BOONDI.LK| අදහස් බූන්දි| මධ්‍ය ලක්ෂ්‍යය ළඟදී- ජ.වි.පෙ. හමුවීම!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස
|
ජස්ටින් පියරත්න
[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය'
|
දමිත් වැලිකල
[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක්
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
11 වැනි පැයේදී.....
[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය
|
සුදර්ශන සමරවීර
[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක්
|
විචක්ෂණ අධිකාරි
[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන්
|
චන්දරේ
[0]
දඩයක්කාරයා හමුවීම
|
රුවන් එම්. ජයතුංග
[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර
|
මායා නවගත්තේගම
[9]
අක්ෂර සෙනග-
[අදහස්]
[13/37]
දමිත්
එරික්
සඳුන්
තුෂාරි
මංජුල
පියන්කාරගේ
ලියනගේ
උපුල්
රුවන්
ජගත්
දර්ශන
වීරයා
මාලතී
BOONDI • Sookiri • •
අදහස් බූන්දි
මධ්‍ය ලක්ෂ්‍යය ළඟදී- ජ.වි.පෙ. හමුවීම!
[0]
බූන්දි| | 01:57:33
මධ්‍ය ලක්ෂය ළඟදී නම් වැඩසටහන පිළිබඳව බූන්දි වෙබ් අඩවියේ මාලතී කල්පනා සොයුරිය මතු කර තිබූ අදහස් [
මධ්‍ය ලක්ෂ්‍යය අසල දවසක්
] වලට වෙනස් මානයක මතයක් මෙතුල ස්ථානගත කරමි. අන්වර්ථ නාමයක් යොදා ගන්නේ, මෙහි අදහස් සමග නොව ලියන්නාගේ ඇඟේ එල්ලෙන නිසාය. මධ්‍ය ලක්ෂය හා ජ.වි.පෙ. සහ සම්බන්ධය පිළිබඳව මෙහිලා සංවාදගත කරන්නේ, චන්දන සිරිමල්වත්ත, පුබුදු ජයගොඩ, ආදීන් එහි පසුබිමින් සිටි නිසාවත් ජ.වි.පෙ කටවුට් වල අනෙක් පස-
වෙනස්
වෙමු කවයේ චිත්‍ර ඇඳ තිබූ නිසාවත් සී.අයි.ඩී. එකේ මහත්තුරුන් එහි පැමිණ සිටි නිසාවත් නොවේ. එකී, මධ්‍ය ලක්ෂ්‍යය නම් වැඩසටහන තුලින් හීන් සීරුවේ තහවුරු කිරීමට දත කෑ මතවාදයේ දරුණු කම නිසාය. එනම් සෑම කවියක්ම විප්ලවයට සේවය කරමින්, පංති සටනින් අවසන් විය යුතුයැයි කියන මතවාදයක් සංවාදයේ යටි බඩ ලෙසින් මතු වීමයි.
ලියනගේ අමරකීර්ති සහ ආරියවංශ රණවීර යන දෙදෙනා ලබා දුන් දායකත්වය පිළිබඳ ප්‍රසංශාව හිමි විය යුතුය. මන්ද දෙන ලද තත්වය යටතේ ඔවුන් තම කාරිය මනාව ඉටු කළ බැවිනි. කවිය ගැන බොහෝ දෑ අහුලා ගත හැකි විය.
නමුත් සංවාද අවස්ථාව ඛේදයකි. නවක කවියර රෝහණ පොතුලියද්ද සංවාදය මෙහෙයවන්නා ලෙස නාමකරණය කර තිබුණද, ඔහු විසින් සංවාදයට අවශ්‍ය සරුසාර අදහස් ප්‍රමාණයක් ලබා දුන්නද, සංවිධායකයන් ඇඟට නොදැනෙන සේ රෝහණව තිරය පිටුපසට තල්ලු කලෝය. අපට දුක සිතෙන්නේ හොඳ කවියෙකු වූ රෝහණ ද හැඩට රුවට මෙයට ඇඳ තිබීම පිළිබඳවය.
මේවා සමහරුන්ට මැජික් වුවද අපට නම් මැජික් නොවේ. ජ.වි.පෙ. ආසන සංවිධායක මට්ටමේ සංවාදකයන් සංවාදයට එක්වෙමින් පැවසුවේ,පංති ප්‍රේමය, ජන දුක, පංති සටන, කවිය තුලින් නිරූපණය විය යුතු බවයි. රෝහණ වෙනුවට ස්ථානගත කර සිටි සංවාදය මෙහෙයවන්නා ජැක්සන් ඇන්තනියානු අනුකරණයකින් පතෝලමය ආකාරයකින් අතිශය ස්වාධීන වීමට උත්සාහ දරමින් සිටිනු දක්නට ලැබුණි. ඒකත් හරි, මේකත් හරි, ආ..ඒකත් හරි යනාදී වශයෙනි. සංගීත ප්‍රසංග වල අත්පුඩි හිඟන්නාක් මෙන් සංවාදයට එක් වෙන්නැයි අයැදීමට (මුලදී) ඔහුට සිදු වූයේ සාදා නිමකර ගත් සංවාදයකට සභාව සූදානම්ව නොසිටි නිසා විය යුතුය.
ඉතා සංවිධානාත්මකව හවස් වරුවේ වැඩසටහන සඳහා තෝරාගෙන තිබූ නිර්මාණද අදාළ මතවාදය පෝෂණය කරන ඒවාම වීම අහම්බයක් නම් නොවේ. කවියට නව ආකෘති හඳුන්වා දීම වරදක් නොවේ. ඒ පිළිබඳ විරෝධයක්ද නැත. නමුත් සිදු වූයේ අලුත් ආකෘතිය පිළිබඳව සංවාද කිරීම පසෙක ලා ඉදිරිපත් කළ නිර්මාණ පිළිබඳව සංවාද කිරීමය.
ජරපත් සමාජ දේහය සුවපත් කිරීම වෙනුවෙනුත් කවි ලියන්නැයි කවියන්ගෙන් ඉල්ලා සිටීම එකකි. සැබෑ සංවේදී කවියන්ට එවැනි ඉල්ලීම් ද අවැසි නොවේ. මන්ද බ්‍රෙෂ්ට් පැවසූ පරිදි අඳුරු යුගයේ දී අඳුරු යුගය ගැන කව් ගී ලියැවෙන බැවිනි. ශුද්ධ කලාවන් කොහේවත් නැති බව අපිද දනිමු. නමුදු එසේ යැයි කියා ප්‍රචාරකවාදී කලාවක් අවශ්‍යවන්නේ කාටද? දේවල් කැඩී බිඳී යාම ගැන අපට දුකක් නැත. නමුත් කැඩී බිඳී ගිය දේවල් තිබූ තැන් වලට ආදේශ වන්නේ පැරණි දේවල් වලටත් වඩා අගතිගාමී දේවල් නම් සිය වරක් සිතා නැවත සිතා බැලිය යුතුය.
මේඝවර්ණ නම් සොයුරෙක් එහි දී මතු කළ ආකාරයට සුසමාදර්ශී විතැන්වීමක් සැබවින්ම අවශ්‍යය. සෝවියට් සාහිත්‍යයෙන් පොලා පැනීමට තවමත් හැකි වී නැත. ජමීලා ළඟ අල්තීනායි ළඟ තවමත් හිත නතර වේ. පෙර කල ප්‍රගති ප්‍රකාශකයන් තොග පිටින් පරිවර්තනය කර මෙහාට සෝවියට් පොත් එවූ ලෙසට නූතන සාහිත්‍යය මෙහි නොඒමද එයට තවත් හේතුවක් විය හැකිය.
ඉතා සංවිධානාත්මක ලෙස (පූර්ණකාලීන ක්‍රියාධරයන්ද ඇතුළුව) ගෙන්වා තිබූ පිරිස පිළිබඳව ස්වයංමෝහනයට පත් වී දෑස් නිලංකාර කර ගත යුතු නැත. කවිය ඇත්තේ කොහොමත් අර්බුදයකය. කලාවමත් ඇත්තේ අර්බුදයකය. ඉතින් සියල්ලෝම එක පැත්තට පීනද්දී වෙනස් පැති වලට පීනන්නෝ කවියෝය. කුමරතුඟුවන් පැවසූ පරිදි,
තෙරක් නොමැති කවි සසරේ
මහ බඹු කවියා විතරේ
ඔහු රිසි යමතෙක හැසිරේ
මුළු ලොව ඒ දෙසට හැරේ
ආරියවංශයන්ගෙන් ඇරඹී කවිකාර නදීගෙන් නොව එෆ්. එම්. නදී ගෙන් වැඩසටහන අවසන් වීම පොඩි අයිසින් පාරක් බව දත යුතුය. කවියට ධනපති ක්‍රමයේ අණ පණත් සුදුසු නැතිවාක් මෙන්ම වෙනත් ආකාරයක අණ පණත්ද අවශ්‍ය නොවේ.
''කටු ගැනත් කවි ලියපිය''කියා කවියන්ට කියන විට කවියන්ට කීමට අපට ඇත්තේ මෙපමණකි.
රෝස මලේ නටුවෙ කටූ
වන බමරෝ ඔහොම හිටූ
කියාය.
Spartacus | ස්පාර්ටකස්
[SEO Tags] Wenas Wemu, Near The Mid Point, Kayanna Wiyanna
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
එංගල්ස් කියයි.|
Personal Quotes
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.
-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus