BOONDI.LK| ගී කිය(ව)මු| අත්‍යවශ්‍ය මතක් කරදීමක් හෙවත් \'නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන්ද?\'
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව ....
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය හිරු එන විටම
කියයි ඔබ සුළඟට පෙම් බඳින බව -
එනමුදු වැසෙයි කවුළුව ඔබගේ සුළඟ එන විටම
එබැවින්ය මා බිය වන්නේ - ඔබ මට ආදරෙයි කියන විට!
|බොබ් මාර්ලේ කියයි.
|Personal Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
ගී කිය(ව)මු
කතා-බස්
රහක් ඇති Music
ඔත්තු
BoondiLets
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
අලුතෙන්ම!
දැක්ක ගමන් දුක හිතෙනා- ප්‍රේමී සබන් නම් වානා
|
ඩෝං පුතා
[0]
"නිකිණි වැස්ස" | කළු කළ තරමටම වැස්ස වැටුණා ද?
|
දිනුක සපුතන්ත්‍රි
[2]
One Million Bones
|
තුෂාරි ප්‍රියංගිකා
[2]
තවත් ගී කිය(ව)මු
අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්...
|
සමන් එම්. කාරියකරවන
[3]
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
|
විජය නන්දන පෙරේරා
[24]
ඉන්දියන් සයුරෙන් නැගී පියෙද්රා ගඟබඩ රළ නැගූ ගෙවා නිමා කළ මිහිරැති වසන්තය
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[3]
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
|
විජය නන්දන පෙරේරා
[1]
අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි
|
විජය නන්දන පෙරේරා
[3]
"සඳකඩ පහණක කැටයම් ඔප ලා" අරුත් සරු ගීයකි!
|
කොට්ටාවේ සමිත හිමි
[0]
"සඳකඩ පහණක කැටයම් ඔප ලා" ගීතයක් ද?
|
බණ්ඩාර සෙනෙවිරත්න
[1]
වසන්තයේ මල් පොකුරු නෙලා - ඔබ මා දෝතට ගෙනෙන තුරා
|
දිලීප ජයතිලක
[0]
තිත්ත පාත්‍රය සහ සඳ මඬල| "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[1]
අපරාධය,දේශපාලනය සහ රාජ්‍ය බලය| "නොසැළෙයි දිවි මකුළු ඇස..."
|
වීරයා
[0]
අක්ෂර සෙනග-
[ගී කිය(ව)මු]
[4/7]
දිලීප
මාලතී
වීරයා
විජය
BOONDI • Music • •
ගී කිය(ව)මු
අත්‍යවශ්‍ය මතක් කරදීමක් හෙවත් 'නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන්ද?'
[0]
බූන්දි| | 01:49:06
මේ වන විට ලංකාවෙන් හතරෙන් තුනක් පමණ මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තියේ කිරිබත වළඳා දිරව ගනිමින් සිටියි. කිරියෙන් පැණියෙන් මෙන්ම රජ්ජුරුවන්ගේ ආශිර්වාදයෙන් ද ඔවුහු සතුටු වෙමින් දිවි ගෙවන්නෝ වෙති. රට වැසියෝ නිර්වින්දනය කිරීමට යොදා ගත් යුධ ජයග්‍රහණයේ එන්නත හෙටත් රාජ්‍ය ත්‍රස්තවාදයක් ලෙසින් ජනතාවගේ අධෝමුඛ තුළට විදිනු ඇත. ගත වූ සතියේ පදවි ප්‍රාප්තිය අළලා වියදම් කළ මුදල් ප්‍රමාණය අති විශාල ය.
ඒ තරම් මුදල් ප්‍රමාණයක් නාස්ති වීමේ
ප්‍රීතිය ද අපේ රටේ මහජනයා ඉතා සතුටින් විඳ දරා ගත්හ. තිස්වසරක යුද්ධයක් හමාර වූයේ මිනිස් ජීවිත ලක්ෂ ගණනක මරණයන් මතිනි. දකුණේ පොදු සිංහල මතයට අනුව එය ලාංකීය ඉතිහාසයේ ලද විශාලම ජයග්‍රහණය වෙයි. උතුරේ දුක් විඳිමින් කැකෑරෙන අවිහිංසක දමිළ මිනිසුන්ගේ ආස්ථානයෙන් එය තවත් කබලෙන් ලිපට වැටීමක් ය. උතුරු වසන්තය ත් නැගනහිර නවෝදය ත් වචන වලින් එළියට විත් කළ දෙයක් නැත. ඔවුන් තවමත් රජය විසින් පාලනය කරන කඳවුරු තුළ හෝ විනාශ වී ගිය අනාගතයක් ඉදිරියේ එල්ලා ඇති 'සුභ අනාගතයක්' බෝඩ් ලෑලි කියවමින් සිටියි. ඉකුත් වසරේ මැයි 18 වන දින ලංකාවෙන් අති බහුතරයක් ම කිරිබත් කෑහ. පාරවල් වල සිංහ කොඩි ලෙළ වූහ. අදට දින කීපයකට පෙර ද සමහරු එසේම කිරිබත් වැළඳූ හ. ඒ යුධ ජයග්‍රහණය කරා රට රැගෙන ගිය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය ත් දෙවන පදවි ප්‍රාප්තිය ත් හේතුකොටගෙන ය.(සරත් ෆොන්සේකා මේ වියමනට අදාළ නොවන හෙයින් ඔහු ව මින් පිටතින් තබමි.) මේ සෑම අටමගලයක් මැද්දේ සිදු වූ කිසිවක් අප විසින් අමතක කළ යුතු නැත. මන්ද ඒ සෑම දෙයකින්ම අපට කියාපානුයේ පෙනෙනුයේ ලාංකීය ජන විඥානය සහ දේශපාලනික උප්පරවැට්ටි මෙන්ම රටේ කාලකන්නි හරස්කඩකි.
1. ස්වර්ණවාහියේ මෙගා ස්ටාර් ජරමරය.
2. මර්වින් සිල්වා පබා ගේ කුක්කු බොන්නට ඇති කැමැත්ත ප්‍රසිද්ධ ජන මාධ්‍යයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම.
3. කොළඹ කේන්ද්‍රීයව කැසිනෝ ශාලා ඉදි කිරීමේ අවධානම.
4. එස්. බී.ගේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ලංකාවෙ කෙල්ලන්ට පිටරට කොල්ලන් ලැබීම.
5. මේ සෑම දේකටම සරිලන විදියට පාර්ලිමේන්තු හා නොවන සංඝ රත්නය ආශිර්වාද කරමින් සිටීම.
මේ සියල්ලක්ම ලාංකේය පොදු ජනමතයට ආතල් ය. ආතල් නිර්මාණය කරමින් ලොසින්ජර මෙන් ලොවන්නට දීම ආණ්ඩුවට විසින් සිදුකරගෙන යන්නකි. මෙවැනි ලොලි පොප් ලොවමින් මහජනතාව සියල්ල අමතක කරමින් සිටියි.(තවත් විදියකට මතක් වීමට ද ඔවුන්ට කිසිවක් නොමැත.) මේ අනුව රජයේ අලුත්ම ලොලි පොප් එක නොහොත් ආතල් එක 'රණවිරු රියල් ස්ටාර් ය'. එක බෝලයක් දමා හමාර වූ පසු ඔවුන් තවත් බෝලයක් දමයි. ඒ හැම බෝලයකටම ආදරයෙන් ස්වකීය කඩුල්ල පූජා කිරීමට ජනතාව පුල පුලා බලා සිටී. රණවිරු රියල් ස්ටාර් එසේ සිදු වෙද්දී එල්. ටී. ටී. ඊ රියල් ස්ටාර් කේ.පී සිටිනුයේ කොහේද....? අන්තිම හතලිස් අට දෙනාට පෙර ඉවත් වූ කරුණා අද සිටිනුයේ කොහේද.....? මෙවැනි ඔල්මොරොන්දම් මළවිකාර සියැසින් දකිමින් ලාංකීය බහුතරයක් ජනයා තමන්ගේ කාලකන්නි මෝඩකම නැවත නැවත කරමින් මහරජාගේ කැසිකිළි වැසිකිළි සෝදමින් සිටියි.
පබිලිස් සිල්වා විසින් සකසා දුන් කිරිබතට ඔබ්බෙන් ලාංකීය ජනවිඥානය මෝදු විය යුතුය. කට සැර ලුණු මිරිසක් සාදාගත යුත්තේ එතැනිනි. නොඑසේනම් දෙන දේ කමින් වෙන දේ බලා සිටින පොදු ජනතාවට ඉදිරියේ දී තව තව කිරිබත් හැලි ඉදෙනු ඇත. පබිලිස් සිල්වාගේ කිරිබත දින තුනකට පසු නොදිර වූ ආහාර කැබලි ලෙස වමනෙ ගියේ අය වැය කියවීමත් සමගය! ඒ සමගම රට්ටුන්ගේ කර්ණශංඛය ආශ්‍රිතව තරු කීපයක් එහාට මෙහාට භ්‍රමණය වන්නට වුණි. ඔළුව අත ගා ටොකු ඇනීමේ කලාවට එහා ප්‍රාගුණ්‍යක් ප්‍රකට කරන රාජපක්ෂ ආණ්ඩුව ඇඳුම් අන්දවාම අහවල් වැඩේ කරමින් සිටියි.
ඉතිකින් ජනතාවත්, රජ්ජුරුවෝත්, සහචරයෝත්, වන්දිභට්ටයෝත්, කේවට්ටයෝත් මේ සැමරුවේ කුමක්ද....? ලක්ෂ ගණනක් මරණයි. මරණයට පත් වූයේ කවුරුන්ද කොයි රටේ මිනිසුන් ද යන්න අමතක කරමින් ලේ පිපාසයෙන් කෑ ගසන රජුත් ඔල්මොරොන්දම් දකුණේ ජනතා චින්තනයත් තවත් ඉදිරියට සිදු කරන්නේ කුමක්ද....? මේ මහා මිනිස් සංහාරය සැමරිය හැකි නිරුපද්‍රිත හෘද සාක්ෂිය කුමක්ද......? ඉතිං නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන් ද....?
ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවේ
විජය නොඩි නගන්නේ කවුරුන් ද
මිනිස්කම හමුවේ පැන නගින මේ පැනය කුමක්ද? ළමයින් දුටු දුටු තැන වඩා ගන්නා සංවේදී නායකයා මේ සැමරුවේ කුමක් ද? බල ලෝභිත්වයත් උමතුවත් තව තවත් එල්.ටී.ටී.ය පරාජය කිරීම ම පමණක්ම ඉදිරියට දමමින් කරගෙන යන්නේ කුමක් ද....?
එකම ඉර එකම හඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදි හිඳ දෙපිලකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට
එකම ගැටළුවක් වෙනුවෙන් පෙනී සිටින ජනතාව එකම ඉරක් හඳක් යට ජීවත් වෙමින් පිල් වැදී කරන අරගලය කුමක්ද....?
"එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට...."
අපිට ඇත්තේ පොදු සතුරෙකි. අප විසින් කළ යුත්තේ ඒ පොදු සතුරා පරාජය කිරීම පමණි. පවතින දේශපාලනයට කඩේ යාමත් මුග්ධ කපටි චරිත වන්දනාමාන කිරීමත් නොව පොදු සතුරා පරාජය කිරීම වෙනුවෙන් එකතු වීමයි.
වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
රාපක්ෂගේ කිරිබත් වලින් ඔබ්බට අප කවුරුත් සිතා බැලිය යුතු කරුණක් ඇත. ඒ මවාපාන මහා පරිමාණ බොරු වලට රැවටී තව දුරටත් ඔවුන්ගේ දේශපාලනික ඉත්තන් බවට පත් වීමට තුඩු දෙන කශේරුකාවේ ඇති රබර් මිශ්‍රණය ඉවත් කර ගැනීමයි.
ඉන් පසුව,
එකමුතුව ජය පතා අනාගත පරපුරට.... අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට....!
ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවේ
විජය නොඩි නගන්නේ කවුරුන් ද
එකම ඉර එකම හඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදි හිඳ දෙපිලකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට
වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට
ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ
ගීතය අහන්න මෙතනින් යන්න.
ශිල්පීන් සමග සම්බන්ධ විය හැකි දුරකථන අංක-
සුනිල් එදිරිසිංහ - 777 686 986 , බණ්ඩාර ඇහැළියගොඩ - 777 486 482
Veeraya | වීරයා
[SEO Tags] Rana Wiru Real Star, 'Lokayak Nasannata Ruduru Awi Atha Dara', Sunil Edirisinghe, Rohana Weerasinghe, Bandara Eheliyagoda, Sinhala Lyrics
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
බර්ට්‍රන්ඩ් රසල් කියයි.|
Personal Quotes
ලෝකයේ අති මහත් ම ගැටළුව වූකලී, මෝඩයන් සහ භක්ති උන්මන්තකයින් තමන් පිළිබඳ අතිශයින් ම විශ්වාසයෙන් පසු වීමත්, ප්‍රඥාවන්තයින් තමන් පිළිබඳ අවිශ්වාසයෙන් පිරී සිටීමත් ය.
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus