BOONDI.LK| Cine බූන්දි| 36, Chowringhee Lane| 36, චෞරිංගි මාවත
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[2]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
ජගත්
මොන්ටානා
ඉසුරු
තුෂාරි
චූලානන්ද
නුවන්
දිලීප
විපුල
චින්තන
ප්‍රියන්ත
මංජුල
සංඛ
හෂිත
තිස්ස
විකුම්
අමිල
ප්‍රියාන්
චමිල
ලියනගේ
විදර්ශන
BOONDI • Raha • •
Cine බූන්දි
36, Chowringhee Lane| 36, චෞරිංගි මාවත
[0]
බූන්දි| | 01:53:28
අංක තිස්හය, චෞරිංගී මාවත වූ කලී කල්කටා නගරයේ ලිපිනයකි. එහි වාසය කරන්නේ මහලු අවිවාහක ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියකි. විලියම් ශේක්ෂ්පියර් ඇයගේ විෂයයි. එංගලන්ත ඉන්දියානු කාන්තාවක වන ඇය ඉන්දියාවේ ඉංග්‍රීසි පාලනයේ නෂ්ටාවශේෂයකි. එක් නත්තලකින් ඇරඹෙන චිත්‍රපටිය ඊළඟ නත්තලින් අවසන් වේ. නත්තල් දෙකක් අතර කාලය තුළ දී බ්‍රිටිෂ් රාජ් නමින් එවකට ප්‍රකටව තිබුණු බ්‍රිතාන්‍ය ඉන්දියාව සහ එහි මුද්‍රාව මැකී නොගිය පශ්චාත් යටත්විජිත ඉන්දියාව පිළිබඳ-
වෘත්තාන්තයක් දිග හැරෙයි.
එවැනි සිනමා වියමනක දී සිදු විය යුතු පරිදි චිත්‍රපටියේ භාව මණ්ඩලය සහ රූපසොබාව නිමවනු ලබන්නේ නොස්ටැලිජියාව හෙවත් අතීතකාමය, වේදනාබර අනුස්මරණය, සොහොන් යන නටබුන් අතර සැරිසැරීම, භාෂා ලෝක දෙකක් අතරට මැදිවීම, දරුණු හුදකලාව සහ පැරණි පරමාදර්ශ අහෝසිවීමේ වේදනාව වැනි කාරණාවන් මගිනි.
චිත්‍රපටිය ඇරඹෙන්නේ වයලට් නමැති ශේක්ශ්පියරියානු ගුරුවරියට නන්දිතා නමැති පැරණි ශිෂ්‍යාවක සහ ඇගේ විවාහාපේක්ෂක පෙම්වතා මුණගැසීමෙනි. නන්දිතාගේ පෙම්වතා තරුණ අංකුර ලේඛකයෙකි. ඔහු සමග කල්කටාවේ රවුම් ගසමින් සිටි නන්දිතා තම ගුරුවරියගේ ආරාධනය නිසා ඇගේ නිවසට යයි. නන්දිතා පෙම්වතාගේ ලේඛන කටයුතුවලට උදව් කිරීමේ කැමැත්ත නිසා ගුරුවරිය ඔවුන් තම නිවසේ නවත්වා ගන්නීය. ඇය නැති අතරේ ඒ තරුණ යුවළ එම නිවස තම තානායම කර ගනිති. ගුරුවරිය ඔවුන්ගේ අනඟ රැඟුම් දැක ගන්නා නමුත් ඔවුන්ගේ ඇසුර දිගටම අපේක්ෂා කරන්නට තරම් මානුෂික වන්නීය. පසුව තරුණ ජෝඩුව විවාහ වී ඔවුන්ගේ නිවසක පදිංචියට යති. ගුරුවරිය නැවත හුදකලාවේ ගිලෙයි. චිත්‍රපටිය අවසන් වන්නේ ඇයට ඇරයුම් නොලැබුණු නත්තල් සාදයකිනි.
මෙය
අපර්ණා සෙන්
ගේ ප්‍රථම චිත්‍රපටිය වන අතර එය නිෂ්පාදනය කරනු ලැබුවේ ප්‍රකට හින්දි නළුවකු වූ ශෂී කපූර් විසිනි. ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික බිරිඳ වන ජෙනීෆර් කෙන්ඩෝල් ගුරුවරිය ලෙස රඟපෑ අතර කපූර් - ජෙනිෆර් විවාහය බ්‍රිතාන්‍ය - ඉන්දියානු සබඳතාවල නොමැකෙන සිහිවටනයකි. එය පෙර පර දෙදිග කලා පෞරුෂයන්ගේ හමුවීමකි. සැමියා ජනප්‍රිය හින්දි සිනමා තාරකාවකි. බිරිඳ ඉන්දියාව පුරා සංචාරය කළ ශේක්ශ්පියරියානු නාට්‍ය කණ්ඩායමක ප්‍රධානියා වූවා ය. පිළිකා රෝගය නිසා ඇය 1924 දී මිය ගියාය.
මේ චිත්‍රපටියේ කාලානුක්‍රමය අතීතාවර්ජන නිසා විටින් විට ආපසු හැරෙන අතර සිනමා වෘත්තාන්තයේ විසම කාල හෙවත් ඩයක්‍රොනික ගමන විටින් විට නතර වී සමකාලීන හෙවත් සින්ක්‍රොනික ලක්ෂයක භ්‍රමණය වේ. එවිට සාහිත්‍ය ගුරුවරිය කාලය ගලායාමේ වේදනාව තම අනුස්මරණයෙන් ජය ගනියි. එබැවින් මේ චිත්‍රපටය කාලයේ වේදනාව ජය ගන්නා අකාලිකත්වයේ ෆැන්ටසියකි. ඇගේ වේදනාව කාලයේ ගමන නිසා ජනිත වූවකි.
අපර්ණා සෙන්
ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය කාලය විසින් අවසන් කර තිබේ. ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය පාලනය ඇද වැටුණු බව මහලු නිවාසයක සිටින ඇගේ ඥාති සහෝදරයා නොදකියි. විදේශික ඡන්මයක් ඇතත් ඇයද ඉන්දියානු පුරවැසියෙක් ඉන්දියාව විසින් ඇය ස්වදේශික කරනු ලැබ තිබේ. ඉංග්‍රීසි ඡන්මය ඊට බාධාවක් වී නැත. එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව හෝ ඇයට විදේශ රටවල්ය. එවැනි රටක පදිංචියට ගියත් ඇයට ඩයස්පෝරක යථාර්ථයෙන් ගැළවෙන්නට නොහැකිය. ඉන්දියානු පදිංචිය අත්නොහරින ඇය ඒ තුළ හුදකලාව ජීවත්වීමේ විකල්පය තෝරා ගෙන ඇත. ඇය ඉන්දියාවේ පදිංචියට පැමිණි ශේක්ෂ්පියර් හෝ වර්ඩ්ස්වත් වන අතර ඉන්දියාවේ කාලිදාස සහ තාගෝර් ඇයට ඥාතීහු වෙති.
'ඉන්දියාවෙන් පිටවෙනු' යන සටන්පාඨය යටතේ ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය පාලනය අවසන් කර දමා අවසාන ප්‍රතිරාජයා වූ මවුන්ට්බැටන් සාමිවරයා ද පිටත් කර යැවූ ඉන්දියාව ඇය නවතා ගෙන සිටින්නේ මන්ද? සෑම රටකටම සෑම ජාතියකටම සෑම භාෂාවකටම ලෝක මට්ටමේ දී සංසරණය වීමට හැකි විදේශික සමයක් තිබේ. විදේශිකයන් සමග වෙසෙන්නට විදේශ භාෂා සමග කටයුතු කරන්නට, ලෝක ප්‍රජාවක සාමාජිකයෝ වන්නට හැකි වන්නේ නම් විදේශිකභාවය නිසා ය. 36, චෞරිංගි මාවත, කල්කටාව, ඉන්දියාව යන ලිපිනයේ වයලට් මෙනවිය පදිංචිවීම ඉන්දියාවට ගැටලුවක් නොවන්නේ මේ නිසා ය. අපර්ණා සෙන්ගේ මේ අවුරුදු දුක්බර චිත්‍රපටිය මහජන සංස්කෘතික පරමණ්ඩලය තුළ බහුත්වය සහ සුසංවාදය ඉල්ලා සිටීම සඳහා තනා තිබේ.
[රාවය| චැප්ලින් කොලම| 2011.02.13]
වෙනත් සබැඳි |
36 Chowringhee Lane (1981) | IMDB Information
36 Chowringhee Lane (1981) | Wiki Information
Eric Ilayapparachchi | එරික් ඉලයප්ආරච්චි
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
කාල් සේගාන් කියයි.|
Personal Quotes
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus