| සොබා දහම, මනුෂ්‍යත්වය සහ ශ්‍රමය |
| |
 |
  |
අද අපේ පෘථිවිය ඉතාම මූලික වූ ද්විත්ව අර්බූදයක හිර වී සිටී. එනම් පළමුව, සමාජීය වශයෙන් බහුජන දූගීභාවය, Austerity, මිලිටරිකරණය ආදියයි. දෙවනුව, පාරිසරික විනාශය මගින් ජීවය පෘථීවියෙන් අතුරුදහන් වී යෑමේ තර්ජනයයි. මෙතැන් සිට ඇරඹෙන ලිපි කිහිපයක් මගින් පෙන්වා දීමට වෑයම් කරන්නේ මේ සියලුම තත්ත්වයන් පැන නැගීමේ මූලය එකක්ම බවයි. ඒ කුමක් ද යත්, මනුෂ්‍යත්වයේ අති විශාල බහුතරයක අවශ්‍යතාවන් ට ප්‍රමුඛත්වයක් නොදී, අනුකම්පා විරහිතව සුලු පිරිසකගේ ලාභය හඹා යන ධනපති ක්‍රමයයි. තවත් වචන වලින් කියනවා නම් අතිරික්ත වටිනාකම් දඩයමේ යෙදෙන රොබෝ යන්ත්‍රය වන ප්‍රාග්ධනය යි. |
|
|
|
|
ඇත්ත වශයෙන්ම ක්ෂුද්‍ර ජීවීන්, වෘක්ෂලතා, හා සතුන් ස්වාභාවික පරිසරය වෙනස් කරනු ලබන්නේ එසේ කිරීමට අදහස් කරන නිසා නොවේ. නමුත් මිනිසා විසින් තමන් පූර්ව කොට නීර්ණය කරනු ලබන අවශ්‍යතාවන් තෘප්තිමත් කර ගනු සඳහා තම ශ්‍රමය යොදවා දැනුවත්වම සොබා දහම වෙනස් කරනු ලබයි. තම ‘ජර්මානු දර්ශනවාදය’ කෘතියේ මාක්ස් මෙසේ ලියයි. “.....ඔවුන් තමන්ගේ යැපීම් මාවතේ (Means of subsistence) නිෂ්පාදනය අරඹනවාත් සමගම ඔවුන්ව සතුන්ගෙන් වෙන්කොට සැලකීම ඇරඹෙයි.....”
ශ්‍රමය විසින් මානවයා අචේතනික (Unconscious) ස්වාභාව දහමේ ලෝකයෙන් වෙන් කරන ලද මොහොතේම, එය ඒ සමග ඒකත්වය ද ඇති කර ගැනීමත් සිදු විය. මන්ද යත් ශ්‍රමය වනාහී, “...මිනිසා තමන්ගේම ක්‍රියාවන්, මැදහත්වීම්, ක්‍රමවත් හැසිරවීම් හා තමන්ගේ හා සොබාදහම අතර වෙනස් වීම්, බීජමය පරිවෘත්තීය වෙනස් වීම (Metabolism) පාලනය කරනු ලබන ක්‍රියාදාමයක්.....” වන නිසාත් මෙන්ම හා ඒ නිසාම “……..මිනිසා හා සොබාදහම අතර සිදුවන අන්‍යෝන්‍ය බීජමය පරිවෘත්තිය ක්‍රියාදාමයේ විශ්ව කොන්දේසිය වන්නේ, මිනිස් පැවැත්ම නිර්ණය කරන්නාවූ සොබාදහමෙන් පැනවෙන සදාතනික කොන්දේසිය යි.”
-( Karl Marx – Capital Vol 1 - Penguin Books - 283-290)
 |
|
|
Kadupul | කඩුපුල් |
|
Updated on : 2010-08-11 23:23:23 |
|
|
|
|
| ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රචණ්ඩත‍්වයේ මනෝ විද්‍යාත්මක බලපෑම |
| |
 |
  |
"රජයක මුලිකම කාර්යභාරය වනුයේ තම පුරවැසියන් ප්‍රචණ්ඩත්වයෙන් ආරකෂා කිරීමයි"
-ජෝන් ෆෝස්ටර් ඩල්ස් [John Foster Dulles]
ප්‍රචණ්ඩත්වය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ තමාටම හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ යම් ජන සමාජයකට හෝ විරුද්ධව, හිතාමතාම බලය හෝ කායික ශක්තිය භාවිත කිරීම මඟින් ශාරීරික ආබාධ, මානසික ආබාධ මරණය හෝ වියෝගය ඇති කිරීම හෝ ඇතිවිය හැකි ලෙසට ක්‍රියා කිරීම ලෙසය. ( Krug, Dahlberg, Mercy, Zwi & lozano, 2002) දේශපාලන ප්‍රචණ්ඩත‍්වය යනු දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරී ක්‍රියා යොදා ගැනීමයි. දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ලොවපුරා මිනිසුන් සහ රජයයන් බහුල ලෙස යොදා ගන්නා ක්‍රමයක් වන්නේ ප්‍රචණ්ඩත්වයයි. මේ අර්ථයෙන් ගත් කල දේශපාලන ප්‍රචන්ඩත‍්වයෙන් අධික ලෙස- |
|
|
|
|
-බැටකන රටවල් අතර ශ්‍රී ලංකාවද සිටී. පසුගිය දශක කිහිපය පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නිම් වලලු පුලුල් වී තිබේ. ඡන්ද සමයේදී මැර පිරිස් කලහකාරී ලෙස හැසිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලාංකික සමාජය හා සංස්කෘතිය වෙලාගෙන ඇත. දේශපාලන ප්‍රචණ්ඩත්වය මෙන්ම එහිලා සබැදුණු සාධකද සංකීර්ණ හා බහුවිධ වුවත් ශ්‍රී ලාංකීය ජන සමාජය විනිවිද යන සහ වෙලාගත් සාධකයක් බවට ප්‍රචණ්ඩත‍්වය පත්වෙමින් පවතී.
දේශපාලන ප්‍රචණ්ඩත්වයට මූලික හේතු පෙන්වා දෙන ඩන්කන් පීඩර්සන් ට අනුව අධික ලෙස ණය බරින් පීඩිත දුගී රටවල ආර්ථීක හා පාරිසරික පරිහාණිය, සම්පත් හීනවීම සහ ජීවිකා වෘත්තින් ඛාදනය යනාදී සාධක ජන සමාජයේ විවිධ කොටස්වල දරිද්‍රතාව හා ආහාර අනාරකෂිතතාව තීව්‍ර කරයි. විලෝපිත ක්‍රියාමාර්ගවල තරගකාරිතවයද දේශපාලන ප්‍රචණ්ඩත‍්වය සහ අභ්‍යන්තර යුද්ධ හටගැනීම යන සාධකත් සම්පත් හීනවීම නිසා තීව්‍ර වන වාර්ගික හා ආගමික ආතතියත් එකිනෙක හා බැදී පවතී ( ඩන්කන් පීඩර්සන් -දේශපාලන ප්‍රචණ්ඩත්වය.
 |
|
|
|
Based on the article "The Psychological Impact of Political Violence in Sri Lanka" |
|
|
Dr. Ruwan M. Jayathunga | වෛද්‍ය රුවන් එම්. ජයතුංග |
පරිවර්තනය - A.M Wicramasinghe | ඒ. එම්. වික්‍රමසිංහ |
|
Updated on : 2010-08-03 03:08:21 | [Tags] The Psychological Impact of Political Violence in Sri Lanka |
|
|
|
|
මහ මුහුද තෙලෙන් පිරවීම| 2 කොටස|
බොර තෙලෙහි නොනවතින පොරබැදීම |
| |
|
[මහ මුහුද තෙලෙන් පිරවීම| 1 කොටස| AN AMERICAN CHERNOBYL] |
|
|
 |
  |
හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් (කනිෂ්ඨ) ගේ ප්‍රතිරූපය, සිය ධූරයෙ හි අවසාන කාලයේ දී බිඳ වැටුණේ ඉරාක යුද්ධයටත් වඩා ඇමෙරිකාව හරහා හමා ගිය මාරාන්තික කත්රීනා කුණාටුව (Hurricane Katrina) නිසාවෙනි. මෙවර වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා සිය ප්‍රතිරූපය ගිලිහෙන්නට නොදී පොරබදන්නේ මෙක්සිකානු මුහුදු බොක්කට කාන්දු වන අති දැවැන්ත බොර තෙල් ප්‍රවාහය සමඟිනි. වරද තවකෙකු වෙත පැවරීමේ නිල අරගලයක යෙදෙන අතරතුරේ දී මෙය ස්වභාවික ආපදාවක් යැයි ඒත්තු ගන්වන්නට ඇමෙරිකානු මාධ්‍ය හරහා ඔහු උත්සාහ කරන්නේ ගොඩනගා ගත් ප්‍රතිරූපය තව දුරටත් රැක ගැනීමේ අටියෙන් වුව මෙම ව්‍යසනය සිදුවූයේ ලාභ ඉපැයීමේ- |
|
|
|
|
-එකම පරමාර්ථයෙන් ස්වභාවික සම්පත් සූරාකෑම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මහ මුහුදු පත්ල වගකීමෙන් තොරව කඩතොළු කිරීමේ වරදිනි. සිදු වූ ආපදාව වෙනුවෙන් වඩා වැඩි මැදිහත්වීමක් ජනාධිපති ඔබාමා ගෙන් දක්නට ලැබුණ ද ජාත්‍යන්තර තෙල් මාෆියාවේ බලාධිකාරිය ලබා දුන් ධනවාදී යාන්ත්‍රනයේ සීමාවන් තුළ කීකරුව ක්‍රියාකිරීමට ඔහුට සිදුවී ඇත.
ඇමෙරිකාවේ ලූසියානා වෙරළ තීරයට කිලෝ මීටර 80 ක් ඈතින් මෙක්සිකානු මුහුදු බොක්කෙහි බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගමට (British Petroleum Corp) අයත් ඩීප්වෝටර් හොරයිසන් (Deepwater Horizon) නම් වූ ගැඹුරු මුහුදේ තෙල් කැණීමේ ව්‍යාපෘතිය තුළ සිදු වූ මෙම පිපිරුම නිසාවෙන් හටගත් බොර තෙල් කාන්දුව, ඇමෙරිකානු ඉතිහාසයේ හදිසි අනතුරකින් සිදුවූ විශාලතම තෙල් කාන්දුවයි. එය ලෝක ඉතිහාසය තුළ දෙවැනි වන්නේ 1991 වසරේ ප්‍රථම ගල්‍ෆ් යුද්ධය අතරතුරේ දී ඇමෙරිකානු ආක්‍රමණයෙන් බේරීමට ඉරාකය විසින් මහ පොළොව මත උවමනාවෙන් මුදාහළ බොර තෙල් ලීටර මිලියන 2,000 ට පමණකි.
 |
|
|
Mahesh Munasinghe | මහේෂ් මුණසිංහ |
|
Updated on : 2010-08-02 23:14:50 | [Tags] An American Chernobyl, British Petroleum Corp, Barack Obama |
|
|
|
|
| කාව්‍ය ආඛ්‍යානයේ සෞන්දර්ය/ පඨිතමය කාර්යය| අනවරත කාව්‍යාඛ්‍යානය ඇසුරින් |
| |
|
ප්‍රභාත් ජයසිංහගේ අනවරත ආඛ්‍යාන කාව්‍යය එළි දැක්වීමේ උළෙලේදී කරන ලද දේශනය. |
|
|
 |
  |
මම දන්න විශිෂ්ට සහෘදයෙකු වන ඕර්හේ ලුවී බෝර්හේස් වියුක්ත සංකල්ප ඇසුරින් කාව්‍ය විස්තර කිරීම ප්‍රතිත්ෂේප කෙරුවා. බෝර්හේස් සැලකුවෙ කවිය හඟින්න ඕනෙ දෙයක් විදියට. කවිය කියන්නෙ මේකයි යනාදී වශයෙන් කරන වියුක්ත නිර්වචන ඔහු සැලකුවේ බොරු රස්තියාදු ගැහිලි විදියට. කවිය කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙනු වෙනුවට කවිය නම් සාහිත්‍ය ශානරයයෙන් කරන්න පුළුවන් පඨිතමය හා සෞන්දර්ය කාර්යන් මොනවද කියන එකයි මෙහිදී සලකා බලන්නෙ. ඒ නිසා ශිෂ්ටාචාරමය වශයෙන් මිනිසාට කවිය අවශ්‍ය වන්නේ ඇයි කියන ප්‍රශ්නෙත්, කවිය හා ආඛ්‍යානය දෙකම එක් තැන් උනාම මොකද වෙන්නෙ, මිනිසා භාෂාවෙන් කරන කවි ලිවීම හා කතා කීම යන වැදගත් කාර්යන් දෙකේ වැදගත්කම මොකක්ද කියන ප්‍රශ්න මම සැකෙවින් සලකා බලනවා.
ශානරීය හා උපශානරීය ව්‍යූහ සංරචනය| සිංහල සාහිත්‍ය විචාරයෙදි නිතර නොසලකා හැරෙන දෙයක් තමයි යම් කිසි සාහිත්‍ය කෘතියක- |
|
|
|
|
-ශානරීය හා උපශානරීය ව්‍යූහ සංරචනයේ අර්ථ නොකියවීම. ඒවා නොකියවනවා පමණක් නෙමේ ඒ අංගවල කලාත්මකත්වය හා සුන්දරත්වය සලකා බලන්නෙවත් නෑ. ශානරීය ව්‍යූහ කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ ඒ සාහිත්‍ය ශානරයටම ආවේනික ව්‍යුහිය අංග තියෙනවා, ඒවා කියවන ඒවා අර්ථ ජනන ක්‍රියාවලියට දායක වන ක්‍රම තියෙනවා කියන එකයි. කෙටිකතා කියල කියන්නෙ ශානරයක්. කෙටිකතා කියවිය යුතු ආකාරය ගැන කෙටිකතාව කියන ශානරීය ව්‍යුහය ඇතුලෙ අර්ථ හසුරුවන හැටි පිළිබඳ සම්මතයන් තියෙනවා. උපශානරය කියල අදහස් කෙරෙන්නෙ ප්‍රධාන ශානරයක් ඇතුලෙ තියෙන නොයෙක් වෙනස්කම්. කෙටිකතාව කියන ශානරය ඇතුලෙ තියෙනවා. නොයෙක් වෙනස්කම්. යථාර්ථවාදී කතා, අධියථාර්ථවාදී කතා, සංක්ශිප්තවාදී කතා, ඒකීයධාරණාවාදී කතා, ඒකීයධාරණාවාදය නොසලකන කතා ආදී වශයෙන්.
 |
|
|
Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්ති |
|
Updated on : 2010-08-01 23:34:37 | [Tags] Anawaratha, Prabhath Jayasinghe |
|
|
|
|
ජී.බී.දිසානායක සහ විශාදය|
වෛද්‍ය රුවන් ජයතුංගගේ ලිපියට ප්‍රතිචාරයක් |
| |
 |
  |
වෛද්‍ය රුවන් ජයතුංග මහතා "මහා ගත්කරු ජී.බී. සේනානායක විශාදයෙන් (depression) පෙලුණේද?" යන හිසින් රචනා කළ ලිපිය දැක මේ සටහන ලියා එවීමට සිත්විණි. 1965 හා 1972 පමණ වකවානුව තුල කඳාන අප නිවසට නුදුරින් වාසය කළ ජී.බී. එවක මම නිතර නිතර සියැසින් දැක ඇත්තෙමි. එසේම 1971 දී කීපවාරයක්ම පෞද්ගලිකව හමු වී මම ජී.බී. සමඟ සාහිත්‍ය හා අදාල මාතෘකා පිළිබඳව කථා බස් ද කර ඇත්තෙමි. ජී.බී. පිළිබඳව, විශේෂයෙන්ම, ඔහුගේ මානසික තත්වය පිළිබඳව ජයතුංග මහතා ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳව යමක් පැවසීම උචිතයයි සිතමි.
ජයතුංග මහතාගේ ලිපියෙහි අන්තර්ගතය අංග දෙකකට බෙදා වෙන් කළ හැකිය. පළමුවැන්න, සාහිත්‍යධරයෙකු හැටියට ජී.බී. දැක්වූ නිර්මාණ කුසලතාව අදවනතුරු නිසි ඇගයීමකට ලක් වී නොමැති බවය. මෙය සාධාරණ සහේතුක ප්‍රකාශයක් ලෙස මටද පෙනේ. |
|
|
|
|
මෙයට හේතුව ජී.බී. පේරාදෙණිය ගුරුකුලයට අයිති නොවීමත්, කිසිවිටක ඒ ගුරුකුලයට ගැති නොවූ අදීන ලේඛකයෙකු හා විචාරකයෙකු වීමත් විය හැකිය. නූතන සිංහල නවකතාවේ ප්‍රමිතිය හා විශේෂයෙන්ම අද නවකථා බසෙහි පරිහාණියද පිළිබඳව මේ දිනවල මහත් කැක්කුමකින් කථා කරන සුචරිත ගම්ලත් වැනි වියතුන් පවා ජී.බී. සේනානායක පිළිබඳව බොහෝ විට මුනිවත රකින්නේද මෙම කුහක වතේම කොටසක් නිසාද? මගේ ලිපියේ මුඛ්‍ය අරමුණ මේ පිළිබඳව දිගින් දිගට කතා කිරීම නොවේ.
රචකයාගේ ලිපියේ මගේ සැලකිල්ලට භාජනය වූ අනෙක් අංගය නම්, ජී.බී. විශාදයෙන් පෙලුණේද යන මතය ස්ථාපනය කරනු අටියෙන් ඔහු ඉදිරිපත් කර ඇති තර්ක ය, සාධක ය. පදනමක් ඇත්තාක් සේ බැලූ බැල්මට පෙණුනද මේවා රචකයාගේ හුදු පෞද්ගලික පරිකල්පනයන් පමණි.
 |
|
|
|
සන්නස 2010 ජූලි කලාපයෙන් ගත් උපුටනයකි. |
|
|
Maximus Jayantha Anandappa | මැක්සිමස් ජයන්ත ආනන්දප්පා |
|
Updated on : 2010-07-30 04:22:53 | [Tags] A reaction for the Psycho Analysis on G.B. Senanayake, Sri Lankan Writer, Winiwidimi Andura, Medha, Charumukha, Duppathun Nathi Lokaya |
|
|
|
|
අපිව බිහි කරන්නෙ වාමාංශික මතවාද...|
මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් සමග කතාබහක්
|
| |
 |
  |
ජාත්‍යන්තර මට්ටමේ දෙමළ කවියකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් කවියෙක්, කෙටිකතා කරුවෙක්, විචාරකයෙක් මෙන්ම ප්‍රමුඛ පෙළේ විද්වතෙක් ද වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂාධ්‍යනාංශයේ අංශාධිපතිව සිට ඉතා මෑතක විශ්‍රාම ගත් මහාචාර්ය නුහ්මාන්, මේ වන විට ආරාධිත මහාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන රාශියක් තුළ කටයුතු කරමින් ස්වකීය වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් සිටියි. හැත්තෑව දශකයේ සිට දෙමළ කවි කෙත පෝෂණය කරමින් ඔහු විසින් ලියන ලද පද්‍ය සංග්‍රහයන් අතර, ''තාත්තාමාරුම් පේරර්හලුම්'' (සීයාවරු සහ මුණුබුරෝ),- |
|
|
|
|
-''ආලියා නිළල්හල්'' (නොමැකෙන සෙවණැලි) සහ ''මාලෙයි නාට්කල් වරුම්'' (වැසි දවස් පැමිණේවි) යන කෘතීන් කැපී පෙනේ. සමාජවාදී චින්තනය ස්වකීය නිර්මාණකරණය සඳහා මුඛ්‍ය අනුභූතිය කොටගත් මහාචාර්ය නුහ්මාන් අතින් පරිවර්තිත සටන්කාමී පලස්තීන කවි රාශියක් ද දෙමළ සාහිත්‍ය සඳහා දායාදව ඇත. පොදුවේ සමස්ත දෙමළ කවිය පිළිබඳවත්, ශ්‍රී ලාංකීය දෙමළ කවිය පිළිබඳවත් පෞද්ගලික වශයෙන් ඔහුගේ කවිය පිළිබඳවත් මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් සමඟ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර රාවය වෙනුවෙන් කළ සංවාදයකි මේ.
•''තොල්කාප්පියම්'' වැනි ග්‍රන්ථයන්හි නිර්දේශිත, වීරත්වය හා ශ්‍රේෂ්ඨත්වය නිරූපණය කෙරුණු පද්‍ය රචනා විශේෂයක් වූ ''පුරම්'' කාව්‍යන්ගෙන් සහ ප්‍රේමය හා කාමය නිරූපණය කෙරුණු පද්‍ය රචනා විශේෂයක් වූ ''අකම්'' කාව්‍යයෙන්ගෙන් සංගෘහිත සංගම් සාහිත්‍යයෙන්ද, සංස්කෘත කාව්‍යාභාසයන් රැගෙන බිහි වුණු උපදේශ හා මහාකාව්‍යාකෘතීන් ද පදනම් කොටගත් දෙමළ කවියේ කාව්‍යානුභූතීන් ඉන් විතැන්ව තත්කාලීන සමාජ දේශපාලනික යථාර්ථයන් පිළිබිඹු කිරීම සඳහා හැඩගැහෙන්නෙ කොහොමද?
දෙමළ කාව්‍යයේ ඉතිහාසය දිහා බලනකොට පේන්න තියෙන දෙයක් තමයි , එය අවුරුදු එය දෙදහසක් ඉක්මවා ගිය දිගු ඉතිහාසයකට උරුමකම් කියන එක. එතනදි ඔබ කියූ ඔය ''අකම්'' සහ ''පුරම්'' යන වෙනස්කම් එක්තරා අතකට දෙමළ කවියේ නිර්දේශයන් ලෙස සලකනවාට වඩා ඒවා කවිය හදාරන්නන් විසින් කවියෙහි ඇති සියුම් ලක්ෂණ දෙස බලලා කළ බෙදීමක් කියලා සලකන එක වඩාත් හොඳ බවයි මගේ හැඟීම. ඒ අනුව, ලිංගිකත්වය කාමය ආදිය පදනම් කොටගත් කවි මූලික යුගයන් තුළ අකම් ලෙස හැඳින්වුණ අතර යුද්ධය සහ වීරත්වය වැනි කරුණු පදනම් කොටගත් නිර්මාණ පුරම් කාව්‍ය ලෙස හැඳින් වුණා. මේවා තවත් අතකට අභ්‍යන්තරික හා බාහිර සංකල්පයන් ලෙසත් හඳුනා ගන්න පුළුවන්.
 |
|
|
Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර |
|
Updated on : 2010-07-26 21:51:21 | [Tags] An interview with Professor M. A. Nuhman, Sri Lankan Tamil Poetry, Sri Lankan Tamil Literature |
|
|
|
|
"අමුතු ඉලන්දාරියා"|
ෂ්‍යාම් සෙල්වදුරයි සමග කතාබහක් |
| |
 |
  |
සුගතපාල ද සිල්වා "අමුතු ඉලන්දාරියා" නමින් සිංහලයට නැගූ ෂ්‍යාම් සෙල්වදුරයි ගේ "ෆනී බෝයි" [Funny Boy - 1994] ලෝ පුරා සහස් සංඛ්‍යාත පාඨක ජනයාගේ අවධානයට පාත්‍ර වූ නවකතාවකි.
පසුගාමී සංස්කෘතික කතිකා තුළ කෙවිටෙන් ගෙන බැහැර කෙරෙන "ගැරඬි කුණක්" වූ, සමලිංගිකත්වය පිලිබඳ මානුෂික විවරණයක් ගෙන එන මේ කෘතිය, ඒ හා සමාන්තරව ලංකාවේ දෙමළ ජනතාව අසූව දශකයේ මුල භාගයේ ලාංකේය පොළව මත මුහුණ දුන් බිහිසුණු ඉරණම ගැන ද කතා කරයි. |
|
|
|
|
පහත එන්නේ, 1996 දී Ray Deonandan විසින් ෂ්‍යාම් සෙල්වදුරයි සමග India Currents Magazine වෙනුවෙන් පවත්වන ලද කතාබහක සංක්ෂිප්ත පරිවර්තනයකි.
• "ෆනී බෝයි" කෙතරම් දුරකට ස්වයං ලිඛිත චරිතාපදානයක් ද?
මම සමකාමියෙක්. පොතේ චරිතය- 'අර්ජි' කියන්නෙත් සමකාමියෙක්. මම ශ්‍රී ලාංකික දෙමළ සහ ඔහුත් එහෙමයි. අපි කැනඩාවට ආවා; පොතේ අවසානයට ඔවුනුත් කැනඩාවට එනවා. සමානකම් ලෙස දැක්විය හැක්කේ ඒ දේවල් තමා.
• ඔබේ පවුලේ තත්ත්වය මේ පොතේ කතානායකයාගේ පවුලේ තත්ත්වයෙන් වෙනස් වුනා ද?
ඔව් මුළුමනින් වෙනස්. මගේ පවුල මේ තරම් ගතානුගතික පවුලක් නොවෙයි. ඇත්තටම මගේ පවුල ටිකක් අසාමාන්‍ය පවුලක්. අපි මිශ්‍ර විවාහයක දරුවෝ. මගේ පියා දෙමළ සහ මගේ මව සිංහල. එනිසා එක්තරා විදිහක විශේෂයක් තිබුණා; අපි දැන ගෙන හිටියා අපේ වයසෙ අනෙක් ළමයින්ට වැඩිය අපි වෙනස් බව.
 |
|
|
පරිවර්තනය - Koombiya | කූඹියා |
|
Updated on : 2010-07-25 23:01:54 | [Tags] Funny Boy (1994), Shyam Selvadurai, Sri Lankan Canadian novelist, Interview by Ray Deonandan, India Currents Magazine |
|
|
|
|
| 'Gang of Seven' කොල්ලන්ගේ චිත්‍රපට පිස්සුව |
| |
 |
  |
උසස් පෙළ පන්තියේ සිටියදී මගේත් මගේ මිත්‍රයා උදය ලක්ෂ්මන් ගේ ත් ඒකායන බලාපොරොත්තුව වූයේ චිත්‍රපටයක් තැනීමය. අපි චිත්‍රපට පිස්සෝ වූයෙමු. එයට බලපෑ ප්‍රධානම කාරණයක් වූයේ උදය ප්‍රවීණ කැමරා ශිල්පියකු නිෂ්පාදවරයකු හා අධ්‍යක්ෂවරයකු වූ එම් එස් ආනන්දන් ගේ බෑණා වීමයි. ඒ කාලයේ ජනප්‍රිය ළමා නිළියක වූ ශ්‍යාමා ආනන්දන් උදයගේ නෑනා විය. |
|
|
|
|
ඒ කාලයේ ඔවුන් පදිංචිව සිටියේ මරදානේ යුනියන් ප්ලේස් හි ය. ඔවුන්ගේ වින්ජය මෝටර්ස් නම් වූ වාහන අමතර කොටස් වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ උඩු මහලේ වූ ඔවුනගේ නිවසට මා උදය සමඟ ගියා තවමත් මතක ය.
එම් එස් ආනන්දන් අති දක්ෂ කැමරා ශිල්පියකු වුව ද ඔහු තැනු චිත්‍රපට ජනප්‍රිය ගණයේ ඒවා විය. ඔහුගේ චණ්ඩි ශ්‍යාමා වැනි චිත්‍රපට ඒ යුගයේ ආදායම් වාර්තා තැබුවේ ය. චිත්‍රපටයක් මුල් වටයේ ප්‍රදර්ශනය වන විට ප්‍රධාන සිනමා ශාලාවෙන් එය ගැලවී යාම වැළැක්වීම සඳහා නිෂ්පාදක වරයාම මුදල් යොදවා ප්‍රවේශපත්‍ර මිලට ගෙන දන්නා හඳුනන අයට බෙදා දීම එදා ද සිදුවිය. ඒ නිසා අපි මරදානේ එල්පින්ස්ටන් සිනමා ශාලාවේදී චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටය කීපවාරයක්ම නැරඹීමේ අවස්ථාව ලද්දෙමු.
අපේ අම්මාගේ අයියා වූ නැසී ගිය ස්ටීවන් ගුණතිලක මාමා අති දක්ෂ චිත්‍ර ශිල්පියකු විය. (චිත්‍ර ශිල්පයේ අයන්න මට ඉගැන්නුවේ ඔහු ය. ඒ ගැන සදා ඔහුට කෘතවේදී වෙමි) ඇල් ඇම් පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර කේන්දරේ හතර පෙරළිය හතර මහා නිධානය වැනි චිත්‍රපට වලත් කේ ඒ ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපට වලත් කලා අධ්‍යක්ෂ වරයා වූයේ අපේ මාමා ය.
 |
|
|
Jagath J Edirisinghe | ජගත් ඡේ එදිරිසිංහ |
|
Updated on : 2010-07-21 21:40:01 |
|
|
|
|
| පිටුවහලේ ලේඛකයා| ජයසේන ජයකොඩි |
| |
 |
  |
නූතන ලාංකීය බෞද්ධ සාහිත්‍යයේ ප‍්‍රඥා මාර්ගය අනුදත් සයිමන් නවගත්තේගම මින් වසර කීපයකට පෙර සිය ආයුසංස්කාරය අත් හලේය. එලෙසම නූතන ලාංකීය බෞද්ධ සාහිත්‍යයේ භක්ති මාර්ගය අනුදත් ජයසේන ජයකොඩි මින් දින කිහිපයකට පෙර සිය ආයුසංස්කාරය අත්හලේය.
සුජිත් අක්කරවත්තට අනුව සයිමන් ශ‍්‍රී රාහුල හිමියන් සේ නූතන ජයවර්ධනපුර ස්ථානගත විය. ජයසේන ජයකොඩි වීදාගම හිමියන් සේ හොරණ ස්ථානගත විය. මේ දෙදෙනා ම සරාගිකත්වය මිනිස් මනස මඩින ආකාරය විවරණය කළෝය. 70 දශකය වන විට සිංහල යතාර්ථවාදී නවකතාවේ වියළිභාවය ඉස්මුරුත්තාවට අවුත් තිබිණි. එයට ඇරුමැසිවාදී ළතෙත් බවක් එක් කළේ ජයසේන ජයකොඩිය. ඔහු ජී.බී.ගේ සාහිත්‍ය ව්‍යාපාරයේ ස්ර්පිලාකාර වූ වර්ධනීය අවස්ථාවක් සනිටුහන් කළේය. |
|
|
|
|
ඔහුගේ ගමන් මඟ ගැන විවිධ වූ විවරණ ඇතත් එවැන්නකට මේ කාලය හෝ දීපය නොවේ. එබැවින් එවන් විවරණයකට මා තුළද සූදානමක් නැත.
තමා සමඟ සම්මුඛ සාකච්ඡාවකට ජී.බී. ඒ කාලේ රුපියල් 300 ක් මිළ නියම කළේය. එහෙත් ජයසේන ජයකොඩිට තමාගේ මිළ නියම කළ නොහැකි විය. ඔහුගේ පොත් බුරුතු පිටින් ප‍්‍රකාශ වූවද . පාඨකයෝ ඒ වටා රොද බැන්ද ද, ඒවා විදේශ භාෂාවන්ට පරිවර්තනය වූවද ඔහුට නම් සෙතක් නොවීය. ඔහුගේ මෘත ශ‍්‍රමයෙන් සංකේත ප‍්‍රාග්ධනයෙන් තර වූයේ ඔහුගේ මඩිය නොවේ. ප‍්‍රකාශකයාගේ මඩිය තරවීම පසෙක තබා පූජනීය දේශපාලනයක් කරා යන සටන් පාඨය ඔස්සේ ඔහුගේ සාහිත්‍ය ව්‍යාපාරය අද්‍යතන මූලධර්මවාදී රැල්ලට කරබදු විය.
 |
|
|
K K Saman Kumara | කේ කේ සමන් කුමාර [සර්පයා] |
|
Updated on : 2010-07-20 03:44:24 | [Tags] K K Saman Kumara on Jayasena Jayakody, Sarpaya |
|
|
|
|
හිසට පිටුපසින් වෙඩි තැබීම|
නරුම ඊශ්‍රායලයේ මුහුදු මංකොල්ලය [2] |
| |
|
මෙම ලිපියේ මුල් කොටස කියවන්න මෙතනින් යන්න. |
|
|
 |
  |
වෙඩි තැබීමකින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමට නම් ශරීරයෙහි වෙඩි වැදුණු ස්ථානය, තබන ලද වෙඩි ප්‍රහාර සංඛ්‍යාව, ඝාතකයා සහ ඝාතනයට ලක්වූ තැනැත්තා අතර වූ දුර මෙන්ම වෙඩි වැදී ඇත්තේ ශරීරයේ කුමන දිශාවෙන් ද යන්නත් නිවැරදිව විමසා බැලීම අත්‍යාවශ්‍ය කරුණකි. එමඟින් එම මරණය අවිඥාණිකව අත් වැරදීමකින් සිදුවූයේ ද,- |
|
|
|
|
-ආත්මාරක්ෂාව සදහා සිදුකරණ ලද්දේ ද එසේ නැතිනම් ඝාතනය කිරීමේ සාහසික අරමුණින්ම සිදුකරන ලද්දේ ද යන්න නිවැරදිව විශ්ලේෂණය කළ හැකිය. එහෙත්, දෙපා වලට ඉහලින් ශරීරයේ ඕනෑම තැනකට ඉතා මෑත දුරක සිට එල්ලකරන ලද, එකකට වඩා වැඩි වූ වෙඩි තැබීමක් සිදුකරන්නේ ආත්මාරක්ෂාව සදහා නොවන බවත් එය ඝාතනයට ලක්වූ තැනැත්තාගේ පිටු පසින් එල්ල කරන ලද්දේ නම්, එවිට එය උවමනාවෙන් කරන ලද සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් බවත් තේරුම් ගැනීමට ඒ පිලිබද විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවේ.
ඒ අනුව ඇසින් දුටු සාක්ෂි වලට අමතරව, මධ්‍යධරණී මුහුදේ දී ඊශ්‍රායල් කොමාන්ඩෝවරුන්ගේ ප්‍රහාරයෙන් මියගිය පලස්තීනයේ ගාසා නුවර වෙත සහනාධාර සැපයීමේ ‘ෆ්‍රීඩම් ෆ්ලොටීලා’ නැව් කණ්ඩායමේ ස්වේච්ඡා සේවකයින් නව දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පසුගිය දා නිකුත් වූයේ, එය ඊශ්‍රායලය විසින් කරන ලද ම්ලේච්ඡ සමූල ඝාතනයක් බවට අවශ්‍ය සියළුම සාක්ෂි සපයමිනි.
 |
|
|
|
(2010 ජූලි 17 දා රාවයේ පළ වූයේ මෙම ලිපියේ සංක්ෂිප්ත සටහනකි) |
|
|
Mahesh Munasinghe | මහේෂ් මුණසිංහ |
|
Updated on : 2010-07-18 23:10:36 | [Tags] Furkan Dogan, Rachel Corrie, Gaza Flotilla Attack |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |