BOONDI.LK| වෙසෙස් බූන්දි| පියසීලි විජේගුනසිංහ| අපේ කාලයේ වීරවරියක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
අලුතෙන්ම!
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[0]
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
|
මාලක දේවප්‍රිය
[2]
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
|
තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
[4]
තවත් වෙසෙස්
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක්
|
සුදර්ශන සමරවීර
[0]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන්
|
පබ්ලෝ නෙරූදා
[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්..
|
සුදර්ශන සමරවීර
[0]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස්
|
පාවුලෝ කොයියෝ
[0]
ත්‍යාගශීලි බව
|
මායා ඇන්ජලෝ
[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස්
|
උදේෂිණි කුමාරි දයාරත්න
[0]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa]
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[1]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද?
|
ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....!
|
සුරත්
[0]
සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක්
|
සුභ
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/43]
ජීන්
ලක්ෂාන්
පාවුලෝ
සිරිලාල්
සමන්
සුනන්ද
ලියනගේ
රුවන්
කේ.කේ.
චන්දන
ප්‍රියාන්
ඇල්ඛෙයා
එරික්
මාලතී
නිර්මාල්
මායා
තුෂාරි
දර්ශන
වීරයා
BOONDI • Sookiri • •
වෙසෙස් බූන්දි
පියසීලි විජේගුනසිංහ| අපේ කාලයේ වීරවරියක්
[0]
බූන්දි| | 01:24:43
ජගත් සංස්කෘතික අම්බරයෙහි දිදුලමින් සිටි ඒ දීප්තිමත් තාරකාව නිවී ගිය පුවත - කොලඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයෙහි විශ්‍රාමික අංශාධිපති මහාචාර්ය පියසිලි විජේගුනසිංහ කලුරිය කල පුවත නිර්ව්‍යාජ කලාකරුවන්, බුද්ධිමතුන්, සහෘදයන්, ශිශ්‍යයන් මෙන් ම සවිඥානක කම්කරුවන් ද කම්පනයට පත් කල බවට සැක නැත. නූතන කලා විචාරයෙහි උන්නතිය අරබයා ඇගේ සම්ප්‍රදානය ප්‍රමානයෙන් අල්ප වුව හරයෙන් දැවැන්ත ය. බරසාර ය. විචාරකයා මත් කලාකරුවෙකි යි ඔස්කා
වයිල්ඩ් වරෙක පැවසී ය. පියසීලි ද ඒ අරුතින් කෘතහස්ත කලාකාරියක වුවා ය. ඇගේ විචාර නිබන්ධ බොහොමයක් උත්කෘශ්ට කලාකෘති තරමට ම අපුර්වත්වයෙන් යුක්ත ය. සාරගර්භ ය. අගේ අකල් වියෝවෙන් නිර්මානය වූ රික්තය ලෙහෙසියෙන් පුරවාලිය නොහේ.
පියසීලි විජේගුනසිංහ නාමය පිලිබඳ මගේ මතකය අසුව දශකය මැද භාගය කරා දිව යයි. අපි - මා ඇතුලු කලාකාමී තරුනයන් අතලොස්සක් කලා රසාස්වාදයෙහි මංහසර පාදා ගනු රිසියෙන් නා නා සාහිත්‍ය ගුරුකුල අතර සැරිසරමින් සිටියෙමු. භාරතීය රසවාදයෙන් ද, තොල්ස්තොයානු කලා න්‍යායයෙන් ද, ධනේශ්වර ස්වභාවවාදයෙන් ද, ස්තාලින්වාදී සමාජ සත්තා යථාර්ථවාදයෙන් ද, සුලු ධනේශ්වර ජනතාවාදයෙන් ද සෑහීමට පත් නොවී විකල්ප කලා විචාර චින්තාවක අවශ්‍යතාව වටහා ගනිමින් සිටි අපට ලියොන් ට්‍රොට්ස්කිගේ සංස්කෘතිය හා සමාජවාදය සහ කලාව හා විප්ලවය නමැති පොත් පිංච කියවීමට ලැබුනු අතර එය අපේ දිශානතිය වෙනස් කලේ සැනෙකිනි. තදනන්තරව, පියසීලි විජේගුනසිංහගේ සාහිත්‍යය : භෞතිකවාදී අධ්‍යයනයක් කෘතිය අප අත පත් විය. එම බැරෑරුම් ග්‍රන්ථය වරක් නොව කීපවර කියවීමක් ඉල්ලා සිටියේ අපේ සීමිත දැනුමට අභියෝග කරමිනි. එය අපේ ඥාන පිපාසාව සංසිඳුවීමට සමර්ථ වුවා මතු නොව දැවැන්ත පරිමාවක අමතර හැදෑරීමක අවශ්‍යතාව ද ජනනය කලේ ය. අපි යුහුයුහුව අදාල පොත පත පරිශීලනයට අත ගැසුවෙමු. '' අපි (ගොගොල්ගේ) හිම කබායෙන් එලියට ආවෙමු'' යි දොස්තයෙවිස්කි නොවලහා ප්‍රකාශ කලේය. එලෙසම, අපි (පියසීලිගේ) අධ්‍යයනයෙන් පුනර්ජන්මය ලදිමු.
අපෝහක භෞතිකවාදී සෞන්දර්ය විද්‍යාවෙහි පුරෝගාමීන් - ප්ලෙඛානොව්, ට්‍රොට්ස්කි, වොරොන්ස්කි, බෙන්ජමින් - කලාව යනු විද්‍යාව මෙන් ම යථාර්ථය ඥානනය කිරීමෙහි එක්තරා විධියක් බැව් එවකට ද තහවුරු කොට තිබුනු අතර පියසීලි විජේගුනසිංහ එය වැඩිදුර වර්ධනය කරමින් ''කලාව යථාර්ථය ජය ගැනීමෙහි (උපරි ව්‍යුහාත්මක) භාවිතාවකි '' යනුවෙන් සුත්‍රගත කලා ය. ස්වකීය ප්‍රවාදය සනාථ කරනුව ඇය එහිලා ඉදිරිපත් කල ගුත්තිල කාව්‍ය විවරනය, ඒ අරබයා එදාමෙදාතුර ලියැවුනු අනර්ඝතම විචාරය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. එය කුලු ගැන්වෙනුයේ මෙලෙසිනි:
''......මූසිලගේ විනාශයට මුල හේතුව ගුත්තිලගේ ද බඹදත්ගේ ද චින්තනය හා ක්‍රියාකලාපය නොව එම චින්තනයට හා ක්‍රියා කලාපයට ද තුඩු දුන් ආර්ථීක, සාමාජික හා දේශපාලනික තතුවල ඇති කරනු ලැබෙන පරිවර්තනයකින් විනා මූසිලගේ වැනි ඛෙදවාචකයක් වැලැක්විය නොහැකි බව ගුත්තිල කාව්‍යයෙන් ධ්වනිත කෙරේ. වෙනත් විශිෂ්ට සාහිත්‍ය නිර්මානවලින් මෙන් ම ගුත්තිල කාව්‍යයෙන් ද ප්‍රකාශයට පත් වන්නේ තමන් සඳහා පවතින ලෝකයක් නිර්මානය කිරීමට මිනිසා තුල අනවරතයෙන් පැන නගින අවශ්‍යතාවයි.''
එම විශිශ්ට ග්‍රන්ථය ජගත් කලා විචාර වංශයෙහි ප්‍රදීපස්ථම්භයකි. (එය මෙතෙක් ජාත්‍යන්තර භාශාවකින් අනුපලබ්ධ වීම බලවත් අඩුපාඩුවකි). ශ්‍රී ලාංකිකයෙකු හට මාක්ස්වාදී සෞන්දර්යවේදය අරබයා මෙබඳු මාහැඟි සම්ප්‍රදානයක් දායාද කල හැකි වුයේ, අන් කිසිවක් නිසා නොව, බොල්ශෙවික් සම්ප්‍රදාය උරුම කොට ගත්තා වු ද, එය ආරක්ශා කලා වු ද විප්ලවවාදී ලෝක පක්ශයෙහි - ජාත්‍යන්තර කමිටුව මෙහෙය වන හතරවන ජාත්‍යන්තරයෙහි ඇය සාමාජිකාවක වු හෙයිනි. ධනේශ්වර දෘශ්ටිවාදයට පමනක් නොව කම්කරු පන්ති ව්‍යාපාරය තුල මත් වරින් වර ඉස්මතු වන නන් වැදෑරුම් විකෘතකරනයන් හා අපසරනයන් හට ද එරෙහිව එම පක්ශය ලෝක පරිමානව ගෙන යන්නා වු දේශපාලන අරගලයෙහි සක්‍රිය සටන්කාරියක වු හෙයිනි.
මා ඇය පෞද්ගලිකව දැන හඳුනා ගත්තේ අනූව දශකය එලිපත්තෙහි - ඇගේ “නූතන සිංහල සාහිත්‍ය විචාරය: මාක්ස්වාදී අධ්‍යයනයක්” කෘතිය නිකුත් වු සමයෙහි දී ය. එහිලා ඇය මාර්ටින් වික්‍රමසිංහගේ ද, එදිරිවීර සරච්චන්ද්‍රගේ ද, ගුනදාස අමරසේකරගේ ද විඥානවාදී, ධනේශ්වර හා සුලු-ධනේශ්වර විචාර මාර්ග විද්වංසනය කරමින් අපෝහක භෞතිකවාදී විධික්‍රමය තහවුරු කලා ය. එම කෘතිය පිලිබඳව ප්‍රසාදය පල කරනුව දිනක් මම ඇය බැහැ දැකීමට කොලඹ සරසවියට ගියෙමි. යථොක්ත කෘතිද්වය ඔස්සේ ගොඩනගා ගත් අධිකාරීමය බලය ප්‍රකට කෙරෙන ගම්භීර හා සාඩම්බර ස්ත්‍රී පෞරුශයක් මගේ මනසෙහි ඇදී තිබින. පුදුමයකිෟ මා හමුවට පැමිනියේ, සාරියෙන් හෝ ඔසරියෙන් නොසැරසුනු, පියකරු සිනාවකින් මුව සරසා ගත්, මෘදු ලෙස කටහඬ හසුරුවන, මන බඳනා රූපශ්‍රීයෙන් යුත් සියුමැලි ලලනාවකි. එහෙත්, මෙකී සුන්දරත්වය සමඟ මිශ්‍ර වු, කුශාග්‍ර බුද්ධියට ඔබින කිසියම් තේජාන්විත බවක් ද ඈ කෙරෙන් දිස් විය. අපි ඉතා ඉක්මනින් කුලුපග වීමු. කතාබහට මාතෘකා වු විශයය ගැඹුරු වත් ම ඇගේ බස හා අභිනය, උචිත පරිදි, බැරෑරුම් ස්වරූපයක් ගති.
ඇගේ අභාවය සැල වීමත් සමඟ ''ලෝකයේ සිටි ලස්සන ම කාන්තාව නැති වුනා'' යයි කිසිවෙකු පැවසු බව අශෝක හඳගම හැඟුම්බරව රාවය පත්‍රයට ලියා තිබින. මේ වනාහි බලගතු වෛශයික සත්‍යයක් ආත්මීය ලෙස ප්‍රකාශයට පත් වීමකි: පියසිලි විජේගුනසිංහ චරිතය රුව, ගුන, නැන යන තිලක්ශනය ම තනි ස්ත්‍රියක කෙරෙන් ප්‍රකට වු විරල අවස්ථාවකි. එය කිසිසේත් ඕපපාතික අහඹුවක් නො වුවා සේ ම එය හුදු කොදෙව් ජීවිතයක් ද නොවී ය. ඒ වූ කලි ලෝක ප්‍රපංචයකි. වඩා නිශ්චිතව කියතොත්, ඇය රෝසා ලක්සම්බර්ග් සහ ලැරීසා රයිස්නර් පරපුරේ ආසියාතික නියෝජනය වුවාය. රක්ත වර්න ලුංගියෙන් සැරසී සටන් පාඨ හඬ නගමින් උත්තුංග ලීලාවෙන් විකොස / සසප මැයි පෙලපාලියෙහි ඉදිරියෙන් ගමන් කල ඇය මෑත වකවානුවෙහි මෙරට කම්කරු පංති ව්‍යාපාරයෙහි කැපී පෙනුනු ස්ත්‍රී චරිතයකි. අපි ඇයට කටපුරා සහෝදරී යයි ඇමතීමු.
ලීඩ්ස් සරසවියෙන් ඉංග්‍රිසි සාහිත්‍යය පිලිබඳ ගෞරව උපාධියක් හිමි කරගෙන සිටි ඈ අපරදිග කලාව විශයයෙහි ද අසාමාන්‍ය පරිචයක් පෙන්නුම් කලාය. ඩිවයින් කොමඩි (ඩාන්ටේ), අයන් හීල් (ජැක් ලන්ඩන්), මදර් කරේජ් (බ්‍රෙශ්ට්), බැට්ල්ශිප් පොටෙම්කින් (අයිසන්ස්ටීන්) බඳු ඇතැම් ශ්‍රේශ්ඨ බටහිර කාව්‍යයක්, නවකතාවක්, නාට්‍යයක් නැතහොත් චිත්‍රපටයක් පිලිබඳව දින ගනනාවක් තිස්සේ වුව විග්‍රහ කිරීමට ඇයට පුලුවන්කම තිබින. ප්‍රකට හංගේරියානු කලා විචාරක ජෝර්ජ් ලුකාක්ස් පිලිබඳව මා තුල පැවති දුර්මතයක් පහ කරනුව වරෙක ඇය තම සියලු කටයුතු පසෙකලා පැය කීපයක් ඒ වෙනුවෙන් මිඩංගු කලා ය. ඉනුදු නොනැවතී, ලුකාක්ස්ගේ පසුකාලීන විචාර කෘති තුල ස්තාලින්වාදී විලංගුව දක්නට ලැබෙන අයුරු නිදසුන් සහිතව විස්තර කෙරෙන දීර්ඝ ලියමනක් ඇය මා වෙත එවා තිබින. යමෙකු ට්‍රොට්ස්කිවාදය වෙත දිනාගත හැක්කේත් දිනාගත යුත්තේත් එබඳු බැරෑරුම් හා දුශ්කර පරිශ්‍රම ඔස්සේ පමනක් ම බැව් ඈ දැන සිටියා ය.
මාක්ස්වාදී චිත්‍ර කලා විචාරය සිංහල පාඨකයා හට හඳුන්වා දීමෙහිලා ඇය පුරෝගාමී වුවා ය. නුතන චිත්‍ර පිලිබඳව සහ ප්‍රකට සිත්තරුන්ගේ කලාව හා ජීවිතය අලලා ලියවුනු ඇතැම් වැදගත් ලිපි ඈ සිංහලට නැගුවා ය. එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී විචාරක ඩේවිඩ් වොල්ශ් විසින් රචිත ලිපි මාලාවක් බොල්ශෙවික්වාදය හා අසම්ප්‍රදායික පෙරටුගාමී කලාකරුවෝ යනුවෙන් පරිවර්තනය කලා ය. එම කෘතියෙන් ආවේශය ලද (ලියුම්කරු ද ඇතුලු) සමහරෙක් එතෙක් මෙරට තුල දුලබ දෙයක්ව පැවති චිත්‍ර කලා විචාරය වෙත පිලිපන්හ. ප්‍රකට ඉන්දීය සිත්තරා එම්.එෆ්. හුසේන් පිලිබඳව කම්කරු මාවත ට හාපුරා කියා මා ලියූ විවරනය දැක ඇය මවක මෙන් සතුටු වු සැටි මට දැනුදු මැවී පෙනේ.
1990 දශකයෙහි, විප්ලවවාදී ලෝක පක්ශයෙහි මධ්‍යම හොරනෑව ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවා ගැනීමෙන් අනතුරුව පියසීලි සහෝදරිය එයට ඉංග්‍රීසි භාශාවෙන් කලා විචාර සැපයූ අතර ඒවා ලෝක පරිමානව පුලුල් පරාසයක සහෘද ජනතාව අතර ප්‍රචලිත විය. ස්වකීය අදහස් හා සංකල්ප නිරවුල්ව ප්‍රබලව හා විශදව ප්‍රකාශ කරනුව ඇය ගොඩනඟා ගත් ගම්භීර වූත් කාව්‍යමය වූත් ශෛලියෙන් අනූන ව්‍යක්ත හා මටසිලිටි බස් වහර, සැබවින්ම, සිංහල භාශා විකාසනයෙහි අභිවර්ධනීය අදියරකි.
පංති සමාජය තුල සාමාන්‍යයෙන් අත්විඳින්ට නොලැබෙන, ප්‍රේමය පිලිබඳ උත්කෘශ්ට අත්දැකීමකින් ඇගේ තරුන හා වැඩිහිටි ජිවිතය ආර්ද්‍රව හා ආඩ්‍යව තිබින. සමාජවාදී සමානතා පක්ශයේ වර්තමාන ප්‍රධාන ලේකම් විජේ ඩයස් ඇගේ දිගුකාලීන පෙම්වතා, සහකරුවා සහ වල්ලභයා විය. ස්ත්‍රී පුරුශ ප්‍රේමය හා නාරි ලාලිත්‍යය පිලිබඳව පෙර කී මාක්ස්වාදී අධ්‍යයනයක් කෘතියෙහිලා ඈ ඉස්මතු කරන සංකල්ප එතරම් අපූර්ව වනුයේ ද එහෙයිනි.
විය යුතු පරිදි, ඇයට සතුරෝ - දේශපාලන සතුරෝ සිටියහ. සකල සියලු නිර්ධන පංති විරෝධී දෘශ්ටිවාද සමඟ ඈ ගැටුනේ සම්මුති විරහිතව ය. නන් වැදෑරුම් විඥානවාදීහු, අනුභූතිවාදීහු, ස්තාලින්වාදීහු, වර්ගවාදීහු, පශ්චාත්-නුතනවාදීහු, සුලු-ධනේශ්වර පිලිස්තීනුවෝ, දේශපාලන භ්‍රශ්ටයෝ මතු නොව ඊනියා ස්ත්‍රීවාදීහු පවා පෙරමුනු කීපයක සිට ඇයට ප්‍රහාර එල්ල කලහ. පිරිහෙමින් තිබුනූ සෞඛ්‍ය තත්ත්වය නොතකා ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටි ඈ එම අභියෝගයන් හට නිර්භීතව මුහුන දුන්නා ය. මගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය කඳුලු මිටියාවතින් දොරට වැඩුම නිමිත්තෙන් දෙසුමක් පවත්වන මෙන් ඇයට ආරධනා කලෙමි. ''ඔබේ කවි ගැන නොව අභියෝගයට ලක්ව තිබෙන අපේ විචාර මාර්ගයෙහි ආරක්ශාව වෙනුවෙන් කතා කිරීමට සහෝදරයා මට ඉඩ දෙනවා දැ'' යි ඇය ඇසුවා ය. ඒ අධිශ්ඨාන පූර්වක ඉල්ලීමට මම එකඟ වීමි. ඇය විසින් පවත්වන්නට යෙදුනු එම සාරගර්භ දෙසුම ඇගේ සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදී කලා විචාරයෙහි මූලධර්ම කෘතියට ඇතුලත්ව ඇත. මේ කෘතිය පිලිබඳව මවිසින් කොලඹ විශ්ව විද්‍යාලයෙහි දී පවත්වන ලද දේශනයකට මම මෙසේ මුලපිරුවෙමි: ''මාක්ස්වාදියො තමුන්ගෙ හිතුමනාපයට ග්‍රන්ථ රචනා කරන්නෙ නෑ. ඒ අය එහෙම කරන්නෙ පංති අරගලයෙ ම කොටසක් වන දෘශ්ටිවාදාත්මක අරගලයෙ නිශ්චිත අවස්ථාවලදී තමුන්ගෙ යුගයෙ ගතිස්වභාව විශ්ලේශනය කරන්ටත් පැරනි සංකල්ප සමතික්‍රමනය කරන්ටත් නව සංකල්ප සුත්‍රගත කරන්නටත් සතුරු සංකල්ප අභිභවනය කරන්ටත් උවමනා වුනා ම යි.'' පියසිලි සහෝදරියගේ සමස්ත වැඩිහිටි ජීවිතය ම කැප කෙරුනේ යථොක්ත කාර්යයන් සපුරාලීම වෙනුවෙනි.
ධනේශ්වර සමාජ පර්යාය සහ එහි ප්‍රකට නියෝජිතයන් සමඟ ඇයට මොනයම් හෝ පයුරු පාසානමක් නොවී ය. ඈ සහභාගි වු ප්‍රසිද්ධ රැස්වීම්, කලා උලෙල හා සම්මන්ත්‍රන, සංවාද මන්ඩප ආදිය අතරතුර තමා වෙත පැමින සතුටු සාමිචියට අරඇඳි ඇතැම් ධනේශ්වර දෘශ්ටිවාදීන්, ස්තාලින්වාදීන්, ධනපති දේශපාලඥයන් සහ වර්ගවාදීන් හට ඇය එලිපිට ම පිටුපෑවා ය. ඒ අනම්‍ය ගැහැනිය, තෘප්තිමත් මන්දස්මිතයක් මුවග රඳවාගෙන, කිසිදු ආගමික වතාවතකින් තොරව, ශෝක බරිත කලාකරුවන්, හිතෛශීන්, කම්කරුවන් හා ලෝක නිර්ධන පංති නියෝජිතයන් පිරිවරාගෙන, ජාත්‍යන්තර කම්කරු ගීය ශ්‍රවනය කරමින් අවසන් ගමන් ගියා ය. කොලඹ ජයරත්න මල්ශාලාවෙහි තැන්පත් කොට තිබුනු ඇගේ මෘතදේහය වෙත ජනාධිපති මහින්ද රාජපක්ශ විසින් එවන ලද මල්වඩම හා ශෝක පනිවුඩය ඇගේ ස්වාමිපුරුශයා විසින් ආපසු හරවා යවනු ලැබීම ම, ඒ සා ප්‍රතිපත්තිගරුක, ඒ සා සටන්කාමී භාර්යාවක හට පුද කල හැකි ඉහල ම අවසන් ගෞරවය හා කෘතවේදය නොවන්නේ ද ?
ඒ අමරනීය ජිවිතයට අපේ විප්ලවීය ආචාරය!
(රාවය. 2010.09.26)
Darshana Medis | දර්ශන මේදිස්
[SEO Tags] Professor Piyaseeli Wijegunasinghe, Socialist Equality Party (SEP), Sri Lanka
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
බොබ් මාර්ලේ කියයි.|
Personal Quotes
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය හිරු එන විටම
කියයි ඔබ සුළඟට පෙම් බඳින බව -
එනමුදු වැසෙයි කවුළුව ඔබගේ සුළඟ එන විටම
එබැවින්ය මා බිය වන්නේ - ඔබ මට ආදරෙයි කියන විට!
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus