BOONDI.LK| අදහස් බූන්දි| කුරුස සූ දා න මි නි !
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
මහාවංශය හොල්මන් කිරීම
|
තිසරණී ගුණසේකර
[4]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
සනත්
සඳුන්
නිර්මාල්
අනුෂ්ක
ප්‍රියාන්
කේ.කේ.
ප්‍රියංජිත්
එස්.ජී.
සංඛ
මාලතී
ජයසිරි
චතුර
වීරයා
සුනන්ද
නුවන්
රුවිනි
ආදිත්‍ය
වරුණ
මංජුල
දර්ශන
BOONDI • Currents • •
අදහස් බූන්දි
කුරුස සූ දා න මි නි !
[0]
බූන්දි| | 20:42:25
සියල්ල මත බදු බර පැටවී ඇත. වැසියෝ බියෙන් ද පීඩාවෙන් ද සිය උපන් දේශය තුළම අසරණව බලා හිඳිති. ජාතියක් යටත් කළ තවත් ජාතියක් උදාරම්ව තව තවත් උන් පෙළන්නට නීති සාදති. ජීවිත අවිනිශ්චිතය. මිථ්‍යාව කරපින්නාගත් පාලකයෝ දූෂණයේ කෙවිටෙන් මිනිසුන් පෙළති. විරුද්ධව කෙළ පිඬක් හෝ හෙළන්නට ප්‍රශ්න කරන්නට කිසිවෙකුදු නැත. එබන්දන් විය හැකියයි සැක කරනු ලැබුවන් පවා සිරකූඩු වලය. සිරගතවූවන් ගැන ඇස්තමේන්තු නැත. පවුල් බලය යොදමින් කරන
ගසා කෑම්, වංචා දූෂණ සාමාන්‍යකරණය වූ දේවල්ය. ලෙඩ රෝග වසංගත වෙමින් පැතිරේ. දරුවන් ද වැඩිහිටියන් ද බෙහෙත් පහසුකම් නැතිව මියැදෙද්දී පාලකයෝ වගක් නැතිව ක්‍රීඩා තරග නරඹති. මේ සියල්ලට ප්‍රභූ පැළැන්තියේ ද පූජක සංඝයේ ද ආශිර්වාදය නොමදව හිමිය. එකිනෙකා බලය රස විඳියි. ඉදින් වරද එළිපිට වේ නම් එකිනෙකා ඒවා විසින් සාධාරණීකරණය කොට නීත්‍යානුකූල කිරීමේ මුද්‍රාව තබයි. රාජ්‍යය විසින් ආගමික යාන්ත්‍රණයට... ආගමික යාන්ත්‍රණය විසින් රාජ්‍යයට..... එකිනෙකින් පෝෂිත පරපෝෂිත දේහය දිනෙන් දින මිනිසුන් කා දමමින් සිටියි.
ඒ රැය උදාවෙයි..... මිථ්‍යාවෙන් අන්ධ වූ රජු සදා කල් සිහසුන රැක ගනු වස් ඒ රැයේ උපන් සියළු පිරිමි දරුවන් මරා දමන්නට අණ දෙයි. තෝර තෝරා හිඳින්නට වෙලාවක් නැත. ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක්; ගහක් ගලක් වුව ඕනෑම මොහොතක සිහසුනට සතුරු විය හැක. හොඳම දෙය නීත්‍යානුකූලව වනසා දැමීමය. වැසියන් තැන තැන මුණු මුණූ ගෑව ද, යම පල්ලෝ විත් මේ දැන් ගර්භාෂයෙන් ප්‍රවේශමින් එළියට ගත් මව් කිරි උරන දරුවා ඇදගෙන ගොස් මරා දැමුව ද කෝපයට පත්ව කැරළි ගසන ජනතාවක් මෙහි නැත. දහස් ගණන් පිරිමි දරුවන් මෙසේ මියෙද්දී එක් දිරිය මවක් වඩුවෙකු වන සිය වියපත් සැමියා ද සමග සිය බිළිඳා ද රැගෙන වෙනත් දෙසකට පළා යයි.
නොරටක බොහෝ දුක් විඳ දරුවා ඇති දැඩි කරන මා පිය යුවළ යළි සිය රට ඒමට වසර ගණනක් ගත වෙයි. යළි පැමිණිය ද සියල්ල එසේමය. වඩු පවුලේ යෞවනයා වැඩෙන්නේ දූෂණය, වංචාව, මැරකම්, රාජ්‍ය ත්‍රස්තවාදය සේම රාජ්‍ය පාලනයේ ප්‍රබල හස්තයක් වන පූජක යාන්ත්‍රණයේ කුහකත්වය ද අත්දකිමිනි. වසර තිහක ජීවිතය තුළ ඔහු වඩුකම ද ආගම සහ සමාජය ද මිනිස් ස්වභාවයන් සහ තම ඇතුළාන්තය ද විමසමින් හදාරා තිබේ. වසර සිය ගණනක් සහෝදර වැසියන්ට පුරුදුව පැවති වහල් බව ඉවසන, හිස පහත් කොට දීන වන ස්වභාවයෙන් වෙනස් වන්නට ඔහු තීරණය කරයි. ඒ තීරණය අනාගත ලෝකයේ බොහෝ ජීවිත ද සංසිද්ධින් ද උඩු යටිකුරු කරන එකක් බැව් ඔහු දැන සිටියාදැයි දන්නේ ඔහුම පමණි.
එතැන් පටන් සිය නිවස ද පවුල ද වඩු වැඩ ද අත්හරින ඔහු තමන්ට ආවේනික වූ ශෛලියකින් ආගමික පදනමකින්, පවත්නා දූෂිත ක්‍රමය ප්‍රශ්න කිරීම අරඹයි. ඔහුට පිරිවර වන්නේ උගතුන් බුද්ධිමතුන් හෝ ප්‍රභූවරුන් නොවේ. කම්කරු මිනිසුන්, ගැහැණුන් සහ ගණිකාවන්ය. විටෙක ඔහු දේශන පවත්වයි. විටෙක මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙහෙසෙයි. විටෙක පූජක පණ්ඩිතයින් සමග ගැටෙයි. පල්ලියේ දෙබිඩි පිළිවෙතට කෙළ ගසයි. ආගම, බලය උදෙසා ගණිකා වෘත්තියේ යොදවන, ධර්මය හැර සියල්ල ක්‍රියාවේ යොදවන ආශිර්වාද ලත් පූජකයින්ට අභියෝග කරයි.
මෙහි ප්‍රතිඵලය වූයේ විය යුතු පරිදිම පල්ලිය වියරු වැටීමයි. පාලක අධිරාජ්‍යයෙන් ලද බලය ජන සමාජයක් මත යොදවමින් මහත් වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින ඔවුනට ප්‍රත්‍යන්ත දනව්වක සිට පැමිණි වඩුවෙකුගේ මේ රංගනයෙන් සිය බල වේදිකාව 'කෙළෙසෙනු" දකින්නට අවැසි වන්නේ නැත. ඇකයේ උන් දරුවන් මරා දමද්දී නිහඬව උන් ජනතාවක් කිසිවෙකු අතින් ඇවිස්සෙනු දකින්නට පූජකයින්ට මෙන්ම අධිරාජ්‍යයට ද අවශ්‍ය නැත. අවසාන පැය එළඹෙන්නේ නපුරන් විසින් මිතුරන් මිළට ගැනීම්, පාවා දීම් සහ පිරිවර හැරයාම් ද සමගිනි.
එපමණකි.
වධදීම් වලින් පසුව ඔහුව කුරුසියේ ඇණ ගසා මරා දමන ලදි.
ඒ මරා දැමූ තරුණයාගේ නම ජේසුස්ය.
ඔහු ඉපදුණ බව ලෝකය යළි යළිත් සමරයි. මේ සීතල දෙසැම්බරයේ ද එය සිදුවෙයි.
ඔහු ඉපදුණු බව අප දන්නේ ඔහු මරා දැමූණු නිසාය.
ඔහු මිය ගියේ අනුන් වෙනුවෙනි. මිනිස් සමාජයක් වෙනුවෙනි.
මානව ඉතිහාසය තුළ අනුන් වෙනුවෙන් දිවි පුදා ඇණ ගැසූ ලෝකයා විසින්ම වඩාත්ම උත්කර්ෂයට නංවනු ලැබූ මිනිසා ද ඔහුය.
ඒ වසර දෙදහසකට පෙරය.
අදත්......
සියල්ල මත බදු බර පැටවී ඇත. වැසියෝ බියෙන් ද පීඩාවෙන් ද සිය උපන් දේශය තුළම අසරණව බලා හිඳිති. ජාතියක් යටත් කළ තවත් ජාතියක් උදාරම්ව තව තවත් උන් පෙළන්නට නීති සාදති. ජීවිත අවිනිශ්චිතය. මිථ්‍යාව කරපින්නාගත් පාලකයෝ දූෂණයේ කෙවිටෙන් මිනිසුන් පෙළති. විරුද්ධව කෙළ පිඬක් හෝ හෙළන්නට ප්‍රශ්න කරන්නට කිසිවෙකුදු නැත. එබන්දන් විය හැකියයි සැක කරනු ලැබුවන් පවා සිරකූඩු වලය. සිරගතවූවන් ගැන ඇස්තමේන්තු නැත. පවුල් බලය යොදමින් කරන
ගසා කෑම්, වංචා දූෂණ සාමාන්‍යකරණය වූ දේවල්ය. ලෙඩ රෝග වසංගත වෙමින් පැතිරේ. දරුවන් ද වැඩිහිටියන් ද බෙහෙත් පහසුකම් නැතිව මියැදෙද්දී පාලකයෝ වගක් නැතිව ක්‍රීඩා තරග නරඹති. මේ සියල්ලට ප්‍රභූ පැළැන්තියේ ද පූජක සංඝයේ ද ආශිර්වාදය නොමදව හිමිය. එකිනෙකා බලය රස විඳියි. ඉදින් වරද එළිපිට වේ නම් එකිනෙකා ඒවා විසින් සාධාරණීකරණය කොට නීත්‍යානුකූල කිරීමේ මුද්‍රාව තබයි. රාජ්‍යය විසින් ආගමික යාන්ත්‍රණයට... ආගමික යාන්ත්‍රණය විසින් රාජ්‍යයට.... එකිනෙකින් පෝෂිත පරපෝෂිත දේහය දිනෙන් දින මිනිසුන් කා දමමින් සිටියි.
කුරුස සූ දා න මි නි !
ජේසුස්ලා....?
Aloka Ranasinghe | ආලෝක රණසිංහ
[SEO Tags] The Crucifixion of Jesus, Christmas
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්|
Movie Quotes
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus