BOONDI.LK| අදහස් බූන්දි| 71 කැරැල්ල – හතලිස් වසරකට පසු
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
සන්ධ්‍යා
රෝහිත
ප්‍රදීප්
රංජිත්
දර්ශන
වරුණ
අනුෂ්ක
ගාමිණී
ආදිත්‍ය
සංඛ
රසික
එස්.ජී.
අරවින්ද
ප්‍රියංජිත්
වීරයා
මංජුල
මාලතී
සුමිත්
සනත්
රන්සිරිමල්
BOONDI • Currents • •
අදහස් බූන්දි
71 කැරැල්ල – හතලිස් වසරකට පසු
[0]
බූන්දි| | 00:20:31
1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම අම්බලන්ගොඩ බලා ගියෙමි. පසුදින උදෑසන බදුල්ල බලා යාමට හනි හනියේ යන මට මඟදී තාත්තාගේ කොමියනිස්ට්වාදී මිතුරකු මෙන්ම පවුලේ සමීප හිතවතකු වූත් ජිනදාස මහතා හමු විය. උරහිසෙන් අල්ලා මා නතර කොට ගෙදර මා ඇමතූ නමින් කතා කොට ඔහු කීවේ එක්
වැකියකි.
"රංජි, ගොලුවන්ගේ විප්ලවයක් කරන්න එපා..."
රට පුරා ජවිපෙ සාමාජිකයන් අත් අඩංගුවට ගැනෙමින් තිබුනේ අවි ආයුධ ද සමඟය. අපේ සටන් පාඨ රණකාමී බවට පත්ව තිබූ අතර
"පොලිස් මර්දනය ධනේෂ්වරයේ මරලතෝනිය යි"
කියා බිත්ති පුරා ලියමින් සිටියෙමු. අපේ නිවසෙහි පැවැති විජේවීරගේ දේශණ මාලාවකට සහභාගී වී සිටි ජිනදාස මහතා ජවිපෙ මතවාදය සහ අපේක්ෂා දැන සිටියේ ය. එමෙන්ම ඔහු ජවිපෙ නායකයකු වූත් ජවිපෙ පුවත්පත් ගණනාවකම ප්‍රකාශකයා වූත් සිසිල් වන්ද්‍රගේ මාමා ද විය. ඔහු දන්නා බොහෝ තරුණ පිරිස් ජවිපෙට සම්බන්ධ වී සිටි අතර අප ඉක්මන් ප්‍රහාරයකට සැරසෙන බව ඔහුට ඉවෙන් මෙන් දැනී තිබුණි. අපේ විප්ලවයට ජනතා සහයෝගයක් තිබුනේ නැත. ඔහු කී පරිදි ම එය විප්ලවයක් වෙනුවට හුදෙක් තරුණ සන්නද්ධ නැගිටීමක් බවට පත් විය.
හතලිස් වසරකට පෙර දියත් කරන ලද නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නද්ධ අරගලය උපන්ගෙයි ම පරාජය වූ නමුත් එය විසින් ජනනය කරන ලද දාම ක්‍රියාදාමය දීර්ඝ කාලයක් පුරා දිවයිනෙහි සමාජ දේශපාලන ආර්ථික දේහය දෙදරවීමට නියමිතව තිබුණි. ජවිපෙ කැරැල්ලෙන් අභාෂය ලද දෙමළ තරුණ පිරිස් විසින් 1972 වන විට තිස් වසරක් පුරා පැවැති දෙමළ සන්නද්ධ අරගලයේ බීජ වපුරා තිබුණි. කැරැල්ලේ පරාජයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණි ජවිපෙ ජේ. ආර්. ජනවර්ධන විසින් කැලයට පළවා හරින ලදුව දෙමළ සන්නද්ධ අරගලයේ ආභාෂය ද ලබා ත්‍රස්තවාදය මූලෝපාය බවට පත්කර ගනිමින් සිංහල සමාජය ඇපයට ගත් දෙවන කැරැල්ල 17 වසරකට පසු දියත් කළේ ය.
පළමු සන්නද්ධ කැරැල්ල කෙරෙහි රාජ්‍ය දැක්වූ මෘදු ආකල්පය 1988 -90 ලෙයින් නැහැවුණු ජවිපෙ සන්නද්ධ අරගලය හරහා 2009 එල්ටීටීඊ ය පරාජය කිරීමේ යුද්ධයේ දී නැසූ විරූ ක්‍රූරත්වයක් කරා ගමන් කළේ ය. නිව්යෝකර් සඟරාවට "කොටියාගේ මරණය" නමින් මෑත දී දීර්ඝ ගවේෂනාත්මක රචනයක් කළ ලී ඇන්ඩර්සන් එම යුද්ධයේ අත්දැකීම් අරභයා මෙසේ ලීවේ ය:
"ලොව පුරා යුද කවයන්හි කැරලි මර්දනයේලා ශ්‍රී ලාංකීය තෝරා ගැනීම අභිරුචියකින් යුතුව සාකච්ජා කෙරේ. එම තෝරා ගැනීම නම් මාධ්‍යට අවකාශයක් නොදීම, එක්සත් ජාතීන් සහ මානව හිමිකම් සංවිධාන බැහැරින් තැබීම, විරුද්ධවාදීන් හුදකලා කොට හැකි ඉක්මනින් හැකි තරම් ඝාතනය කිරීම, ජීවිත බේරා ගන්නා පිරිස් තනි කොට ත්‍රස්තකිරීම සහ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකිරීම ය".
1971 කැරැල්ලේ පරාජය සහ දහස් ගණනාවක් ඝාතනය වී 22,000 තරුණ පිරිසක් සිර කඳවුරු ගතවීම විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ව්‍යාපාරයේ ආරම්භය සළකුනු කළේ ය. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය වැනි පුළුල් ව්‍යාපාරයන් හරහා ප්‍රාදේශිය සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් බිහි විය. අන්තර් ජාතික රතුකරුස සංවිධානයට මෙන්ම අනෙක් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානයන්ට ද ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් කාල පරිච්ජේදය විවෘත විය. 1971 දී එවැනි විවෘත ප්‍රවේශයක් ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍ය සමත් වූයේ කැරලිකරුවන් කෙරෙහි මෙන්ම කැරැල්ලට පාදක වූ සමාජීය හේතුන් කෙරෙහි දක්වන සම්මුතිකාමී ආකල්පය නිසා ය. 1971 අප්‍රේල් කැරැල්ල මෙන්ම දෙවන කැරුල්ල අවසන් වූ 1990න් පසුත් එම සමාජීය කැළඹිම්හි ප්‍රතිපලයක් ලෙස ඉදිරිගාමී සමාජ – දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා අප සමාජයෙහි ඇති විය. ප්‍රමාණවත් නොවූ නමුත් යම් යම් සාධනීය පියවර ද ගනු ලැබුනි.
අනෙක් අතට සිංහල තරුණයින්ගේ සන්නද්ධ නැගිටීම් දෙකම මහජන සහයෝගයක් භුක්ති වින්දේ නැත. දෙවන කැරැල්ල අන්ත සිංහල ජාතිකවාදය සිය ධජය ලෙස ඔසවා ගත් නමුත් අරගලය කුරිරු සන්නද්ධ ක්‍රියාවලියක් බවට පත් වූ කල එය හුදකලා කැරැල්ලක් බවට පත් විය. පරාජයේ බිජුවට එතැන මුල් බැස්සේ ය.
ත්‍රස්තවාදය සහ බලහත්කාරය මූලෝපාය බවට පත් කර ගැනීමෙන් පසු එහි ජන පදනමෙහි දෙදරා යෑම් ඇති වුව ද දෙමළ සන්නද්ධ අරගලය සිංහල තරුණ අරගලයන්ට ප්‍රති විරුද්ධව ස්වයං පාලනය සඳහා වූ දෙමළ ජනයාගේ පොදු ඉල්ලීම මත පදනම්ව තිබුණි. සිංහල තරුණ කැරලි පරාජය කිරීමෙන් පසු සංවිධානය පමණක් නොව එම මතවාදයන් ද සමාජ – දේශපාලන වශයෙන් මහත් පසු බෑමකට ලක් විය.
එසේ නමුත් දෙමළ සන්නද්ධ අරගලයේ සංවිධායකයා වූ එල්ටීටීඊ ය පරාජය වූ නමුත් ස්වයං පාලනය සඳහා වන දෙමළ ජනයාගේ අභිලාෂය පරාජය වූයේ නැත. ඒ බවට හොදම නිදසුන නම් උතුරු නැගෙනහිර මැතිවරණයන් හි දී දිගින් දිගටම පාලක පක්ෂය ලබන පරාජයත් දෙමළ ජාතිකවාදී දේශපාලනය ලබන ජයග්‍රහණයත් ය. අනෙක් අතට දෙමළ කැරැල්ල පරාජය කළ යුද්ධාවසානය බිය ජනක විය.
එය සහමුලින්ම පශ්චාත් 71 කැරුල්ල යුගයේ අනෙක් පැත්ත ය. අද සක්‍රීය සිවිල් සමාජයක් හෝ මානව හිමිකම් ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාවෙහි අවකාශයක් නැත. ප්‍රජාත්ත්‍රවාදී විපක්ෂය විවිධාකාරයෙන් දුර්වල කිරීම රාජ්‍යතන්ත්‍රයේ මූලෝපායක් බවට පැමිණ තිබේ. ජනමාධ්‍ය සහමුලින්ම වාගේ රාජ්‍යයේ සහ රාජ්‍ය මතවාදයේ පාලනයට නතු ය. දෙවසරකට පසුත් දෙමළ සන්නද්ධ කැරුල්ල පැවැති කලාපයේ ජනයා මත තවමත් පවත්වා ගැනෙන්නේ මිලිටරි පාලනය යි.
71 කැරුල්ල පරාජයෙන් පසු ඒ හිඩැස පියවීමට මෙන් වාම දේශපාලන ව්‍යාපාර බිහිවූ අතර සයිමන් නවගත්තේගම වැන්නෝ ඇත්ත පුවත්පත හරහා ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ගොඩ නැගූහ. ජවිපෙ දෙවන කැරුල්ල පරාජයෙන් ඇති වූ හිඩැස ද පුරවමින් පසු විකල්ප ජනමාධ්‍ය වසන්තයක් විකසිත විය. අද එවැනි මාධ්‍ය භාවිතයක් ගැන සිතීමටවත් නොහැකි ය. යුද්ධය සාමකාමී සාකච්ජා මගින් අවසානයක් කරා එළඹියේ නම් එය සමස්ත ශ්‍රී ලංකාවටම නියතවම මහත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කරන්නට නිමිතව තිබුණි. යුද්ධමය අවසානය ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව නිදහස නොව දේශපාලනය අත්තනෝමතිකත්වය යි.
දෙවන තානාපති ධුරය ලැබීමට පෙර සිංගප්පූරුවේ සරසවියකට බැදී සිටි දයාන් ජයතිලක එකල පෙන්වා දුන් පරිදි රාජපක්ෂ ආණ්ඩුව යුද කාලීන පාලන තන්ත්‍රය 18වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සාමකාමී කාලය සඳහා ද නීති ගත කර ගත්තේ ය. 18වන සංශෝධනය විසින් පෙන්වා දුන්නේ පශ්චාත් යුද්ධ වකවානුව අත් දකිනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් වෙනුවට බලය ඒකරාශි කර ගැනෙන අත්තනෝමතිකත්වයක් බව යි.
ආරක්ෂක ලේකම් සමඟ රාත්‍රි භෝජනය සාකච්ජාවක් ද ලබා ගැනීමට වාසනාව තිබූ නිව්යෝකර් සඟරාවට පෙර සඳහන් ලිපිය ලියූ ලී ඇන්ඩසන් මෙසේ ද සදහන් කරයි. :
"රාජපක්ෂ සිංහලයින් අතර මහත් ජනප්‍රියත්වයක් උසුලයි. ඔහුගේ එක් සහෝදරයකු වන ගෝඨාභය ආරක්ෂක ලේකම් ය, තවත් සහෝදරයකු වන බැසිල් ජනාධිපතිගේ සියළු කාර්‍ය බලකායන්හි ප්‍රධානියා වන අතර තෙවැන්නා වන චමල් පාර්ලිමේන්තුවේ කතානායක වේ. ඔහුගේ විසි හතර හැවිරිදි පුත්‍රයා මෑත දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඊට අමතරව ඥාති සහෝදරයින්, සහෝදරියන් සහ බෑනනුවන් හතලිස් දෙනෙකු පමණ ආණ්ඩුවේ විවිධ තනතුරු දරති."
පවුල සහ ඥාති සංග්‍රහය මත බලය කේන්ද්‍රගත වූ අත්තනෝමතිකත්වය නූතන උතුරු අප්‍රිකානු විප්ලවය මගින් දැන් පිසදා හැරෙමින් සිටින සියළු පාලකයින්ගේ ආදර්ශය බවට පත්ව තිබුණි. එමෙන්ම එම සියළු අඥාදායකයින්ම වාගේ සිය හදිසි නීති මර්දනකාරී පාලනය සාධාරණය කිරීම පිණිස අන්තවාදය සමඟ සටන් කිරීමේ සටන්පාඨය යොදා ගත්හ. ශ්‍රී ලංකාවේ තවමත් සහමුලින්ම එවැනි තත්ත්වයක් කරා ගමන් කර නැතත් රටෙහි දේශපාලනය ගමන් කරන දිශානතිය කණගාටුවට මෙන් එය යි.
1971 සමඟ සසඳා බලය විට සමාජ සාධාරණත්වය, මානව නිදහස සහ ප්‍රජාත්නත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් අප සිටින්නේ බොහෝ පිටු පසිනි. එසේ නමුත් ඊට එරෙහිව දකුණේ සිංහල තරුණ කැරලි මගින් ඇති කරන ලද බලපෑමක් සහිත ව්‍යාපාරයක් නැත. මන්ද යත් ඒවා ගොලුවන්ගේ විප්ලව වූ නිසා ය. නමුත් තවමත් එවැනි ව්‍යාපාරයක් ගොඩ නැගීමේ විභවයක් දකුණේ කැරැල්ල විසින් දියත් කළ දේශපාලනයට තිබේ.
අප කැමැති වුවත් නැතත් අද ශ්‍රී ලංකාව ගමන් කරන මධ්‍යගත අත්තනෝමතිකත්වයට එරෙහිව ප්‍රතිවිරෝධය පෑමේ කේන්ද්‍රය ඇත්තේ දෙමළ කැරුල්ල විසින් නියෝජනය කරන ලද දෙමළ ජන අභිලාෂයන් තුලය. එමෙන්ම රාජපක්ෂ පාලනයේ දුර්වලම පුරුක ඇත්තේ ද දෙමළ ජනයා මත පවත්වා ගැනෙන මිලිටරිවාදී ආධිපත්‍ය තුලය. එනයින් ශ්‍රී ලංකාවේ නව ප්‍රජානත්ත්‍රවාදී ඇරඹුමක් ඇතිවිය හැක්කේ ප්‍රථම සන්නද්ධ අරගලයෙන් හතලිස් වසරකට පසු අත්තනෝමතික රාජ්‍ය පාලනයට එරෙහි අරගලයේ කේන්ද්‍රය දෙමළ ජනයා අතට ගමන් කර ඇති බව තේරුම් ගැනීම සහ එය සමඟ එක්ව සමස්ත අරගලය ගොඩ නැගීම මත ය. එමෙන්ම අරගලය පිළිබදව ඊජිප්තු විප්ලවාදීන් පෙන්වා දුන් පරිදි අවිහිංසාවාදය මත පදනම් වීම ද ඒ තරමටම වැදගත් ය.
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
[රාවය 03.04.2011]
Sunanda Deshapriya | සුනන්ද දේශප්‍රිය
[SEO Tags] 1971 JVP Insurrection Sri Lanka, Rohana Wijeweera, Janatha Vimukthi Peramuna, Peoples Liberation Front
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) කියයි.|
Personal Quotes
තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus