BOONDI.LK| අදහස් බූන්දි| සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වෙත ලියමි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
  තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
මහාවංශය හොල්මන් කිරීම | තිසරණී ගුණසේකර
ප්‍රතිචාර[4]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වෙත ලියමි
ප්‍රතිචාර[0]
බූන්දි| | 00:01:46
ප්‍රිය මහේන්ද්‍රන්,

මේ ලිපිය ඔබ අතට හමුවීමටත් නොවීමටත් ඉඩ තිබේ. ලැබුණත් ඔබ සිංහලෙන් ලියන ලිපිියක් කියවන්නේ කොහොම ද? සිර ගතව සිටින ඔබට අවසාන වතාවට ලියුමක් ආ දවසක් තිබේ ද? සමහර විට එවැනි දවසක් නැතිවා විය හැකි ය. එලෙස ලියුම් ලියන්නට කවරකු හෝ ඇත්නම් ඔබ වසර 18ක් ම නඩු නැතිව 'ලොකයේ උතුම් ම' රටේ සිර ගෙදරක තනි වී ඉන්නේ කොහොම ද? එය දැන දැනත් මා මේ ලිපිය ඔබ නමට ම ලියමි. මා ලියන්නේ ඔබට නොව මට ම විය හැකි ය. මා ද බොහෝ කලකට පෙර-

ඔබ මෙන්ම සිර ගතව සිටි නිසාත් සිර ගෙදර ලියුම් බෙදන වේලාවට පොදි කකා ගෙදරින් ලියුමක් එවා ඇත්දැයි දෙසවනින් පමණක් නොව ඇස්වලින් ද අසා සිටි සැටි මට තවම මතක නිසාත් ය. ලියන්නට අලුතින් දෙයක් නොතිබූ දවසකත් පරණ දේම කියමින් සහ අසමින් අම්මා එවූ ලියුම් ගෙන ආ සිසිල අදත් මහද පුබුදුව යි.

මා මේ ලියුම ලිවීමට හේතු වන ඊටත් වඩා වැදගත් තාරණයක් ද තිබේ. එනම් සමාජයේ හයි හත්තියක් නිසාම නැති බැවින් ම නඩු නැති මේ සා දීර්ඝ දඩුවමක් විදින ඔබ වැන්නන් වෙනුවෙන් අප වැනි පුරවැසියන් ද වග කිය යුතු නිසා ය.

අප සිරගෙදර ගියේ ද බොහෝ දෙමළ තරුණයන් මෙන් ආයුධ සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගන්නට දැරූ උත්සාහයක් නිසා ය. ඒ මෙයට වසර 40කට පෙර ය. එනමුත් සිංහලයින් වූ අප කවරකුවත් නඩු නැතිව වසර දෙක තුනකට වඩා සිර ගෙදර සිටියේ ද නැත. සිංහල කැරලිකරුවන් ඊටත් වඩා දරුණූ අරගලයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගන්නට ඉන් වසර 18කට පසු යළිත් වතාවක් උත්සාහ දැරූහ. මරා දැමීම් එමට සිදු වූ නමුත් අත් අඩංගුවට පත් කිසිම සැකකරුවකු වසර පහ හයක්වත් නඩු නැතිව සිරගෙදර දමා සිටියේ නැත. එහෙත් දෙමළ ඔබ නඩු නැතිව වසර 18ක්ම සිර ගෙදරය.

ඔබ දන්නවාද දරුණූ යුද පාලනයක් තිබෙන මියන්මාරයේ වැඩිම කාලයක් දීර්ඝතම කාලයක් සිර ගතව සිටි දේශපාලන සිරකරුවා ඔබට වඩා හිරබත් කෑවේ එකම එක අව්රුද්දක් බව. ඒ ජනමාධ්‍යවේදියකු වූ වින් තින් ය. ඔහු නිදහස ලැබුවේ වසර 19කට පසු ය. ලොව පුරා දීර්ඝතම කාලයක් නඩු නැතිව දේශපාලන හේතූන් මත සිරගතව සිටින පුද්ගලයින් අතරට ඔබ එක්වන බව අවිවාදිත ය. ඉන් ඔබට ඇති වැඩක් නැති බවත් මම දනිමි.

ඔබ උදෑසන, දහවල් සහ රාත්‍රී කෑම පෝලිමේ හැමදාම එකම වේලාවට හත් දහස් වරක් තරම්වත් යන්නට ඇත. ඔබ ඇඟ සොදා ගන්නේ නලා හඬට ද? ඔබේ සිර මැදිරියේ තවත් කී දෙනෙක් සිටින්නේ ද? වැසිකිළි කොතරම් අපිරිසිදු ද? අවදිවන්නේත් නින්දට යන්නෙත් නියෝග කැරෙන වේලාවට ම නේද ? තීරණයක් නැතිව, එවැනි ජීවිතයක් වසර ගණනාවක් ගෙවීම පණ පිටින් වැළලීමක් වැනි මානසික වදයක් තේරුම් ගන්නට නම් කව්රුන් වුවත් සිරගෙදරක ම සිටිය යුතු ය.

ජීවිතාන්තය දක්වා එනම් විසි අව්රුදු සිර දඩුවමක් ලබන සිරකරුවකුවුවත් යහපත් කල් ක්‍රියාවෙන් ගත කළ විට අව්රුදු 15ක් ගතවන්නට පෙර නිදහස් වෙනවා ඔබ දැක ඇති. ඒ සෑම අව්රුද්දකට මාස හතරක් අඩුවන නිසා ය. ඔබට කිසිදු දඬුවමක් නැත. එහෙත් තවම සිර ගෙදර දමා සිටින්නේ කාගේ උවමනාවට ද? කාගේ නියෝගයකට ද? මේ අපරාධයට වගකිය යුත්තකු සොයා ගැනීමට නොහැකි වන බව නම් මට ඔබට කිව හැකි ය.

ඔබ ගැන ලියුම් කරදහියක් ලියා කොළඹ වැඩ වාසය කරන උතුමන්ලාට යවන්නට කෙනෙක් සිටියේ නැතිවා විය හැකි ය. එසේත් නැත්නම් අතුරුදහන් කළ සිය දරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලාඇඹිලිපිටියේ මාපියන් 1990 ගණන් මුල් භාගයේ යැවූ 200 ඉක්ම වූ ලියුම් කුණු කූඩයට ගියා සේ ඔබ වෙනුවෙන් මා පියන් කළ අභියාචනා රජ ගෙදර කුණුකූඩයට ගියා විය හැකි ය. මනුස්සකමක් ඇති බලධාරියකු අතට ඔබට කරනු ලබන අපරාධය දැන්වීමට ක්‍රමයක් නොතිබුණේ ද? එසේත් නැත්නම් දෙමළුන් වෙනුවෙන් උණුවන බලධාරී සිත් සතන් ශ්‍රී ලංකාවේ නැතුවා වත් ද?

සිරගත වීම වාසනාවක් වන්නේ කොහොමද? නමුත් මඩකළපු බන්ධනාගාරයේ ම සිරගතව සිටින්නට ඉඩ ලැබීම ඔබට ජීවත්වීමට ලද අවස්ථාවක් වූවා විය හැකි ය. ඔබේ වසසේම වූ ළමා සොල්දාදුවන් යැයි චෝදනා කොට අත් අඩංගුවට ගත් දෙමළ යෞවනයින් 26 දෙනෙකු 2000 වසරේ ඔක්තෝබර් 24 වන දින බණ්ඩාරවෙළ බිදුණවැව දී කපා කොටා මරා දැමුණූ බව සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. එම සාහසික අපරාධයත් අවසානයේ දී වරදකරුවකු නැති තවත් සමූළ ඝාතනයක් බවට පත් විය. පසුව දැන ගැනීමට ලැබුණේ එළෙස එල්ටීටීඊ සැකකරුවන් යැයි රඳවා සිටි ලාබාලයින් අතර යාචක වෘත්තියේ යෙදුණු දරුවන් ද සිටි බව යි. වැරදීමකින් හෝ පුනරුත්ථාපනයට යැයි ඔබත් එහි යැවුණා නම් අහෝෟ කුමක් සිදු වන්නට තිබුණි ද? එබැවින් ඔබ සිර ගත කර සිටින්නේ ඔබගේම ආරක්ෂාවට යැයි බලධාරියකු කීවෙත් ඊට උරණ නොවන්නෟ

මා කියැවූ පුවතට අනුව දහ හතර හැවිරිදි ලාබාලයකුව සිටිය දී ළමා සොල්දාදුවකු යැයි කියා ඔබ අත් අඩංඟුවට ගැනුණේ 1993 දී ය. කිසිදු චෝදනාවක් නැතිව ඔබ තවම මඩකළපුව බන්ධනාගාරයේ ය. වසර 18කි. සමහර ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් සිරගතව සිටින දේශපාලන සිරකරුවා ඔබ විය හැකි ය. ඔබට ඒ වාර්තාව හිමිවන්නේ සිංහල ආධිපත්‍ය රාජ්‍යක සුළුතර දෙමළ ප්‍රජාවෙහි සාමාජිකයකු වීම නිසා පමණක් නොවේ. එම දෙමළ ප්‍රජාවෙහි ද අනෙකකු වීම නිසා ය. නැත්නම් සොක්කකු වීම නිසා ය.

ඔබ ළමා සොල්දාදුවකු වූයේ යැයි කියන එකළ ඔබගේ නායකයා වූ කරුණා අම්මාන් අද රජ ගෙදර පරෙවියෙකි. අඩුවක් පාඩුවක් නැත. ඔහු අද, එදා ඔබ සටනට යැවූ රජයේ හමුදාවන්ගෙන් ආරක්ෂාව ද ලබයි. එමෙන්ම ඔබගේ තවත් නායකයකු වූ ළමා සොල්දාදුවකු ලෙසම සටනට බැදුණු පිල්ලෙයාන් අද ඔබ රදවා සිටින සිර ගෙදර අයත් මඩකළපුවේ බලගතු දේශපාලන නායකයෙකි. මහ ඇමති ය. ඔව්න් අද පෙනී සිටින් වෙනත් නම් වලිනි. ඔව්න්ගේ ඒ ඇත්ත නම් ඔබ දන්නේ නැතිවා විය හැකි ය. පුදුමයි නේද? ඔබ අව්රුදු 18ක් නඩු නැතිව සිර ගෙදරය. ඔබේ යුද්ධ නායකයෝ රාජ්‍ය පාලනයේ හවුල් කරුවන්ව රජ සැප විදිති.

මා ඔබ ළමා සොල්දාදුවකුව සිටියේ යැයි කියන්නේ නැත. එසේ කීමට මා කව්ද? එවැනි සාක්ෂිකවරකු විසින්වත් සපයා නැත. අධිකරණයකින් වරදකරුවකු කැරෙන තුරු ඕනෑම අයකු නිර්දෝශී ය. මහේන්ද්‍රන්, මා ඔබ සළකන්නේ නිර්දෝශී අයකු ලෙස ය.

එපමණක්ම නොවේ. ඔබ සිර ගෙදර තබා ගෙන සිටින්නේ නඩුවක් පැවරීමටවත් කරුණූ නැතිවය. දෙමළ ජනයාගේ අරගලය සහ වෙසෙසින් ම මඩකළපු දෙමළ ජනයා ගැන ලියූ ලිපි දෙකක් නිසාවෙන් තිසෙයිනායගම් නම් දෙමළ ජනමාධ්‍යවේදියකු නඩු අසා වසර 20කට සිර ගත කළ බව ඔබ දන්නවා ද? නමුත් ඔහුට ඔබගේ වාර්තාව බිදීමට අවාසනාවක් තිබුනේ නැත. ජනාධිපති උතුමණෝ පසුගිය ජගත් ජනමාධ්‍ය දිනය වෙනුවෙන් සමාවක් දී ඔහු නිදහස් කළෝ ය. ඒ ඔහුගේ නිදහස වෙනුවෙන් ඇති වූ දෙස් විදෙස් ව්‍යාපාර නිසා ය. එහෙත් මහේන්ද්‍රන් ඔබ කව්ද? ඔබ වැනි දෙමළ සොක්කකු වෙනුවෙන් මොන ව්‍යාපාර ද? ඔබ නිදහස් කර ගැනීම අවශ්‍ය කාටද? මොන එහෙකට ද?

අනෙත් අතට ඔබ වැනි සොක්කන් නිදහස් කරන සේ ව්‍යාපාර ඇති වුවත් ඒවාට සවන් දෙන්නේ කව්ද? පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රාසයියා ද්වාරකා ශිෂ්‍යාව පැහැර ගැනුණේ යුද්ධය අවසන් වූවාටත් පසු ය. ඇය නිදහස් කරන සේ වෙනුවෙන් සරසවි ශිෂ්‍ය පිරිස් රට පුරාම පෝස්ටර් ඇලවූහ. ලිපි ලියූහ. එහෙත් ඇය නිදහස් කරනු තබා ඇයට සරසවියේ විභාගයට පෙනී සිටීමේ අවස්ථාවත් බලධාරීන් ලබා දුන්නේ නැත. කිලිනොච්චියේ පදිංචිකාරියක වූ ඇය ඔබ වැනි ම අසරණියක බවට සැකයක් නැත. ඔබ ඊටත් වඩා පුදුම වනු ඇත්තේ එම අපරාධයට හවුල් වූ රටෙහි සියළු විශ්වවිද්‍යාල අයත් ප්‍රතිපාදන සභාවේ සභාපති ද කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් මෙන් කළකට පෙර ආයුධ සන්නද්ධ සිංහල අරගලයක නායකයකු වූ බව දැන ගත් විට ය.

මහේන්ද්‍රන් ඔබ නොදන්වාට මේ රටේ මිනීමරුවන් බවට අධිකරණය මගින් තීරණය වන බලපුල්වන්කාර පිරිස් ජනාධිපති උතුමාණන්ගේ සිත උණු වී නිදහස ලබා අපූරුවට වැජඹෙති. පසුගිය ජගත් ස්ත්‍රී දිනය වෙනුවෙන් එතුමාණෝ මිනීමැරුමකට වැරදිකාරිය වී සිරගෙදර සිටි දේශපාලන නායිකාවක් නිදහස් කර යැවූහ. දේශපාලන පවුලකට සම්බන්ධව සිටියේ නම් අඩු ගණනේ කරුණා අම්මාන්ගේ කාගේ කව්රු හරි වූවා නම් ඔබ අද සිර ගෙදරින් පිට ය.

ඔබ තවමත් සිරගෙදර දැයි මම නොදනිමි. සමහර විට ඔබ වැන්නකු සිර ගෙදර නැතැයි කියා බලධාරීන් කියන්නටත් ඉඩ තිබේ. එසේ වෙතත් ඔබේ කතාව තමන්ගේ කතාව වන සිය ගණනාවක් සමහර විට දහස් ගණනාවක් වන දෙමළ තරුණයින් අපේ රටේ බන්ධනාගාරයන්හි සිර කර සිටිති.

අනෙත් අතට ඔබ නිදහස් කළත් කොහේ යන්නද? කොහි ගියත් කාට මොකද? ඔබෙන් සම්මුඛ සාකච්ජා ගන්නට හෝ ඔබේ ජීවිත කතාව ලියන්නට ඕනෑ කාටද? ගෙදරක්, ගමක්, රටක් නැති මිනිස්සු. ඔබ අද මෙරට දහ දහස් ගණනාවක් දෙමළ ජනයාගේ සංකේතයකි.

මා මේ ලියුම ලීවේ ඔබ ගැන පළවූ පුවත දුටු සැණින් ඇති වූ අසරණ සමඟ මුසු වූ කේන්තිය නිසා ය. වරදක් ඇතොත් සමා වන්න.

මෙයට,
නොදුටු පුරවැසි,

සුනන්ද දේශප්‍රිය
ජීනීවා, ස්විස්ටර්ලන්තය


Sunanda Deshapriya | සුනන්ද දේශප්‍රිය
[SEO Tags] Sellapille Mahendran, Sri Lanka, Political prisoners , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
පාවුලෝ කොයියෝ ලියයි.| Book Quotes
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.

[-මිනිත්තු එකොළහ]