BOONDI.LK| රන් රෝස| නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ
|
අනුෂ්ක තිලකරත්න
[0]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
ආලෝක මිනිසා!!!
|
අනුෂ්ක තිලකරත්න
[0]
මහ පොළොවට ආදරය කළ මිනිසා
|
අනුෂ්ක තිලකරත්න
[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම
|
අනුෂ්ක තිලකරත්න
[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)
|
අනුෂ්ක තිලකරත්න
[0]
මොහොමඩ් අලී (1942-)
|
අනුෂ්ක තිලකරත්න
[0]
අක්ෂර සෙනග-
[රන් රෝස]
[1/1]
අනුෂ්ක
BOONDI • Sookiri • •
රන් රෝස
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ
[1]
බූන්දි| | 01:50:14
Harry Belafonte (1927 -)
ලොව ජීවත් වන සියලු දෙනාටම ජිවත් වන ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලීමේ බලය, අධිෂ්ඨානය සහ හැකියාව තිබේ.
ඔබට ගායකයාව සිර ගත කල හැකිය. නමුත් ගීතය සිර ගත කල නොහැකිය.
1950 දශකයේදී කැලිප්සෝ සංගීතයෙන් රසික සිත් අමන්දානන්දයට පත් කල තවත් කලු ජාතික තරුවක් සංගීත ක්ෂේත්‍රයට බිහි විය. කැලිප්සෝ සංගීතයේ ඔටුනු පලන් රජු ලෙස සැලකෙන ඔහු හැරී බෙලෆොන්ටේ ය. 1927 මාර්තු 1 වන දින ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී
මෙලොව එළිය දුටු හැරී කුඩාකල සිය මිත්තණිය සමග ජැමෙයිකාවේ ජීවත් විය. පසුව යළිත් නිව්යෝක් නගරයට එන හැරී නාවික හමුදාවට බැඳී දෙවන ලෝක මහා සංග්‍රාමයට සහභාගිවිය. පසුව ජෝර්ජ් වොශින්ටන් උසස් පාසලට-
ඇතුළත් වන හැරී එහිදී රංගනය හැදෑරුවේය. හැරී සිය සංගීත දිවිය අරඹන්නේ නිව්යෝක් නුවර සමාජ ශාලා වල ගීත ගායනයෙනි. ඒද සිය රංගන පාසල් ගාස්තු සොයා ගැනීම සඳහාය. මුලදී ඔහු පොප් ගායකයෙකු වුවද ක්‍රම ක්‍රමයෙන් ජන සංගීතය හැදෑරීමට යොමු විය.
ඉක්මනින් ඔහු සුප්‍රකට ජෑස් සංගීත ශාලාවක් වන "විලේජ් වැන්ගාර්ඩ්" හිදී සිය ප්‍රථම ගීත ප්‍රසංගය පැවැත්වීය. 1952 දී ඔහු ඇමෙරිකානු ගුවන්විදුලි සංස්ථාව හා එක්ව ගිවිසුම් අත්සන් කර සිය ගායන දිවිය සඳහා ස්ථිරසාර අඩිතාලමක් දමා ගත්තේය. 1956 දී එළිදැක්වූ ඔහුගේ "කැලිප්සෝ" නම් ගීත ඇල්බමය ඇමෙරිකාව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. එහි ඇමෙරිකානු ගීත දර්ශක වල ඉහළින්ම රැඳි ගීත ගණනාවක් අඩංගු විය. මෙම කලු ජාතික ගායකයා විසින් ඇමෙරිකානු ජනතාව අතර කැලිප්සෝ සංගීතය මහත්සේ ජනප්‍රිය කරවීය. එනිසාම ඔහු කැලිප්සෝ සංගීතයේ රජු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීය. Banana Boat Song, Jump in the line, Jamaica farewell වැනි අදටත් ජනප්‍රිය ඔහුගේ ගීත 1951-1958 කාලයේදී බිහි විය. සැබැවින්ම කියතොත් 1950 දශකයේ ඇමෙරිකානු සංගීතයේ වඩාත්ම ජනප්‍රිය තරුව හැරී විය. 1960 දශකයේදී බීට්ල්ස් ඇතුලු අනෙකුත් සංගීත කණ්ඩායම් ඇමෙරිකාව තුළ ජනප්‍රිය වීමත් සමගම හැරී ට තිබූ ජනප්‍රියත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුවීයන්නට විය.
කෙසේ නමුදු 1960 දී එළිදැක්වුනු ඔහුගේ Swing Dat Hammer නම් ඇල්බමයට සහ 1965 දී එළිදැක්වුනු Evening With Belafonte ඇල්බම සඳහා ග්‍රැමී (Grammy) සම්මානය ලැබුනේය. එමෙන්ම රූපවාහිනී වැඩසටහන් සඳහා පිදෙන එමී (Emmy) සම්මානය ලද ප්‍රථම කලු ජාතිකයාද වන්නේ හැරීය. ගායනයට පමණක්නොව හැරී රංගනයටද දස්කම් දැක්වීය. Bright Road(1953), Carmen Jones(1954), Island In The Sun(1957) වැනි චිත්‍රපට වල ඔහු රඟපැවේය. වරක් Porgy and Bess නම් චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් රඟපෑමට හැරීට ආරාධනා ලැබුනද එම චිත්‍රපටයේ කලු ජාතිකයන්ට අවමානයක් වන ලෙස සකස් කර ඇති බවට චෝදනාකරමින් ඔහු එහි රඟපෑම ප්‍රතික්ෂේප කලේය.
හැරී කලාකරුවෙකු මෙන්ම දේශපාලන සහ සමාජ ක්‍රියාධරයෙකුද වෙයි. ඔහුගේ දේශපාලන සහ සමාජීය දැක්ම සඳහා බෙහෙවින්ම බලපෑවේ එවකට ඇමෙරිකාවේ සිටි තවත් කලු ජාතික ගායකයෙකු මෙන්ම රැඩිකල් දේශපාලන මත ධාරියකුද වන පෝල් රොබ්සන් ය. පෝල් ඇමෙරිකාවේ තිබූ වර්ණභේද වාදයට දැඩිසේ විරුද්ධව කටයුතු කල අයෙකු මෙන්ම ශීත යුධ සමයේදී සෝවියට් රුසියාවට සහාය දැක්වූ අයෙකු ලෙසද ප්‍රකටය. තවද අප්‍රිකාවේ දියත් කල බටහිර යටත් විජිත වාදයටද දැඩිසේ විරුද්ධ වූ අයෙකි. හැරී 1950 දශකයේදී පමණ ක්‍රියාත්මකවූ සිවිල් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වන ව්‍යාපාරයේද ක්‍රියාකාරී සාමාජිකයෙකි.
තවද මාටින් ලුතර් කින්ග්ගේ ද විශ්වාසවන්ත සගයෙක් වූ අතර ඔහුගේ කටයුතු සඳහා නොමසුරුව මුදල් වියදම් කලේය. අත්ඩංගුවට පත් දේශපාලන ක්‍රියාකරුවන් සඳහා ඇප ලබා දීමට අවශ්‍ය මුදල් ලබාදුන් අතර නිදහස සඳහා වන ව්‍යාපාරවලට මුදල් එකතු කිරීමේ කටයුතු වලට සහාය දුන්නේය.1963 දී පැවැත්වූ මහා වොෂිංටන් පාගමන සංවිධානය කිරීමටද මූලික විය. 1985 දී ගායකයන් විශාල ප්‍රමාණයක් සහභාගි වී ගායනා කල We are the world නම් ගීතයේ තිරයෙන් පිටුපස සිටි එක් සංවිධායකයෙකු වන්නේ හැරී බෙලෆොන්ටේ ය. මෙම ගීය අප්‍රිකාව සඳහා ආධාර එකතු කිරීමට යොදා ගැනුනි. තවද ඔහු අප්‍රිකානු රටවල ළමුන්ගේ ශුභ සිද්ධිය උදෙසා බොහෝ කටයුතු වලට දායක විය.
හැරී ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති දැඩි සේ විවේචනයට ලක් කල අයෙකි. ඔහු නිර්භයව ඇමෙරිකානු රජය විචේචනයට ලක්කල අතර කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ ව අගය කලේය. හැරී විසින් සිදුකල වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වන්නේ කියුබාව තුළ හිප් හොප් සංගීතය සඳහා ඉඩ කඩ සලසා දීමයි. ඔහු 1999 දී කියුබාවට ගොස් නායක ෆිදෙල් ව මුණගැසීමට පෙර කියුබාවේ රැප් සංගීත ශිල්පීන් පිරිසක් මුණගැසුනේය. ඉන්පසු ෆිදෙල් හා පැවති සාකච්ඡාවෙන් පසු ෆිදෙල් සිය රට තුළ හිප් හොප් සංගීතය සඳහා ඉඩ කඩ සලසා දුන්නා පමණක් නොව හිප් හොප් සංගීත ශිල්පීන් සඳහා වෙනම ශබ්දාගාරයක් ලබා දීමටද කටයුතු කලේය. වසර 2002 දී පමණ ඇමෙරිකානු ජනාධිපති ජෝජ් ඩ්බ්ලිව්. බුෂ් , ඔහුගේ පාලන තන්ත්‍රය සහ ඉරාක යුද්ධය විවේචනය කරමින් හැරී දැක්වූ අදහස් නිසා ඔහු බහුතර ලෝක ජනතාවගේ අවධානයට ලක් විය.
2006 වසරේදී හැරී සහ තවත් දේශපාලන ක්‍රියාධරයන් පිරිසක් වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්ව මුණගැසුනේය. ඔහු එහිදී පැවසුවේ "ලෝකෙ ඉන්න ලොකුම ත්‍රස්තවාදියා වන ජෝජ් ඩ්ව්ලිව්. බුෂ් මොනවා කිව්වත් අපි මෙහිදී කියා සිටින්නේ සිය ගණනක් නොව දහස් ගණනක් නොව මිලියන ගණනක් ඇමෙරිකානුවන් ඔබේ විප්ලවයට සහාය දෙනවා" කියායි. හැරී ඇතුලු පිරිසගේ මැදිහත් වීමෙන් ඇමෙරිකාවේ දිළිඳු ජනතාව වෙසෙන ප්‍රදේශ සඳහා අඩුමිල උෂ්ණකාරක තෙල් (Heating Oil) සැපයීමේ ව්‍යාපෘතියකට චාවේස් එකඟවිය.
කලාකරුවෙක් යනු හුදෙක් කලාව තුළම සිය යුතුකම් සහ වගකීම් හඳුනාගත්තෙකු නොව විශ්වයටම පොදුවූ මනුෂ්‍යත්වය සහ ආදරය තුළද සිය ආත්මීය වගකීම් හඳුනාගත්තෙකු බව ලොවටම ප්‍රකට කරන මෙම ශ්‍රේෂ්ඨ මිනිසාගේ ජීවිතය තමා හඳුනාගත් එම වගකීම් වෙනුවෙන් මේ මොහොතේද ක්‍රියාත්මක වෙමින් පැවතීම සැබවින්ම අපූර්වත්වයකි.
වෙනත් සබැඳි |
Harry Belafonte - Try To Remember
Harry Belafonte & Nat King Cole
Harry Belafonte - Matilda
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] King of Calypso, Harold George "Harry" Belafonte, American musician- singer- actor and social activist, Hugo Chavez, Martin Luthar King
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
ලෙනින් ලියයි.|
Book Quotes
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු වංචාවක් වන්නේ ය. එබැවින් නෛතික අර්ථ නිරූපණයන් සමග ක්‍රීඩා නොකර, නැතහොත් අර්ථ නිරූපණයන් නිර්මාණය නොකර, ජාතික ව්‍යාපාරවල ඓතිහාසික ආර්ථීක තත්ත්වයන් පිරික්සා බැලීම මගින් ජාතීන්ගේ ස්වයං තීරණය යන්නෙන් අරුත් වටහා ගැනීමට අපට වුවමනා නම්, අපට නොවැළැක්විය හැකි සේ එළඹිය යුතු නිගමනය වන්නේ ජාතීන් පිටස්තර ජාතික ආයතනවලින් වෙන් වී ස්වාධීන ජාතික රාජ්‍යයන් පිහිටුවා ගැනීම ඉන් අදහස් කරන බවයි. ස්වයං තීරණ අයිතිය යනු වෙනම රාජ්‍යයක් වශයෙන් පැවතීමේ අයිතිය යන්න හැර එයට වෙනත් අර්ථයක් දීම සාවද්‍යය.
-පෙරදිග ලෝකයේ ජාතික විමුක්ති ව්‍යාපාරය/ ජාතික ප්‍රශ්නය හා නිර්ධන පංති ජාත්‍යන්තරවාදය
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus