BOONDI.LK| අදහස් බූන්දි| ආචාර්ය මහින්දට එරෙහි ආචාර්ය මහින්ද
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
  තවත් අදහස්
තණකොල සහ පුන්නක්කු | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[3]
අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද? | කෞශල්‍ය කුමාරසිංහ
ප්‍රතිචාර[2]
ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය | අජිත් හැඩ්ලි පෙරේරා
ප්‍රතිචාර[2]
ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! | දමිත් කේතක
ප්‍රතිචාර[24]
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා! | කක්ෂපුට
ප්‍රතිචාර[5]
ලංකාවට එල්ල වී ඇති අන්තර්ජාතික අභියෝගය | ටෙරන්ස් පුරසිංහ
ප්‍රතිචාර[2]
රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴ | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[2]
දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි. | මීනා කන්දසාමි
ප්‍රතිචාර[1]
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු.... | චමීර කොස්වත්ත
ප්‍රතිචාර[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
ආචාර්ය මහින්දට එරෙහි ආචාර්ය මහින්ද
ප්‍රතිචාර[0]
බූන්දි| | 00:58:30
මහින්ද ආචාර්ය පදවිය දිනාගත්තේ හිතේ වීරියත් සමග එකතු වූ වාසනා ගුණ මහිමය ඇතිවය. යුද්ධය දිනා දුන් පසු ඒ දිනා ගත්තේ කොහොමදැයි කොපියක් ලියූ තවත් මහින්ද කෙනෙක් ආචාර්ය පදවිය දිනාගත්තේය. ජනප‍්‍රියතාව එක සේ ආරක්ෂා කරගන්නට තරම් උපායශීලී ආචාර්ය මහින්ද පිට පිටම දෙවතාවක් තනතුර ආරක්ෂා කර ගත්තා පමණක් නොව ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එමින් ජීවිතාන්නතය දක්වා බලයේ ඉන්නට අවස්ථාව හදා ගත්තේය. කවුරුත් එයට විරුද්ධ වන්නට අසමත් වූහ. විරුද්ධවාදීන්ට කටක් අරින්නට ඉඩ නොදී තමන්ට උවමනා දේ කර ගැනීම ආචාර්ය මහින්ද ගේ සමත් බවකි. මහින්ද ගෙදර යවන්නට තවත් මහින්ද කෙනෙකුම බිහිවිය යුතුය.

ගිය නුවන ඇද ගත යුතු ඇතුන් ලවාය. ගසක් නසන්නට ගසක් ම අවශ්‍යය. අපි නැති වන්නේ අපේ රැහේ එකෙකු නිසාමය. මහජනතාවගේ හිත පතුලේ නිධන් වන්නට මහින්ද කළේ තිස් අවුරුද්දක් තිස්සේ පැවැති ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ තීන්දුව ගැනීමයි. එය හුදෙක් තනි තීරණයක් ම නොවේ. එයට පොළඹවන ලද නොයෙකුත් කරුණු කාරණා එයට සහසම්බන්ධය. ඒත් ආචාර්ය මහින්ද නොවුනා නම් අදත් මහජනතාව ඉන්නේ බයෙන් සැකෙන් බව නොකියා නොහැකිය.

ටියුනීසියාවේ හා ඊජිප්තුවේ මෙන් තිස් හතලිස් අවුරුද්දක් බලයේ ඉන්නට ආචාර්ය මහින්ද සමත් වුවහොත් බලය අල්ලා ගන්නට බලාගෙන ඉන්නා හැම දෙනාගේම සිහින බොද වෙයි. මේ නිසා ගහ නසන්නට අල්ලා ගත යුත්තේ රැහේ ම කෙනෙකි. ආචාර්ය මහින්ද ඒ කාරණය හිතට ගෙන ඇත. නොදන්නා තැනකින් නම ගම වාසගම නැතිව දුන් ආචාර්ය මහින්ද බලයෙන් පහ කිරීම හෙවත් ජනප‍්‍රිය තාවයෙන් බිංදුවට ඇද දැමීම ආචාර්ය මහින්ද ගේ අභිප‍්‍රායාත්මක කුමන්ත‍්‍රණය වී ඇති බව පෙනේ.

ආචාර්ය මහින්ද සිංහල බෞද්ධ නායකයෙකි. කූල්ටූර් සංස්කෘතියට එය ඇහැට ඉදිකටු අනින්නාක් වැනිය. මහින්ද ගේ ඇගේ ඇති සිංහල කම පන්සලට අදින ගතිය නැති කල හැක්කේ සිහල බෞද්ධ මුදුන් මුලට පොරව පහරක් එල්ල කිරීමෙන් පමණකි. ආචාර්ය මහින්ද ඒ ගැන දැන ගෙන ඇත්තේ නිල කබායේඇති පුදුමාකාර ඉවෙන් බව පෙනේ.

එහු ඒ සදහා තෝරා ගත්තේ අවුරුද් එකසිය විස්සක ඉතිහාසයක් ඇති බෞද්ධ කාන්තා විදුහලකි. නිදහස් සටනේ පුරෝගාමීන් ආරම්භ කළ අදටත් ශික්ෂණයෙන් යුතු බොදු කාන්තාවන් තනන මේ විදුහල ඇත්තේ කොළඹ නගරය මැදය. එහි දරුවන් අට දහසකට වඩා ඉගෙන ගනිති. ඒ දරුවන්ගේ දෙමාපියෝ බොදුනුවන්ය. එපමණක් නොවේ. සමාජයේ මතයක් පතුරවන්නට හැකි මධ්‍යස්ථව සිතන කණ්ඩායමකි.

දැන් මාස කිහිපයක සිට මේ පාසගේ දරුවන් ගන්නට එන දෙමාපියන්ගේ වාහන වලට පාසල ඉදිරිපිට අවට හා ඒ මාර්ගයේ කොතැනක හො වාහනය නවතා දරුවන් ගන්නට ඉඩ දෙන්නේ නැත. පසුගිය දහ අට වැනිදා පාසල් බස් වලටවත් දරුවන් ගැනීමට නතර කරන්නට ඉඩ දුන්නේ නැත. නතර කර තිබූ වාහන වලට දඩ ගැසූහ. අතින් කටින් බෑග් උස්සාගත් දරුවෝ තම පාසල් බස් හොයමින් නගරය පුරා සැරිසැරූහ. එදා පම්ණක් නොව දැනි මාස දෙකක පමණ කාලයක් තිස්සේ සතියකට දෙතුන් වරක් මේ මියුසියස් විදුහල ඇති ප‍්‍රධාන මාර්ගයක් නොවන අතුරු පාරේ නවතා ඇති සියලූම පාසල් වාහන දෙමාපියන්ගේ වාහන වලට දඩ කොළ නිකුත් කරති.

මියුසියස් විදුහල පෙනෙන මානයේ ඇති මුස්ලිම් පල්ලියට සිකුරාදා යාඥා වෙනුවෙන් දෙන ඉඩ හිතන්න. වර්ණ සංඥා අක‍්‍රිය කරයි. පාරේත් පදික වේදිකාවේත් වාහන ගාල් කරයි. ගංගාරාමයේ පෙරහර දා එහෙම ඉඩක් දෙන්නේ නැත. ආගම් බේදයක් නොවේ. මේ අපට පෙනෙන මහින්ද ගේ න්‍යාය පත‍්‍රයයි. මියුසියස් විදුහලට ඇති බාධා රෝයල් විදයාලයට නැත. එහි සිංහල බෞද්ධ බලවේගයක් නැතැයි කී ම වැරැදිය. එහෙත් එහි ඇත්තේ මිශ‍්‍ර සංස්කෘතියකි. රෝයල් සංස්කෘතියට බාදා සිදුවීම මහින්ද අරාජික කරන්නක් නොවේ. එහෙම දෙයක් වුනොත් රිදෙන්නේ කොල්ලූපිටියේ සංස්කෘතියට මිස රුහුණට නොවේ. අගමැති කාර්යාලය අසල දහවල් පාසල් අවසන් වන අවස්ථාවේ දී ඇති ඉඩ ගැන නිරීක්ෂණය කරන්න. ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාවතේ ප‍්‍රසිද්දියේ වාහන නතරකර දරුවන් ගන්නා සංස්කෘතිය ගැන අවධානය යොමු කරන්න. ඒවාට දඩ කොළ ලිවීමෙන් සිංහල බෞද්ධ බලවේගය කළ කිරීමට පත් නොවේ. එයින් ආචාර්ය මහින්ද ගෙදර යවන සේව නූල පත්තු වන්නේ නැත.

ආචාර්ය මහින්ද බටහිර ගැත්තෙක් නොවේ. එහු ඉන්දියාවට අත දිගු කරයි. ඒ අතරවාරයේ චීනය සමග අත්වැල් බැද ගනී. ඇමරිකාවට යන්නේ බෙහෙත් ගන්නටය. ඉරානය ලෙන්ගතු මිතුරෙකි. චීන ලංකා මිතු දම කොතරම් ද යත් එය ආචාර්ය මහින්දගේ ගමනට උදවු කරන හිතෛශීවන්තයාගේ තැන අරගෙන තිබේ. ආචාර්ය මහින්ද මේ ගැන ද දනී.

පසුගිය පෙබරවාරි දහ වැනිදා චීනයෙන්පැමිණි සංස්කෘතික කණ්ඩායමක් කොළඹ ටවර් රගහලේ සංදර්ශනයක් ඉදිරිපත් කළේය. එය බලන්නට ආ හැම දෙනෙකුම වාහන ගාල් කළේ ටවර් රගහල ඉදිරිපිටය. කාලයකට පසු අලූත්වැඩියා කර ඇති රගහලේ විචිත‍්‍රවත්ව තිබූ දර්ශනය නිමවා රාත‍්‍රී වාහනය ගන්නට පැමිණි හැම රියැදුරෙකුටම උසාවි නියෝග නිකුත් කරන්නට ආචාර්ය මහින්දගේ මරදාන පොලීසිය කි‍්‍රයා කළේය. පොලිස් පොඞ්ඩෝ කියා සිටියේ අපට කරන්න දෙයක් නෑ. ලොක් දෙන ඕඩර් කියමින් තම රාජකාරිය ටවර් රගහලේ චීන ලංකා මිතු දම කිළිටි කළ ආචාර්ය මහින්ද එයින් ඔබ්බේ පංචාකාවත්ත දක්වා වාහන ගාල් කර ඇති රියැදුරන්ට කිසිම දඩ කොළයක් නිකුත් කළේ නැත. ටවර් හා එල්පින්ස්ටන් රගහල් වල වෙනදා වෙනත් විකාර නාට්‍ය දකින්නට එන පේක්ෂකයන්ට මෙයට පෙර දඩ කොළ නිකුත් කර නැත. චීන ලංකා සංස්කෘතික දැක්ම ආචාර්ය මහින්දගේ තියුණු ඉවට දැණුන කාරණයකි.

ආචාර්ය මහින්ද ගේ සුදානම ආචාර්ය මහින්ද ඉක්මනින් ගෙදර යැවීමයි. බලය ගොඩ නැගෙන විට ඒ බලය විනාශ කරන බලවේගයත් ගොඩ නැගෙන්නේ ස්වභාවිකවය. එය ලෝකයේපොදු ධර්මතාවයයි. මියුසියස් දරුවන්ගේ හිත් පෑරීම හා චීන ලංකා හිතවත්කමට ගැරහීම එකම කාසියක දෙපැත්තකි. මේ කාසිය කොයිපැත්ත වැටුනත් ආචාර්ය මහින්ද ගේ ලකුණු අඩුවෙයි.

හම්බන්තොට කි‍්‍රකට් පටන් ගන්නාවිට ම පපර බෑන්ඞ් බැනර් එපා කියන්නේ වැරදිලාවත් එහි ආචාර්ය මහින්ද වර්නණා කරන සංගීතයක් වාදනය වුවොත් නරකට හිටීවි යැයි බියටද? අනේ ආචාර්ය මහින්ද නැතිනම් අපට කි‍්‍රකට් කොයින්දැයි හම්බන්තොට කලපුවේ මිනිහෙකු බැනර් කෑල්ලක් ගෙනාවොත් නරකට හිටී යැයි හිතාගෙනද? මේවා වැඩිදුර නොයා හිතා බැලිය යුතු ආචාර්ය මහින්ද පමණක් නොවේ. කොළඹ නගර සභාව අක‍්‍රීය අවස්ථාවේ එහි බලය අතට ගෙන ඇති ආරක්ෂක ලේකම්වරයා ද තමන් යටතේ සිටින ආචාර්ය මහින්දගේ ගමන ගැන අවධානයෙන් සිටිය යුතුය. නැතිනම් පොලව යටින් හාරා ඇති උමග ගිලා බසින විට හුරේ තබන ආචාර්ය මහින්ද දෙස තමන්ට ද බලා සිටින්නට වෙන්නේ ඉතා අසරණවය.

Hithuwakkaraya | හිතුවක්කාරයා
[SEO Tags] Dr. Mahinda and Dr. Mahinda , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.| Personal Quotes
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.