BOONDI.LK| වෙසෙස් බූන්දි| POPසිකල් වෙනුවට රියල් POP!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to ....
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.
|බොබ් ඩිලන් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
ගී කිය(ව)මු
කතා-බස්
රහක් ඇති Music
ඔත්තු
BoondiLets
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
අලුතෙන්ම!
දැක්ක ගමන් දුක හිතෙනා- ප්‍රේමී සබන් නම් වානා
|
ඩෝං පුතා
[0]
"නිකිණි වැස්ස" | කළු කළ තරමටම වැස්ස වැටුණා ද?
|
දිනුක සපුතන්ත්‍රි
[2]
One Million Bones
|
තුෂාරි ප්‍රියංගිකා
[2]
තවත් වෙසෙස්
තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර- 'ස' සමාප්තිය
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[18]
බුද්ධාගම හා සංගීතය
|
සී.ද.එස්. කුලතිලක
[0]
Hotel California: What the Song is About
|
රුවන් එම්. ජයතුංග
[5]
අජිත් කුමාරසිරි නම් ක්‍රම විරෝධියා පිළිබඳ ඇත්ත හෙවත් නෝ මෝ රොක් අජිත්
|
චන්දරේ
[8]
ජිප්සීස් සුනිල්- 'සොමිය' ගෙන ආ සොමිකාරයා
|
විනූෂා විජේවික්‍රම
[5]
ජෝන් ලෙනන් | ලොව සලිත කල විප්ලවීය ගාන්ධර්වයා
|
දර්ශන මේදිස්
[3]
සුනිල් එදිරිසිංහගේ "මල් වැහි පොද" වැටුණු දා
|
රාජ් සෝමදේව
[0]
ඔහු යුගයක් විය. මයිකල් ජැක්සන්......
|
වින්ධ්‍යා විතාන
[0]
චාමින්ද රත්නසූරිය| නූතන ගී පද සාහිත්‍යයේ රොමාන්තිකයා
|
ලක්සිරි හේවගේ
[6]
සිංහල ජනප්‍රිය සංගීතයේ බැස නොගිය සුපිරි තරුව| එච්.ආර්.ජෝතිපාල
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[12/27]
රුවන්
සංඛ
සඳුන්
හෂිත
රසික
ලියනගේ
චින්තන
විරාජ්
දර්ශන
මාලතී
බර්ටෝල්ට්
ක්‍රිශාන්
BOONDI • Music • •
වෙසෙස් බූන්දි
POPසිකල් වෙනුවට රියල් POP!
[1]
බූන්දි| | 20:39:00
''මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල් විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.''
-ජෝන් සෙකාඩා
දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැඟීම විතරයි. එක එක ආකාරයේ විසිතුරු පෑ තරු අතරින් රතු පලස් උඩින් සම්මාන උළෙලට ඇතුල් කර ගනිද්දීම මම
පැය කීපයක් බොරුවක් ඇතුලේ ආතල් එකක් ගැනීමට වැඩි දෙයක් බලපොරොත්තු වුණේ නැහැ. ලොකු ලොකු ආර්ටිස්ට්ලා ලක්ෂ ගණං වියදම් කරලා හදපු පිටරට කොපි ගොඩකට සම්මාන දෙන හැටි බලන්න මිසක් වෙන අදහසක් මගේ ඔලුව ඇතුලෙ තිබුණේම නැහැ. ඒත් සම්මාන උළෙලේ තිබුණු උත්සවශ්‍රීය මට ත්‍රිලක් ගෙනාවා.
කිසි දෙයක් වෙන්නෙ නැති ගඳ ගහන හිස් තැනක ලංකාව කුණු වෙද්දි, ජාතික ඇඳුම්, මල් වට්ටි, පොල් තෙල් පහන්, ආප්ප සහ ලුණු මිරිස් නැතුව අන්තර් ජාතික මට්ටමක සම්මාන උළෙල තියන්න දෙරණ අරගෙන තිබ්බ වෑයම මාව පුදුම කළා. කොහොමද මේ කාලෙ මේ වගේ දෙයක් වෙන්නෙ?
අනර්කලී එක්ක සාරංග පෝඩියම් එක ළඟට ආවා. අනර්කලීගේ උච්චාරණය හරියට දත් හිරි වට්ටනවා. ඒත් දැන් අපිට ඉන්නෙ එයා විතරනෙ. මොනවා කරන්නද? සාරංග හුඟක් හොඳට ඒ වගේම වෙන කිසිම සාම්ප්‍රදායික නිවේදකයෙකුගෙ දැකපු නැති තරම් නිර්මාණශීලිව අනර්කලී එක්ක වැඩේ ඇදගෙන ගියා. (ජැක්සන් ඇන්තනි හරි සමන් ආතාවුද හරි වගේ පිළුණු රහට නැතිව)
වැඩසටහන ආරම්භයම හොඳ කික් එකක් අරන් දුන්නා. තමන්ගෙ කට්ටියට සම්මාන දුන්නෙ නෑ කියල විනිශ්චය මණ්ඩලේ කට්ටිය පැහැර ගැනීමක් ගැන කලබලයක් මතුවීමත් එක්ක පටන් ගැන්ම උනුසුම් වුණා. මෙගා ස්ටාර් වගේ ගැලරියෙ වැඩ 'ලොකු' වෙන වටපිටාවක ඒ ආරම්භය හරි දේශපාලනිකයි. සාමාන්‍යයෙන් සම්මාන උළෙලක් කියන්නෙ ලංකාවෙ බෝරිං වැඩක්. ඒත් මේ වැඩේ මුල ඉඳන් අන්තිම වෙනකල්ම හොඳ ගැම්මක් තිබුණ. බොරු ජාතිකවාදී ෂෝ වලට වැඩිය ෆන් එකක් ගැන අදහසක් දෙරණට තිබුණ. (ප්‍රයිවෙට් චැනල් ඔක්කොමත් ආණ්ඩුවෙ ඒවට වඩා සාම්ප්‍රදායික සහ ගොඩේ වැඩ කරන වෙලාවක් මේක)
තේමා ගීතය දකින කොට මට ඒ රූප රාමු එක්ක පොඩි කාංසාවක් ඇති කළා. ඒ රූප රාමු අතරෙ බූඩි ලංකාවට අඳුන්නලා දුන්න දේවල් ගොඩක් මුහු වුණා. ඇයි බූඩි මෙතන නැත්තෙ?
මාව ටිකක් ඉරි තැලුණ. නැටුම් වල ටිකක් ගොඩේ පාර්ට් වගේම ඉදිරිපත් කිරීමේ තරමක් දැනෙන ඇණ ගැනීම් තිබුණත් සමස්තයක් විදිහට වැඩේ නැගලා ගියා. මට චූ කරන්න යන්න වුණත් නැගිටින්න හිතුණෙ ඉන්න බැරිම තැනදි. ලංකාවෙ ලොකු ලෙකු පොරවල් ඔක්කොම වගේ පෝඩියම් එක ළඟට ආවා සම්මාන දෙන්න. ඒත් පරණ සම්මාන උළෙලවල් වල වගේ නිකං පඬි කතා තිබුණෙ නෑ. පොර ටෝක් නැතුව ජෝක් වලින් නැත්තං තමන් ජෝක් වෙලා හරි බලන් ඉන්න අය විනෝද කරන්න ඒ කට්ටියට සිද්ද වුණා. ඒ වැඩේ මේ තරං තැනකට ගන්න දෙරණට පුළුවන් වුණු එක අති විශිෂ්ටයි.
විශේෂයෙන් නාමල් උඩුගම සම්මානයක් දෙන්න වේදිකාවට අරන් ආපු එක 'වැඩක්'. නාමල් කියන්නෙ එක්තරා යුගයක ඇත්ත පොලොවෙ ජනප්‍රිය වුණු චරිතයක්. මීඩියා වලින් පුම්බපු සුපර් ස්ටාර් චරිත වලට වැඩි ඇත්තක් නාමල්ගෙ තිබුණ (එහෙම දැනෙන්නෙ අද). අලුත් පොප් වැඩක් කෙරෙද්දි ඒ චරිත වේදිකාවට ගේන්න තරම් දෙරණ දැනුවත් වීම ගැන මට තියෙන්නෙ ගෞරවයක්. ඒත් නාමල් හරි දැනුවත් කිරීමක් නැතුව එතන අවුල් වුණාද මන්දා.
මේ සම්මාන උළෙල ගැන මට තියෙන 'මාර' හැඟීම එන්නෙ මේ කිසි දෙයක් නිසා නෙමෙයි. ඒ සම්මාන උළෙලේ ජනප්‍රිය කියන, ලංකාවෙ මෝඩකම තීරණය කරන දේවල් වලට වඩා ඇත්ත සංකල්පීය නිර්මාණශීලිත්වයක් දරන දේවල් මතු කිරීම වෙනුවෙන් තිබුණු උත්සාහය නිසයි. ලක්ෂ ගණං සල්ලි වියදම් කරමින් හින්දි- ඉංග්‍රීසි කොපි සිංදු හදන මියුසික් වීඩියෝ කර්මාන්තයට අභියෝග කිරීම දෙරණ බාර අරගෙන තිබුණා. බොරු නිෂ්පාදන වටිනාකම් වලින් ඇස් රැවටීම පැත්තකින් තියලා මියුසික් වීඩියෝ කියන්නෙ ආර්ට් එකක් කියන තැනට දෙරණ සම්මාන උළෙල අරගෙන ආවා.
අපේ චිත්‍රපටිය ඇසුරෙන් 'උදයා' ගත්ත සම්මානය නිසා නෙමෙයි, 'අපේ පරම්පරාවක්' ඉදිරියට ගැනීම වෙනුවෙන් ලොකු ගෞරවයක් මට ඒ චැනල් එක ගැන ඇති වෙනවා. 'ජෝන් සීනා' වගේ සිංදුවක ඇතුළත කියවීම හඳුනා ගැනීම, 'ෆියුනරල් ඉන් හෙවන්' වෙනුවෙන් අමිල කරපු වීඩියෝ එක වගේම 'ගෙම්බා' වගේ සිංදු වල තියෙන වෑයම දැනෙන තරම් සංවේදී වීම මේ සම්මාන උළෙලේ විශිෂ්ටත්වයයි. ඒ වගේ දේවල් මෙච්චර කල් ලංකාවෙ සිද්ද වුණේ නෑ. වෙනදට ප්‍රොඩක්ෂන් කොම්පැණි ඇවිත් ගෝනි වල දාගෙන යන සම්මාන මේ පාර තනි තනි තරුණයෝ ඇවිත් හුඟක් ආදරෙන් එකතු කරගෙන ගියා. අනිවාර්යෙන් ඒ අය තවත් වැඩ කරාවි. බය නැතිව තවත් අලුත් දේවල් හිතාවි. ඒ අදහස් අගය කරන එක වේදිකාවක් හෝ තියෙන වගට ඔවුන්ට විශ්වාසයක් තියෙන නිසා.
විමුක්ති, සුභාෂ්, සුමේධ, ප්‍රවීන් විනිශ්චය මණ්ඩලයේ සිටීම අනිවාර්යෙන්ම මේ විකල්ප පන්නරය අරන් එන්නට හේතු වෙන්න ඇති. සල්ලි මත තීරණය වෙන කර්මාන්තයක් ඇතුළත අලුත් දෙයක් වෙනුවෙන් ඉඩක් හදන්නට තරම් ඔවුන් නිර්භීත වීම ගැන ඔවුන් බදා වැළඳ සිප ගත යුතුයි. මියුසික් වීඩියෝ කියන එක කලාවක් නැත්තං ආර්ට් එකක් කියන අවධාරණය ඇති කිරීම ඒ අය මේ කාලෙ කරපු ලොකු වැඩක්. ඒක කොහෙත්ම සුළුවෙන් තකන්න බැහැ.
මේ වැඩේ වෙද්දි මගේ හිතට ආපු මතකය වුණේ 2005 අවුරුද්දෙ චිත්‍රපටි සංස්ථාව පවත්වපු කෙටි චිත්‍රපට තරඟය. අහම්බෙන් ඒ විනිශ්චය මණ්ඩලයෙ අශෝක හඳගම හිටපු නිසා තේරුණු චිත්‍රපට වෙනම ම හැඩයක් ගත්තා. චිත්‍රපටි හදන්න අලුත් උනන්දුවක් ඇති වුණා. ඒ සම්මාන උළෙල සැණකෙලියක් වුණා. ඒක සිද්ධියක් නෙමෙයි. ප්‍රවණතාවයක් විදිහට සමාජයට බලපෑවා. දෙරණ සම්මාන උළෙලත් එහෙම වුණු අහම්බයක්ද කියන්න මම දන්නෙ නෑ.
කොහොම වුණත් විකල්ප කලාවක් වෙනුවෙන් මේ හිටගැනීම දෙරණට ලේසි වෙන එකක් නැහැ. අනිවාර්යෙන්ම බොහොමයක් අභියෝග වලට මුහුණ දෙන්නට ඔවුන්ට සිද්ද වේවි. ඒ වුණත් මේ වෙනස 'දෙරණ' සමාජ වෙනසක් වෙනුවෙන් දුන්න ලොකු තල්ලුවක්. විශේෂයෙන්ම ජනප්‍රිය තරු පිරිවැරූ ගලධාරියේ රතු කාපට් රාත්‍රියක මේ විකල්ප නිර්මාණකරුවන් අභිෂේක කිරීම අතිශය දේශපාලනික වෑයමක්.
කොහොම වුණත් මාව අමන්දානන්දයට පත් කරමින් බූඩි සම්මානයක් දෙන්න පෝඩියම් එක ළඟට ආවා. ඒ එක්කම ඒ සම්මානය ගන්න වේදිකාවට යන්න තිබුණෙත් උදයටයි මටයි ඉන්ද්‍රචාපාටයි. මම අපේ ලොකු අයියාව (බූඩි) බදා ගත්තෙ සමස්ත පරපුරක් වෙනුවෙන්ම ඔහු කරපු විෂුවල් මෙහෙවර ගැන පට්ට ආදරේකින්. කැමරාව හොල්ලන්න, පාරෙ හිටවන්න, අරන් දුවන්න බය නැති කරපු ඒ අලුත් පරපුරක පුරෝගාමියා අතින් අපි සම්මානයක් ගත්තා.
දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල ජාතික තලයේ රූපවාහිනී නාලිකාවකින් බලාපොරොත්තු වෙන්න බැරි තරමෙ ප්‍රචණ්ඩ වැඩක්. ඒ වගේම ඒක උපරිම වින්දනයක් සහිත නිර්මාණශීලී මෙහෙවරක්. මේ වෙලාවෙ ලංකාවෙ පොලොවෙ සිරාම දේශපාලනික මැදිහත් වීමක්. කවදාවත් දෙරණෙ වැඩසටහන් බලද්දි මම බලාපොරොත්තු වුණේ නැහැ අලුත් සිහිනයක් වෙනුවෙන් මේ විදිහෙ කැපකිරීමක් කරන්න දෙරණට පුළුවන් වෙයි කියල. ඒත් එදා රෑ දෙරණ මාව වෙනස් කළා.
ඒ වෙනස වෙනුවෙන් කොන්දක් තිබුණු එහි සබාපති ලක්සිරි වික්‍රමගේටත් මගේ හෘදයාංගම ප්‍රණාමය. ලංකාවෙ හැමදාම සිද්ද වුණා වගේම හෙට වෙනකොට මේ හැම දේකම අර්ථයන් අහෝසි වෙන්න පුළුවන්. දෙරණ ආයිමත් සාම්ප්‍රදායික ගොහොරුවට තල්ලු වෙන්න පුළුවන්. ඒක ලංකාවෙ මේ මොහොතෙ ඇත්ත. ඒත් එක රැයක්, එකම වතාවක් හරි ලංකාවේ එකම මියුසික් වීඩියෝ සම්මාන වේදිකාව විකල්ප නිර්මාණකරුවන් වෙනුවෙන් ඇරුණා. ඒක මට සුබ බලාපොරොත්තුවක් ඇති කරනවා.
එඩිසන්ගේ පළවෙනි විදුලි බුබුළත් දැල්වුණේ තත්පර කීපයක් විතරයි.
Chinthana Dharmadasa | චින්තන ධර්මදාස
[SEO Tags] Derana Music Video Awards 2010
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
චාර්ලි චැප්ලින් කියයි.|
Personal Quotes
ඔබට
බලය
අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට
ආදරය
පමණක් ඔබට සෑහෙනු ඇත.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus