BOONDI.LK| රත්තරං ටික| ත්‍රස්තවාදය පිළිබඳ මාක්ස්වාදීන්ගේ ආකල්පය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
BOONDI • Currents •
  රත්තරං ටික  
ත්‍රස්තවාදය පිළිබඳ මාක්ස්වාදීන්ගේ ආකල්පය
ප්‍රතිචාර[0]
බූන්දි| | 01:32:13
ඇත්ත වශයෙන් ම මාක්ස්වාදීහු මූලධර්මයක් වශයෙන් ත්‍රස්තවාදයට විරුද්ධ නොවෙති. ඔවුහු කිසිවිටෙක ''මිනී නොමරව'' නැමැති ක්‍රිස්තියානි ශික්ෂා පදය මත පදනම් නොවෙති. එයට ප්‍රතිවිරුද්ධ ලෙස, වෙන කිසිවකු නො ව ප්ලේහානොව් විසින් ම නිරන්තරව අවධාරණය කර සිටි පරිදි, සෑම ඝාතනයක් ම මිනීමැරුමක් නො වන අතර අමානුෂික කෲර පුද්ගලයකු ඝාතනය කිරීම අපරාධයක් නොවේ. ඔහු එක වරකට වඩා පුෂ්කින් සාර් ට එරෙහි ව රචනා කළ පහත දැක්වෙන සුන්දර කවිය උපුටා දැක් වීය.

එම්බා සැහැසි දුර්ජනය
පිළිකුල් ය මට තොප ද තොප යන මග ද
ලබමි තිරිසන් සතුටක්
දැක තගේ ව්‍යසනය ද දරුවනගෙ මළගම ද

මාක්ස්වාදියෝ තමන් ප්‍රචණ්ඩත්වයේ ආධාරකරුවන් වන බවත් විප්ලවවාදී සාධකයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගන්නා බවත් අවධාරණය කළෝ ය. මෙම ලොවෙහි ආයුධ, ගිනි තැබීම් සහ කඩුවෙන් විනාශ කළ යුතු බෝහෝ දේවල් ඇත. මෙහි දී මාක්ස්වාදීන් අවධාරණය කරන්නේ මහජන ත්‍රස්තවාදය ගැනය. එමෙන්ම අප කියා සිටින්නේ, ඒ හෝ මේ අමාත්‍යවරයා ඝාතනය කිරීම තුළින් මෙම පද්ධතියෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. අප අනිවාර්යයෙන්ම මහජනතාව නැගිටුවා ගත යුතුය. මිලියන ගණන් මිනිසුන් සංවිධානය කළ යුතුය. එය නිසි ලෙස සංවිධානය කළ විට දී පමණක්, අපි තීරණාත්මක හෝරාවේ දී ත්‍රස්තවාදය භාවිතා කරන්නෙමු. එවිට අප කඩින් කඩ නොව, මුළුමනින්ම ආයුධ සන්නද්ධ නැගිටීමකට යොමු වෙමු. මෙම සත්‍යය රුසියාව තුළ පළමු වරට 1905 දී ක්‍රියාත්මක වූ අතර 1917 දී ජයග්‍රහණය කෙරිණි.

-බොල්ෂේවික් පක්ෂයේ ඉතිහාසය [ජී. සිනොවිව්] /පරිවර්තනය- මනෝ ප්‍රනාන්දු /කවි පරිවර්තනය- දර්ශන මේදිස්
Gregory Zinoviev | ජී. සිනොවිව්
පරිවර්තනය - Mano Fernando | මනෝ ප්‍රනාන්දු
[SEO Tags] Darshana Medis, History of the Bolshevik Party , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
නිකෝස් කසන්සාකිස් කියයි.| Personal Quotes
සැබෑ ගුරුවරු නම් තම සිසුන් තරණය කළ යුතු යයි සිතන දේ හරහා යාමට තමන් ම පාලම් බවට හැරවෙන්නෝ ය. තරණයට උදව් කළ පසු සතුටින් බිඳ වැටී, අලුතින් පාලම් තනා ගන්නට සිසුන් දිරි ගන්වන්නෝ ය.