BOONDI.LK| පරිවර්තන කවි| ගෞතම බුදුන් සමග බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
  තවත් පරිවර්තන
Blame it on the Bossa Nova | මේක කලේ බොස නෝවා | සින්තියා වෙයිල් / බැරී මාන්
ප්‍රතිචාර[0]
සියක් කඳු රැගෙන යන රාත්‍රිය | අබ්දුල් වහාබ්
ප්‍රතිචාර[0]
පාෂාණ කතිකාව | මොනිසා අල්වි
ප්‍රතිචාර[0]
ඉරබටු තරුව | Evening Star | එඩ්ගා ඇලන් පෝ
ප්‍රතිචාර[1]
තවමත් සොවෙනි මම | Still I'm Sad by Boney M | බොනි එම්
ප්‍රතිචාර[1]
ඔබේ ඔය සිනහව | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
හැ ඳි න් වී ම ක් | කමලා දාස්
ප්‍රතිචාර[1]
හැම දිනෙක ඔබ රඟන.... | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
'Every day you play with...' By Neruda | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
පිළිම පණ ගැන්වෙන මොහොත | එම්. රිෂාන් ෂෙරී‍ෆ්
ප්‍රතිචාර[0]
BOONDI • Kavi •
  පරිවර්තන කවි  
ගෞතම බුදුන් සමග බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
ප්‍රතිචාර[0]
බූන්දි| | 04:09:04
කවියට නළුවට උපන් බර්ටොල්ට් බ්‍රෙෂ්ට්
එක් ඉරුදින සැඳෑවෙක
හිසට වද දුන්, එහෙත් සරල පැන ගොන්නක්
නිරවුන් මනසැ'ති ගෞතම බුදුන්ගෙන් විචාළේය.
සිදුහත් හිමි සඳුනි,
දුක කුමක්ද, ඉන් මිදෙන්නේ කෙසේද යනු ඔබ දනිති.
සියලු ආශාවන් ඔබ ජය ගත්හ.
එහෙයින් තවමත් ‍ලෝකාශාවන්ගෙන් වද විඳින
සැක මුසු පැන විමසන්නකු කෙරෙහි
සමාවනු මැනවි;
මිහිතලයේ දිළින්දෝ
අබිනික්මන සඳහා මාලිගා අහිමිව,
ලගින්නට තුරු සෙවණක් වත්
සොයන්නට විවේක සුවයක්වත් නැතිව
දිවා රෑ වෙහෙස වෙති, එහෙත්
නැති බැරිකම පලවන්නට අසමත් වෙති.
ධනවාදයේ කෑදරකම ගම් දනව්වලට
සාගින්න මුදාහරී.
එහි තණ්හාව ගුවනට විස මුසු කරන්නේ
මත් බවත්, දෙවියනුත් සමඟය
අධිරාජ්‍යවාදයේ ද්වේෂය,
නගර පුරා බෝම්බ වැසි වස්වයි.
දුක් විඳින පැල්පත්වලට එහි
කාම රෝගය බෝ කරයි.
ඉතින් ස්වාමීනි, ඔබ වහන්සේ ගේ
උතුම් සත්‍ය සතර හෝ අරි අටඟි මග
කුසගින්නේ මියෑදෙන දරුවෙකුට
පිහිට වන්නේ කෙසේද?
අපමණ වූ සූරා කෑමට ගොදුරුවූවන්
කිසිවක් නැති බව විසින් දහමට පෙළඹවිය හැකිද?
සෙබළාගේ අඩක් දැවුණු හදවත
අග්නි සූත්‍රයෙන් සුවකළ හැකිද?
පැරණි පිළීතුරු නව යුගයට පිරිමහීද?
හැම කලටම එකම පිළිතුරක් තිබිය හැකිද?

කවියාගේ බුහුටි බසට මඳසිනා පහළ කෙරෙමින්
බුදුහු මෙසේ වදාළහ.
"ජීවක ඉසිවර කතාව ඔබ අසා නැද්ද?
වරෙක ඔහු උමතු ඇතකු පිට නැඟුණේ
උගේ කනට අහිංසාවේ මතුර ජප කිරීමටය.
අවසන ඇත් සළින් ඔහු දිවි ගැලැවුණේ
දඩයක්කාරයාගේ පිහිටෙනි.
‍වේදයෙහි කෙළ පැමිණි ජීවකයන්
පණ රැක ගැන්මේ රහස උගත්තේ
නූගත් සැඩයකුගෙනි.

එහෙත් ජීවිතයේ පරිණාම සත්‍යය වටහා ගත්
පිබිඳුණු මිනිසා,
ජීවත්වීම සඳහා කරන දැවැන්ත සටන් හෝ
ඉතිහාසයේ මහා ඉදිරි ගමන් නිසා
අසහනයට පත් නොවේ.
පිළිතුරු ගැන ඔබ පවසන දේ
අර්ධ සත්‍යයකි, මක්නිසාද
ඒවා ප්‍රජාපතිගේ නීති පොතේ එන පිළිතුරු මෙනි.
වෙනස් වන පැනවලට එහි අරුත් වෙනස් වේ.
කවියා විසින් කවියට
අරුත් වඩන්නා සේ
එම පිළිතුරු දෙන අය විසින්ම
ඊට අරුත් දිය යුතු නොවේ."

-මලයාලම් කවි


K. Satchidanandan | කේ. සචිදානන්දන්
පරිවර්තනය - S.G. Punchihewa | එස්.ජී. පුංචිහේවා
[SEO Tags] Siddhārtha Gautama, Bertolt Brecht , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් මාර්ලේ කියයි.| Personal Quotes
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය හිරු එන විටම
කියයි ඔබ සුළඟට පෙම් බඳින බව -
එනමුදු වැසෙයි කවුළුව ඔබගේ සුළඟ එන විටම

එබැවින්ය මා බිය වන්නේ - ඔබ මට ආදරෙයි කියන විට!