|
|
|
|
|
කට දිග ඇරලා කියන්න! |
|
|
|
|
| |
|
|
VIVA CHE! [2 කොටස]
ඉතිහාසය වෙනස් කළ සයිකල් සවාරිය |
| |
Andrew Sinclair විසින් සංස්කරණය කරන ලද, VIVA CHE! [The Strange Death and Life of Che Guevara] කෘතියෙහි පරිවර්තනය |
පළමු කොටසට මෙතනින් යන්න. |
|
|
 |
  |
ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:
අර්නෙස්ටෝ සහ අප අතර තිබූ ප්‍රධානතම සමානකමක් වූයේ ක්‍රීඩාශීලීත්වයයි. මුළු ජීවිත කාලය පුරාම චේ ඇදුම රෝගයෙන් පීඩා විඳි බව ප්‍රකට කරුණක්. එසේ තිබියදී පවා ඔහු ක්‍රීඩාවට ඇලුම් කළා. කාව්‍ය සහ ක්‍රීඩාව අතර දෝලනය වූ අධ්‍යාපනය මගින් ඔහුට අධ්‍යාත්මික උත්තේජනයක් ලැබුනා. එයින් ඔහු ශාරීරිකව ශක්තිමත් වුනා. අර්නෙස්ටෝ තුළ තිබුණු සංචාරයටත් අනතුරුදායක ක්‍රියාකාරකම් වලටත්- |
|
|
|
|
-වූ ගිජුකම මේ ක්‍රීඩාශීලීත්වයේම දිගුවක්. ඔහු උසස් විද්‍යාලයේත් මම විශ්ව විද්‍යාලයේත් ඉගෙන ගනිමින් සිටි නමුත්, කෙමෙන් අප එකිනෙකාගේ සමාගමය ප්‍රිය කරන මිතුරන් බවට පත් වුනා. ඔහුගේ බුද්ධිමත්බව සහ දැනුම හඹා යාමේ ලොල් බව නිසා අපි සියල්ලෝ ඔහුව ප්‍රිය කළා. මම අර්නෙස්ටෝගේ සහෝදරයාගේ පුස්තකාලයට නිතර නිතර ගියා. බොහෝ පොත්වල පළමු කියවන්නා වූයේ අර්නෙස්ටෝ. දෙවැනි කියවන්නා වූයේ මමයි. හැම ආකාරයකින්ම සුවිශේෂී වූ අනාගත ජීවිතය වෙනුවෙන් කිසියම් වූ බුද්ධිමය ඉවක් චේ ළඟ තිබුනාය කියා මට හිතෙනවා.
ඔහු අපිත් එක්ක රට තුළට ගියපු සංචාර වලින් සතුටු වුනා. ඉගෙන ගත්තා. පස්සෙ කාලෙක අපි දෙන්නා මහාද්වීපය හරහා ගිය ප්‍රකට මෝටර් සයිකල් සංචාරයට මේ හැම මුල් කාලීන අත්දැකීමක්ම උදවු වුනා. ඊටත් අවුරුදු ගානකට පස්සෙ සටන් බිමේ ගරිල්ලාවෙකු විදිහට චේ කළ වැඩ කොටසෙදි වුනත් මේ සවාරි වලින් ලැබුණු පන්නරය වැදගත් වුනා. උදාහරණයකට, ඉතාම අඩු ආම්පන්න ගණනකින් ටෙන්ට් එකක් (කූඩාරමක්) අටවා ගන්නා විදිහ ගැන මුල්ම පාඩම අපි ඉගෙන ගත්තේ මේ සංචාර වලින්. ඒවා ඒ දිනවල හුදෙක් එකාකාරී එදිනෙදා නාගරික ජීවිතයෙන් පළා යන්න කරපු ''කොලු වැඩ'' වුනත්, අපිත් නොදැනුවත්වම අපේ ඉලක්ක වලට යන්නට ඒවා උදවු වුනා.
 |
|
|
පරිවර්තනය - Koombiya | කූඹියා |
|
Updated on : 2010-07-22 22:13:29 | [Tags] Ernesto Che Guevara, Alberto Granado, Travelling with Che Guevara: The Making of a Revolutionary, |
|
|
|
|
VIVA CHE! [1 කොටස]
මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද? |
| |
|
Andrew Sinclair විසින් සංස්කරණය කරන ලද, VIVA CHE! [The Strange Death and Life of Che Guevara] කෘතියෙහි පරිවර්තනය. |
|
|
 |
  |
හැඳින්වීම
''චේ ග්වාරා'' යන්න බිහි වූයේ ඒ නමේ අයිතිකරුවාගේ උපතින් නොවේ. චේ යනු චේ තුළින් ම එනම් ඔහුගේ ජීවිතය තුළින්ම පැන නැගුනු කිසිවක් විය. චේ වෙනත් කිසිදු විප්ලවවාදියෙකුට යා නොහැකි දුරක් ගමන් කළේය. ඔහු කියූ දේ එපරිද්දෙන් කළ මිනිසෙකු විය. බෙදුණු දකුණු ඇමරිකානු මහාද්වීපයේ අවාසනාවන්ත ඉරණම වෙනස් කිරීමටත්, එහි එක්සත්භාවයත් වෙනුවෙන් එතරම් පරමාදර්ශී කාර්ය භාරයක් ඉටු කළ වෙනත් කිසිවෙකු නොවීය. ඔහු ඒ බව ස්වකීය ජීවන භාවිතාවයෙන් පමණක් නොව, මරණයෙන් ද සනාථ කළේය. චේ, හැර දැමිය නොහැකි මතකයක් බවට පත් වූ වචනයෙන් විස්තර කළ නොහැකි අප්‍රමාණ මිනිසෙකු විය. වරෙක ජීන් පෝල් සාත්‍රේ ''චේ යනු මේ කාලයේ විසූ ඉතාම පරිපූර්ණ මිනිසා'' ලෙස හැඳින්වූයේ එහෙයිනි. |
|
|
|
|
චේ බොහෝ හැකියාවන් එක් කොට තැනුනු පුදුම යන්ත්‍රයකි. වෛද්‍යවරයෙක් ලෙස, අර්ථ ශ්‍රාස්ත්‍රඥයෙකු ලෙස, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස, තානාපතිවරයෙකු ලෙස, උපාය සැලසුම්කරුවෙකු ලෙස, ලේඛකයෙකු ලෙස සහ ඉතාම ප්‍රකට ව ඇති පරිදි සටන් කරුවෙකු ලෙස චේ ඇදැහිය නොහැකි තරමට වෘත්තීමය විය.
ඔහු, ඔහු නියැළුණු ඕනෑම කටයුත්තක පරම අවසානය දැකීමේ පිපාසයකින් පෙළුණේය. චේගේ ඉතාම ප්‍රකට කියමනක එන පරිදි, ''ජනතාව වෙනුවෙන් වැඩ කිරීම, මිනිසෙකුට ලැබිය හැකි උතුම්ම සතුට ය.'' යන්න ඔහු සම්බන්ධයෙන් ඉතාම නිවැරදි විය. කිසිවෙකු කරනා කාර්යයකට තව කෙනෙකු හිලවු කළ නොහැකි බව ඔහු ඇදහූ අතර එය තමන්ටම යොදා ගත්තේය. තමා විශ්වාස කළ සත්‍යයන් වෙනුවෙන් තමා ම පෙනී සිටියා පමණක් නොව ඒ වෙනුවෙන් සිය ජීවිතය පුද කළේය.
 |
|
|
|
දෙවන කොටසට මෙතනින් යන්න. |
|
|
පරිවර්තනය - Koombiya | කූඹියා |
|
Updated on : 2010-06-14 23:38:49 | [Tags] Argentine Marxist revolutionary, Ernesto Che Guevara |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |
|
|
|
 |
| |
කවරයේ කතාව |
|
| |
|
|
| |
 |
|
| |
|
|
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ. |
|
|
|
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී |
|
|
|
සෙස්ස
අස්සට |
|
|
|
|
|
|
|
|
|
|
| |
|