේ හැඟීම් දැනීම්, අවශ්‍යතා හා උවමනා, දෘෂ්ඨිවාද, වැනි සෑම ක්ෂේත්‍රයකම පවතින විවිධත්වය අවබෝධ කරගැනීම හා ඒවාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීම තුළ ලැබූ අවුරුද්දේ සැබෑ සෞභාග්‍ය සමස්ත සමාජය පුරාවටම පැතිර යනු ඇත.

ස්ව පුද්ගල ජීවිතය තුළ ලබාගන්නා වටහාගැනීම් තුළින් අත්පත්කරගන්නා වූ සාමාජයීය දියුණුව රටක් ලෙස විවිධ ජාතිකයින්ගෙන් සුසැඳි එක රටක් ගොඩනංවා ගැනීම අත්වැල් සපයනු ඇත. සමස්ත ජෛවගෝලය පුරාවට විහිදුණු සංස්කෘතික මිනිසා තුළ ගොඩනැඟුණාවූ විවිධත්වය අවබෝධකොටගැනීම හා සමානාත්මතාව ගොඩනැංවීම මීළඟ අළුත් අවුරුද්ද අළුත් සිරියක් වෙත මෙහෙයවනු නොඅනුමානය.

ඔබට සැබෑ වෙනසක් අත්විඳිය හැකි අළුත්ම අළුත් අවුරුද්දක් වේවා....!!!!


Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල
[SEO Tags] Sinhala and Hindu New Year Festival in Sri Lanka, ITN, Sinhala Hindu Aluth Awurudu , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්| Movie Quotes
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****

"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****

"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."

[-සංජීව පුෂ්පකුමාර ගේ "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයෙන්]