BOONDI.LK| වෙසෙස් බූන්දි| ආදරයේ අංශුමාත්‍රයක් නොදැනීම හෙවත් ආදරය බ්‍රෑන්ඩඩ් වීම...
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව ....
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය හිරු එන විටම
කියයි ඔබ සුළඟට පෙම් බඳින බව -
එනමුදු වැසෙයි කවුළුව ඔබගේ සුළඟ එන විටම
එබැවින්ය මා බිය වන්නේ - ඔබ මට ආදරෙයි කියන විට!
|බොබ් මාර්ලේ කියයි.
|Personal Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
ගී කිය(ව)මු
කතා-බස්
රහක් ඇති Music
ඔත්තු
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් වෙසෙස්
තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර- 'ස' සමාප්තිය
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[18]
බුද්ධාගම හා සංගීතය
|
සී.ද.එස්. කුලතිලක
[0]
Hotel California: What the Song is About
|
රුවන් එම්. ජයතුංග
[5]
අජිත් කුමාරසිරි නම් ක්‍රම විරෝධියා පිළිබඳ ඇත්ත හෙවත් නෝ මෝ රොක් අජිත්
|
චන්දරේ
[8]
ජිප්සීස් සුනිල්- 'සොමිය' ගෙන ආ සොමිකාරයා
|
විනූෂා විජේවික්‍රම
[5]
ජෝන් ලෙනන් | ලොව සලිත කල විප්ලවීය ගාන්ධර්වයා
|
දර්ශන මේදිස්
[3]
සුනිල් එදිරිසිංහගේ "මල් වැහි පොද" වැටුණු දා
|
රාජ් සෝමදේව
[0]
ඔහු යුගයක් විය. මයිකල් ජැක්සන්......
|
වින්ධ්‍යා විතාන
[0]
චාමින්ද රත්නසූරිය| නූතන ගී පද සාහිත්‍යයේ රොමාන්තිකයා
|
ලක්සිරි හේවගේ
[6]
සිංහල ජනප්‍රිය සංගීතයේ බැස නොගිය සුපිරි තරුව| එච්.ආර්.ජෝතිපාල
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[12/27]
විරාජ්
ලියනගේ
සංඛ
රසික
හෂිත
බර්ටෝල්ට්
ක්‍රිශාන්
චින්තන
රුවන්
සඳුන්
දර්ශන
මාලතී
BOONDI • Music • •
වෙසෙස් බූන්දි
ආදරයේ අංශුමාත්‍රයක් නොදැනීම හෙවත් ආදරය බ්‍රෑන්ඩඩ් වීම...
[1]
බූන්දි| | 23:04:31
මියුසික් වීඩියෝ... කියපු ගමන් ''ආ ඇත්තද? ඉතිං...?'' ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එයට මියුසික් විඩියෝ එකක් කරන එසේ නොකළහොත් සිංදුව විකුණගන්න බෑ.... ගොඩදාගන්න බෑ කියන කාල සමයකි මේ. බොහෝ අය ඒ නිසාම මොකක් හෝ දෙයක් කරති. ඒක සිංදුවට අදාළ ද නැද්ද කියන ඒක ප්‍රශ්ණයක් නොවේ. අවශ්‍යවන්නේ කැමරාවක් අටවාගෙන මොකක් හෝ කිරීමයි. එහිද වැඩි හරියක් පෙනෙන්නේ එක එක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස්ය. ඒ අතර ඉඩ
තිබුණොත් පමණක් මිනිස් රූප ටිකක්ද චලනය වෙයි. ඒවාද මෙලෝ රහක් නැත. අහවල් සෝඩා වර්ගය බොමින් ලව් කිරීම, අහවල් චොකලට් වර්ගය කන ගමන් ලව් කිරීම ඒ අතර හරි ප්‍රසිද්ධය.
නැත්නම් හොඳ සැප වාහනයක් වීඩියෝව පුරාම තිබිය යුතුය. සමහර විට ඉදිරියේදී අහවල් ටූත්පේස්ට් ගෙන දත් මදිමින් ලව් කිරීම් ද පැමිණිය හැක. නැතිනම් අහවල් දියරයෙන් වැසිකිළි සෝදමින් ලව් කරනවා පෙන්නන්නත් පුළුවන. මේවා සම්බන්ධයෙන් අපට මොකුත් කීමට බැරිය. සල්ලි ලැබෙන්නේ ඒ ආයතන තුළින් නම්, ඔවුන්ගේ නිෂ්පාදන පෙන්විය යුතුය. හැබැයි ඒවාට ''මියුසික් වීඩියෝ'' කීමට තරම් වටින්නේදැයි සිතා බැලිය යුතුය. ඒවාට 'මියුසික් ටීවී කොමර්ෂල්ස්' හෝ 'ඇඩ්ස්' කියමු යැයි යෝජනා කරමි. බහුතරයක් මියුසික් වීඩියෝ බහුතරයක කථාව එසේ වුවද ඉඳහිට හෝ අපේ බොක්කටම කථාකරන සිංදුවක්, මියුසික් වීඩියෝ එකක් දැකීම ඇත්තටම ති්‍රලකි. සින්දුව සහ එයට නොදෙවෙනිව පපු කුරහයේ ගැඹුරුම තැනට කථාකරන මියුසික් වීඩියෝ එකක් දැකීමෙන්, ඒ ත්‍රිල ඩබල් ට්‍රිබල්ව දැනෙන්නට වෙයි.
''ආදරයේ අංශුමාත්‍රයක්'' එවැනි ත්‍රිලක් දෙන, රහක් ඇති වැඩකි. හුස්ම ගන්නවා කියා දැනෙන වැඩකි. එය මියුසික් වීඩියෝ යැයි කියනා මියුසික් ටීවී ඇඩ්ස්වලට කෙළින්ම අභියෝගකළ නිර්මාණයකි. අශෝක හඳගමගේ පද රචනයට උපරිම සාධාරණයක් සංගීතයෙන් සිදුකරන ජයනාත්ට (ජයනාත් ධර්මවර්ධන) චාපා (ඉන්ද්‍රචාපා ලියනගේ) තම ඉහළම ම දායකත්වය ලබා දී ඇත. මේ ත්‍රිත්වයේ සුසංයෝගය හොඳ බරක් සින්දුවට ගෙනෙද්දී උදය, (උදය ධර්මවර්ධන) එම වීඩියෝවේ අධ්‍යකෂකවරයා ලෙස තම උපරිම මේ වෙනුවෙන් යොදවා ඇත. මෙය ආප්ප බෑමේ මෙහෙයුමක් නොවන බව ද ඔවුන් එය කෙතරම් ආදරයෙන් හදාවඩා ගෙන ඇති බව ද මේ වීඩියෝව අපට කියයි. මේ මියුසික් වීඩියෝව දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළලේදී සම්මාන 5 ක් ලැබීමට වඩා වැදගත් වන්නේ එමගින් සීමිත මිනිත්තු ගණනාවකදී ආදරය සම්බන්ධව මේ මොහොතේ අප සමාජයේ පවතිනා අර්බුදය ගැන කරනා සමාජ විවරණයයි.
ආදරෙයි ආදරෙයි ආදරෙයි හැම තප්පරයක් පුරාම තෙපලුවත්, එය අංශුමාත්‍රයක්වත් නොදැනීම නූතන අර්බුදයයි. ඒ හරහා මතුව එන සමාජ ඛේදවාචකයයි!
ආදරය කිරීම මෙන්ම ආදරය පිදීමට ද ඉතා ඉහළ වෙළඳෙපොළ අගයක් ලබාදී ඇති මේ යුගයේ වැඩියෙන්ම නොදැනෙන්නේද වැඩියෙන්ම විකිණෙන්නේද ආදරයයි. ඒ වගේම ලාංකීය වැඩවසම් සමාජය තුළ හැඟීම් හිරකර සිටීම හරහා එකිනෙකා විෂයයෙහි ඇතිවන පීඩනය, මේ මියුසික් වීඩියෝව මනාව චිත්‍රණය කරයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියමින් බටහිරට කටේ කෙළ ඉවරවෙන තුරු බැණ වදිමන් ම එහි සියලුම විලාසිතා අනුකරණය කිරීම සහ තවමත් දම්මි- සුගත් මට්ටමේ පවතිනා අපේ ආදර හැඟීම් යන මේ නොගැලපීම නිසා සිදුවන ඝට්ටනයේ අදෝනාව උදය අතිශය සිනමාරූපීව ග්‍රහණය කර ඇත. ඒනිසාම හඳයාගේ වචන අපේ පපු කුහර සිදුරු කරමින් කිඳාබසී.
කෑම බීම, ඇඳුම් පැළදුම් පමණක් නොව ආදරය කළයුතු ආකාරය වගේම පැළදිය යුතු කොන්ඩමයද වින්තනය මගින් තීරණය කරනා මෙවැනි කාල සමයක් තුළ ආදරයේ පැටළිල්ලේ තරම කෙතරම් ද කියා හඳගම ගීයේ එක තැනක මෙසේ කියයි.
ව්‍යාකරණ නැති කැඩීබිඳී ගිය භාෂාවක පැටලී...
අර්බුදය මෙයය. ඊනියා සංස්කෘතික, සදාචාරවාදීන් විසින් නිර්මාණය කළ ආකෘතියක් තුළ නූතන ලාංකීය ආදරය වල් වැදී දිරාපත්වී ඇත. මේ වල්වැදුන ආකෘතියෙන් එළියට පැමිණෙන්නන් දේශද්‍රෝහීන් ය. ඊනියා සදාචාරවාදීන්ගේ තමන්ගේ මතය නොපිළිගන්නා කොටස් නම් කිරීමට යොදන නාමය එයයි. ඒ නිසාම දැන් ලාංකීය ආදරය චින්තනයේ ආදරය ලෙස බ්‍රෑන්ඩ් වී ඇත. ආදරයේ වපසරිය, ආදරය කළයුතු වපසරිය ද සළකුණු කරන්නේ ඔවුන් විසිනි. විවිධ වූ මිලිටරි අණපනත් ඔස්සේ මේ වපසරියෙන් එහා ආදරය කිරීම නීති විරෝධී කර ඇත. එසේ ආදරය කළහොත් උරුම වන්නේ සිරමැදිරියකි.
පාලනය පැත්තෙන් ඒ ලෙස සිදුවෙද්දී අනෙක් පැත්තෙන් ආදරය සිල්ලරට මෙන්ම තොග වශයෙන් ද මාධ්‍ය හරහා විකුණයි. මේ විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස ආදරය අද වනවිට සොයාගත නොහැකි ලෙස අස්ථාන ගත වී ඇත. එහෙයින් සමහර මුදලට ආදරය කරති. තවත් අය පෙනුමට ආදරය කරති. සමහරු පුරුද්දට ආදරය කරති. දෙදෙනාට ආදරය ෆීල්වීමට අද මොකක් හෝ අතරමැදි තත්ත්වයක් පැවතීම අනිවාර්ය වී ඇත. ඒ නිසාම අතරමැදි කොටස අතුරුදහන් වූ විට ආදරය අන්ත්‍රස්දාන වෙයි. නූතන අර්බුදය මෙයයි.
ඇහිපිල්ළමකටවත් අවසරයක් තිබුණ් නෑ... හරි හදිස්සිය... ඔබ රැඳුනා... ඇසිල්ලකී...
විනාඩි දෙකෙන් සාදන නූඩ්ල්ස් සොයනා අපි ඒ ලෙසම අපි ඉන්ස්ටන්ට් අදරයක් හඹා යන්නෙමු. වරුගණන් දුරකථනවල එල්ලී කථා කරන්නෙමු.. නමුත් දැනිච්ච ආදරයක් නම් නැත. ඒ නිසාම ආදරය නිමවූ වහාම ගුටිකෙළියකි. නැත්නම් අවසානය මහා ඛේදවාචකයකි. ආදරය තේරුම්ගනු බැරිනම් වෙන්වූවාට කිසිදු ප්‍රශ්ණයක් නැත. නමුත් ඒ වෙන්වීමෙන් පසු එකිනෙකාට වෛරකරන තත්ත්වයක් ඇතිවීම ඛේදවාචකයකි.
ලංකාවේ සමාජයේ තුළ මේ තත්ත්වය අතීතයේ හෝ වර්තමානයේ කියා වෙනසක් නැත. අනාගතයේදී ද වෙනසක් බලාපොරොත්තු විය හැක්කේ සිටින්නා වූ දූපත් මානසික තත්ත්වයෙන් එළියට පැමිණිය හැකිනම් පමණි. එවැනි උත්සාහයක් දැරීම ම අපේ සමාජය දෙස බලන විට සුවිසල් පිම්මකි. නමුත් එවැනි පිම්මක් පැනීමට ගන්නා උත්සාහයක් පේනතෙක් මානයේ නොමැත. එසේ තිබේ නම්, අනුන් සලකුණු කළ සීමාවකදී තමන්ගේ ආදරය උකස් කරන්නේ නැත. එසේ වනතුරු නිකමුන් මෙන් බලාසිටින්නේ නැත.
මේ ගීතය අවසානය මෙසේ වෙයි.
ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ...
එය අතිශය නිවැරදිය. ඉතිහාසය පුරාම සිදුවූයේ එයයි. පළමුවැනි කාරණය ආදරයේ අංශුමාත්‍රයක් හෝ දැනීමට පළමුව අපි ආදරය කළ යුතුය... දෙක මෙහෙව් සමාජ ක්‍රමයක් තුළ ආදරය අංශුමාත්‍රයක් හෝ දැනුනහොත් එය ද පුදුමයකි. ආදරය මෙකී බ්‍රෑන්ඩඩ් ස්වරූපය ඉක්මවන තුරු, විශ්වීය තත්ත්වයට පත් තුරු ආදරය නොදැනෙන්නේමය. පවත්නා වටපිටාවේ ඊට වඩා වැඩි කිසිවක් බලාපොරොත්තු විය නොහැක.
දශක කීපයක් තුළ තරුණ අරගල තුනක් පැන නැගුනේ ද ඉතිහාසය පුරාම ආදරෙයේ අංශුමාත්‍රයක්වත් දැනී නැති නිසා නොවේද? ආදරය නොදැනීමෙන් උපරිම ඵලනෙලා ගත්තේ මෙරට පාලකයන්ය. මේ නොදැනීම ඔවුන් විසින් විවිධ ස්වරූප බවට පත්කලහ. සියළු අර්බුද ඇති කළ මේ අධිපතිවාදී, මහජාතිකවාදී මනෝ භාවය එහි ප්‍රතිඵලය ය. තවමත් ඔවුන් මෙතරම් නීති දමමින් මේ තත්ත්වය පවත්වාගෙන යාමට තමන්ට හැකි උපරිමය යොදන්නේ හදිසියේ හෝ ආදරයෙන් අංශුමාත්‍රයක් හෝ දැනුණු දවසට, ආදරය නම් වූ විශ්ව මානව භාෂාවෙන් හදවතට හදවතක් කථාකරන පටන් ගත් දවසට ඔවුන්ගේ රඳෙි ගැලවෙන්නට පටන්ගනු ඇති නිසාය.
සමාජයක් ලෙස අප ද මෙය අතපසුකරමින් ආදරය ගැන ලොකු ලොකු කතන්දර කියමින් සිටින්නේ ආදරයේ අංශුමාත්‍රයක් හෝ දැණුනු දවසට අපගේද රඳෙි ගැලවෙන නිසාය. ආදරය කියා වෙන මොකද්දෝ ගැන කියමින් සිටි නිසාම ආදරයේ භාෂාව අපේ හදවත්වලට ද කථා කර දින අපේ පොරටෝක් ද අහෝසිවී යන හෙයිනි. මෙලෙස අප දෙපිරිසම හුදු යැපීම වෙනුවෙන් ආදරය පාවා දෙමින් ජීවත් වෙන්නෙමු.
Krishan Rajapakshe | ක්‍රිශාන් රාජපක්ෂ
[SEO Tags] Adaraye Anshu Mathrayak By Indrachapa Liyanage, Udaya Dharmawardhana, Chinthana Dharmadasa, How I Wonder What You Are Theme Song, Asoka Handagama Lyrics
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
පාවුලෝ කොයියෝ ලියයි.|
Book Quotes
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
[3]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus