BOONDI.LK| පරිවර්තන කවි| රජෙකු වෙනුවෙන්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් පරිවර්තන
Blame it on the Bossa Nova | මේක කලේ බොස නෝවා | සින්තියා වෙයිල් / බැරී මාන්
ප්‍රතිචාර[2]
සියක් කඳු රැගෙන යන රාත්‍රිය | අබ්දුල් වහාබ්
ප්‍රතිචාර[1]
පාෂාණ කතිකාව | මොනිසා අල්වි
ප්‍රතිචාර[1]
ඉරබටු තරුව | Evening Star | එඩ්ගා ඇලන් පෝ
ප්‍රතිචාර[1]
තවමත් සොවෙනි මම | Still I'm Sad by Boney M | බොනි එම්
ප්‍රතිචාර[6]
ඔබේ ඔය සිනහව | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
හැ ඳි න් වී ම ක් | කමලා දාස්
ප්‍රතිචාර[1]
හැම දිනෙක ඔබ රඟන.... | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[2]
'Every day you play with...' By Neruda | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[1]
පිළිම පණ ගැන්වෙන මොහොත | එම්. රිෂාන් ෂෙරී‍ෆ්
ප්‍රතිචාර[7]
BOONDI • Kavi •
  පරිවර්තන කවි  
රජෙකු වෙනුවෙන්
ප්‍රතිචාර[0]
බූන්දි| | 22:55:22
සයුර තරණය කල මහා සේනාවේ
බලමුළු දිග්විජය කල සිඩොන්* නුවර
බලය අභියස හඩා වැටුනා ග්‍රීක කඳවුරු
ගලීලයේ අනාථයෝ සුසුම් හෙලන'තර

ඇලෙනසුළු කඩමාළු හැඳි අපිරිසිදු හේවායෝ
ගැවසී ගියා වෙරළබඩ වෙළදසැල්
වෙළෙන්දියෝ බයින් පීඩිතව යද්දී
මහල්ලෝ ඔවුන් වෙත විමසිලි බැළුම් හෙලූහ

වීදි පුරවාලූ අවිනීත බලමුළු
බලකලා වෙළඳුන්ට තුට්ටුවට විකුනන්ට
ගල් අතුල නගර චතුරශ්‍රයේ පවා
විමසිලි ඇසින් සියළු දේ ඉව කලහ

භට පිරිස් එකිනෙකා කන් වලට කොඳුරමින්
සංචාර වෙළෙන්දෝ කොක්සනින් හිනැහෙමින්
මහා අධිරාජයා - සේනානායකයා
අසිපතක් හෙල්ලයක් නොදැරු බව පැවසූහ...!

වෙළදහල්වල අඳුරු මුලූවල
සිඩොනයේ තරුණයෝ ඇමතිමැති වරු සමඟ
කුඩා කාණ්ඩ ලෙස - රහස් එකමුතු ලෙස
රජ බලය පෙරලන්ට කුමන්ත්‍රනයන් කලහ

මහා සේනාවට ඉසිබුවක් නොවීමය,
රෑ අඳුරු සෙවනැළි කූඩාරම් මත නටද්දී
ඒ ශක්තිවන්තයන් කල එකම දෙය
ඇතිරිලි සිනිඳු තැන්වල සැතපීම පමණකි...!

තුරුණු ඇස් කාසිමෙන් දිළිසුනා එනමුත්
වෙලෙන්දන් සඟවද්දි කොල්ලකෑ වස්තුව
සෙන්පති දෙනෙත් වල අඳුර නැඟ ආයේ
අසිපතක් හෙල්ලයක් නොදැරු රජ වෙනුවෙන්

* සිඩොන් නුවර : වත්මන් ලෙබනනයේ අතීත නුවරකි. ශ්‍රේෂ්ඨ රෝම සෙන්පති පොම්පේ විසින් ක්‍රිස්තු පූර්ව 64 දී යටත් කරගන්නා ලදී.

දහ්ලියා රවිකොවිච් (1936 - 2005) විසින් රචිත On Account of a King නම් කාව්‍යයේ පූර්ණ සංක්ෂිප්ත පරිවර්තනය.

Dalia Rabikovitch | දහ්ලියා රවිකොවිච්
පරිවර්තනය - Rasika Wickramanayaka | රසික වික්‍රමනායක
[SEO Tags] On Account of a King , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.| Personal Quotes
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා නො කරති. ඉතිහාස පොත් නැවත නැවත සිදු වන යුධ වලින් පිරී ඇත. මිනිසුන් වශයෙන් අපට අප අවබෝධ කිරීම ආරම්භ කිරීමට හැකි නම්, එකිනෙකා මැරීම නවතිනු ඇත.

පහත් ජාත්‍යාලයෙන් අපේ රට ගැන පමණක් කල්පනා කරනතාක්, අපි භයානක ලෝකයක් නිර්මාණය කරමින් ඉන්නෙමු. අප සැමට සතුටින් හා සාමයෙන් ජීවත් වියහැකි මේ මහ පොළව අප සැමගේ ම යයි අප වරක් දුටුවොත්, එවිට අපි එකට එක් වී අළුත් ලෝකයක් ගොඩ නගනු ඇත.