BOONDI.LK| අදහස් බූන්දි| මෙහෙව් රටේ දේශපාලනය යනු කුමක්ද?
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
  තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
මෙහෙව් රටේ දේශපාලනය යනු කුමක්ද?
ප්‍රතිචාර[0]
බූන්දි| | 02:19:21
දේශපාලනයෙහි නියැලීම යනු, සම්භාව්‍ය අර්ථයෙන් ගත්කළ, අප ජීවත්වන සමාජය පවතින මට්ටමේ සිට වඩා යහපත් දිශාවක් කරා වෙනස් කිරීමකට මහන්සි වීමකි; මිනිසුන් වඩා යහපත් කිරීමට දරන අමාරු වෑයමකි. නමුත් අප නිතිපතා මැතිවරණ වලදී අත් දකින කණගාටුදායක අත්දැකීම වන්නේ එකී අරමුණට, අපේක්ෂාවට සපුරා පටහැනි විකෘතියක් සහ ව්‍යාජයක් වූ යමකි.

උගත් දේශපාලන අපේක්ෂකයාගේ සිට නූගත් පක්ෂ "ක්‍රියාකාරිකයා" (හෙවත් අන්තේවාසිකයා) දක්වා අති බහුතරයක් වූ "පුස්සන්"ගේ පරිකල්පනය හා අරමුණු කෙතරම් දුප්පත් ද යන්න දැනුවත් හා සමාජ- අනුරාගය ඇති සුළුතරයක් දෙනා හට ජුගුප්සාජනක වේදනාවකි. මේ දිනවල (තම "දේශපාලනය" කරන්නේ යැයි සිතාගෙන) මහජන නියෝජිතයින් වීමට අපේක්ෂා කරන අපේ අප්පුහාමිලාගේ පොදු ලක්ෂණ හඳුනා ගැනීමට අහඹු නිරීක්ෂණ කිහිපයක් දක්වාලනුයේ, කිසිවෙකුටත් අගතියක් ගෙන දීමේ අපේක්ෂාවෙන් නොවේ.

කෙනෙකු සුදු වතින් සැරසී මල් වට්ටියක් දෝතින් ගෙන දළදා මාළිගය පසුබිමින් වන පරිදි ශද්ධාවත් මුහුණුන් යුතුව ඡන්ද දායකයාගෙන් මනාප ඉල්ලා සිටින්නේ මෙය (පළාත් පාලන ඡන්දය යනු) විහාරස්ථානයේ දායක සභාවට තේරීපත්වීමේ වරමක් යැයි පතාගෙන මෙනි. (දේශපාලනය යනු පුණ්‍යමය කටයුත්තක් නොවේ.)

තවත් අයෙකු ඡන්ද ව්‍යාපාරය හෙවත් මනාප ඇයැද සිටීම අරඹන්නේ මහා පහන් පූජාවක් සූදානම් කොට ඒ සඳහා උපාසක- උපාසිකාවන්ට කරන බැතිබර ආයාචනයකිනි. ඔහු ද ඉහත කී වර්ගයෙම අයෙකි.

තවකෙකු තම නිවස ඉදිරිපිට ප්‍රක්ෂේපණ තිරයක් අටවා ඒ ඉදිරිපිට පුටු- බංකු අසුරා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තම පාක්ෂිකයාට/ ඡන්ද දායකයාට දිවා රෑ දැක බලාගෙන ප්‍රීති වීමට අවස්ථාව සලසා දී තිබේ. ඔහු දේශපාලනය කිරීම යන්න වටහාගෙන තිබෙන්නේ ඒ අයුරිනි. (දේශපාලනය යනු යව්වන හෝ ක්‍රීඩා සමාජ සම්මේලනයක් නොවේය යන්න ඔහු වටහා ගන්නේ කවදාදැයි නොදනිමු.)

ගියවර මෙවැනිම වූ පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද වලදී අපේ රතු මල්ලිලා සමහරෙකු ඡන්දය ඉල්ලා සිටීම පිණිස ඉදිරිපත්කොට තිබූ සුදුසුකම් ලැයිස්තුව අතර පහත සඳහන් "සමාජ වගකීම/ දේශපාලන වගකීම්" ද සඳහන් කොට තිබෙනු දැකීම දුර්ලභ කාරණයක් නොවුනි.

එනම්,
ප්‍රදේශයේ යව්වන සමාජයේ අහවලා
ගමේ ක්‍රීඩා සමාජයේ අහවලා
දහම් පාසලේ වසර අහවල් ගණනක ගුරු සේවය
සාශනාරක්ෂක බල මණ්ඩලයේ අහවලා
මරණධාර සමිතියේ අහවලා
පන්සලේ දායක සභාවේ අහවලා

යනාදී වශයෙනි.

ඉතින් මෙහෙව් වාහෙලා සමග කරන දේශපාලනයකි අද අපට ඉතිරිව ඇත්තේ.

Kevin Karunathilake | කෙවින් කරුණාතිලක
[SEO Tags] Sri Lankan Politicians, Sri Lankan Local Government Election 2011 March , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ප්ලූටාර්ක් කියයි| Personal Quotes
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!