BOONDI.LK| Cine බූන්දි| Invictus| සැබෑ දේශප්‍රේමී ජන නායකයෙකුට යා හැකි දුර
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[2]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
දිලීප
චූලානන්ද
හෂිත
අමිල
මොන්ටානා
ඉසුරු
තිස්ස
මංජුල
විපුල
ප්‍රියන්ත
විදර්ශන
ලියනගේ
දර්ශන
එරික්
සංඛ
චමිල
බී.ජී.එම්.
චින්තන
ජගත්
නුවන්
BOONDI • Raha • •
Cine බූන්දි
Invictus| සැබෑ දේශප්‍රේමී ජන නායකයෙකුට යා හැකි දුර
[0]
බූන්දි| | 00:39:35
ඒ හරියට ම 1990 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 11 වෙනි දා. මැන්ඩේලා, අවුරුදු විසි හයකට ආසන්න කාලයක් දේශපාලන සිරකරුවෙකු හැටියට Robben දූපතේ ගෙවා දැමූ කඳවුරු ජීවිතය අවසන් කරන දවසින් Invictus සිනමා පටය පටන් ගනියි.
ඔහුගේ නිදහස, දකුණු අප්‍රිකානු ජනගහනයෙන් අති බහුතරයක් වූ ස්වදේශීය කල්ලන්ගේ පැත්තේ සිට බැලූ විට, සියවසකට ආසන්න කාලයක් තිස්සේ වර්ණභේදවාදයට එරෙහිව ඔවුන් ගෙන ගිය අරගලය විජයග්‍රහණය කිරීමකි. එමෙන් ම එය ඔවුන්ට -
ඔවුන්ගේ ඒ අහිමි වී ගිය ගෞරවය, දේශපාලන බලය සහ ජාතික අනන්‍යතාවය යළි තහවුරු වීමකි. සුද්දන්ගේ පැත්තෙන් බැලූ විට, මැන්ඩේලා ගේ නිදහස,
මෙතෙක් කල් තමන් අතේ පැවති දේශපාලන බලය තමන්ගෙන් ගිලිහී යාමකි. සුදු ජාතිකයන් දකුණු අප්‍රිකාවට පැමිණීමත්, ඔවුන් එහි ජනාවාස පිහිටුවා ගැනීමත්, දාහත්වන සියවස තරම් මෑතක දී සිදු වූවක් වුවත්, දකුණු අපි්‍රකාවේ ජීවත් වන සුදු ජාතිකයන්ට දකුණු අප්‍රිකාව යනු වෙන කිසිවක් නොවේ., එය ඔවුන්ගේ ද මාතෲ භූමියයි. ඒ නිසාම ස්වදේශීය කල්ලන් අතට යළි බලය ලැබීමේ නිමේශය යනු සුදු මිනිසුන්ට ඔවුන්ගේ නිදහසත්, අභිමානයත් ජාතික අනන්‍යතාවයත් අර්බුදයට ඇද හෙළන තීරණාත්මක නිමේශයයි.
Robben දූපතේ සිට මැන්ඩෙලා රැගත් ආරක්ෂක රථ පෙළ හරියට ම එක් පසෙක වැරහැලි හැදගත් - කේඩෑරී වූ - ස්වදේශීය කලු අප්‍රිකානු දරුවන් පාපන්දු ක්‍රීඩාවේත්, අනෙක් පස සුදු ජාතික ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේත් යෙදෙන ක්‍රීඩා පිටි දෙකක් මැද්දෙන් වැටී ඇති මාර්ගයක් ඔස්සේ ඇදී යයි. සුද්දන් පුදුමයෙන් බලා සිටිද් දී ස්වදේශීය කලු ජාතිකයෝ මැන්ඩෙලා වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කරති.
"මේ දවස හොඳට මතක තියා ගන්ඩ", තමන් පසු කර ඇදී යන රථ පෙළ දෙස බලා සිටින සුදු ජාතික පුහුණු කරු එහෙම්පිටින්ම කළකිරීමට පත් වූ ස්වරූපයෙන් ඔහුගේ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියි. "මේ තමයි අපේ රට - දකුණු අප්‍රිකාව - බල්ලන්ගේ අතට පත් වෙන දවස....."
එහෙත් ඒ කිසිවක් සුද්දන් සිතූ ලෙස සිද්ධ නොවෙයි. සියවස් ගණනාවක් තිස්සේ තමන්ගේ ජනවර්ගය පීඩාවට පත් කළ සුද්දන්ගෙන් පළි ගන්නවා වෙනුවට - අහිමි වී යන්නට නියමිත සුද්දන්ගේ අභිමානය සහ ඔවුන්ගේ අනන්‍යතාවය රැක දීම වෙනුවෙන් මැන්ඩෙලා වෙහෙසෙ යි.
කෙටියෙන් සහ සරළව Invictus මැන්ඩෙලාගේ ඒ උත්සාහය පිළිබඳව කතාන්දරයයි.
යළි කිසි දිනෙක, එක් ජාතියකට තවත් ජාතියක් පාගා දමන්නට තමන් ඉඩ නො තබන බව ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසුව කරන පළමු කතාවේ දී ම මැන්ඩෙලා ඔහුගේ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි. තවදුරටත් මැන්ඩෙලාට ඔහුගේ ජනතාව යනු ස්වදේශීය කලු ජාතිකයන් පමණක් නොවේ. මුලු ජනගහනයෙන් සියයට නමයකට ආසන්න සුලුතරයක් වූ සුදු ජාතිකයන් ද, තවත් ජන කණ්ඩායම් හා සියල්ලන් ම ඔහුට - ඔහුගේ ජනතාව යි. මැන්ඩෙලා ඔහු දුන්නු ඒ පොරොන්දුව වෙනුවෙන් වැඩ කරයි. ඒ වෙනුවෙන්, බැලූ බැල්මට ඉතාමත් ම අවදානම් සහගත යැයි පෙනෙන තීන්දු තීරණ ගැනීමට පවා ඔහු නො පැකිළෙයි.
එක්තරා දවසක දී, ජනාධිපති ආරක්ෂක අංශයට තවත් නිළධාරීන් කිහිප දෙනෙකු උවමනා යැයි ඔහුගේ කලු ජාතික ආරක්ෂක ප්‍රධානියා මැන්ඩේලාට දැනුම් දුන් විට මැන්ඩේලා, කලින් පැවති සුදු පාලනය වෙනුවෙන් සේවය කළ සුදු ජාතික ආරක්ෂක නිළධාරීන් හතර දෙනෙකු ගේ නම් ඒ සඳහා යෝජනා කරයි. කලු ජාතික ආරක්ෂක ප්‍රධානියා තමන්ගේ විරෝධය ප්‍රකාශ කරද්දී ත් - මැන්ඩේලා තමන්ගේ තීරණය වෙනස් නො කරයි.
මැන්ඩේලා, සිය ධූරයේ වැඩ භාර ගන්නට ජනාධිපති කාර්යාලයට පැමිණෙන දවසේ දී, පැවති වර්ගවාදී සුදු පාලනය වෙනුවෙන් සේවය කළ සුදු නිළධාරීන් තමන්ට අත් වෙන්නට නියමිත ඉරණම කල් තියාම තේරුම් ගෙන වාගේ ඔවුන්ගේ අඩුම කුඩුම අස්පස් කර ගනියි. එහෙත් මැන්ඩෙලා ඔවුන්ව වලක්වයි. "කිසි කෙනෙක් ව අස් කරන්ඩ මට උවමනා නෑ. මට ඕනෑ එකට වැඩ කරන්න....." ඔහු කියයි.
මේ ශ්‍රේෂ්ඨ මිනිසා, පරාජිතයාගේ අභිමානය ගැන කොයි තරම් නම් තදින් කල්පනා කළා ද කියනවා නම්, සුදු ජාතිකයන් ඉදිරියේ පෙනී සිටින්නට කලියෙන් - තමන්ගේ ආයුධ සන්නද්ධ කලු ජාතික ආරක්ෂක නිළධාරින් අතර මඟ නවතා යන්නට තරම් ඔහු ප්‍රවේසම් වෙයි.
සුද්දන් සහ කල්ලන් අතරේ සියවස් ගණනාවක් පුරා පවතින පසමිතුරු බව වෙනුවට - ඔවුන් අතර සමගිය ඇති කිරීම තමන් වෙත පැවරී ඇති විශාලතම අභියෝගය බව මැන්ඩෙලා හදුනා ගනියි. දෙගොල්ලන්ට ම තේරෙන එක භාෂාවක් හොයමින් සිටින මැන්ඩේලා ට එක්තරා දවසක අහම්බෙන් වාගේ ඒ යතුර හමු වෙයි. ඒ වෙන කිසිවක් නොවේ, ක්‍රීඩාවයි.
සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන රග්බි තරඟයක් නරඹන්නට යන මැන්ඩේලා එහිදී අත්විදින්නේ කෙබඳු අත්දැකීමක් ද...? තමන්ගේ ම රටේ ක්‍රීඩකයන්, එංගලන්තය හමුවේ පරාජයට පත් වෙද් දී කලු ජාතික ස්වදේශිකයෝ එංගලන්තය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගති. ඒ දකුණු අප්‍රිකානු Sprinboks රග්බි කණ්ඩායම එහෙම්පිටින් ම වාගේ සුදු ජාතික ක්‍රීඩයන්ගෙන් සමන්විත බැවිනි. අනෙක් අතට Sprinboks නිල ලාංඡනය - එහි වර්ණ සහ අනෙකුත් සියලු ම සංකේත පැවති වර්ණභේදවාදී සුදු පාලනය නියෝජනය කරන හෙයිනි.
ඒ හැම දෙයක් ම එහෙම්පිටින් ම වෙනස් කරන හැටියට අලුත් පාලනයේ ක්‍රීඩා කමිටුව මැන්ඩෙලාගෙන් ඉල්ලා සිටිද් දී ත් මැන්ඩේලා ඒ සදහා ඉක්මන් නොවී ඉවසිල්ලෙන් සිටියි. ඒ අන් කිසිවක් නිසා නොවේ, දැනටමත් හිත රිදී සිටින සුදු ජාතිකයන් අලුත් අප්‍රිකාවෙන් තව තවත් ඈත් වීමට එය පමණක් වුවත් හේතු විය හැකි බව ඔහු දන්නා බැවිනි.
මැන්ඩෙලා ඔහු ඉදිරියේ ඇති අභියෝගයට ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දෙයි. එළැඹෙන ලෝක කුසලානය වෙනුවෙන් - තිස්සේ ම වාගේ පරාජය උරුම කර ගන්නා Sprinboks කණ්ඩායම සූදානම් කරන්නට ඔහු පෞද්ගලිකව මැදිහත් වෙයි.
ඒ අතරේ - අලුත් අප්‍රිකාවට ආදරය කරන්නට ඔහු සුද්දන්ට කියා දෙයි. එමෙන් ම සුද්දන් වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන්නට ඔහු ස්වදේශීය කලු අප්‍රිකානුවන්ව පොළඹවයි.
එය අතිශයින් ම දුෂ්කර අභියෝගයකි. Invictus ඒ අභියෝගය පිළිබඳව කතාන්දරයයි.
වෙනත් සබැඳි |
Invictus[2009] | Download Torrents
Invictus[2009] | IMDB Information
Invictus[2009] | Wiki Information
Thissyaa gunawaradhene | තිස්යා ගුණවර්ධන
[SEO Tags] Nelson Mandela, South African President, Clint Eastwood, Anthony Peckham, John Carlin, Morgan Freeman, Matt Damon, Tony Kgoroge, rugby
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ඉමෙල්ඩා මාකෝස් කියයි.|
Facts
පිලිපීන හිටපු අධිපති
මාකෝස්
ගේ කුප්‍රකට ආර්යාව හෙවත්
යකඩ සමනලිය
හෙවත්
ඉමෙල්ඩා මාකෝස්
ඒ දවස්වල කියන්නට යෙදුණු රස කතා කීපයක් මේ.....
"මට සපත්තු කුට්ටම් තුන් දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක් දාස් හැටක් පමණයි!"
"මං ඉන්ටර්වීව් දෙනවට, මගේ සැමියා එච්චර කැමති නෑ. කතා නොකරන තරමට ප්‍රශ්ණ අඩුයි."
"පිලිපීනුවෝ ලස්සනට කැමතියි. හිඟන පිලිපීනුවන්ට උන්ගෙ මුඩුක්කුවල ඉඳන් බලලා සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ, මං තරුවක් වෙලා ලස්සනට හිටියොත් තමයි."
"මං ජනාධිපති ආර්යාව වුනේ අහම්බෙන්. මාව මිනිස්සු තෝරලා පත් කරල ද? ඒත් මේ මං ඉන්නෙ!"
"දිනුවත්- පැරදුනත්, ඡන්දෙන් පස්සෙ අපි ෂොපිං යනවා.... !"
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus