BOONDI.LK| Cine බූන්දි| සමාජ යථාර්ථයේ ප්‍රතිබිම්බය| බඹර වළල්ල
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා
[මරාසාද්. Peter Weiss]
|මරා කියයි.
|Theatre Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[0]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[0]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[1]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[2]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[1]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[0]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
සංඛ
මොන්ටානා
විදර්ශන
ප්‍රියන්ත
චමිල
නුවන්
විකුම්
චූලානන්ද
බී.ජී.එම්.
දර්ශන
ඉසුරු
දිලීප
හෂිත
ජගත්
ලියනගේ
අමිල
තිස්ස
මංජුල
චින්තන
ප්‍රියාන්
BOONDI • Raha • •
Cine බූන්දි
සමාජ යථාර්ථයේ ප්‍රතිබිම්බය| බඹර වළල්ල
[0]
බූන්දි| | 02:06:56
පූර්විකාව - වත්මන් සිනමා සන්දර්භය තුල සිනමාව සහ සිනමා විචාරය
'සිනමාව' යන සිංහල වචනයෙහි ඉංග්‍රීසි වචනය Cinema යන්නය. චල චිත්‍රය, චල චිත්‍ර ශාලාව එහි ශබ්ද කෝෂ අර්ථය යි. සිනමාව යන අදහසෙහි මූලික සාධක දෙකක් ඇත. එනම් තාක්ෂණික දැනුම ලබා ගැනීම සහ නිර්මාණ කිරීමයි. යම්කිසි සමාජයක පොදු ජනයා සිනමාවට අදාලව රොද බඳින්නේ ඉහත දෙවැනි සාධකය වෙතය. එවිට මෙම දෙවැනි සාධකය-
-සමාජය තුල ව්‍යාප්ථ වන අතර සිනමාව යන අදහසෙහි
පුළුල් සමාජ අර්ථයක් ද මින් උත්පාදනය වෙයි. එය 'වින්දනය' යි.
සිනමාව සඳහා එක් සමාජ කොන්දේසියක් නම් 'නැරඹීම' ය. නැරඹීම නොමැතිව සිනමාවට පැවතිය හැකිද? ඔව්. පැවතිය හැකිය. එය වීඩියෝ තාක්ෂණය යි. නොරඹන සමාජයක වීඩියෝව පැවතිය හැකිය. එනම් නරඹන්නෙක් නොමැතිව වීඩියෝකරණය සිදුවීමය. එවිට රූපය පොදු ජනයාගෙන් නිදහස් වී හිස් අවකාශයෙහි අනන්ත චලනයක නියැලෙයි. එබැවින් මෙතෙක් රූපයෙන් පිටත පැවති (පොදු ජනයාගෙන් සැඟවී) කීර්තිය, ජනප්‍රියත්වය, ධනය, රැකියා, සම්භාෂණ, විදෙස් සංචාර, සම්මාන, රූපවාහිනී-පුවත් පත් සංවාද, ලිංගික ආකර්ශනය, ලිංගික සබඳතා.... ආදී බහුල අර්ථ රූපය තුලට පැමිණ ඇති අතර තව තවත් අනවරතව පැටව් ගසයි. (මේ අනුව සිනමාවෙන් බැහැරව පැවති මෙම බහුල අර්ථ දැන් සිනමාත්මක අර්ථ බවට වේශ ගැන්වී ඇත.) මෙම පැටව් ගැසීම පොදු ජනයා වෙත දැන් නිරාවරණය වී ඇති බැවින් මෙය දැන් ඔවුන්ට සුලබ තත්වයකි. (මෙම සන්දර්භය තුල පොදු ජනයා සිටිනුයේ 'එහෙම වුනාට එහෙම නෑ' වැනි ස්වයං රැවටිලිකාරී තෘප්තිමය ස්ථාවරයකය.) එබැවින් මෙම වත්මන් සිනමා සන්දර්භය තුල කෘතිය තුල කෘතිය විචාරය කිරීම යනු (කතාව, රූපය, රංගනය, සංස්කරණය, සංගීතය, වර්ණ, කැමරා කෝණ, ශාරීරික-මානසික මිනිස් සබඳතා ආදියෙන් යුත් සාම්ප්‍රදායික සිනමා විචාරය), හුදු අතීතකාමී මනස්ගාතයක් පමණි. එනම්, මෙවන් විචාරයන් හි උරුමයේ අඩවිය වන්නේ හිස් අවකාශය යි.
එබැවින් මෙම කෙටි සටහනෙහි උත්සාහය 'බඹර වළල්ල' නම් කෘතියෙහි වියමන පවතින සමාජ සන්දර්භය තුල ස්ථානගත කිරීම මිස කෘතිය විචාරය කිරීම නොවේ.
I. ස්වපීඩාකාමුක - අක්‍රීය පොඩි එකා
බඹර වළල්ල චිත්‍රපටියේ කේන්ද්‍රීය චරිතය වන්නේ එහි පොඩි එකා ය. එනම් චිත්‍රපටියේ අනෙකුත් චරිත සහ සිදුවීම් චලනය වන්නේ මෙම පොඩි එකා වටාය. මෙම පොඩි එකා යනු, සංකේතීය නීතිය (භාෂාව, සංස්කෘතිය) යනුවෙන් කිසිවක් නොදන්නා මවගේ/සහෝදරියගේ ලෝකය තුල එනම්, ප්‍රමෝදය තුල පරිකල්පනීයව සිටින (සමාජය මත ශරීරය පවතින) පොඩි එකෙක්ම ය. යමෙක් මෙම ප්‍රමෝදයෙන් ගැලවී භාෂාව, සංස්කෘතිය වෙත පිවිසෙනවාය යනු, ඔහු සහ මව අතර සම්බන්ධය තුල ඉඩක්/පරතරයක් පැවතීමය. මෙම ඉඩ/පරතරය යනු, සංකේතීය නීතිය යි. නමුත් චිත්‍රපටියේ මුල් අදියරෙහි මෙම සංකේතීය නීතිය දරාගත් භූමිකාවක් කවරෙකුගෙන් හෝ ඉහත ඉඩ/පරතරය තුල නියෝජනය නොවෙයි. බාප්පාගේ භූමිකාව යනු, සංකේතීය නීතිය සීමිතව දරාගත් පූර්ව (වනචාරී) පියාගේ භූමිකාවය. එබැවින් මවගේ/සහෝදරියගේ ලෝකය වනචාරී නීතියෙන් සීමිතව අහිම වන පොඩි එකාගේ ඉන්ද්‍රීයයන්ට අදාල තෘප්තිය ඇත්තේ මවගේ/සහෝදරියගේ ලෝකය තුල පරිකල්පනීයව මිස සමාජය තුල (කසිප්පු සඳහා වතුර ඇදීම තුල) නොවන බැවින් සමාජයෙන් පැමිණෙන නොයෙක් අඩන්තේට්ටම්වලට (බාප්පාගේ හිරිහැරයන්ට) පොඩි එකා දක්වන්නේ අතිශය හීලෑ, අක්‍රීය ප්‍රතික්‍රියාවකි. මෙම අඩන්තේට්ටම්වලට ලක්වන්න ලක්වන්න පොඩි එකා ඇතුළු වනුයේ පරිකල්පනීය මව/සහෝදරියගේ ප්‍රමෝදයේ ලෝකයට බැවින් (පැවති සීමිත පරතරය සමීප වන බැවින්) මෙම අදියර තුල පොඩි එකාගෙන් නියෝජනය වන්නේ ස්වපීඩාකාමුක-අක්‍රිය භූමිකාවකි.
II. මර්ධන නීතියට අභිමුඛ වන පොඩි එකා
මර්ධන නීතිය යනු, සංකේතීය නීතියෙහි පාර්ශවීය කොටසකි. එය සමාජ දේහයේ ඉහලින් පවතින බැවින් එය සෑම විටම මැදිහත්වන්නේ යම් වරදකාරීත්වයකට පසුවය. කෘෂි නිෂ්පාදන අතිරික්තය නැවත නැවත කෘෂිකර්මාන්තයටම යොදවන මෙවන් සමාජයන් හි සංකේතීය නීතිය (සංස්කෘතිය/භාෂාව) පවතිනුයේ ස්වභාවිකත්වයට අතිශය සමීපවය [හරකා හොරකම් කළ මිනිසාට පොඩි එකා දඬුවම් කිරීම සහ එම දඬුවම් කළ ආකාරය]. බාප්පාව මරා දැමීමෙන් පසු පොඩි එකාට අභිමුඛ වන්නේ මෙම මර්ධන නීතියයි (පොලීසිය). එය පොඩි එකාට භීතියක් ගෙන එන නමුත් (කලිසමේ මුත්‍රා පහවීම) ඉන් මව/සහෝදරිය සමග පොඩි එකාට ඇති ප්‍රමෝදයේ පරිකල්පනීය සම්න්ධය සිඳීමකට ලක් නොවේ. (මෙය තෙවැනි අදියර තුල වැඩිදුරටත් පැහැදිලි වේ.) එබැවින් පොඩි එකා භීතියට පත් වන්නේ මර්ධන නීතියට ඇති බිය නිසා නොව ඉන් මෙම ප්‍රමෝදය (මව සමග ඇති) අහිමි විය යන දරාගත නොහැකි භීතිය අභිමුඛ වූ බැවිණි. අනික පොඩි එකා බාප්පාව මරා දමන්නේත් මෙම ප්‍රමෝදය (සහෝදරිය සමග ඇති) අහිමි කරමින් එහි භීතිය අභිමුඛ කළ බැවිණි.
III. ස්වපීඩාකාමුක - සක්‍රීය පොඩි එකා
මර්ධන නීතියෙන් පහර කෑමට ලක්ව පැමිණෙන පොඩි එකා මින් පසු දිගින් දිගින් දිගටම සොයන්නේ අහිමි වූ (කෘෂිකාර්මික-සීමිත සංකේතීය නීතිය මැදිහත් වීමෙන් අහිමි වූ) ප්‍රමෝදය (සැබැවින්ම හිමි වී නොපැවති එබැවින් අහිමි වීමක් ද නොවූ) යි. මෙම 'ගින්දරෙන්' පසුවන පොඩි එකාට හිමි නොවූ-අහිමි වූ මෙම ප්‍රමෝදය තුලට ඇතුළු වීමට අවශ්‍ය (ප්‍රමෝදය තහනමට ලක් නොවීම නිසා) තවත් ගැහැණියක මිස (මව/සහෝදරිය මෙන්) මවගේ/සහෝදරියගේ ආදේශකයක් (පෙම්වතියක්) නොවේ (කුමාරි වාසය කරන නිවසට ඇතුළු වු විගස එහෙ මෙහෙ දුවමින් සොයන පොඩි එකාගේ අද්භූත සෙවිල්ල). ඒ අනුව පොඩි එකා පුංචි මැණිකා තුලින් ද, කුමාරි තුලින් ද සොයන්නේ මෙම අහිමි වූ (හිමි නොවූ) ප්‍රමෝදය යි. භාෂාව යනුවෙන් කිසිවක් නොදන්නා (ප්‍රමෝදය තහනමට ලක් නොවීම නිසා) පොඩි එකා මෙම අහිමි වීම හඹායනුයේ නීතිය අතට ගෙනය. ඒ අනුව ඊට එරෙහි වන පුංචි මැණිකාගේ කොණ්ඩය කපා දමන අතර කුමාරි තුලට (හිමි නොවූ-අහිමි වූ ප්‍රමෝදය තුලට) ඇතුළු වීමට බාධා කරන මැල් මහත්තයාව මරා දමයි. මෙම සමස්ත අදියර තුල පොඩි එකාගේ හැසිරීම් අතිශය හිංසනීය (පරපීඩාකාමුක) යැයි බැලූ බැලුමට පෙණුන ද එය රවටන සුළුය. මක්නිසාද යත් පොඩි එකාගේ තෘප්තිය ඇත්තේ ප්‍රමෝදය තුල මිස භාෂාව තුල නොවන බැවිණි. එනම්, පොඩි එකාගේ අතිශය හිංසනීය (පරපීඩාකාමුක) හඹායෑම ප්‍රමෝදය වෙත වුවත් එවැන්නක් සැබෑවට නොමැති නිසා (නොතිබූ නිසා) සීමිත වුවත් කෘෂිකාර්මික සංකේතීය නීතියෙන් මව සමග සිටින ඒකාත්මික හිඳීම තහනම් වූ පසුය පොඩි එකාට හැෙඟනුයේ තමන් සිටියේ අසීමිත ප්‍රමෝදයක බව. එබැවින් එවැනි තහනම් කිරීමක් නොවූයේ නම් තමන් සිටියේ ප්‍රමෝදයකය යන හැඟීමක් පොඩි එකාට නොහැඟේ. ඒ අනුව පොඩි එකාට අහිමි වූ ප්‍රමෝදය හිමි වූ යමක් නොවේ.) සෑම හිංසනීය (පරපීඩාකාමුක) කූටප්‍රාප්තියකදීම පොඩි එකාට හැෙඟනුයේ දරාගත නොහැකි වේදනාවකි (ස්වපීඩාකාමුක). එනම් හිමි නොවූ-අහිමි ප්‍රමෝදය හඹා යන හිංසනීය ආකෘතිය පරපීඩාකාමුක වුවත් එය අසාර්ථක වීම අනවරතව සිදුවන නිසා (අහිමි වීමද අහිමි වන නිසා) එයින් ව්‍යුත්පන්න වන තෘප්තිය (වේදනාව) ස්වපීඩාකාමුකය (හරකා හොරකම් කළ මිනිසාට එල්ල කරන වියරු හිංසනයෙන් පසු පොඩි එකාගෙන් පිටවන ආවේගය මුසු වේදනාත්මක විලාපය සහ මුදල් මංකොල්ල කා සරාව (සගයා) ද ඝාතනය කොට පැමිණීමෙන් ඉක්බිතිව ජිනේ අයියා ඉදිරියේ මුදාහරින පාපෝච්චාරණමය මුසු වේදනාත්මක විලාපය.).
චිත්‍රපටියේ අවසානය සනිටුහන් වන්නේ කෘෂි නිෂ්පාදනයේ අතිරික්තය නැවත නැවත කෘෂි කර්මාන්තයටම යොදවන එබැවින් කෘෂි සංස්කෘතිමය ගොඩනැංවීමක් පමණක් සහිත (මෙහි සූරාකෑමට ලක්වන්නා සීමිත පරාරෝපණයකට පමණක් ලක්වන බැවින් මොහුගේ අවිඥානික පිහිටීම ස්වපීඩාකාමීය.) සමාජ දේහයකින් [මෙහි සූරාකන්නා (අප්පුහාමි) ද, සූරාකෑමට ලක්වන්නා (පොඩි එකා) ද සිටිනුයේ සීමිත කෘෂි සංස්කෘතියෙහිය, මඩෙහි ය - තිරිසනා සහ මිනිසා අතර වෙනස නොදැන දෙදෙනාම මඩෙහි නෑම], නිෂ්පාදන අතිරික්තයෙන් කොටසක් සංස්කෘතියට, වින්දනයට යොදවන එබැවින් සංස්කෘතික ගොඩබැංවීමක්, කතිකාවක් සහිත (මෙහි සූරාකෑමට ලක්වන්නා අසීමිත පරාරෝපණයකට ලක්වන බැවින් මොහුගේ අවිඥානික පිහිටීම අරගලකාරීය.) සමාජ දේහයක් [මෙහි සූරාකන්නා (මැල් මහත්තයා) ද, සූරාකෑමට ලක්වන්නා (පොඩි එකා) ද සිටිනුයේ අසීමිත වෙනස්කම් සහිත සංස්කෘතිය, භාෂාව යන තටාකයෙහි ය. ජීවිතයට අවශ්‍ය චාරිත්‍ර, වතාවත් හුරුවෙමින් සිදුකරන] වෙත පැමිණෙන පොඩි එකා අතින් වෙළෙන්දෙකු වුවත් සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර හි නියැලෙන, ආදරය පිළිබඳ අදහසක් සහිත, ඉවසන සුළු සැලසුම් සහගත මැල් මහත්තයා (මොහු සංකේතීය-සංස්කෘතික පියාගේ භූමිකාවත්, පූර්ව-වනචාරී පියාගේ භූමිකාවත් වරින් වර පොඩි එකා ඉදිරියේ නියෝජනය කළ බැවින් මොහුගෙන් ද පොඩි එකාගේ පරිකල්පනීය ප්‍රමෝදය හඹායෑම සිඳීමකට ලක් නොවේ.) මිය යාමය. (පිස්තෝලය සතු වූයේ රාළහාමිගේ දෑත තුල වුවත් එහි කොකා ගැස්සූ දෑඟිලි හි ස්පන්දනය පොඩි එකාගේය). ඒ වෙළඳාම තුල ය. චිත්‍රපටියේ අවසාන දර්ශනය වන්නේ වෙළඳාම තුල ජයකෙහෙළි නංවන පොඩි එකාගේ අභිමානය යි (මෙම දර්ශනය චිත්‍රපටියේ ඇති ආලෝකමත්ම දර්ශනය යි). පොඩි එකාගේ මෙම අභිමානයෙන් හඟවන්නේ කුමක්ද? ඒ අන්කිසිවක් නොව සංස්කෘතික ගොඩනැංවීම යනුවෙන් කිසිවක් නොදන්නා එබැවින් ප්‍රමෝදයෙහි පරිකල්පනීයව වසන පොඩි එකා සංස්කෘතිය ද වෙළඳාමක් බවට පත් කිරීමට නියමිත බවය. එනම් මැල් මහත්තයා මෙතෙක් වෙනසක් සහිතව දරාගෙන සිටි වෙළඳාම හා සංස්කෘතිය යන ද්විත්වය පොඩි එකාගෙන් අහෝසි වී යාමට නියමිත බවය. (දැන් නිමැවෙන ගීතයක් සතියක් තුල වෙළඳ දැන්වීමක් වීම සහ Ringing tone වීම) මේ වනාහි වෙළෙන්ඳාගේ පූර්ණ ජයග්‍රණය යි.
එබැවින් බඹර වළල්ල යනු, කේන්ද්‍රීය වශයෙන් ස්වපීඩාකාමුකත්වය වටා චලනය වන [පසු කළ මඩ වගුර යළි යළි පාගන (ගිලෙන) හරක් බලාගන්නන් අතර වන තරගය (චක්‍රය) මෙම ස්පීඩාකාමුකත්වයේ අනවරත චලනය හඟවන දර්ශනය යි. මෙම දර්ශනයට චිත්‍රපටියෙන් වැඩි කාලයක් වෙන්වීම අහම්බයක්ද?], වෙළෙන්ඳාගේ පූර්ණ ජයග්‍රහණය සංකේතවත් කරන්නක් ලෙස හැඳින්විය හැකිය.
වෙළෙන්ඳාගේ පූර්ණ ජයග්‍රහණය සංකේතවත් කරන, ස්වපීඩාකාමුකත්වය වටා චලනය වන බඹර වළල්ල චිත්‍රපටිය දිගහැරෙනුයේ පහර කෑම සහ පහර දීම නම් ද්විත්ව සිදුවීම විවිධාකාර රූප ඔස්සේ වරින් වර දෝලනය වෙමිණි. නිකොලායි ගොගොල්ගේ 'මළ මිනිස්සු' හි ප්‍රධාන චරිතය වන චිචිකොව් දිගින් දිගටම දසත සැරි සරමින් සෙවූයේ ඔහු සතු නොවූ ඉඩම් හිමියන් සතු ධනය සහ කීර්තිය යි. නගරයෙහි සිටි අනෙකුත් ඉඩම් හිමියන් මෙන් නීතිය ඔස්සේ යමින් එය අත්පත් කරගන්නවා වෙනුවට චිචිකොව් තෝරාගනු ලැබූ මාර්ගය වූයේ නීතිය කැඩීමය. එනම් මළ මිනිසුන් මිලදී ගෙන ධනය සහ කීර්තිය අත්පත් කරගැනීමය. නීතිය කඩා, නීතියට හසුව, නීතියෙන් පහර කෑමට ලක්වන විට ද චිචිකොව් තුල මෙම සොයා යෑම නොනැසී, සැඟවී පැවතුණු නමුත් නගරය ඔහුව හැඳිනීය. ඒ 1842 රුසියාව ය.
බඹර වළල්ලෙහි ප්‍රධාන චරිතය වන පොඩි එකා දිගින් දිගටම පහර කමින් පහර දෙමින් සොයනුයේ හිමි නොවූ එබැවින් අහිමි වන ප්‍රමෝදය යි. ඒ සඳහා ඔහු තෝරාගත් මාර්ගය වූයේ නීතිය අතට ගෙන, නීතියට එපිටින් යමින් ඝාතනය කිරීම සහ පහර දීමය. නීතිය කඩමින් අහිමි වන ප්‍රමෝදය අනවරතව සොයන පොඩි එකා නගරය තුල ජයකෙහෙළි නංවන්නේ මළ මිනිසුන් අලෙවි කරමින් නීතියට හසු නොවෙමිනි. මේ 2010 ශ්‍රී ලංකාව ය.
Prabhath Hemantha Kumara | ප්‍රභාත් හේමන්ත කුමාර
[SEO Tags] Review on Bambara Walalla Sinhala Movie, Athula Liyanage
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
සොක‍්‍රටීස් කියයි.|
Book Quotes
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus