BOONDI.LK| වෙසෙස් බූන්දි| පියසීලි විජේගුණසිංහ| පිවිතුරු දැනුම උල්පත
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් වෙසෙස්
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක්
|
සුදර්ශන සමරවීර
[2]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන්
|
පබ්ලෝ නෙරූදා
[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්..
|
සුදර්ශන සමරවීර
[5]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස්
|
පාවුලෝ කොයියෝ
[0]
ත්‍යාගශීලි බව
|
මායා ඇන්ජලෝ
[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස්
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa]
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[4]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද?
|
ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....!
|
සුරත්
[0]
සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක්
|
සුභ
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/43]
තුෂාරි
ලියනගේ
එරික්
ජීන්
මායා
චන්දන
සමන්
සුනන්ද
වීරයා
දර්ශන
පාවුලෝ
මාලතී
කේ.කේ.
නිර්මාල්
ඇල්ඛෙයා
ලක්ෂාන්
සිරිලාල්
රුවන්
ප්‍රියාන්
BOONDI • Sookiri • •
වෙසෙස් බූන්දි
පියසීලි විජේගුණසිංහ| පිවිතුරු දැනුම උල්පත
[0]
බූන්දි| | 23:21:50
ඈ උත්තමාවියකි. ගුරුන්ට ගුරුවූ ඈ ගුරු ගෞරවය මැනවින් ආරකෂා කළාය. ස්ත්‍රී පෞරුෂය කුමක් දැයි මගෙන් ඇසුවහොත් මා කියන්නේ බලන්න පියසීලි විජේගුණසිංහ දෙස කියාය. මගේ ලෝකය තුල නම් ඇය විසිවන සියවස බිහිකළ විශිෂ්ටතම කාන්තාවය. ලංකාවේ මළ බැඳුනු විචාර කලාව ගව් ගණනක් ඉදිරියට පැන්නවූ යෝධ විචාරක දෙපළගෙන් එක් අයෙකු පියසීලීය. සුචරිත ගම්ලත් අනෙක් විචාරකයාය. පියසීලී අයත්වන්නේ හැටේ දශකයේ විකසිත වූ දැනුම ධාරාවේ නවීනතම හා අවසන් ඵල වලටය.
විශිෂ්ට
මාක්ස්වාදී කලා උරුමයෙන් පෝෂණය ලද ඇය ඒ දැනුම ලාංකීය කලාවේ ස්වභාවය නිරීක්ෂණයට යෙදවූවාය. සත් සමුදුර චිත්‍රපටයේ සෝමදාස ඇල්විටිගල කළ සංගීත නිර්මාණ ඇය අගය කළ අයුරු සෙල් ලිපියක් සේ මගේ මතකයේ රැඳී පවතී. ධීවරයාගේ දුක වේදනාව බලාපොරොත්තු හා අරගලයේ ප්‍රමාණය කෙතෙක් දුරට එම සංගීතයෙන් ප්‍රති නිර්මාණය වේදැයි ඈ පැවසුවාය.
කලා රසික ධාරාව මත්තේ ප්‍රමුඛ විචාරිකාවක් ලෙස ඈ පිපෙන්නේ ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටය සමඟ යයි මම සිතමි. ලංකාවේ බිහිවූ දේශපාලනික ගැඹුරක් ඇති චිත්‍රපට අතලොස්ස අතරින් බඹරු ඇවිත් ඉදිරියෙන් සිටී. ලංකාවේ වාම ධාරාවේ විචාරකයන්ට නිදහසේ සිය මතවාද දිගේලි කළ හැකි පසුබිමක් බඹරු ඇවිත් හි තිබුණි. ඒ විචාර අතර බොහෝ යාන්ත්‍රික ඒවා විය. එහෙත් පියසීලී සිය දැනුම භාණ්ඩාගාරය, සියුම් රසිකත්වය, මාක්ස්වාදය පිළිබඳ අචල විශ්වාසය සියුම් ලෙස මුසු කරමින් ඈ ඒ කලාකෘතිය අරබයා නැවත කියවීමක් කළාය.
අති මූලික මාක්ස්වාදී පතපොත කියවීමෙන් පමණක් සෑහීමකට පත්ව කලා විචාරයේ යෙදුනු වාම විචාරකයන්ට තවදුරටත් එසේ කළ නොහැකි තත්ත්වයකට පත්වූයේ මාක්ස්වාදී කලා විචාර ක්ෂේත්‍රය අරබයා පියසීලී විජේගුණසිංහ වැන්නියන් මුදාහරින ලද මනා දැනුම සම්භාරය නිසාය.
ඈ මට හමුවූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය නව ගොඩනැගිල්ලට ගෙන යන්නට පෙර යුගයේය. එනම් එකදහස් නවසිය අසූ ගණන්වල මුල භාගයේය. කොළඹ විශ්ව විද්‍යාලයීය ප්‍රජාවගෙන් පිටස්තර වූවෙකු වන මම, ඈ මුණ ගැසුනේ, මහ සෙනගටත් තනි මිනිසාටත් එකසේ උනන්දුවෙන් දැනුම ලබාදිය හැකි අප වැනි දැනුම ලෝකයක අතරමං වූ ප්‍රඟුලනට දයා කරුණාවෙන් යුතුව සලකන මවෙකුට සමීපවන අයුරිනි.
කලක් අපගේ වීරවරයකු වූ වාසු බලු කුක්කෙකු සේ දෙපරැන්ද අස්සේ නගුට හොවාගෙන ''අනාගතයට අපේ අත දිග මදි'' වැනි ක්ෂමාලාප කියමින් සමාජවාදයට නොව ප්‍රජාතන්ත්‍රවාදයටද ඇණ ගහන 18 වන සංශෝධනයට අත ඔසවමින් ජීවත්ව සිටින කාලයේදීම දේශපාලනිකව මරුමුවට පත්වද්දී, වීරවරියක ලෙස අප ළමා වියේදී හඳුනා ගත්තා සේම ඒ වීර ගුණංග සහිතවම පියසීලී දිවංගතව සිටී. සැබවින්ම වීරවරියකුට හිමි ගෞරවාන්විත මරණයක් ඇයට හිමිව ඇත. ඇය වෙනුවෙන් දිග හැරෙන ශෝක වතාවත් සියල්ල යළි යළිත් ඇය ගෞරවයට ලක් කරවයි. ඇගේ මෘත කලේබරය නොවිකුණා ඇයට ගෞරව කිරීම මගින් ඇගේ පක්ෂය සැබෑ දේශපාලන පක්ෂයක සැටි මේ යැයි කියා පෑවේය.
මෑනියණි, ඔබගේ අපමණ දැනුම තනි මිනිසෙකුට, දෙතුන් දෙනෙකුට හෝ මහ සෙනගට බෙදද්දී ඔබගේ පටන් ගැනීම, ගලායෑම, උච්චාවචනයන් නීර්ණය වූයේ ඒ කරුණුමත ඇතිවූ ආවේගයන් නිසා මිස සෙනගේ අඩු වැඩිකම මත නොවේ.
තුන්වන යාමය චිත්‍රපටය පිළිබඳ ඔබගේ හෘද සාක්ෂිය හා පක්ෂයේ එවකට ලේකම් වූ කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලතුන්ගේ අදහස අතර පරස්පරයක් තිබුණි. ඒ පරස්පරය ඔබ නියෝජනය කළ, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ එදා රැව් පිළිරැව් දෙන්නක් විය.
70 දශකයේ දේශපාලනික සිනමාවේ පුනරුද සමයේ බිහිවූ අගනා කෘතියක් වූයේ ධර්මසේන පතිරාජාගේ පාරදිගේ චිත්‍රපටයයි. නිෂ්පාදන අංශය වෙනුවට සේවා අංශයට බර දෙන විචෘත ආර්ථික රටාව මුල්බැස ගනිමින් තිබුණේ එම යුගයේය. පිනෑන්ස් නොගෙවූ වාහන පැහැරගෙන විත් පිනෑන්ස් කොම්පැනියට බාරදීමේ මැරවර සේවාවක් කළ චන්දරේ මේ චිත්‍රපටයේ කතා නායකයාය. චන්දරේගේ චරිතය, රැකියාව, ඔහු සතු පොදු සාධාරණ ජීවන අභිලාෂයන්, ක්‍රමය විසින් ඔහුගේ මිනිසත්කම පිරිහෙලා ඇති අයුරු මැනවින් විග්‍රහ කරමින් චිත්‍රපටය තුලින් ප්‍රේක්ෂකයාට ආලෝකය ලබාගත හැකි ඉසව් මැනවින් පෙන්වා දෙමින් අගනා විචාරයක් පියසීලී විසින් කරන ලදී. මේ විචාරිකාව සැම විටම පැවසුවේ නිර්මාණය සැම විටම විචාරයට වඩා සජීවී බවත්, සැබෑ විචාරයට අදාළ මිනුම් දඬු බොහොමයක් සකසා දෙන්නේ සැබෑ පූර්ණ කලා කෘතිය විසින් බවත්ය.
ඈ වරෙක එකළ ශිෂ්‍යයකුවූ මගේ මිතුරකුද ඇතුළත් කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සමූහයක් සමඟ අධ්‍යාපනික චාරිකාවක් සඳහා රාජාංගනයේ හත්තිකුච්ච විහාරය නැරඹීමට ගියාය. විශාල පරිශ්‍රයක විහිද පවත්නා යෝධ වාස්තු විද්‍යාත්මක නටඹුන් නැරඹූ ඈ ඒ ආශ්වාදයෙන් මත්ව පවසා ඇත්තේ ''මෙම වාස්තු විද්‍යාව අයත් සංස්කෘතික සමාජය නැවත ඉදිවුවහොත් අපගේ සියලු මිනුම් දඬු අහෝසිවන බවත්ය.''
බොහෝ උදවිය සිතා සිටිනුයේ ඈ දැඩි දෘෂ්ටි ගත්තියක ලෙසය. ඒ ඈ සාමාජිකත්වය දරණ සමාජවාදී සමානතා පකෂය හා ඇගේ මාක්ස්වාදය කෙරෙහි වන නොසැලෙන අචල භක්තිය නිසාය. කාල් මාක්ස් යම්සේ ග්‍රීක කලාවට ඇලුම් කලේද, ලියෝනි ට්‍රොට්ස්කි සම්භාව්‍ය සෞන්දර්යට යම්සේ ඇලුම් කළේද, පියසීලී ද ඒ මගෙහිම ගියාය. ඈ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ඇගේ දේශපාලන පක්ෂය ලෙස තෝරා ගන්නේත් ,මරණය දක්වාම එහි රැෙඳන්නේත් ඒ නිසාය.
ඈ මහගමසේකරගේ ගී අමරදේවගේ හඬින් ගැයෙන විට ඒවා අගය කළේද, හත්තිකුච්ච විහාරය අයත් සංස්කෘතික සමාජය නැවත ගොඩනැගෙන සමාජ පරිසරයකදී තම මිනුම් දඬු අහෝසිවන බව පවසන්නේද, ඒ හැකියාව නිසාය.
දේශපාලන චින්තනයකින් පොහොසත් නොවුණු කලා කරුවන් දෙපලකගේ කලා කෘතියක් වන ''සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ'' ගීතය පංති සමාජයක අම්මා කෙනෙකුගේ ඛේදවාචකය අපූරුවට ඈ විසින් විචාරය කරන ලද්දේ එතෙක් ඒ ගීතයට නොලැබුණු නිර්මාණාත්මක අගයක්ද ලබාදෙමිනි. කලාකෘතියක් රසවිඳීමට විචාරකයකුගෙන් ලැබෙන පූර්ණ සහය පිළිබඳ හොඳම උදාහරණයක් වන්නේ සුදු හාමිනේ ගීතයට පියසීලී විසින් කරන ලද විචාරක සම්ප්‍රදානයයි. ඒ සම්ප්‍රදානයම ධර්මසේන පතිරාජගේ, ප්‍රසන්න විතානගේ, ධර්මසිරි බණ්ඩාරනායක ආදීන්ගේ සිනමා කෘති අරබයාද , ජයලත් මනෝරත්නගේ ''පුත්‍ර සමාගම'' නාට්‍ය ඇතුලු තවත් බොහෝ සිංහල නිර්මාණ අරබයාද ලැබුණි.
මාක්ස්වාදය අදට ගැලපෙන්නේ නැතැයිද, ඒ වෙනුවෙන් තම බුද්ධිමය ශ්‍රමය වැගිරීම තේරුමක් නැතැයිද පවසමින් ඇතැම් බුද්ධිමතුන් මාක්ස්වාදය හැරපියා යති. එසේ ගිය ඇතමුන් මාක්ස්වාදය උදෙසා කැපකළ කාලය ගැන තැවෙති. ලතවෙති. ඇතැම් උදවිය තමන්ට අධ්‍යාපනික ශිකෂණයක් ලබා ගැනීමට මාක්ස්වාදය වැදගත් වූ නමුත් අද දවසේ දේශපාලන අරමුණු ජය ගැනීමට එය ප්‍රමාණවත් නොවන්නේ යයි කියමින් එය හැරපියා යති. එහෙත් මාක්ස්වාදය එදාටත්, අදටත්, හෙටටත් සංස්කෘතික සමාජ දේශපාලනික සෑම අංශයකින්ම සජීවී, බලවත්ම දාර්ශනික යථාර්තය බව විශ්වාස කරන ධී බල සම්පන්න බුද්ධිමතුන් අතලොස්සක් අතර සිටි බලගතුම කාන්තාව පියසීලී විජේගුණසිංහය.
ඇවිසින් රචිත 'අප රක්නා උරුමය' ''සාහිත්‍ය භෞතික වාදී අධ්‍යයනයක්'', ''සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදී කලා විචාරයේ මූල ධර්ම'' හා ඩේවිඩ් වොලෂ් ඇතුළු සම්භාව්‍ය මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ අගනා පරිවර්තන මුදා හරින ලද ඇගේ බුද්ධිමය දේපල අතර වේ.
ඈ මරණාසන්නව සිටියදී රාවය පුවත්පත සමඟ ඇය අපූරු පුවත්පත් සාක්ච්ඡාවක් කළාය. ගත පෙළන දැවැන්ත රෝගයකට ගොදුරුව සිටියදීත්, පියසීලී සතු සමාජ දේශපාලන විචාරකෂිය අහිමි නොකරගත් බවට හොඳම සාකෂියකි ඈ විසින් ලබා දෙන ලද ඒ බලගතු පුවත්පත් සාකච්ඡාව.
තමන් විශ්වාස කරන දෙය සැකයකින් තොරව පිරිසිඳ දැන සිටි හෙයින් ඇයට මරණාසන්න සමයත්, සිය බුද්ධිමය ජීවිතයේ කොටසක් කර ගැනීමට සමත් විය.
පියසීලී සිය සැමියාට, දරුවාට, ලේලියට, මිනිපිරියට අසීමිතව ප්‍රේම කළ සංයුක්ත පවුලේ සුන්දරත්වය මේයැයි ලොවට පසක් කළ උත්තම ගනයේ ස්ත්‍රීයක වූවාය.
තමාගේ පාසල් ජීවිතයේදී තමාව හැඩ ගැස්වීමට පසුබිම සැකසූ ගුරුවර ගුරුවරියන් මරණාසන්න අවධියේ පවා සිහිපත් කළ හැකි හොඳම හොඳ කෙළෙහි ගුණ සලකන්නියක් වුවාය.
විශ්ව විද්‍යාල සමාජ ශාලාවේ නිකරුණේ කල්ගත නොකර ඒ විවේක අවස්ථාවන්ද තමන් ඊළඟට දේශන ශාලාවේ උගන්වන දෙය මැනවින් කිරීමට අවශ්‍ය දැනුම උපයා ගැනීමටත්, සිය දිවි දෙවැනි කොට සැලකූ පක්ෂයටත්, පොදු සමාජ දේශපාලනික කතිකාවන්ට කළ හැකි සම්ප්‍රදානයන් සඳහා දැනුම් ගවේශනය කළ හොඳම හොඳ ගුරුවරියක් වුවාය.
තමන්ගේ හෘද සාක්ෂියට ගැලපෙන දේශපාලන පක්ෂය තෝරාගත් ඇය, ඇයට හැකි හැම සේවයක්ම ඒ පක්ෂයට කළාය.
අනුන් සතුටු කිරීම සඳහා හෘද සාක්ෂිය කිසි විටක පාවා නොදුන් ඇය, සිය වැඩිහිටි ජීවිතයේ නිර්භීත බව මරණාසන්න මොහොත දක්වාම රැක ගත්තාය.
සමාජ සංස්කෘතික දේශපාලනික වශයෙන් බොරුමල් පූදින මේ භයංකර සමයේ ඇගේ වියෝව සැබවින්ම දරාගත නොහැකිය.
Chandrarathna Bandara | චන්ද්‍රරත්න බණ්ඩාර
[SEO Tags] Piyaseeli Wijegunasinghe, Sucharitha Gamlath, The Socialist Equality Party (SEP), Sri Lankan Trotskyist Writer
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ස්ටීව් බිකෝ කියයි.|
Personal Quotes
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus