BOONDI.LK| අදහස් බූන්දි| බණ....: වෙළඳ භාණ්ඩයක් ලෙස....!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
මහාවංශය හොල්මන් කිරීම | තිසරණී ගුණසේකර
ප්‍රතිචාර[4]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
"බණ"....: වෙළඳ භාණ්ඩයක් ලෙස....!
ප්‍රතිචාර[0]
බූන්දි| | 02:09:23
ඉස්සර අපි පාසැල් යනකාලේ උදේට පන්සිල් ගන්නකොට කියන්න කැමතිම කෑල්ල ”සා...දු” ”සා..දු” ”සා......දු” කියා කියන කෑල්ලටයි. උදේට පන්සිල් ගන්න එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු කිරීම අනිවාර්ය දෙයක් වුනත් ”සා...දු” ”සා..දු” ”සා......දු” කියන්නේ අවසානයට වීමත්, හොඳට කට ඇරලා හිරි අරිමින් එය කියන්නට පුළුවන් වීමත් ඒකට හේතුවක්. ඒත් මේ ළඟදි මොඩර්න් බණක් කියපු හාමුදුරු නමක් ”සාදු” කිව්වේ අමුතු තාලයකට. ඒක නිකං සිංදුවක් කියනව වගේ, හරිම පරිස්සමෙන්, ආදරෙන් ”සාදු” කියලා කිව්වා. පස්සෙ වෙලාවක කල්පනා කරද්දි තමයි තේරුණේ, මේ හාමුදුරුවන් තමන්ගේ බණ වඩාත් ආකර්ශණය කරන්න මේ වගේ නමස්කාරය, පන්සිල් වගේම අනෙකුත් ගාථාවන් සම්ප‍්‍රදායික භාවිතාවෙන් අයින් වෙලා වෙනම තාලයකට කියන්න පුරුදු වෙලා. සරලවම කිව්වොත් තමන්ගේ බණ මාකට් කිරීම සඳහා උපක‍්‍රමයක් යොදලා.

”බණ” වගේ බොහෝම ගෞරවණීය වචනයක් එක්ක ”මාකට්” කියන වෙළඳ වචනය දැක්ක ගමන් අපේ ඈයෝන්ගේ ලේ රත් වෙන්න ගන්නවා. ඒත් මං ඒ වචනේ භාවිතා කරේ මේ වෙද්දි අපිට හොඳට දකින්න පුළුවන් සිද්ධි ගණනාවක් නිසයි. සියළු දේ මාකට් වෙන අතරේ ”බණ” මාකට් වීම ගැන සාමාන්‍ය විදිහට දකින පිරිසක් හිටියත්, වෙළඳ භාණ්ඩයක් බවට පත්වීම ඇතුලේ ආගම විසින් සිදුකළ යුතු වෙනස්කම් ගැනත් සළකා බලන්න වෙනවා.

”මාකට් වීම” කියන දේ ඇතුලේ ආර්ථික වටිනාකමක් ඇතුළත් වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ. වෙළඳ පොළේ පවතින භාණ්ඩ අතරේ වැඩි තරගකාරීව අලෙවිය ඉහළ දමා ගන්නට ”මාකටින්” හෙවත් අලෙවිකරණ උපක‍්‍රම භාවිතා කරනවා වගේම එමඟින් තමන්ගේ භාණ්ඩයේ මිල ඉහළ නංවා ගැනීමත් කරන්න පුළුවන් දෙයක්. සන්නාම නාම භාවිතය වගේම ප‍්‍රචාරණය හා සපයනු ලබන සේවාවේ පවතින අනන්‍යතාවයේ ගුණාත්මක බව මඟින් එකම වර්ගයේ භාණ්ඩ අතර වුණත් මිල ප‍්‍රමාණය වෙනස් කළ හැකි බව වෙළඳපොළ න්‍යායේ සඳහන් වූවක්. ”බණ” යනු වෙළඳ භාණ්ඩයක් ලෙසට සැළකුවොත් මෙකී න්‍යායයන් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වී ඇති අකාරයට අවශ්‍ය තරම් උදාහරණ සපයාගන්න පුළුවන්.

”බණ” වෙළඳ භාණ්ඩය ඇතුලේ ඇතිවුණු සංසිද්ධියක් මේ දවස්වල මාධ්‍ය වලින් හොඳට බලා ගන්න පුළුවන්.

බෞද්ධ පිරිත් දේශණා සහ බණ එක්තරා ආකෘතියක් තුළ සිරවීම තුළ ජනතාව අතර ජනප‍්‍රියතාව අඩුවෙමින් පවතින යුගයක ඒකට වෙළඳ අගයක් එකතු කරේ නෙත් එෆ් එම් ගුවන් විදුලියයි. ඒකේ හොඳ සහ නරක වෙනමම කතා කළ යුතු වුණත් ගමටම ඇහෙන්න ගාථා ඇහෙන්න සැලැස්සුවම තමං කරන පව් හෝදගන්න පුළුවන් කියලා හිතන කට්ටිය රටටම ඇහෙන්න හවසට නෙත් එෆ් දාන එක පුරුද්දක් කරගත්තු පිරිසක් නම් බිහිවුණා. මේ නිසාම නෙත් එෆ්එම් තමන් ජාතියේ (සිංහල බෞද්ධ ජාතියේ) නාළිකාව බවට පත්වුණා විතරක් නෙවෙයි එෆ්එම් නාළිකා අතර රේටින්ග්ස් වලින් ඉදිරියට එන්න සමත් වුණා.

එක නාළිකාවක් ටාර්සන් බාප්පා හඳුන්වලා දුන්නම තව එකක් දාසන් බාප්පා කියලා ඒක කොපි කරා වගේ, එක් නාළිකාවක් රියැලිටි වැඩසටහනක් කරන කොට අනෙක් නාළිකා ඒක කොපි කරනවා වගේ (මේවායේ ප‍්‍රථම නිර්මාණය ඉදිරිපත් කළ නාළිකාව කුමක්ද යන්න පැහැදිලි නැත) බෞද්ධ පිරිත්, ගාථා, බණ වලට මාකට් හැදෙන විට අනෙකුත් නාළිකාවන්ද ඒවා කොපි කළා. උදේටයි හවසටයි තරගෙට බණ, පිරිත්, ගාථා කියන්න පටන් ගත්තා.

පොදුවේ ”භාණ්ඩය” කියන වචනයෙන් හැඳින්වුණත් ඇත්තටම ”බණ” වලට වෙළඳ වටිනාකමක් එක්කරාම ඒක අයත් වෙන්නේ ”සේවා” ඛාණ්ඩයටයි. සේවාවක් කියන්නේ නිෂ්පාදනය වන අවස්ථාවෙම පරිභෝජනය කරන අස්පෘශ්‍ය, නිෂ්පාදන දෙකක් අතර අනිවාර්ය අනන්‍යතාමය වෙනසක් ඇති දෙයක්. එක සමාන නිෂ්පාදන වුණත් වෙන වෙනම අනන්‍යතාවන් පවතින හින්දා ”බණ” කියන සේවාව සපයන චිවරධාරීන්ගේ අනන්‍යතාව මත ඊට වන ඉල්ලූම වෙනස් වෙනවා. මේ නිසා තමයි කොතරම් තරගකරුවන් ප‍්‍රමාණයක් හිටියත් සමහර සේවා සපයන ආයතන තමන්ගේ අනන්‍යතාව හොඳින් දියුණු කරගෙන සේවා ඒකාධිකාරයක් පවත්වගෙන යන්නේ. උදාහරණයක් ගත්තොත් ටාසන් බාප්පා වෙනුවට අනෙකුත් නාළිකා විසින් දාසන් මාමා, ටාසන් මාමා වැනි අනුකරණ ඉදිරිපත් කිරීම් සිදුකළත් ටාසන් බාප්පා වෙත පැවතුණු ඉල්ලූම නොවෙනස් වෙයි. (උපකල්පනයක් පමණයි)වෙළඳපොළ මත පවතින මේවගේ සේවා අනන්‍යතාව මත ඉල්ලූමක් ඇති වන විට සිදුකරන වෙළඳ උපක‍්‍රමය මෙකී බණ කියන චීවරධාරියා වෙතත් ඉදිරිපත් කරන්න එෆ්එම් නාළිකා ක‍්‍රියාත්මක වෙලා. සේවා වෙළඳපොළ මත මේක නිරතුරුව සිදු වෙන දෙයක්. කිසියම් ආයතනයක ගණුදෙණුකරුවන් මනාව ආකර්ෂණය කොට ගත් සේවකයෙක් (නිෂ්පාදකයෙක්, අලෙවිකරුවෙක් හෝ විශේෂඥයෙක් වැනි) සිටී නම් ඔහුව වැඩි මුදලකට මිලදී ගන්න වෙනත් ආයතන ඉදිරිපත් වෙනවා. එහිදී අදාළ සේවකයාට ඔහු සේවය ලබා දෙමින් සිටින ආයතනයට වඩා වැඩි වැටුප් හා අමතර පහසුකම් ලබා දෙන්න ඔහුව ඩැහැගන්න, මිලදී ගන්න ආයතනය කටයුතු කරනවා. වෙළඳ ලෝකයට සමීප ඔබට මේවා අමුතු දේවල් නොවේ.

”බණ” වෙළඳ භාණ්ඩයක් බවට පත්වන්නේ එකී සේවාව ලබාදෙන චීවරධාරියා මිල ක‍්‍රමය එෆ්එම් නාළිකා වෙළඳපොළ තුළ ඉල්ලූම් සැපයුම් න්‍යායට අනුව පාවෙන බව එළිපිට රඟ දැක්වෙන බැවින්. මේ දවස්වල තමන්ගේ අනන්‍යතාව මත අගයක් එකතුකරගත් හිමි නම තමන්ගේ බණ, ගාථා සහ පිරිත් දේශනා වෙනත් නාළිකාවකින් අහන්න කියලා තමන්ගේ ගණුදෙණුකරුවන්ට, (සමාවෙන්න වැරදීමක්) තමන් ගේ ශ‍්‍රාවකයින්ට ආරාධනා කරනවා. එක් පසෙකින් බෞද්ධ ආගමට මුලාවෙමින් ගෝත‍්‍රික අන්තවාදයක් ක‍්‍රියාවට නැංවෙන විට අනෙක් අතට බෞද්ධ ධර්මය හොඳ වෙළඳපොළක් බවට පත්වීමත් එක්තරා ආකාරයකට එකිනෙකට පරස්පරයි. ඒ වුණත් මිල ක‍්‍රමය මූලික වුණු අවස්ථාවාදීකමෙන් මෙහෙය වෙන කොට මේ පරස්පරයන් ගැටළුවක් වෙන්නේ නැහැ.

වැඩවසම් ලක්ෂණ පෙන්නන බෞද්ධ ශාසනය ධනේෂ්වර ක‍්‍රමයට පියමං කරනවා නම් ඒක සාපෙක්ෂව සුභවාදීයි. සාම්ප‍්‍රදායික, කුලවාදී, වැඩවසම් ක‍්‍රම ඇතුලේ හිරවෙලා තිබුණු ආගමක් කුලවාදී, වැඩවසම් ලක්ෂණ බිඳලා වෙනස් තාලයකට ගාථා කීම, සාම්ප‍්‍රදායික විශ්වාස ප‍්‍රශ්ණ කිරීම වගේ ප‍්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නේ බෞද්ධ ශාසනය ඇතුළෙම පීඩනයට පත්ව තිබුණු ආගමික කොටස් වලින් වීම වැදගත් ලක්ෂණයක්. නූතනත්වය කරා එළඹෙනු නොහැකිව කුලය, ජාතිය මත තවදුරටත් එල්ලෙමින් වැහැරෙන සාම්ප‍්‍රදායික ”බණ” ක‍්‍රමයෙන් ජනතාවගෙන් ඈත් වෙනවා. තුන්වන ලෝකයේ ධනේෂ්වර ආගමනයත් එක්ක එකට ගැට ගැහුණු ලක්ෂණයක් වූණු ”ජාතිවාදය” ලංකාවේ ප‍්‍රතිසංස්කරණීය ලක්ෂණ පෙන්වන ආගමක් තුළිනුත් එළියට එක තවත් විශේෂ ලක්ෂණයක්.

වැඩවසම් ක‍්‍රමය බිඳවැටිලා බිහිවන ධනේෂ්වර ක‍්‍රමයට එරෙහිව වමේ සටන ඇරඹෙන්නේ මීට කාලෙකට ඉස්සෙල්ලා. වැඩවසම් ක‍්‍රමයේ නිශේධනීය කොටස් පවා වඳව ගොස් නැතිව, ධනේෂ්වර ක‍්‍රමයේ නිශේධනීය දෑ බෝවෙමින් පවතින විට ආගම තුළත් ඒකම දෘෂ්‍යමාන වෙනවා. එක් පැත්තකට අළුත් මුහුණුවරකින් එන ගෝත‍්‍රික අන්තවාදයත්, සමාජයේ පවතින දැඩි අසහනය වෙළඳ පොල කොටගත් භාවනා පංති කර්මාන්තයත්, සමස්ත සමාජයේ වගේම මිළ ක‍්‍රමය තුළ පවතින්නා වූ සැබෑ මුහුණුවර මඟ හරවන ව්‍යාජ දෘෂ්ඨිවාදයක්. මිනිස්සුන්ගේ භක්තිය, අසහනය, සාම්ප‍්‍රදායික විශ්වාසය, මුල්බැස ගත් සංස්කෘතික හුරුවට මුවාවෙමින් ඔවුන්ට හූරා කන්නන් එළි කළ යුත්තේ එමඟින් සිද්ධ වෙන්නේ දියේ ගිළිණු මිනිස්සුන්ට ගොඩබිමක් පෙන්වා තව තවත් වතුරට ඇද දමන ව්‍යාපෘතියක් නිසයි.

Sumudu Thiwanka Gamage | සුමුදු තිවංක ගමගේ
[SEO Tags] Consumerism And Buddhism , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ?| Theatre Quotes
අහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ? මා කියන්න අසන්න. සිතිවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනක ද යම් විටෙක ද ඉඩ ලද ඒ ඇසිල්ලේ බුර බුරා නැගෙන බලය පිළිබඳ ම්ලේච්ඡ සිතිවිල්ලයි ඒ. ඉදින් මම මරණය රජ කරන දේශයට ජීවිතය නාදය කැටි කොට ගෙන ආමි. ඔහු කීය.

[කිලර්- මාස්ටර් කේමදාස- "ඇසුනා වෙඩි හඬක්" පූර්විකාව.]