BOONDI.LK| ඉඟුරු දෝසි| හෑන්ඩ් ෆිශ්| අත් ඇති මාළුවෙක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  පුහුල් දෝසි  
  කතන්දර  
  Cine  
  ඉඟුරු  
  කවි  
  ගී  
  BoondiLets  
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
BOONDI • Dosi •
  ඉඟුරු දෝසි  
"හෑන්ඩ් ෆිශ්"| අත් ඇති මාළුවෙක්
ප්‍රතිචාර[0]
බූන්දි| | 01:17:57
"හෑන්ඩ් ෆිශ්" ලෙස හඳුන්වන මෙම මත්ස්‍ය විශේෂය ජීවත් වෙන්නෙ දකුණු ඕස්ට්ට්‍රේලියාව සහ තස්මේනියාව නිජබිම කරගෙනයි. ඕස්ට්ට්‍රේලියාවට ආවේණික ජීවින් ලයිස්තුගත කළහොත් එහි ප්‍රමුඛතම ස්ථානය ගන්නේ මේ අත් සහිත සුවිශේෂි මත්ස්‍යන්. හෑන්ඩ් ෆිෂ් සමුදුරු වාසි මත්ස්‍ය විශේෂයක්. ජීවත් වෙන්නෙ මූදූ පතුළට සමීපයෙන් නොගැඹුරු ස්ථානවල.

මොවුන් ප්‍රමාණයෙන් කුඩා වන අතර දිගින් සෙ.මී 15 ක් පමණ වෙනවා. ශරීරය වැසී තිබෙන්නෙ දන්තාකාර කොරපොතුවලින්. බැලූ බැල්මට මෙම මසුන් අන් මසුන්ට වඩා වෙනස්. එහෙම වෙන්නෙ මොවුන්ගේ විකරණය වූ වරල් අත් වල හැඩයෙන් යුතුයි. ඒ නිසා පිහිනීමට වඩා මොවුන් වැඩි රුචිකත්වයක් දක්වන්නේ සෙමින් මූදු පතුලෙහි ඇවිද යාමටයි.පෘෂ්ඨීය වරල මුව කෙළවර තෙක් වැඩීමෙන් කිරුලක් ලෙසයි දිස්වෙන්නෙ.

මූදු පතුළට සමීපයෙන් සංචරණය කරමින් පණුවන් සහ ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනියි. පතුළට සමීපව නොගැඹුරු ස්ථාන වාසස්ථාන වල ජීවත් වන බැවින් අනෙක් සතුන්ට ගොදුරු වීමෙ ඉඩකඩ සුලබයි. එමනිසා අනෙකුත් විලෝපීන් ගෙන් ආරක්ෂා වීම පිණිස ඉතා විෂ ග්‍රන්ථි සහිතවූ සමක් මෙම මත්ස්‍යන් විශේෂය සතු වෙනවා. ඉතා ස්වල්ප ප්‍රමාණයක් බිත්තර හෙළයි. එබැවින් බෝවීමේ සීග්‍රතාව ඉතා පහල අගයක පවතියි. එනිසාම වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුන පා සිටින මත්ස්‍ය විශේෂකි.

දැනට විශේෂ 14 ක් හඳුනාගෙන ඇති නමුත් නාමකරණයට ලක් කර ඇත්තේ ඉන් විශේෂ 9ක් පමණයි. මෙම මසුන්ගේ විරල ස්වභාවය නිසාම ඔවුන් අධ්‍යනය තරමක් අපහසු කටයුතුත්තක්.

Neelya Kariyawasam | නීල්යා කාරියවසම්
[SEO Tags] Handfish , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.| Personal Quotes
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.