BOONDI.LK| කතන්දර බූන්දි| අමාත්‍යවරයා දුටු සිහිනය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් කතන්දර
ආදරයට වෙඩි තියන්න
|
සෝමසිරි ඒකනායක
[2]
බොහොඬෙක්
|
ඇන්ටන් චෙකොව්
[2]
අවන්හල
|
රුවන් එම්. ජයතුංග
[1]
අදෘශ්‍යමාන හාදුව
|
තිළිණි ෂැල්වින්
[21]
වෘකයා සහ බැටළු පැටවා
[1]
අංශක 110
|
දසුනි හෙට්ටිආරච්චි
[1]
ගැබ්බර හිතට ගබ්සාවක්
|
හෙන්රි වර්ණකුලසූරිය
[4]
The Cobra Woman and Her Visitor
|
අජිත් පැරකුම් ජයසිංහ
[0]
හොඳයි... මං අහන්නෙ ?
|
රුවනි සිසිජා ජයකොඩි
[4]
අපරිණත පේ‍්‍රම සම්බන්ධයක්
|
සමර විජේසිංහ
[1]
අක්ෂර සෙනග-
[කතන්දර ]
[20/78]
නයෝමී
රන්සිරිමල්
මංජුල
ප්‍රදීප්
අනුර
වික්ටර්
සංජීව
අජිත්
සංඛ
ඉසුරු
බී.ජී.එම්.
ලියෝ
අමිල
ඇනා
ඇන්ටන්
ප්‍රසාද්
ආගන්තුකයා
අමිල
රුවන්
කේට්
BOONDI • Sookiri • •
කතන්දර බූන්දි
අමාත්‍යවරයා දුටු සිහිනය
[0]
බූන්දි| | 22:24:57
ගරු අමාත්‍යතුමා නින්දෙන් පිබිදුනේ බයින් තැතිගෙනය. ඔහුගේ ගත දහඩියෙන් තෙත්වී තිබිණි. වායු සමීකරණ යන්ත්‍රයෙන් නිකුත් වූ සිහිල් සුලඟට ද ඔහුගේ දාහය අඩු කරනු නොහැකි විය. අමාත්‍යවරයා දුටුවේ බියකරු සිහිනයකි. තවමත් ව්‍යාකූල තත්ත්වයෙන් පසු වූ ඔහු තමා දුටුවේ සිහිනයක් ද නැතහොත් සැබැවින්ම සිදු වූවක්ද යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව අත් දෙකෙන්ම දැස් පොඩි කළේය. මොහොතකට කලින් දුටුවේ සිහිනයක් බව ප්‍රත්‍යකෂ කර ගැනීමත් සමගම ඔහුගේ සිතට දැනුනේ
මද සහනයකි. එහෙත් එය අනාගතය පිළිබඳව පැවසුණු අසුභ නිමිත්තක් දෝ යැයි ඔහු දෙගිඩියාවක පසු විය. පසකට හැරී සන්සුන්ව නිදනා බිරිඳව අවදි කොට සිහිනය පිළිබඳව ඇයට කීමට සිතුනද අමාත්‍යවරයා තව දුරටත් සිහිනය පිළිබඳව කල්පනා කළේය. ඔහු දුටුවේ භයානක සිහිනයකි. රත් පැහැති දෙනෙත් වලින් තමා දෙස බැලු ආබ්‍රහම් පියතුමා-
-''තොප සදාකාලික නිරයට හෙළමි'' කීවේය. ඒ මොහොතේදී ඔහුට හැඟුනේ ආබ්‍රහම් පියතුමා තමා අසලින් සිටි වගකි. වෙනතක් තබා ආබ්‍රහම් පියතුමා ආශ්වාස ප්‍රශ්වාස කරන හඬද ඔහුට ඇසුණි. සුළු මොහොතකට සිමා වූ මෙම බියජනක සිහිනය කල්පයක් පුරා සිදුවූවා යන හැඟීමක් ඔහු තුළ තිබුණි. නිරයේ ගිනිදැල් වදිත්ම ඔහු අවදි විය.
මෙවැනි සිහිනයක් දකින්නට හේතුව කිම?. අමාත්‍යවරයා කල්පනා කළේය. ආබ්‍රහම් පියතුමා අභාවයට පත් වී වසරකට වඩා වැඩිය. ඔහු අභාවප්‍රාප්ත වූවා නොවේ. පල්ලියේදීම ඉතා සැහැසි අන්දමින් මරා දමා තිබිණි. මේ දක්වා ඝාතකයන් කවුරුන්ද යන්න සොයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ නැත. එකල විකල්ප පුවත්පත් වලින් ආබ්‍රහම් පියතුමාගේ ඝාතනය පිළිබඳව බොහෝ දේ පළ කරන ලදි. ඒ අතරවාරයේ දී විරුද්ධවාදීන් ගරු අමාත්‍යතුමා මෙම ඝාතනය සඳහා නියෝග දුන් බව පැවසූහ. පියතුමා ඝාතනයට ලක් වූ මුල් කාලයේදීම නැග එන ජනතා කෝපය නිසා කෙටි කලක් විදේශ ගත වන්නට සිදුවූ අයුරු ඔහු මෙනෙහි කළේය. යළිත් එවැනි කාලයක් උදාවීගෙන එන බව සිහිනෙන් පැවසුවේද? යන්න ඔහුගේ සිතට නැගුණු මුල්ම අදහස විය.
ආබ්‍රහම් පියතුමා දේව මෙහෙයේ දී නිරන්තරයෙන්ම තමන්ගේ ක්‍රියා විවේචනය කරන බව ඔහුට සැල විය. කිසිකලක දේශපාලනයේ නොයෙදුණු ආබ්‍රහම් පියතුමා කිසිදු පක්ෂයකටද ගැති නොවීය. අවසාන කාලයේදී අමාත්‍යවරයා පියතුමා සමඟ සිටියේ අමනාපයෙනි.
දේශපාලන වශයෙන් තමන්ගේ රූපාන්තරණය ආබ්‍රහම් පියතුමා අවබෝධ කරගෙන සිටි බව ඔහුට පැහැදිළිය. වෙනත් පූජකයන් නොයෙකුත් වාසි මගින් සාක්කුව පුරවා ගත්තද ආබ්‍රහම් පියතුමා ග්‍රහණය කර ගැනීමට ඇමතිතුමා යෙදූ සෑම උප්පරවැටියක්ම ගඟට කැපූ ඉණි මෙන් නිෂ්ඵල විය. කෙසේ නමුදු පියතුමාගේ මරණය ඔහුට ගෙන ආවේ තාවකාලික සැනසීමකි. මොහොතකට පෙර දුටු සිහිනය කරදර වැලක ආරම්භය බව ඔහුට සිතුණි. ඒ සමගම ආබ්‍රහම් පියතුමාගේ වදන් මාලා ඇමතිවරයාගේ මතකයට ආවේය.
සිය උපැස් යුවල යටින් බැතිමතුන් දෙස මොහොතක් බලන පියතුමා ගැඹුරු හඬින් ඔවුන්ව අමතයි. පියතුමාගේ විවේචනය තම හදවතට එල්ල කරන අසිපත් පහරවල් සේ රිදෙන සුළුය.
ඒ කටහඬ ඔහුගේ මනසේ දෝංකාර දුන්නේය.
''ඔටුවෙකුට ඉඳිකටු මළකින් රිංගා යා නොහැකිය. ඒ වාගේම බලලෝභි, ආත්මාර්ථකාමී වංචාවේ ලගින දේශපාලඥයන්ට කිසිකලෙක සමිදාණන්ගේ පරාදීසයට යන්ට බැහැ. එවුන් අයත් වන්නේ සාතන්ගේ නියෝජිතයන්ට. ඔවුන් ක්‍රිස්තුස් වෙනුවෙන් පෙනී සිටීමට වෑයම් කරනවා, මුහුණ පින්තාරු කරගෙන ධාර්මික මුහුණක් පෙන්නනවා. ඒත් ඇතුළාන්තය පවින් පිරිලා. ඔවුන්ට දෙවියන් වහන්සේ රවටන්නට කිසිලෙසක බැහැ...''
ආබ්‍රහම් පියතුමා පවසන සෑම වැකියක්ම එල්ල වන්නේ තමන් දෙසට බව ආමාත්‍යවරයාට හැෙඟයි. එහෙත් දැන් පියතුමා මළවුන් අතරය. මෙම සිහිනය අනාගතය ගැන පැවසෙන සිහිනයක් නොවේවයි ඔහු පැතුවේය. අනතුරුව මේසය අසල තිබූ වතුර කෝප්පයෙන් අඩක් පමණ පානය කොට දෑස් පියා ගත්තේය.
************
දේශපාලන පිටියට මුලින්ම පැමිණෙන විට ඔහු අවංක හදවතකින් යුතු දුප්පත් තරුණයෙක් විය. එවකට බලයේ සිටින පක්ෂය විසින් කරන නොපනත් කම්, අසාධාරණයන් පිළිබඳව, ඔහු මිතුරන් සමග කථා කළේ දැඩි හැඟිමකින් යුතුවය. පවත්නා සමාජ ක්‍රමය වෙනස් කොට අලූත් සමාජ ක්‍රමයක් තැනීම ඔහු ගේ මූලික අභිප්‍රාය විය. ගුරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ ඔහු නීතිය ඉගෙන ගත්තේ යම් දිනයක නීතිඥයෙකු වී දේශපාලන පොරපිටියට පැමිණෙමී යන අභිලාෂයෙනි.
''අප මේ අසාධාරණ ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ ක්‍රමය මම මුළු හදවතින්ම ප්‍රතික්ෂේප කරනවා. බලන්න සුදුස්සාට සුදුසු තැන නෑ. මුළු දේශපාලනයම හම්බකරගන්න ඉල්ලමක් වෙලා. හොරකම, පගාව, කොමිස් ගැහිල්ල ඉහවහා ගිහිල්ලා. දේශපාලකයින් එලිපිට දූෂණයේ යෙදෙනවා. ඒවාට විරුද්ධව කථාකරන මිනිස්සු අතුරුදහන් කරවනවා. මේකද සහෝදර වරුනි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපි පොරොන්දු වෙනවා සදාචාරාත්මක දේශපාලනයක්. හොරකම, වංචාව අපි අතීතයට එක්කරවනවා. ඔව් මිත්‍ර වරුනි අපිට ඒකට ශක්තිය තියෙනව.....''
බලයට ඒමට ටික කලකට පෙර තමා කළ කථාවේ සුළු කොටසක් ඇමතිතුමාට මතක් විය. එදා මෙදා තුර කාලය ගෙවී ගොසිනි. සුදු කමිසය හා කළු කලිසමක් ඇඳ, මළකඩ කෑ බයිසිකලයක නැගී නගරයේ සැරිසැරූ ඔහු දැන් වාහන තිහකට ආසන්න සංඛ්‍යාවක් පාවිච්චි කරයි. මෑතකදී මාසික කුලිය ලෙස රුපියල් දෙලක්ෂ පනස්දහසක සුඛෝපභෝගී වාහනයක් ද ලබාගත්තේය. තමන්ගේ කිට්ටු ඥතියෙකුගේ පාවිච්චිය සඳහා අමාත්‍යාංශයට අයත් වොල්වෝ රථයක්ද ලබාදීමට ඔහු නිර්ලෝභි විය. මේවා සිහිවන විට ඔහුට ඔහු ගැනම පිළිකුලක් දැනුණි.
ආබ්‍රහමි පියතුමා කීවා මෙන් තමා පරපුටුවෙකි. ජනතාවගේ රීරී මාංශය උරාබොන්නෙකි. ජනතාවගේ කතිරයෙන් පාර්ලිමේන්තුවට ගොස් ජනතා දේපල අනිසි ලෙස පාවිච්චි කරමින් සුර සැප විඳින්නෙකි. මසකට වාහන වලට ගෙවන කුලිය යන්නේද තමන්ගේම හිතවතෙකුටය. ඒ සඳහා වියදම් කරන මුදල් වලින් කුසට අහරක් නැතිව පාර දෙපස සිටින දුප්පත් ළමුන්ට පෝෂ්‍යදායක ආහාර නොකඩවා සැපයිය හැක. ඉගෙනගන්නට පොත්පත් නැති දුප්පත් සිසුන්ට ඉගෙන ගන්නට අවස්ථාව ලබාදිය හැකිය. එහෙත් මා විනාශ කරන්නේ තුන්වන ලෝකයේ දුප්පත් රටක මුදල්ය. යම් දිනක මෙය මට සහගහනු නිසැකය. මා අනුභව කරන්නේ ගින්දරය. ආබ්‍රහම් පියතුමා කීවේ සත්‍යයකි. මා සදාකාලික නිරයට නියම වනු ඇත.
************
ඇමතිතුමා අවදිවූයේ වෙනදාටත් වඩා ප්‍රමාදවය. ඔහුගේ ශරීරයට දැඩි විඩාවක් දැනුණි. එදින විවෘත කිරීමක් තිඛෙන බව සිහිපත් වීමත් සමගම ඔහුගේ සිත නොසන්සුන් විය. ඔහු මදක් කල්පනා කළේය. අද දින විවේක ගැනීමට හැකිනම් මෙම විවෘත කිරීමට යෑමට සිත් නොදේ. එහෙත් මා එයට යා යුතුය. අවසානයේදී විවෘත කිරීමේ උත්සවයට යෑමට ඇමතිවරයා තීරණය කළේය.
උදැසන ආහාර ගැනීමේදී අමාත්‍යවරයාට කුසගින්නට වඩා තිබුනේ පිපාසය ය. තමාගේ අභ්‍යන්තරය පිළිස්සෙන බවක් ඔහුට දැනේ. අයිස් දැමූ වතුර කෝප්ප දෙකක්ම ඔහු පානය කළේය. ඉක්බිති සිරිත් පරිදි කරන්නාක් මෙන් නිරන්තරයෙන්ම ෙදාඩවන ලේකම්වරයාට සවන් දුන්නේය.
''සර් අද දහයයි විසි අටට නැකත තියෙන්නේ. විවෘත කිරීමෙන් පස්සේ කරන කථාව මෙතන තියෙනවා. මම සුරාජ්වයි, ඇන්ටන්වයි කලින්ම පිටත් කළා''
සුරාජ් හා ඇන්ටන් හිටපු පාතාල සාමාජිකයෝය. සිර දඬුවමි පවා විඳ ඇති ඔවුහු දැන් ගරු අමාත්‍යතුමාගේ කායාරක්ෂකයන් ලෙස සේවය කරති. නිල ආරක්ෂකයන්ට වඩා ඇමතිවරයාට මොවුන් විශ්වාසය. ඒ බව දන්නා ලේකම්, ඇමතිතුමා යන ගමන් වලදී මුලින්ම සුරාජ් සහ ඇන්ටන් එම ස්ථානයට පිටත් කරවයි.
''සර් මේ තියෙන්නේ ගියසුමානේ ප්‍රාදේශිය වාර්තා කාරයෙක්ලියපු පත්තර ආටිකල් එකක්. ඒකේ ඔබතුමාව විවේචනය කරලා තියෙනවා. මම මූව ටිකක් දන්නවා. මට හිතෙන්නේ මූ ටිකක් ගානට වැඩියි. පොඩ්ඩක් නිශ්ශබ්ද කරමුද?''
ලේකම්වරයා විසින් පවසන ලද මාධ්‍ය වේදියා ඇමතිතුමා දැන සිටියේය. බලයට පැමිණීම සඳහා මෙම ප්‍රාදේශීය වාර්තාකරු ඔහුට උදවු විය. ටෙන්ඩරයක පලහිලවුවක් සම්බන්ධයෙන් දැන් මොහු මට චෝදනා එල්ල කරයි. මා කළයුත්තේ කුමක්ද? මීට ඉහතදී කළාක් මෙන් සුරාජ් හා ඇන්ටන් යවා මාධ්‍ය වේදියාගේ කට පියවීමද බලය රැකගැනීම සඳහා තවත් අපායගාමී වැඩ කළ යුතුය. මෙහි කෙළවර කුමක්ද?
************
උත්සවයට පැමිණී වෙලාවේ සිට අමාත්‍යතුමා හැසිරුනේ නොසන්සුන් කමකිනි. අවට රැස්ව සිටි ජනතාවට ආචාර කිරීමට පවා ඔහුට අමතක විය. වෙනදා කරන්නක් මෙන් දසන් දක්වා සිනාසීම වෙනුවට ඔහු කළේ යාන්තම් ආරූඩ කරගත් සිනහවකින් යුතුව අත වැනීම පමණී. රැස්ව සිටි ජනතාවගේ ඇස් දෙස බැලීමට ඔහු බිය විය. මා මොවුන්ගේ රුධිරය උරා බොන්නෙක් බව ජනතාව දන්නේ නම් ඔවුන් මා කෙරෙහි කුමන ආකල්පයක් දරණු ඇත්ද? මා ඔවුන් සංවර්ධනය කරන බව කියමින් කරනුයේ මාව සංවර්ධනය කිරීමය. මා වැනි දේශපාලඥයන් විශ්වාස කිරීමට තරම් මොවුහු මුග්ධද?
පිළිගැනීමේ කථාව කළ පුද්ගලයා ප්‍රභූවරයෙකු විය යුතුය. ඔහු තමාගේ අසමසම ගුණ වර්ණනා කළේ කොතරම් අපූරුවටද? පැමිණ සිටි පූජ්‍ය පක්ෂය දුටුවේ මගේ සද්භාවයන්ය. මේවා සියල්ලම බොරු නොවේද? මොවුහු කියූ ගුණ කන්දරාවෙන් දශමයක් හෝ මා තුළ නැත. මා වංචාකාර දෙබිඩි අයෙකි. මා රූපාන්තරණය වී ඇත. එහෙත් මොවුන් මගේ ගුණ ගී ගයති. අපි දේශපාලනය ඉල්ලමක් කර ගෙන පරම්පරා ගණනාවකටම හම්බකර ගතිමු. චිරාත්කාලයක් සැපවිද අප මිය පරලොව යනු ඇත. එවිට අපට ගරු බුහුමන් කළ මෙම මුග්ධ රැළ අපව දේවත්වයෙහිලා සලකනු නිසැකය. මොවුන් අපගේ පිළිරූ ඉදිකොට අපගේ ජන්මෝතසව දිනවල දී හා ජන්මාන්තරගත වූ සංවත්සර වල දී මල් මාලා පළඳවනු ඇත.
අමාත්‍යවරයාගේ මුවගට මද සිනහවක් නැගුණි. එතුමා අසල සිටි ව්‍යාපාරිකයා සිතුවේ අමාත්‍යවරයා තමා සමග සිනාසුනු බවය. එබැවින් ඇමතිතුමාට වඩාත් කිට්ටු වූ ව්‍යාපාරිකයා ''තමුන්නාන්සේ ආවට පස්සේ මෙ පළාත කිරියෙන් පැණීයෙන් ඉතිරුනා..'' කීවේය. එය අමාත්‍යවරයාට ඇසුණු බවක් පෙනෙන්නට නොතිබිණි.
අමාත්‍යවරයා යළිත් පියවි ලොවට පැමිණියේ ''මීලඟට ඔබ අමතා ගරු අමාත්‍ය ................. කතා කරනු ඇත.'' යන වදන් මාලාව යකඩ කටින් ඇසීමත් සමඟය. ලේකම් විසින් සකස්කරන ලද කථාව කියවා ගැනීමට ඔහුට අමතක විය. වෙනදා කුමක් හෝ යමක් කියා තැනට ඔබින ලෙසට කටයුතු කිරීමට හැකි වූ නමුත් මේ අවස්ථාවේ සිතට අදහස් නොඑයි.
මයික්‍රෆෝනය අසලට යත්ම රැස්ව සිටි ජනයා ඔල්වරසන් හඬ නැගූහ. ඒ අතරින් ලේකම් තුමා විසින් කලින් ස්ථානගත කරන ලද ආධාර කරුවෝ ජයවේවා කියමින් කෑගැසූහ. වෙනදා එවැනි ජනඝෝෂා හමුවේ වාග් හැකියාව උද්දීපනය වන නමුදු අද තමා තුළ කිසිදු වෙනසක් ඇති නොවන හැඩය. එයින් ඔහු තවදුරටත් ව්‍යාකූල විය.
මයික්‍රෆෝනය ඉදිරිපිට සිටගත් වහාම ජනතාව නිහඬ වූහ. එහෙත් අමාත්‍යවරයාට වචන මුවගට ආවේ නැත. මොහොතක නිහැඩියාවකින් පසු පිට ග්‍රහලොවක සිට කතාකරන්නාක් මෙන් වචන ස්වල්පයක් ඔහු මිමිනුවේය. හැකි ඉක්මනින් තමාගේ කථාව අවසන් කිරීමට ඉටාගත් අමාත්‍යවරයා සිරිත් පරිදි කරන්නාක් මෙන් ඔබලාට යහපත් දේශයක් ඇති කිරීමට මම කැපවෙන බව කියමින් නිහඬවෙමී කිවේය. ඒ සමගම යලිත් ඔල්වරසන් හඬ පැතිර ගියේය.
Dr. Ruwan M. Jayathunga | රුවන් එම්. ජයතුංග
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
සොෆී ෂෝල් කියයි.|
Personal Quotes
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු අප තරම් නිර්භය නොවන්නෝ ය.
- සොෆී ෂෝල්. 1943 පෙබරවාරි 21 වන දා. හිට්ලර්ගේ කැලෑ උසාවිය ඉදිරියේ කළ ප්‍රකාශය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus