BOONDI.LK| පුහුල් දෝසි| වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  පුහුල් දෝසි  
  කතන්දර  
  Cine  
  ඉඟුරු  
  කවි  
  ගී  
  BoondiLets  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් පුහුල් දෝසි
ෆන් පිටුවෙන් එළියට ආ ලෝකේ පළමුවැනි හරස්පද ප්‍රහේළිකාව | නීල්යා කාරියවසම්
ප්‍රතිචාර[1]
ඩයස් ලා සහ අපි | ඉර්සුල රාජකරුණා
ප්‍රතිචාර[0]
ගඩොල් කැටේ කතන්දරේ | නීල්යා කාරියවසම්
ප්‍රතිචාර[0]
නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා | රුවන්මලී
ප්‍රතිචාර[0]
මෙන්න Mathemagics...! Mr. Nine සමග | චාමිනී සෙව්වන්දි
ප්‍රතිචාර[0]
අරුම පුදුම කුරුළු ගෙදර | නීල්යා කාරියවසම්
ප්‍රතිචාර[0]
යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර| ඕලන්ද කෞතුකාගාරය | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[0]
"මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende | තුෂාරි ප්‍රියංගිකා
ප්‍රතිචාර[0]
කතා කරන මාළුවෝ | රුවන්මලී
ප්‍රතිචාර[0]
මෙහෙමත් කැකිරි..! | නීල්යා කාරියවසම්
ප්‍රතිචාර[0]
අක්ෂර සෙනග-
[පුහුල් දෝසි][2/6]
BOONDI • Dosi •
  පුහුල් දෝසි  
වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ
ප්‍රතිචාර[0]
බූන්දි| | 23:59:03
ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක් ලෙස කුට්ටම් පොකුණ හඳුන්වන්නට පුළුවන්. කුට්ටම් පොකුන පූජනීය ස්ථානයක් නොවුණත් වන්දනාකරුවන් විසින් මහත් භක්ත්‍යාදරයෙන් නරඹන ස්ථාන වලින් එකක්. අනුරාධපුරයේ අභයගිරි විහාරයට නුදුරු ස්ථානයක පිහිටුවා ඇති මේ කුට්ටම් පොකුණ තනා තිබෙන්නෙ අභයගිරි වාසි භික්ෂූන්ගේ ස්නානය සඳහා යි. එකම පවුරකින් වටවුණු දැකුම්කළු-

-පොකුණු දෙකකින් මෙය සමන්විත වීම නිසාම මෙයට කුට්ටම් පොකුණ ලෙස නම ලැබී තිබෙනවා. මේ පොකුණු දෙක, එකක් අඩි 51ක බැගින් වූ සමාන පළලින් යුක්තයි. එසේ වුණත් එක් පොකුණක් තරමින් විශාල වන අතරම අනෙක තරමින් කුඩා පොකුණක්. ලොකු පොකුන 132 ක් දිගින් යුතු වන අතර පොඩි පොකුණ දිගින් අඩි 92 ක් වෙනවා. ඉවුරු බැමි නිමවා තියෙන්නෙ ගල්වරි පැන්නීමෙන් බැමි මාලා 3 ක් සහිතව. පොකුණේ කට පිහිටා තිබෙන්නේ පොළෝ මට්ටමින් අඩි 3 ක් පමණ පහළට වන්නටයි. ලොකු පොකුණෙ මධ්‍ය ගැඹුර අඩි 17 කුත් අඟල් 9 ක්. කුඩා පොකුණේ ගැඹුර අඩි 14ක්. එසේම ලොකු පොකුණට බැසිය හැකි වන පරිදි අලංකාර සෝපානමාලා හෙවත් පඩිපේලි තුනක් නිර්මාණය කරල තියෙනවා. කුඩා පොකුණට පඩි පේළි දෙකක් බැසීමෙන් ඇතුළු විය හැකියි.

මෙම පඩි පේලි පළලින් අඩි 5 බැගින් වන අතර පැන්නීම් සහිත මාලා තුනකින් යුතුයි. අපූරු ලියකම් සහිත ඉතා අලංකාර කෝරවන්ගල් භාවිතාකොට ඒවා නිමවා ඇති බව අපට දකින්නට පුළුවන්. පොකුණු වේදිකාවේ සිට පොකුණු පතුල දක්වා දිවෙන කැටයම් රහිත පඩි පේලියක්ද, සෑම පඩි පේළියකම දෙපස කුඩා කුලුණු දෙක බැගින් දැකගන්න තිබෙනවා. කුට්ටම් පොකුණට අපූර්වත්වයක් එක් කරමින් ඒ කුළුණු මුදුනෙහි විශාල පුන්කලස බැගින් ඇති අතර, මේ පුන්කලස් දරා සිටින්නෙ නෙළුම් මල් කැටයමකින්. මෙම පුන්කලස් කිසිදු කැටයමකින් තොරව නිමවා ඇතිමුත් පුන් කලස් මුදුන් නෙළුම් කොළ සහ නෙළුම් පෙති වලින් කැටයම් කර තිබේ.


කුට්ටම් පොකුණ ප්‍රතිසංස්කරණයට පෙර


පොකුණු යුග්මය එකිනෙක සම්බන්ධ වෙන පරිදි පොකුණු වල යටින් පිහිටි කානුවක් දැකිය හැකියි. කුඩා පොකුණේ මෙම කානුව හරහා ලොකු පොකුණ වෙත ජලය ලබා දීම කෙරෙනවා. එසේම කුඩා පොකුණේ උතුරු කෙළවරේ අඩි 6කින් යුතු කුඩා වතුර කෙමියක් ද දකින්නට පුළුවන්. මේ කෙමියේ මාර්ගයෙන් වෙනත් ස්ථානයක සිට පොකුණට ජලය සපයාගෙන ඇති බව කියවෙයි. එසේ පොකුණට පිටින් එන ජලයේ වැලි මඩ ආදිය එකතු වී ගලා එනු පිණිස අඩි 4 ක සමචතුරස්‍රාකාර කුඩා බිසෝ කොටුවක් පවා දකින්නට පුළුවන්. එසේම පොකුණු වල එකතුවන ජලය කුඩා පොකුණේ ඇති ඇල මාර්ගයක් ඔස්සේ හිස්කල හැකිය.

මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එහි ඇති පඩි පේළි මත හිඳගෙන බඳුන්වලින් ජලය ගෙන ස්නානය කල හැකි පරිදි පොකුණු වල ඉවුරු තනා තිබීමයි.

කුට්ටම් පොකුණ අවට භූමිය පොළොව මට්ටමින් අඩි 3 ක් පමණ උස් වූ ප්‍රාකාරයකින් සමන්විතයි. එය සීමා පවුර ලෙස නම් කර ඇත. එහි බටහිර පැත්තේ පඩි පේළි තුනක්ද නැගෙනහිර පැත්තේ පඩිපේළිය බැගින්ද තනවා තිබෙයි.

ජලය ලබා ගැනීමටත් ජලය පිට කිරිමටත් පැරණි කලා කරුවා සතු වූ ස්වභාවධර්මය පිළිබඳ මනා දැණුමත්, වාස්තු විද්‍යාවේ නිපුණත්වයත් විදහා දක්වනා මාහැඟි දායදයක් ලෙස කුට්ටම් පොකුණ අදටත් අපට දැකගත හැකියි.

Neelya Kariyawasam | නීල්යා කාරියවසම්
[SEO Tags] Kuttam Pokuna, Anuradhapuraya, Sri Lankan Ancient Places , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
නෙල්සන් මැන්ඩෙලා කියයි.| Personal Quotes
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන ගන්නාක් මෙන්ම ආදරය කිරීමට ද ඉගැන්විය යුතුය. මක් නිසාද යත්, ආදරය කිරීම එහි ප්‍රතිවාදී හැඟීමට වඩා මිනිස් හදවත්හි ස්වභාවික උත්පාදනය වන නිසාය.