BOONDI.LK| අදහස් බූන්දි| සාහිත්‍ය සම්මාන කොයිබට ද?
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
අලුතෙන්ම!
"නිකිණි වැස්ස" | කළු කළ තරමටම වැස්ස වැටුණා ද?
|
දිනුක සපුතන්ත්‍රි
[0]
One Million Bones
|
තුෂාරි ප්‍රියංගිකා
[2]
චාර්ලි චැප්ලින් කියයි.
[0]
තවත් අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස
|
ජස්ටින් පියරත්න
[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය'
|
දමිත් වැලිකල
[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක්
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
11 වැනි පැයේදී.....
[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය
|
සුදර්ශන සමරවීර
[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක්
|
විචක්ෂණ අධිකාරි
[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන්
|
චන්දරේ
[0]
දඩයක්කාරයා හමුවීම
|
රුවන් එම්. ජයතුංග
[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර
|
මායා නවගත්තේගම
[9]
අක්ෂර සෙනග-
[අදහස්]
[13/37]
ජගත්
උපුල්
රුවන්
තුෂාරි
ලියනගේ
මාලතී
පියන්කාරගේ
වීරයා
දර්ශන
මංජුල
දමිත්
එරික්
සඳුන්
BOONDI • Sookiri • •
අදහස් බූන්දි
"සාහිත්‍ය සම්මාන" කොයිබට ද?
[0]
බූන්දි| | 23:20:10
සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. මේ කාලවකවානුව ආසන්නයේ එළැඹෙන්නේ ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට ද සුබපල ගෙන දෙන, තම සිහින සැබෑ කර දෙන කාලයයි. සාහිත්‍ය රසවින්දනය යනු කුමක්දැයි නිර්වචනය කිරීම සාපේක්‍ෂ වන අතර සාහිත්‍ය යනු මේ යැයි සමාජය විසින් සකසා ගත් යම් යම් නිර්නායක වෙත්. ඒ අනුව යම් සමාජ ව්‍යූහයක සදාචාරාත්මක අගයන් ගෙන එන්නට සමත් වනුයේ එකී සමාජය තුළ සාහිත්‍ය විසින් බිහි කරනු ලබන ගුණ වගාවයි.
මිනිසා නිසගයෙන්ම
රසකාමී ය. එම රසවින්දනය නිසි අයුරින් සමාජය තුළ වර්ධනය කිරීම එකී සමාජයේම වගකීම වෙයි.
මෙහි දී අධ්‍යාපනය මුලික තැන් ගන්නා අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය ද ඒ හා සමාන වගකීමක් දැරිය යුතු වෙයි. කැටි කර කියන්නේ නම් රාජ්‍යයේ පටන් සියලු පුද්ගලයින් කෙරෙහි මෙම වගකීම පැවරෙයි. ඉන් මඟ හැර යාමට අප කිසිවකුට අයිතියක් නැත. මේවා නිරන්තරයෙන් කතාබහට ලක් වනු විනා, ක්‍රියාත්මක නොවන බවත් සැබෑවකි.
ලෝක සාහිත්‍ය වනාහී මිනිසා සහ සමාජය සසල කරමින්, රසවින්දනය කලතා, බුද්ධිය සොළවා, සමාජයට පෙරගමන්කරුවකු වන ඉතාම අග්‍රගන්‍ය කෘති ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත වන අවස්ථාවයි. ටෝල්ස්ටෝයි, මාර්කේස් හෝ පාවුලෝ කොයියෝ ගැන නොදන්නා කෙනෙක් වෙත් ද? නැතහොත් මැක්සිම් ගෝර්කි විසින් නිර්මාණය කළ “අම්මා" හෝ චිංගීස් ආයිත්මාතව් නිර්මාණය කළ "දුයිෂෙන්" නොහඳුනන කෙනෙක් වෙත් ද? මේවා මෙතරම්ම හරවත් සහ ප්‍රතිභාසම්පන්න නිර්මාණ වනුයේ ඇයි? එම කෘති සමාජයට දුන් දේ මොනවාද? එම පරමාදර්ශ සමාජය කොයිබට ගෙන ගියේ ද? "යුද්ධය සහ සාමය" සමාජයට පෙන්වා දුන්නේ කුමක් ද? "නොරිකො සන් සහ දෙවෝන්දරා සන්" අප සිත් හි ඇති කළ ප්‍රේමය කෙතරම් ද?
වර්තමානය තුළ නිර්මාණය සහ නිර්මාණකරුවා යනු අංග දෙකක් බව මේ වන විට සමාජය විසින් සනාථ කර හමාරය. නිර්මාණයත්, නිර්මාණකරුවාත් එක්තැන් වූ විට, නැතහොත් නිර්මාණයට නිර්මාණකරුවා අවංක වූ විට වඩාත් අගනා නිර්මාණයක් නිතැතින්ම බිහි වෙයි. එවන් නිර්මාණ එම සමාජය පුරා දිදුලමින් ව්‍යාප්ත වෙයි. ශ්‍රී ලාංකීය සාහිත්‍ය තුළ ද ඩබ්.ඒ සිල්වා, සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, සරච්චන්ද්‍ර වැනි ගත්කතුවරුනගේ ප්‍රබන්ධයන් සහ ඒවායේ භාෂා ශෛලිය පාඨකයා ඉතා ඉහළ මානයකට ගෙන යයි. ඔහුගේ රසවින්දනය සහ දැනුම ද පුබුදු කර කියවන්නා තුළ හිතන්නට යමක් ඉතුරු කරයි. ස්ව අනන්‍යතාව රැක ගනිමින් ඔවූහූ සමාජයට ඉතුරු කළ දෑ බොහෝ ය. මේවා ගිණිය හැක්කේ අතලොස්සක් වන අගනා නිර්මාණයන් ගොඩට ය.
සාහිත්‍යය, අධ්‍යාපන විෂය ධාරාවෙන් කප්පාදු කර දැමීමේ ඵලවිපාක අද අපි අත්විඳිමින් සිටින්නෙමු. මෙතරම් විශාල අපරාධයක් කළ රටක සෞභාග්‍ය සම්පන්න වූ, ප්‍රමුදිත වූ, රසවින්දනයෙන් පිරුණු කලාවක් අපේක්‍ෂා කිරීම ද විහිළුවකි. දැනුම සහ වින්දනය මොට කරන ලද සමාජයක මීට වඩා දෙයක් කෙසේ නම් බලාපොරොත්තු වන්න ද?
දැන් දැන් සෑම වසරකම පාහේ පවත්වනු ලබන සාහිත්‍ය සම්මාන උළෙල කිහිපයකි. එහෙත් ඒවා නිර්මාණකරණයට අත්වැලක් වනුයේ නිසි ඇගයීමක් අදාළ නිර්මාණ වලට ලැබෙන්නේ නම් පමණි. කෙසේ වුව ද සම්මාන උළෙල අරමුණු කරගෙන නිර්මාණ බිහි වීමත්, වාර්ෂික පොත් ප්‍රදර්ශනය අරමුණු කර ගෙන ග්‍රන්ථ මුද්‍රණය කිරීමත් සුලබ කාරණයකි. වාර්ෂික පොත් ප්‍රදර්ශනය ආසන්නයේ මුද්‍රණාල ඉතා කාර්යබහුල වනුයේ අවසන් මොහොතේදී හෝ පොත මුද්‍රණය කරවා ගැනීමට සියල්ලන් වෙහෙසෙන බැවිනි. එහිදී අදාළ ග්‍රන්ථයේ උසස් භාවය ගැන විවිධ මතයන්ට එළැඹිය හැකිය. මන්ද යත් සිත වෙහෙසවා, බලයෙන් සිතුවිළි උලුප්පා ගැනීමෙන් සාර්ථක නිර්මාණයක් බිහි වීමට ඇති ඉඩකඩ අඩු බැවිනි. හදිසියේ නිර්මාණ කිරීමෙන් යම් නිර්මාණයක් බිහි වුව ද, එය ඉතා හොඳ නිර්මාණයක් වීමේ ඉඩකඩ අඩු විය හැකිය.
ඊළඟ සම්මාන උළෙල තෝරා ගනු ලබන්නේ ද එලෙස කඩිමුඩියේ එළිදැක්වූ, එක හුස්මට ලියා ගෙන ගියා වූ ග්‍රන්ථ ය. බොහෝ විට මේවායේ සෝදුපත් බැලීමවත් නිසි අයුරින් නොකළ බව පාඨකයාට වැටහෙයි. පසුගිය වසර කිහිපයක් පුරා මෙම සම්මාන උළෙල දැඩි විවේචනයට ලක් වනුයේ තෝරා ගනු ලබන කෘති උසස් තත්ත්වයේ කෘති නොවන බව පාඨකයාට ඒත්තු යාම නිසා ය. විනිසුරු මඩුල්ලේ රස වින්දනය, පාඨකයාගේ රසවින්දනය අභිබවා නොයන නිසාවෙනි. හේතුව, පෞද්ගලික සම්බන්ධතා මත හෝ, තෝරා ගැනීමට සුදුසු කෘතියක් නොමැති වීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා කිසියම් කෘතියක් තෝරා සම්මාන පිරිනැමීමේ අභාග්‍යසම්පන්න සමයකට අප ගොදුරු වී සිටීමයි. මෙය සමාජය තුළ තව දුරටත් කතා බහට ලක් විය යුතු, අවධානයට ලක් විය යුත්තකි. මෙය පැසුණු බුද්ධියක් ඇතියවුන්ගේ සමාජ මෙහෙවරකි. පිරිහෙමින් පවතින සාහිත්‍යය නැවත නඟා සිටුවීමට බුද්ධිමත්හු පියවර නොගන්නේ නම්, අප සමාජය තව තවත් අගාධයටම තල්ලු වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි ය. හෙට උපදින තාරුණ්‍යය, එලෙස වැපුරූ බොල් වී යේ අස්වැන්න වනු ඇත.
එමෙන්ම මෙවැනි සම්මාන උළෙල සඳහා නිර්දේශ වන ග්‍රන්ථ සුදුසු නොවන්නේ නම් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට තරම් කොන්දක් තෝරා පත් කර ගනු ලබන විනිසුරු මඩුල්ලට තිබිය යුතුය. සම්මාන තිළිණ කරනු ලබන්නේ කුමන සාධකයන් මත දැයි සකසා ගත් ක්‍රියාදාමයන් ඇති විය යුතුය. එම නිර්නාකයන්ට අදාළ නොවන්නේ නම් සියලුම කෘති වුවද ප්‍රතික්‍ෂේප කිරීමට තරම් ශක්‍යතාවක් විනිසුරු මඩුල්ලට තිබිය යුතුම ය. සමහර විට එම වසර තුළ කිසිදු ග්‍රන්ථයක් සම්මානයට පාත්‍ර නොවන්නට පුළුවන. එහෙත් නුසුදුසු කෘති සම්මාන සඳහා නිර්දේශ කරමින් සාහිත්‍යය විනාශ කර දමනවා වෙනුවට ඊළඟ වසර තුළ වඩාත් සාර්ථක නිර්මාණ බිහි වීමට එය හේතුවක් වීම මුළුමහත් සමාජයටම ඵලදායී වනු ඇත. සම්මාන ලබා දෙනුයේ කුමන කරුණු අන්තර්ගත වීම තුළ දැයි ලේඛකයා දැනුවත් වීම තුළ ඉන් ඔහු අධෛර්යයට පත් වීමක් ද නොවනු ඇත. එමෙන්ම බොහොමයක් හරසුන් නිර්මාණ අතර නවකතාව ද, කෙටි කතාව ද, කවිය ද පෝෂණය කළ සහ කරන්නා වූ ප්‍රවීන සහ ආධුනික නිර්මාණ කරුවෝ වෙති. ඔවූහු නිහඬව තම කාර්යයන්හි නියැලී සිටීම ද දකින්නට හැකිය. එහෙත් ඒවා නිසි ඇගයීමකට හසු නොවන බව ද සැබෑවකි.
සාහිත කෙත වල් බිහි වී ඇතැයි හෝ පුරන් වී ඇතැයි චෝදනා නඟනවාට වඩා කළ යුතු වන්නේ මෙම සම්මාන උළෙල සංවිධානය කරන අනුග්‍රාහකයින්, ප්‍රබුද්ධයින් හා එක්ව සම්මත කර ගත හැකි නිර්නායක සැකසීමයි. එවිට සම්මානයක වටිනාකම ද, කෘතියෙහි වටිනාකම ද රැකෙනු ඇත.
Thushari Priyangika | තුෂාරි ප්‍රියංගිකා
[SEO Tags] Sri Lankan Literature, Literature awards
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ලෙනින් ලියයි.|
Book Quotes
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු වංචාවක් වන්නේ ය. එබැවින් නෛතික අර්ථ නිරූපණයන් සමග ක්‍රීඩා නොකර, නැතහොත් අර්ථ නිරූපණයන් නිර්මාණය නොකර, ජාතික ව්‍යාපාරවල ඓතිහාසික ආර්ථීක තත්ත්වයන් පිරික්සා බැලීම මගින් ජාතීන්ගේ ස්වයං තීරණය යන්නෙන් අරුත් වටහා ගැනීමට අපට වුවමනා නම්, අපට නොවැළැක්විය හැකි සේ එළඹිය යුතු නිගමනය වන්නේ ජාතීන් පිටස්තර ජාතික ආයතනවලින් වෙන් වී ස්වාධීන ජාතික රාජ්‍යයන් පිහිටුවා ගැනීම ඉන් අදහස් කරන බවයි. ස්වයං තීරණ අයිතිය යනු වෙනම රාජ්‍යයක් වශයෙන් පැවතීමේ අයිතිය යන්න හැර එයට වෙනත් අර්ථයක් දීම සාවද්‍යය.
-පෙරදිග ලෝකයේ ජාතික විමුක්ති ව්‍යාපාරය/ ජාතික ප්‍රශ්නය හා නිර්ධන පංති ජාත්‍යන්තරවාදය
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus