BOONDI.LK| රන් රෝස| හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
අලුතෙන්ම!
චාර්ලි චැප්ලින් කියයි.
[0]
Yohan’s ‘Northern Dreams’- an exhibition of paintings
[0]
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්- 'හිඹුටු කැලේ'- ළමා ගී සංයුක්ත තැටිය
[0]
තවත් රන් රෝස
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ
|
අනුෂ්ක තිලකරත්න
[1]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
ආලෝක මිනිසා!!!
|
අනුෂ්ක තිලකරත්න
[0]
මහ පොළොවට ආදරය කළ මිනිසා
|
අනුෂ්ක තිලකරත්න
[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම
|
අනුෂ්ක තිලකරත්න
[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)
|
අනුෂ්ක තිලකරත්න
[0]
මොහොමඩ් අලී (1942-)
|
අනුෂ්ක තිලකරත්න
[0]
අක්ෂර සෙනග-
[රන් රෝස]
[1/1]
අනුෂ්ක
BOONDI • Sookiri • •
රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ
[0]
බූන්දි| | 23:30:45
Emily Jane Brontë [1818-1848]
සත්‍යවාදී මිනිසුන් කිසි දිනෙක ඔවුන්ගේ ක්‍රියාව සඟවා ගන්නට වෑයම් කරන්නේ නැත.
මිනිසෙකුගේ නෂ්ඨාවශේෂයන් වටිනාකමින් යුක්ත වන්නේ ඔවුන් ජීවත් වූ ආකාරය වටිනා නම් පමණි.
මගේ ජීවිතයේ මම සිහින දැක ඇත්තෙමි. ඒවා අද දක්වාම මා සමගම පවතී. ජලය තුලින් ගමන් ගන්නා වයින් මෙන් ඒවා මා සිත විනිවිද යයි. මගේ සිතිවිලි වල පැහැය වෙනස් කරයි.
සමාජගතවීමෙන් සතුට සෙවීමේ රෝගයෙන් මා බොහෝදුරට සුවපත් වී ඇත්තෙමි. බුද්ධිමත් සංවේදී මිනිසෙකුට තමා තුලම මිත්‍ර සමාගමය
සොයා ගත හැකිය.
වර්ෂ 1818 ජූලි 30 වන දින එංගලන්තයේ යෝක්ෂයර් හි තොර්න්ටන් නම් ගමක උපන් එමිලි ජේන් බ්‍රොන්ටේ දරුවන් සයදෙනෙකුගෙන් යුත් පවුලක පස්වැන්නිය විය. ඔවුන්ගේ පියා පැට්‍රික් බ්‍රොන්ටේ පූජකයෙකු වූ අතර ඔහු ලේඛකයෙකු ද විය. මෙය එමිලි ඇතුලු සහෝදර සහෝදරියන්ගේ ලේඛන හැකියාවන් වර්ධනය වීමට එක් හේතුවක් විය. 1824 දී පමණ ඔවුහු හේවර්ත් වෙත පදිංචිය සඳහා ගියහ. ඔවුන්ගේ මවගේ මරණයෙන් පසු වැඩිමහල් සහෝදරියන් වන මරීයා, එලිසබෙත් සහ චාලට් තිදෙන කොවන්බ්‍රිජ් හි පාසලකට යවන ලදී. එහිදී ඔවුන් ලද අත්දැකීම සහ හිරිහැර බාධක පිළිබඳව චාලට් විසින් පසු කලෙක "ජේන් අයර්" නවකතාවේ විස්තර කරන ලදී. එමිලි ද කෙටි කලෙකට එම පාසලට ගියාය. එහිදී ටයිෆස් උණට ගොදුරු වීම නිසා බ්‍රොන්ටේ සහෝදරියන්ට යළි නිවෙස් බලා ඒමට සිදු විය. එම රෝගයෙන් මරීයා සහ එළිසබෙත් යන සොහොයුරියෝ මියගියහ.
ඉතිරිවුනු බ්‍රොන්ටේ සොහොයුරියන් තිදෙනා චාලට්, එමිලි සහ ඈන් මෙන්ම ඔවුන්ගේ සොහොයුරා පැට්‍රික් නිවසේ සිට සිය පියාගෙන්ද ඔවුන්ගේ නැන්දණියගෙන්ද අධ්‍යාපනය ලැබූහ. ඔවුහු එකතුවී බොහෝ මනඃකල්පිත කතා නිර්මාණය කලහ. මෙකල එමිලි විසින් කල නිර්මාණවලින් අතලොස්සක් පමණක් ශේෂව පවතී. එමිලි වයස අවුරුදු 17 දී චාලට් උගන්වමින් සිටි රෝ හෙඩ් කාන්තා විද්‍යාලයට ඇතුලු වූවය. නමුත් ඇය එහි ඉගෙනුම ලැබුවේ මාස තුනක පමණ කාලයකි. නිවෙසින් බැහැරව සිටීම ඇය තුළ අධික මානසික පීඩනයක් ඇති කල බැවින් ඇය පාසල හැර දමා යළි නිවසට පැමිණියාය. ඉන් පසු ඈන් එම විද්‍යාලයට ඇතුලු වූවාය. එම කාලයේදී සහෝදරියන් තිදෙනා ගේ එකම බලාපොරොත්තුව වූයේ තමන්ගේම පාසලක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් තරමේ අධ්‍යාපනයක් ලැබීමය.
බ්‍රොන්ටේ සොහොයුරියෝ
එමිලි වයස අවුරුදු 20 දී හාලිෆැක්ස් හි ලෝ හිල් පාසලේ ගුරුවරියක ලෙස සේවයට ගියාය. නමුත් දිනකට පැය 17 ක් පමණ සේවය කිරීමට සිදුවීම ඇයට මහත් දුෂ්කර කටයුත්තක් විය. එනිසා ඇය යළි නිවසට පැමිණියාය. එතැන් පටන් ඇය නිවසේ ඉවුම් පිහුම් කටයුතු වල නිරත වූවාය. තනිවම ජර්මන් බස හැදෑරූ අතර පියානෝ වාදනයද ඉගෙන ගත්තාය. වර්ෂ 1844 දී එමිලි ඇය විසින් එතෙක් අපිළිවෙලට ලියන ලද කවි සියල්ල පොත් දෙකක් ලෙස ලිවූවාය. ඉන් එකක් "ගොන්ඩාල් කවි" (Gondal Poems) ලෙස නම් කරනු ලැබූ අතර අනෙක නම් නොකලාය.
වර්ෂ 1846 දී සොහොයුරියන් තිදෙනාගේ (එමිලි,චාලට් සහ ඈන්) කවි එක් වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කලහ. එය Poems by Currer, Ellis and Acton Bell ලෙස හැඳින්වූ අතර ඔවුහු සිය සැබෑ නාමයන් පාඨකයන් ගෙන සඟවා තැබීමට උත්සුක වූහ. චාලට් ක්යුරර් බෙල් (Currer Bell) ලෙස ද- එමිලි, එලිස් බෙල් (Ellis Bell) ලෙස ද- ඈන්, ඇක්ටන් බෙල් (Acton Bell) ලෙස ද නම් කෙරුනි. එකල පැවති තත්වය සහ විචාරකයන් දරාසිටි මත අනුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ කාන්තාවන්ට එතරම් පිළිගැනීමක් හෝ අවස්ථාවන් නොවීය. එබැවින් ඔවුහු අන්වර්ථ නාමයන් භාවිතා කලහ.
1847 දී එමිලි සිය එකම නවකතාව වූ "වදරින්ග් හයිට්ස්" (Wuthering Heights) ප්‍රකාශයට පත්කලාය. ඈ විසින් එය වෙළුම් තුනකින් යුත් නවකතාවක පළමු වෙළුම් දෙක ලෙස රචනා කලාය. තෙවැන්න ඇග්නස් ග්‍රේ (Agnes Gray) ලෙස ඇගේ සොහොයුරිය ඈන් විසින් රචනා කලාය. මෙම කෘතියෙහි පිළිබිඹු වන අව්‍යාකෘත ආලය නිසා එය එකල සිටි විචාරකයන්ගේ නිරන්තර විවේචනයට ලක් විය.
එමිලිගේ ශරීර සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවීය. නිවසේ තිබූ අඩු සනීපාරක්ෂක තත්වය සේම ඔවුන්ගේ නිවසට ලැබුනු ජලය ද අපිරිසිදු තත්වයේ පැවතුනි. 1848 දී සිදුවූ ඔවුන්ගේ සොහොයුරාගේ මරණයෙන් දින කිහිපයක් ගතවුනු තැන ඇය රෝගී විය. ඇය වෛද්‍ය ප්‍රතිකාර තරයේ ප්‍රතික්ෂේප කලාය. 1848 දෙසැම්බර්5 19 වනදින ඇය මෙලොව ඇතහැර ගියාය. ඇගේ දේහය බටහිර යෝක්ෂයර් හි හේවර්ත්හිදී මිහිදන් කෙරුනි.
ඇගේ මරණයෙන් පසු එනම් 1850 දී ඇගේ එකම නවකතාව වූ "වදරින්ග් හයිට්ස්" තනි නවකතාවක් ලෙස සංස්කරණය කර චාලට් විසින් ඇගේ නියම නමින්ම එනම් එමිලි බ්‍රොන්ටේ නමින්ම ප්‍රසිද්ධියට පත් කලාය. ඇය ජීවත්ව සිටි කාලයේ කවර අන්දමේ විචාරයන්ට ලක්වුනද ඇගේ එකම නවකතාව "වදරින්ග් හයිට්ස්" ඉංග්‍රීසි සාහිත්‍යයේ අතිශයින්ම වැදගත් ස්ථානයක් හිමිකරගත්තේය.
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Wuthering Heights, Emily Jane Brontë, English novelist and poetess, Anne- Emily- and Charlotte Brontë
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මාර්ටින් ලූතර් කිං කියයි.|
Personal Quotes
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus