BOONDI.LK| වෙසෙස් බූන්දි| විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2010| \r\nගත වූ වසරේ කාව්‍ය සංග‍්‍රහ විමර්ශනය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් වෙසෙස්
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක් | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[2]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන් | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්.. | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[5]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස් | පාවුලෝ කොයියෝ
ප්‍රතිචාර[0]
ත්‍යාගශීලි බව | මායා ඇන්ජලෝ
ප්‍රතිචාර[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස් | උදේෂිණි කුමාරි දයාරත්න
ප්‍රතිචාර[1]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa] | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[4]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද? | ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
ප්‍රතිචාර[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....! | සුරත්
ප්‍රතිචාර[0]
සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක් | සුභ
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  වෙසෙස් බූන්දි  
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2010|
ගත වූ වසරේ කාව්‍ය සංග‍්‍රහ විමර්ශනය
ප්‍රතිචාර[0]
බූන්දි| | 00:56:17
මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළලේ [2010] විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය දිනා ගත්තේ නන්දන වීරසිංහගේ "රැය කරා ගමන" කෘතියයි. එකී නිර්දේශය ඉදිරිපත් කිරීම සඳහා විනිශ්චය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල ය පහත පළ වන්නේ. ඔබේ අවධානය පිණිසයි.
• ‘පෙදෙහි රසහව් විඳුණා - දෙනෙතා ඉතා දුලබෝ’ යැයි කව් සිළුමිණ මහා කාව්‍යය කළ 2 වැනි පරාක‍්‍රමබාහු නිරිඳුන් ප‍්‍රකාශ කළේ 13 වැනි සියවසේ දී යි. එයින් පැවසෙන්නේ කවියෙහි රසභාව විඳින්නා වූ ජනයා එවක ද ඉතා දුර්ලභ වු බව යි. අදත් මැසිවිලි නැගෙන්නේ ඒ කාරණාව ගැනම යි. එනම්, කවිය එතරම් ජනප‍්‍රිය සාහිත්‍යාංගයක් නො වන බවටයි. එසේ තිබියදීත් ගත වූ වසරේ කවි පොත් 50කට අධික සංඛ්‍යාවක් පළ වී තිබීම වෙසෙසින් සඳහන් කළ යුත්තක්. පෙම් කවි, පාරිසරික කවි, බොදු කවි, දේශපාලනික කවි ආදි විවිධ විෂයක කවි මෙන් ම සංයුක්ත කවි, කෙටි කවි හා පුවත්පත් කොලම් කවි ආදී විවිධ ආකෘතිවලින් රචිත කවි ද මේ ඉසව්වට අයත් වී තිබුණා.

මේ කවි ලියූ කවීන් අතර වෛද්‍යවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු මෙන් ම පුවත්පත් කලාවේදීහු ද සිටියා.

• සමර විජේසිංහගේ ‘එක් කවිය සිය වරක්’ කෘතියේ දී ඔහු සිය කෘතියේ එන සියලූ ම කවි මාතෘකා හතකට වර්ගීකරණය කර තිබෙනවා. ඒවා නම් පේ‍්‍රම වර්ගය, පුරුෂ වර්ගය, දුක්ඛ වර්ගය, දයා වර්ගය, සාමාන්‍ය වර්ගය, ප‍්‍රත්‍යය වර්ගය හා වේද වර්ගය යි. මේ වර්ගීකරණය අපට සිහි ගන්වන්නේ ධම්ම පදය යි. වේද වර්ගය සම්පූර්ණයෙන් ම පාහේ විවිධ වාද විවාද විද්‍යාත්මක මතවාද ඇසුරින් රචිත යි.

• පවතින සාමාජික, දේශපාලනික, ආර්ථික පසුබිම ආවේගශීලි කාව්‍ය බසකින් ප‍්‍රශ්න කිරීමේ ප‍්‍රවණතාව අංකුර තරුණ කවීන් අතර කැපී පෙනුන ලක්ෂණයක්. ශක්තික සත්කුමාරගේ ‘වෙඩි වැදුණු පන්හිඳ’, රෝහණ පොතුලියද්දගේ ‘අහස හැඩි වී ඇත’, ඉසුරු ප‍්‍රසංගගේ ‘පරාග’ ඒ අතරට එක් කළ හැකි කවි පොත්. ආව්ගශීලි වුවත් ඔවුන්ගේ ඇතැම් කවි යම් නිර්මාණශීලිත්වයක් ප‍්‍රකට කරනවා. මේ කවිය රෝහණ පොතුලියද්දගේ ‘අහස හැඩි වී ඇත’ කාව්‍ය කෘතියේ ඇතුළත් වන්නක්.

මාතෘකාව - මගේ සුබ උදෑසන

සොඳුර, දැන් ඉතිං නැගිටින්න
මේ රැයේ සොඳුරු ම වෙලාවයි
මන්නාරම් බස් එක - කොළඹ යන වෙලාව යි
සඳ සරා තාම ගුවනත හැඩ කරයි
තුරුලතා තුරුළු වී - පිනි වැස්ස යට නිදයි
සිහිනයේ අතරමැද - හැමදාම බෙල් වදියි
සීතල ද පීනස ද හාමත ද ගෙන මේ දැන් ම යා යුතු යි

ඉර එන්න කලින් - අහසට හා පොතට
රිංගුවොත් කොළඹට කැලණි ගං තොටින්
දහසක් බුදුන් බුදු වන - ඒ සුබ උදෑසන මගෙයි

• එසේ ම දෙනෙත් අඳ වීමෙන් අනතුරු ව ද කාව්‍යකරණයේ නියුක්ත ව සිටින උපුල් සේනාධිරිගේ නම් කවියාගේ කවි ‘සියොතුන්ට එනු පිණිස’ කෘතියේ ඇතුළත්. හෘදයාංගම කවිබසකින් යුතු උපුල්ගේ කවිය පවත්නා සමාජ වටපිටාවෙන් පෝෂණය ලද්දක් බව පෙනෙනවා.

‘සිංහල ගුරුවරයාගේ කවිය’ හිසින් ලියන ලද පහත සඳහන් කවිය එබන්දක්.

හුදෙකලා වූ දුයිෂෙන් මම වෙමි.
අතිරේක පංතියේ සිංහල සුරගුරු
ගරා වැටි කේතකී නිවහනේ ගුරු
අශෝකමාලා ගැන කවි පබැඳි සාලිය ගුරු

කාශයෙන් පෙළෙන සොයුරිය සමග නිරතුර
ළය රෝහලට දිව යන වැලිසර
දුටිමි නුඹ අශෝකා මෙනෙවියනි ගරුතර
ජීවකතුමියෙකි ස්ටෙතස්කෝපයක් අත දැරූ

වාණිජත්වය කරා හඹා යන සමාජයක අතරමං වන සිංහල විෂය මෙන් ම එකී ගුරුවරයාගේ ඛේදවාචකය ද මෙහි කදිමට නිරූපණය කරන්නට සේනාධිරිගේ කවියා සමත් වී සිටිනවා.

• ප‍්‍රතිභාපූර්ණ කවිත්වයකින් හෙබි කිවිඳියන් රැසකගේ නිර්මාණ ද අපට මෙවර සමීක්ෂණයේ දී හමු වුණා. විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි නම් කිවිඳිය සිය ‘සැන්දැග’ කෘතියෙහි එවන් නිර්මාණශීලී සංවේදනා රාශියක් අන්තර්ගත කර තිබෙනවා. කිවිඳියගේ අපූර්ව පරිකල්පනය, පද සංඝටනාව ප‍්‍රකට කරනා කවි ලෙස වැඳුම්, වන සිරි, මහාභිනික්මනක් නම් නොවේමැයි වැනි රචනා දක්වන්න පුළුවන්. චිරාගත සාහිත්‍ය සේවනයෙන් ඇය ලද ආභාසය ඇගේ අපූර්ව පද පෙළින් ප‍්‍රකට වෙනවා. එහෙත් එහි එන ඇතැම් කවි වෙනත් කවීන්ගේ මීට පූර්වයෙන් කළ කාව්‍ය රචනා සිහිපත් කරන බව ද නො කියා ම බැහැ.

• සරෝජිනි දැරණියගලගේ ‘වෙන්දේසි වූ පේ‍්‍රමය’, ඇයගේ ප‍්‍රශස්ත කවිත්වය පළ කරන කෘතියක්. යතුරු කපන්නාගේ පැතුම, බලූ කපුටු දන ඇයගේ සමාජ නිරීක්ෂණය හුවා දක්වනවා.

• රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කවියෙකු වන ලක්ශාන්ත අතුකෝරාළගේ වැසි ඉසෙන ඉසව් කෘතිය වෙනස් ආකාරයේ අනුභූතීන් විෂය කර ගෙන ඇති බව පෙනෙනවා. මහවංශකරුවා ඉක්මවා යන දෘෂ්ටියකින් යුතු ව කාවන්තිස්ස රජුගේ මෙහෙවර දෙස බැලීමක් ‘කාවන්තිස්ස’ කවි පංතියෙන් ද උක් කපන්නන්ගේ ශෝකජනක ජීවන වෘත්තාන්තය ‘උක් දුක්’ යන්නෙන් ද අපුල සිත් ජනිත කරවනා සර්පයෙකු කෙරෙහි අනුකම්පාවක් ගොනු කරවන ‘සර්පයෙකුගේ පේ‍්‍රමය’ ද එබඳු කවි පංතීන් ය. සොබා දහම කෙරෙහි කවියා තුළ වන අපූර්ව සබැඳියාව හෙළි කරන කවිවලින් ද මේ කෘතිය සමන්විත වෙනවා. ඔහුගේ ඇතැම් කවිවල ජන කවියෙහි ආභාසය නො මඳ ව දකින්ට ලැබෙනවා.

මලේ සුවඳ මල තලලා නවතම් ද
හඳේ එළිය දොර තියලා නවතම් ද
හුළෙගේ හූව කන් වහලා නවතම් ද
ළඳක් යතොත් අඬ ගහලා නවතම් ද

• ජනක මහබෙල්ලනගේ ‘කම්මුල් පහර’ සංයුක්ත කවි ඇතුළත් කාව්‍ය කෘතියක්. එහි මීට පෙර ඔහු විසින් රචනා කළ ඇතැම් කවි ද අන්තර්ගත යි. වසන්ත ප‍්‍රියංකර නිවුන්හැල්ලගේ ‘සුළඟ’ සංක්ෂිප්ත කවි සමුච්චයක්. ‘දුඹුරු වලාකුළු’ කපිල කුමාර කාලිංග ලියූ පාරසරික කවි එකතුවක්. ‘රාහුලයෝ’ නමින් පළ වී ඇත්තේ කවි කොලමක් සඳහා ලක්ෂ්මන් කහටපිටිය කවියා සතිපතා ලියූ කාව්‍ය නිර්මාණ රාශියක්.

• ‘කිසිවෙක් කවියන් නොමරති’ ලෙස බිහි ව ඇත්තේ එරික් ඉලයප්ආරච්චි නම් කවියාගේ සූක්ෂ්ම සමාජ ගවේෂණාත්මක චාරිකාව යි. බූස්ස සිර කඳවුර, මූර්ති ප‍්‍රදර්ශනය, පකිස් නිළිය, තිදස් පුර නිවෙස්, සිඟිති උයනට ආ බිරිඳකට, නිළි වරම් ලබන්නියකට, කැරලිකාර දියණියකට, කුලඟන සහ වෙසඟන, විහාරමහාදේවි උද්‍යානයේ සිට සිරි ගුණසිංහට, රජරට මිනිස්සු සහ ගැහැනු, මහණ වූ අයියාට, සොයිසා වාට්ටුවේ දී පියෙකු වූ සැමියෙක්, ගලහ පාරේ බසය, ලක්සල, රේස් පදින්නිය, එතෙර සිට ආ මිතුරාට ඊට නිදර්ශන යි.

• ඉතා ම ජ්‍යෙෂ්ඨ හා රාජ්‍ය සම්මානලාභි කවීන් දෙදෙනෙකුගේ කෘති දෙකක් ගත වූ වසරේ ප‍්‍රකාශිත කවි පොත් අතර තිබුණා. ඒ, පරාක‍්‍රම කොඩිතුවක්කු සහ සුනන්ද මහේන්ද්‍ර යන කවීන් දෙදෙනා රචනා කළ ‘මහතෙක් සිටී හොඳින්’ හා ‘ඇදුරිඳුගේ ආගමනය’ යන කවිපොත් 02 යි.

• නූතන අර්ථ ක‍්‍රමය හමුවේ හුදකලා වන මිනිසාගේ හදවතෙහි ස්පන්දනය පරාක‍්‍රම කොඩිතුවක්කුගේ ‘මහතෙක් සිටී හොඳින්’ කෘතියේ මුඛ්‍යාර්ථය වෙනවා. නූතන සිංහල කාව්‍ය ක්ෂේත‍්‍රයෙහි විප්ලවකාරයකු ලෙස ද සමාජ ප‍්‍රතිසංස්කරණවාදී කවියෙකු ලෙස ද හැඳින් වූ පරාක‍්‍රම සිය අභිනව කාව්‍ය සංග‍්‍රහයෙන් නූතන සමාජයේ සංකීර්ණ සමාජ තත්ත්වයන් හමුවේ බිඳී යන මානව සම්බන්ධතා මහතෙක් සිටී හොඳින්, කැපුණු ස්නායුව, බිඳුණ බඳුන වැනි කවි ඔස්සේ ප‍්‍රකට කරන්නට සමත් වී සිටිනවා. එහෙත් සමස්තයක් වශයෙන් ගෙන බලද්දී ‘මහතෙක් සිටී හොඳින්’ කාව්‍ය සංග‍්‍රහය හඳුන්වන්නට පුළුවන් වන්නේ සාර්ථක නිර්මාණ හිඟ කෘතියක් හැටියට යි.

• ආඛ්‍යාන කාව්‍ය නිර්මාණ සමුදායක් ලෙස නම් කර ඇති ‘ඇදුරිඳුගේ ආගමනය’ කෘතිය මහාචාර්යවරයාගේ දීර්ඝ සාහිත්‍ය ගමනත් ඔහු ලද විෂය පරිණතබාවයත් මනා ජීවිත පරිඥානයත් ප‍්‍රකට කරනවා.

• විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් රාශියකගේ දායකත්වය ද මෙවර කාව්‍ය ක්ෂේත‍්‍රයට ලැබී තිබුණා.

• අව්‍යාජ නැවුම් අනුභූතින්ගෙන් පොහොසත් ‘එකමත් එක පිටරටක’ කෘතිය ලියනගේ අමරකීර්තී නම් සාහිත්‍යකරුවා කාව්‍ය ක්ෂේත‍්‍රයට කැඳවා ගෙන ඒමක්. කථිකාචාර්යවරයාගේ සොඳුරු කවි කල්පනා රාශියක් ‘එකමත් එක පිටරටක’ ට ඇතුළත් වෙනවා. පාසල් පේ‍්‍රමයක් පිළිබඳ කියැවෙන ‘විසුරුන කවිය’, NGO කරණයට ලක් වූ වත්මන් සමාජය පාදක කොට ගත් ‘ධනාත්මක තරුණයෙක්’, විරාගය නවකතාව විශ්ලේෂණයට බඳුන් කළ ‘සරාගේ දෙවැනි ලියුම’ දූෂිත දේශපාලනය තූළ අතරමං වූ ජන ජීවිතය විදහා දක්වන ‘ඇයි මේ’ ඒ සඳහා නිදසුන්. කවියා ඇමරිකාවේ ගත කළ සමයේ දී ඔහු පෙළු සංතාපයන්ද සංතෘප්ත භාවයන් ද සිය කවිය සඳහා අරමුණු කරගෙන තිබෙනවා. අතිශය අව්‍යාජත්වයක් පළ කරන මේ ඇතැම් කවිවල ඒ අව්‍යාජත්වයක් පළ කරන මේ ඇතැම් කවිවල ඒ අව්‍යාජත්වය නිසා ම අමු බවක් නො මේරූ බවක් තිබුණු බව යි අපගේ හැඟිම. එහෙත් නවියකු වශයෙන් ඔහුට ඇති දීප්තිමත් අනාගතය පිළිබඳ පෙරනිමිති මේ කෘතියෙහි දකින්ට පුළුවන්.

• ‘කල්පලතා’ වූකලි නුතන සාහිත්‍යකරුවා නැවත වරක් සම්භාව්‍ය සාහිත්‍ය සේවනය කරා කැඳවා ගෙන යන්නක්. මහා කාව්‍ය, ජාතක කතා කාව්‍ය යුගයෙහි අප විඳි චමත්කාරය යළිත් වරක් සහෘද පාඨකයා වෙත ප‍්‍රදානය කරන්නට දර්ශන රත්නායක නම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සිය ප‍්‍රතිභාසම්පන්න කවීත්වයෙන් සමත් වී තිබෙනවා. සැබවින් ම කල්පලතාව අපට ගෙන එන්නේ සර්ගවලින් බැඳි මහාකාව්‍යයක ගුණ සුවඳ යි. මෙහි පූර්විකාව සාහිත්‍යය, කවිය හදාරන විද්‍යාර්ථියෙකුට සප‍්‍රයෝජනවත් බව ද මෙහි ලා සඳහන් කළ යුතු වෙයි.

• වසරේ හොඳ ම කවි පොත සොයා යෑමේ දුෂ්කර ක‍්‍රියාව තුළ දී අප දෝලනය වූයේ දර්ශන රත්නායක සහ නන්දන වීරසිංහ අතර බව මෙහි දී කිව යුතු වෙනවා.

• මෑත භාගයේ මෙතරම් ව්‍යක්ත ලෙස චිරන්තන කවි බස භාවිත කළ තවත් කවියෙකු මා නම් දැක නැහැ. ඔහුගේ විරිත් භාවිතය ගැන ද කිව යුත්තේ එයම යි. මෑත භාගයේ කිසිදු නූතන කවියෙකු ඔහු තරම් නිවැරදි ලෙස ගී විරිත් හා සිලෝ විරිත් භාවිත කොට ඇත්දැයි අප නම් දන්නේ නැහැ.

• ඔහු නූතන කවීන් අතර කැපී පනෙනේනේ භාෂා භාවිතය හා විරිත් භාවිතය නිසා පමණක් නො වේ. අපූර්ව කාව්‍යෝක්ති ද නිර්මාණය කිරීම නිසා යි.

මිහිලිය ද නිසි කල - මේ කුළු පතා පේවී
වැහි දියෙන් ගැබ් ගෙන - ලොවට මල් පල ඉසුරු දේවි

නුවන් මිණි බඳුනෙහි - නුරා මදිරා පුරවා
බැඳලති ලියෝ පිරිමින් - බවෙන් බවයට ඇලූම් කරවා

• ඇතැම් විට ඔහු නව කාව්‍යෝක්ති මවන්නේ නිරායාසයෙන් මතු වී එව මුල, මැද, අග එළිසම තුන ම පිහිටුවමින්.

ඇසුණි එතෙපළ රැඳුණි සවනත
නැගුණි මදහස රැකුණි මුනිවත
ගෙවුණි මඳකල් දිලූණි රන්කොත
සැලූණි රන්දද බැඳුණි නෙතසිත

• මේ කරුණු කෙසේ වුවත් දර්ශන රත්නායක කවියාගේ, කවිය නූතනත්වයට බොහෝ ඈත බව යි අපගේ අදහස. බෝසත් සිරිතක් මධුර, සුමට කවි බසින් ඉදිරිපත් කිරීමට වැඩි යමක් මෙහි තිබේ ද යන්න පාඨකයා තුළ පැන නගින ප‍්‍රශ්නයක්.

• ‘රැය කරා ගමන’ කවිය හා සොබා දහම අතර වන ඒකාබද්ධතාව දාර්ශනික ගැඹුරකින් යුතු ව ඉදිරිපත් කරන්නක්. තමා විඳි ජීවන අත්දැකීම් මගින් ජීවිතයේ ගැඹුර දාර්ශනික මානයකින් හෙළි පෙහෙළි කිරීමට කවියා මෙහි දී සමත් වී තිබෙනවා. බොහෝ කවීන් විෂයෙහි අනුභූතින් නොවන වස්තු විෂයයන් නන්දනගේ කවියෙහි ප‍්‍රතීයමාන වී තිබෙනු දැකිය හැකියි. ‘‘නිහඬ නිරිඳු’’ ඉතිහාස කතාවෙන් මෑත් වී වර්තමානයේ සොබා දහම හා බද්ධ වූ විජයබාහු නිරිඳුගේ ප‍්‍රතිමාව දෙස හෙළන උපේක්ෂා සහගත බැල්මක්. පවතින සමාජ වටපිටාවේ දී හිස් බවින් පමණක් අභිෂේක දැරූ මිත‍්‍ර සමූහයකට ඇස නො ගැටුණු සොබා දහමේ අසිරිය කියා පාන ‘‘වන මැද ගමන’’ තුළින් කවියා ජීවිතයේ ගැඹුරු යථාර්ථය අප වෙත ගෙන ඒමට උත්සාහ දර තිබෙනවා.

‘බෑවුමක රහසේ පිපී ගිය - මල් මතෙහි විමතියක් යම් කිසි
තිබිණි දැයි විමසනු කල් නැති, ගමන් සගයන් න`ගා හිස් රැවු
නො නැවතී රැය කරා ගමනෙහි’

‘අවාරයේ’ කවි පංතිය කවියා ඔහුත් සමඟ අප ද ගිරි මුදුනක හුදකලා වූ දෙවොලකට කැඳවා ගෙන යනවා. බැතිමතුන්ගේ පුද පූජාවට පාත‍්‍ර වූ දෙවොල, වත් පිළිවෙත්වලින් බුහුමනට ලක් නො වන කාලයේ තනි ව සිටින්නේ එතෙක් දෙවොල අරක් ගත් ව්‍යාජත්වයෙන් තොර ව යි. කවියා විඳින්නේ මේ අව්‍යාජ, නිරහංකාර, හෘදයාංගම සැබෑවයි.

කපුවන් රැකවල්කරුවන් - කිසිවකු නැති සිහිල ගැබෙකි
නන් නන් කුසුමින් ආකුල - තුරු වැටියෙහි තුටු දසුනකි

ඉත්ත, කීන, කැලෑ කොට්ට - නෙල්ලි ඈ නෙතුරු පිරිවර
සමඟ සම ව පිළිම දෙවිඳු - නිදහස් සම්භාෂණයක

මිනිසා සොබා දහම ඉක්මවා යන්නට දරන හරසුන් බොල් ව්‍යායාමය, ඔවුන්ගෙන් පිදුම් ලබන දේවත්වය ම සොබා දහම හා එක් වීම තුළින් ගම්‍යමාන කරන්නට නන්දනට හැකි වී තිබුණා.

නිදහස් රීතිය ගුරු කොට ගත් කවියෙකු වූ නන්දන ඒ සීමා මායිම් ඉක්මවා ගොස් ඇති අන්දම ‘ගඟ’, ‘බ්‍රෝහියර් දසුන’ නමැති කවි පංති තුළින් ඉස්මතු වී පෙනෙනවා. සොබාදහම වින්දනය කරන කවියා ඒ ඔස්සේ ගැඹුරු ජීවන අනුභූතියක් ප‍්‍රතියමාන කර ඇති අයුරු දකින්න පුළුවන්. ස්වදේශිකයෙකු තරමට ම මෙ රටට ඇලූම් කළ ආර්. එල්. බ්‍රෝහියර් නම් සොබාදම් සෞන්දර්යයෙන් ඔකඳ වූ සොඳුරු මිනිසා ‘බ්‍රෝහියර් දසුන’ට විෂය වී තිබෙනවා. නන්දන මේ මිනිසා ඔසවා තබන්නේ අප රටෙහි මිහිතලය ආස්වාදය කළ උත්තම පුරුෂයෙකු ලෙස යි.

• නන්දන වීරසිංහ කවියා ඉතා වේගයෙන් කවියෙහි බුද්ධිමය තලයක් කරා, දාර්ශනික තත්ත්වයක් කරා එළඹෙන ආකාරය ‘පරීක්ෂාව’, ‘දිය ගති’, ‘කුර ලකුණු මඟ හැරීම’, ‘කාලි දස් සඳ’, ‘ගෘහ නිර්මාණය’, ‘රැය කරා ගමන’ ආදී කවි බහුතරයකින් දැකිය හැකි යි. එය ඇතම් විට කවියෙහි භාවාත්මක බව සමතික‍්‍රමණය කරන බවත් කිව යුතු වෙනවා.

• "රැය කරා ගමන" විශිෂ්ටත්වයට පත් කරන අති විශේෂ කාරණාව ලෙස සඳහන් කළ යුත්තේ ඔහු විසින් නිර්මාණය කර ගනු ලැබ ඇති ව්‍යක්ත, මටසිලූටු භාෂාව යි. කවිය, භාෂා ප‍්‍රාතිහාර්යයක් බව අපට අමතක කළ නො හැකි යි.

• මෙබඳු බොහෝ කරුණු සලකා බැලීමේ දී සීමාසහිත ස්ටැම්ෆර්ඞ් ලේක් (පුද්ගලික) සමාගම මගින් ප‍්‍රකාශයට පත් කළ නන්දන වීරසිංහයගේ "රැය කරා ගමන" යන කෘතියට 2009 විශිෂ්ටතම පද්‍ය කාව්‍ය කෘතිය සඳහා වන විද්‍යෝදය සාහිත්‍ය සම්මානය ප‍්‍රදානය කළ යුතු යැයි අප නිර්දේශ කර සිටිනවා.

01.09.2010
හංසමාලා රිටිගහපොළ
[කථිකාචාර්ය- සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය]

Hansamala Ritigahapola | හංසමාලා රිටිගහපොළ
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ගෞතම බුද්ධ දේශනා කරයි.| Personal Quotes
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස කරන්න.