BOONDI.LK| සූකිරි කතා-බස්| මේ රටේ සංස්කෘතික අන්තර්පෝෂණය නෑ - පියල් කාරියවසම්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් කතා-බස්
"ලියො තෝල්ස්තෝයි එදා යුද්ධය හා සාමය ලියුවාට, මොනම රටකවත් අද එහෙම පොතක් ලියවෙනව ද?"- කැත්ලීන් ජයවර්ධන
|
රත්තනදෙණියේ මේධානන්ද හිමි
[0]
සරුංගල් ලුහුබඳින්නා- කාලෙද් හොසෙයිනි සමග කතාබහක්
[1]
"තාක්ෂණය දියුණු වුණා කියලා කවි ‘ෆැක්ටරි’ දාන්න පුළුවන් කමක් නෑ"-මංජුල වෙඩිවර්ධන
|
මධුරංග සී. නුවන්ප්‍රිය
[2]
ආශ්චර්යාත්මක යථාර්ථවාදය යනු එදිනෙදා ඓතිහාසික යථාර්ථවාදයේම අන්තර්දෘෂ්ටිමය දිගුවක්. -ආචාර්ය ලියනගේ අමරකීර්ති
|
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
[1]
'මිනිත්තු එකොළහ' ගැන පාවුලෝ කොයියෝ සමග කතාබහක්
[1]
ආගමික අන්තවාදයේ ගිනි රස්නයෙන් දැවුණු 'හිම'| ඔර්හාන් පාමුක් සමග කතාබහක්
[0]
කේ. ජයතිලක| කතාබහක් සහ උද්ධෘත කිහිපයක්
[0]
"ජාතක කතාව මිනිස් දිවියේ හැම අංගයක්ම නිරූපණය කරන සරු කෙතක්....."
|
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
[0]
ඉසබෙල් අයියන්දේ සමග සංවාද| මනඃකල්පිතය සහ පරිකල්පනය අතර වෙනස
|
කැරොල් සzපාටා වීලන්
[1]
වෙනස් වීම| පාවුලෝ කොයියෝ සමග සංවාදයක්
|
පාවුලෝ කොයියෝ
[0]
අක්ෂර සෙනග-
[කතා-බස්]
[2/9]
ප්‍රසාද්
පාවුලෝ
BOONDI • Sookiri • •
සූකිරි කතා-බස්
මේ රටේ සංස්කෘතික අන්තර්පෝෂණය නෑ - පියල් කාරියවසම්
[0]
බූන්දි| | 23:01:01
අද වනවිට රටේ පවතින දේශපාලනික චින්තනය පරිණාමය වෙන්නේ කොහොමද?
මේ රටේ ජනතාව අද වනවිට ඉන්නේ යුද්ධය ඉවර කළ එකේ තෘප්තිය විඳිමින්. එහෙම රටක මිලිටරිමය ක්‍රියාමාර්ගයක් ඉවර වුණාට පස්සේ සිද්ධ වෙන දෙය තමයි ඒවා ඇතිවෙන්න තුඩුදුන් හේතු ගවේෂණය කරලා ඒවා සඳහා නිශ්චිත විසඳුම් ලබාදීම. නමුත් එහෙම තත්ත්වයක් මේ රටේ නෑ. ලෝකයේ සිවිල් සමාජය මේ තියෙන තත්ත්වයට එන්නේ ඓතිහාසික යුග-
ගණනාවක් පසු කරලා. උදාහරණයක් විදිහට ගත්තාම පුනරුද යුගයේ ඉඳන්
පටන් ගත්තු දේශ ගවේෂණය එක්තරා හේතුවක් වෙනත් යටත්විජිත ඇති කිරීම කියන කාරණයයි. ඒ විතරක් නෙමෙයි, යටත්විජිතවල හිටි පුරවැසියන් හෙවත් ඒජන්තයන් පාලනය කරන එක ප්‍රාග්ධන ක්‍රියාවලියක්. විශේෂයෙන් ඒ යුගය තුළ ලතින් ඇමරිකාව සහ ආසියාව තුළ ප්‍රධාන වශයෙන් තිබුණේ අඳුරින් වැසී ගිය එමෙන්ම දේවත්වය පුදන අතීතයක්. මට හිතෙන්නේ ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගෙන යෑමේදී මාක්ස් වගේ අයටත් විශාල ගැටලු මතුවෙලා තියෙනවා.
අපේ රටේ මේ තත්ත්වය මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, නිව්ටන් ගුණසිංහ, කුමාරි ජයවර්ධන සහ සුදර්ශන් සෙනෙවිරත්න වගේ අයගේ සියුම් ගවේෂණයට ලක්වෙලා තියෙනවා. මේ ඓතිහාසික තත්ත්වය හදාරණ එක සහ ඒ තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම එක්තරා විදියක අපේ වගකීමක්.
අපි ඒ වගේ හැදෑරීමක් කරද්දී අපිට පේන දෙයක් තමයි මේ රටේ සිංහල දෙමළ ජාතීන් දෙක අතර ඇතිවෙලා තිබුණු ගැටුම ප්‍රධාන වශයෙන් අවිශ්වාසය සැකය සහ ප්‍රාග්ධනය කියන කාරණා එක්ක ඇතිවෙලා තියෙනවා කියන කරුණ.
මෙතැනදී ථේරවාදී බුදුසමය සහ රාජ්‍යත්වය අතර ඇති ගනුදෙනුව කැපී පේනවා නේද?
ඔව්. මීට අමතරව ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ථේරවාදී බුදුදහම සහ රාජ්‍යත්වය අතර තිබුණු සමීප ගනුදෙනුව තමයි. මේ ගනුදෙනුව කොච්චර බරපතළද කියලා කියනවා නම් අපේ සමාජයේ තිබුණු බහුත්වය කියන කරුණු සහ අපේ සමාජයේ තිබුණු විවිධ සංස්කෘතීන් තුළින් ඇති කැරුණු අන්තර් පෝෂණය කියන කරුණ සම්පූර්ණ වශයෙන් නැති කිරීමට ඒක හේතුවුණා.
අනිත් පැත්තෙන් ථේරවාදී බුුදුදහමේ මේ ක්‍රියාකාරීත්වය මාර්ටින් වික්‍රමසිංහට පවා හරි පරිදි විග්‍රහ කරගන්න බැරිවෙලා තියෙනවා. අපි දන්න ප්‍රධාන කාරණයක් තමයි ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණේ නැත්නම් ඒක මුස්ලිම් රාජ්‍යයක් වෙන්න බොහෝ ඉඩකඩ තිබුණා කියන එක. බැරි වෙලාවත් ඒ වගේ තත්ත්වයක් වුණා නම් අපේ රටේ මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී නේරු වගේ කෙනෙක් ඉක්මනින් මිය නොගියා නම් ලංකාවේ කොටසක් ඉක්මනින් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න තිබුණා.
අද වනවිට ගොඩනැගිලා තියෙන සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ පදනම වැටෙන්නේ මුල් යුගයේ ඉඳන්. සාමාන්‍ය වශයෙන් ගත්තාම බෞද්ධ දර්ශනය තුළ මූලිකව ඉගැන්වෙන්නේ අතහැරීම කියන කරුණ. නමුත් ජනප්‍රිය බුද්ධාගම කටයුතු කරන්නේ ඕකෙ අනික් පැත්තට. උදාහරණයක් හැටියට ක්‍රිකට් කියන්නේ එක්තරා සූදුවක් මට්ටමට පත්වුණු ක්‍රීඩාවක්නේ. අපේ රටේ ක්‍රිකට් ටීම් එක පිටරට යද්දී සංඝරත්නය මොකද කරන්නේ? ඔවුන් කරන්නේ මේ තරගය දිනන්න කියලා සෙත් පතලා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නූල් බඳින එක.
ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ආයතනයන්හි පැවැත්ම මෙතනදි සලකා බලන්න ඕනෙ. අද වනවිට මේ ආයතන තුන ඇතුළේම ස්වාධීන බලපුළුවන්කාරකමක් පෙන්නුම් කරන්නේ නෑ. සෝල්බරි ආණ්ඩු ක්‍රමය වගේ ආණ්ඩු ක්‍රමයක් ගත්තත් ඒක සම්පූර්ණයෙන් රැජිනට වග කියපු ආණ්ඩු ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි 72 සහ 78 ආණ්ඩුක්‍රම ගත්තත් මේවායේ සියුම් විදිහට අයිතිවාසිකම් සහ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් තිබිය යුතු විනිවිදභාවය සංවරණය සහ තුලනය කියන කාරණා අවම වශයෙන් පවතින්නෙ.
මිෂනාරී අධ්‍යාපනයත් එක්ක යාපනය වගේ ප්‍රදේශවල දියුණු වුණු තියුණු අධ්‍යාපනික ව්‍යුහ, කුලභේදය වගේ කරුණු කාරණා පවා මෙතනදි අපි අධ්‍යයනය කරන්න අවශ්‍යයි. අපි දන්නවා උදාහරණයක් විදිහට මාක්ස් ප්‍රනාන්දුට නාමයෝජනා දෙන්නේනැතිව දකුණේ නාමයෝජනා දෙන්නේ පොන්නම්බලම්ට. අද වනවිට තත්ත්වය ඒක නෙමෙයි. අද කම්කරුවා දන්නේ නෑ කම්කරුවා කියන්නේ කවුද කියලා. ශිෂ්‍යයා දන්නේ නෑ ශිෂ්‍යයා කියන්නේ කවුද කියලා. මේ තත්ත්වය ඇති කරන්න මූලික වශයෙන් කටයුතු කරන්නේ ජනමාධ්‍යය. මාධ්‍යවල ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් ව්‍යාපාරයක් බවට පත්වෙලා ඉවරයි. ආදරය, මනුෂ්‍යකම, විප්ලවය, ජාතිය, ස්වාධීනත්වය වගේ සියලු දෙයම ජනමාධ්‍ය ඇතුළෙ සංකේත ගත කරලා විකිණෙනවා. ඒ තත්ත්වය ඇති කළේ සුළු ජාතිකයන් නෙවෙයි. මම සිංහලයෙක් නිසා මට සිංහල කඩවලින් ලාබෙට බඩු දෙන්නේ නෑ. දෙමළ මනුෂ්‍යයකුට දෙමළ වීම නිසා දෙමළ කඩයකින් ලාබෙට බඩු දෙන්නේ නෑ. සූරාකෑම කියන එක මේ තත්ත්වය තුළ ඒ විදිහටම පවතිනවා. සමහරවිට ඒක මහා පරිමාණ තෙක් ගමන් කරමින් ඉදිරියට යනවා. බහුජාතික සමාගම් කෙසේ හෝ මේ ඇතුළට ගමන් කරනවා.
මේ සියලු කාරණා තනි පුද්ගල ව්‍යුහයක් තුළ ගමන් කිරීම කියන කරුණ දේශපාලනික සහ ආර්ථීක වශයෙන් මොනවගේ නැමියාවක්ද පෙන්නන්නේ?
මේ රටේ මධ්‍යම පන්තිය ඉතා විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. ඉදිරි කාලය වෙද්දී ඒ පීඩනය වැඩිවෙනවා මිස අඩුවෙන තත්ත්වයක් පේන්ඩ නෑ. මේ වෙලාවේ බර්ටෝල් බ්‍රෙෂ්ට් කිව්වා වගේ සාමයෙන් ප්‍රවේසම් වෙන්න ඕනෙ කාලයක්. ඒ තත්ත්වය පටු දේශපාලනික පක්ෂ සම්බන්ධ කරගෙන කරන්න පුළුවන්කමක් නෑ. සම්පූර්ණ සමාජයම නිර්වින්දනයකට ලක්වෙලා තියෙන මේ වගේ තත්ත්වයක් තුළ වැඩි වශයෙන් ප්‍රයෝජන ගන්නේ ධනේශ්වර සමාගම්. අපේ සිංහල බෞද්ධ සමාජය කොකාකෝලාවලට විරුද්ධ වෙන්නෙ නෑනෙ. එහෙම නැත්නම් පිටරටින් එන දුරකතන ජාලයකට විරුද්ධ වෙන්නෙත් නෑනේ. අද මේ රටේ ජංගම දුරකතන භාවිතය හිතාගන්න බැරි තරම් ඉහළ ප්‍රතිශතයක් ගන්නවා.
මම මේ ළඟකදි මේ රට පුරා ඇවිද්දා. මේ රටේ තරුණ පිරිසට නාට්‍යකරණය පිළිබඳ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න. මේ ඉන්න අය ගොඩක් දෙනෙක් මනමේ වගේ නාට්‍යයක් එහෙමත් නැත්නම් තවත් මොකක් හරි එක නාට්‍යයක් විතරක් බලලා තියෙනවා. ඒ හැරෙන්න ඔවුන් වෙන එක නාට්‍යයක්වත් බලලා නෑ. මේ රටේ කොච්චර ගම්මාන තියෙනවද විකල්ප පත්තරයක්වත් යන්නෙ නැති. ඒ විතරක් නෙමෙයි මේ රටේ තවම තියෙනවා අයිටීඑන් එක විතරක් පේන ගම්මාන. ඒ නිසා මේ රටේ ජන සමාජය ඇතුලේ සත්‍යය පිළිබඳ තියෙන්නේ විශාල අර්බුදයක්.
තවත් අතකින් මේ රටේ තරුණ පරම්පරාව මධ්‍යකාලීන යුගයේ අයින් කළ ආගම දෙසට ආපසු හැරෙමින් පවතිනවා. හැබැයි ඒ ඒකේ පිටපොත්ත විතරක් අල්ලා ගනිමින්. අනික් පැත්තෙන් මිනිමැරීම් සියදිවි නසා ගැනීම් වගේ තත්ත්වයන් දියුණුවෙමින් යනවා.
මේ කියන කරුණ පශ්චාත් යුදකාලීන ලෝක තත්ත්වයන් එක්ක සැසඳෙන්නේ කොහොමද?
ඇත්ත වශයෙන්ම මේක පශ්චාත් යුදකාලීන ලෝකය තුළ තරමක් පොදුවූ දෙයක් විදිහටයි මම හිතන්නේ. එවන් වටාපිටාවක් තුළ ජනතාව මෙන්ම රටේ නායකත්වයත් ඉතා සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ දෙනවා. මේ තත්ත්වය දහස් ගණනකගේ ජීවිතත් එක්ක ගෙනයන වැඩපිළිවෙළක්. එක්තරා විදිහකට මිනිස් ඉතිහාසය කියන්නෙම යුද්ධ ඉතිහාසයක්.
සුබසාධිත රාජ්‍යයක මූලික කාරණා හතර විදිහට සැලකෙන්නේ ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ මාධ්‍ය කියන කාරණා හතර. ලංකාව තුළ මේ කාරණා හතරම අද ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය තත්ත්වය යටතේ. නමුත් ඒවා ඉතාමත්ම දුර්වලයි. මහ රෝහලේ බාහිර රෝගී අංශයට ගිහින් බැලුවොත්, මේ රටේ පාසල් සහ උසස් අධ්‍යාපනය දිහා බැලුවොත් මේ තත්ත්වය ඉතාමත්ම පැහැදිලිව පේනවා.
මේ කියන රාජ්‍ය ව්‍යවසාය ලෝකය තුළ දියුණු වෙන්නෙම වාමාංශික ව්‍යාපාර නිසානෙ. මේවා දූෂණය වංචාව සහිත දේවල් බවට පත්වුණාම ඒක විශාල ප්‍රශ්නයක්. අනෙක් අතට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ගත්තාම එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල වගේ තිබුණු වාමාංශික සහ දක්ෂිණාශික ව්‍යාපාර සමග ගොඩනැගී තිබුණු පෘථුල මධ්‍යම පන්තියක් අද ලංකාව තුළ නෑ. අද ලංකාව තුළ කලාව කියලා විශ්වාස කරන්නෙත් ගායනය සහ නර්තනය. මේ කියන ගායනා තුළින් මිනිස්සුන්ගෙ චින්තන සම්ප්‍රදායන් සකස් කරන්නෙත් නෑ. මේ දේවල් ප්‍රශ්න කිරීමට හෝ විමර්ශනය කිරීමට හෝ ඒ මගින් පොළඹවන්නේ නෑ.
ඒ නිසා මේ වන විට ලංකාව තුළ ජීවත් වෙන සාමාන්‍ය ජනතාව ඕන විදිහට තම මතවාදයන්ට නම්ම ගැනීමට ඕනෑම කෙනෙක්ට හැකියාවක් ලැබිලා තියෙනවා. එක්කෝ සසර ගැන කතා කරලා මේ මිනිස්සුන්ව ඉක්මන්ට අන්දවන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් ගැන කතා කරලා ඉක්මනට අන්දවන්න පුළුවන්.
මේ මිනිස්සු රාජ්‍ය කියන සංකල්පය පවා තේරුම් අරන් ඉන්නේ වෙනම විදියකට. ඒ අය හිතන්නේ රාජ්‍ය කියලා දෙයක් තියෙනවා. ඒක වෙනම එකක්. අපි ඒකට අයිති නෑ. අපි වෙනමම කොටසක් කියලා. තමන් රාජ්‍යයේ කොටස්කාරයෙක්ය, තමන් ගන්නා සියලුම ක්‍රියාමාර්ගයන්ගෙන් තමයි මේක සමන්විත වෙලා තියෙන්නේ කියන එක අද මිනිස්සු දන්නේ නෑ. ඒ නිසා පශ්චාත් යුදසමය කියන එක අමරසේකර මහත්මයා කියනවා වගේ වසල වෙළඳෙ කුලයේ යුගයක් බවට පත්වෙලා ඉවරයි. නමුත් මට පේන විදිහට මේවා ඔක්කොම සිද්ධවෙන්නේ බෞද්ධ මුහුණුවරකින්.
ජාතික ප්‍රශ්නය සම්බන්ධ කාරණයේදී ඇතැම් කලාකරුවන් ප්‍රකාශ කරන දෙය තමයි උතුරු නැගෙනහිර භෞතිකමය වශයෙන් සංවර්ධනය කළාට පස්සේ තමන්ට කලා කෘතිවලින් ඒ මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්න පුළුවන් කියන එක. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ වෑයම හොඳටම ප්‍රමාණවත් බවයි ඔවුන්ගේ අදහස?
මෙතැනදි තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අද අපේ රටේ කලාකරුවන් සහ කලා කෘතීන් ලෙස හඳුනාගෙන තියෙන්නෙ මොනවද කියන එක. අද මිනිස්සු කලා කෘතීන් විදිහට ගන්නේ ගායනය සහ නර්තනය. ටෙලිනාට්‍ය කියන එකත් එතනදි වැදගත් වෙලා තියෙනවා. නමුත් සැබෑ තත්ත්වය ඒක නෙමෙයිනෙ. ඒ නිසා ඔය වගේ අදහසක ඉන්නේ නියම කලාකරුවෝ නෙමෙයි. අපි දන්නවා මේ මිනිස්සු ඒ ඒ කාලවලට ඒ ඒ විදිහට අනුව සැකසෙමින් ජීවත් වුණු අය.
කලාකරුවා කියන වචනයම නිර්වචනය කරගන්න අමාරුවක් තියෙනවා. මොකද විවිධ කලාකරුවන් ඉන්නවා. වැඩවසම් කලාවක් තියෙනවා ආගමික කලාවක් තියෙනවා. තවත් විවිධ කලාවන් තියෙනවා.
කලාවේදී ප්‍රධාන වශයෙන් ස්පර්ශ කරන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සමාජ ප්‍රශ්න. අනික හැඟීම්. කලාව තුළ මේ දෙක අතර එක්තරා විදියක ද්වන්ධනාත්මක සම්බන්ධයකුත් තියෙනවා. සමාජ ප්‍රශ්න කතා කිරීම් තුළ ඒ තුළ සත්‍යවාදී බව තියෙන්න ඕනෙ. හැඟීම් එක්ක ගනුදෙනු කරද්දී මිනිසාගේ මනසේ අභ්‍යන්තරය ස්පර්ශ කරන්න ඕනෙ. ඒ නිසා කලාවක නියැලෙන්න යම් කිසිවකුට අවශ්‍යතාව තියෙනවා නම් ප්‍රධාන වශයෙන් කරන්න ඕනෙ මේවායේ තියෙන සත්‍යය සමග කටයුතු කරන එක.
ඡායා- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
[රාවය 10.04.2011]
Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
[SEO Tags] An interview with Piyal Kariyawasam, Sri Lankan Writer
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
සතුට...!|
Book Quotes
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
[2]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus