1 2

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...
 
 
ජෝන් ලෙනන් (1940-1980)
 
ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි.

අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි.

ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි.

යථාර්ථය විසින් පරිකල්පනය සඳහා බොහෝ දේ ඉතිරි කර තබයි.

ඔබ විනෝද වීමට වැය කල කාලය නාස්ති වී නොමැත.


වර්ෂ 1940 ඔක්තෝබර් මස 9 වනදින ලිවර්පූල් හිදී උපන් ජෝන් වින්ස්ටන් ලෙනන් ගායකයෙකු, ගීත රචකයෙකු මෙන්ම සුප්‍රකට "බීට්ල්ස්" කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම නායකයා ද වෙයි. ඔහු සහ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් වන පෝල් මැකාර්ට්නි සමග එක්ව රචනා කල ගීත විසිවන සියවසේ අති සාර්ථකම ගීත රචනා ලෙස සැලකෙයි. ලෙනන් ගේ කුඩා අවදිය කිසි විටෙකත් සුන්දර නොවීය. ඔහු කුඩා කලම දෙමාපියෝ එකිනෙකාගෙන් වෙන් වූහ. ඔහු සිය ළමා කාලයෙන් වැඩිමනක් ගත කලේ සිය නැන්දණිය සහ මාමා සමගය.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2010-05-25 00:05:54 | [Tags] John Winston Ono Lennon, An English singer-songwriter
(6)ප්‍රතිචාර|Comments
 
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා
 
 
පැබ්ලෝ පිකාසෝ (1881-1973)
 
කලාව අපට සත්‍යය වටහා ගැනීමට මඟ පෙන්වන බොරුවකි.

නරක චිත්‍ර ශිල්පීන් කොපි කරති. හොඳ චිත්‍ර ශිල්පීන් සොරකම් කරති.

මම ද්‍රව්‍ය දකින අයුරින් නොව ඒ ගැන සිතන අයුරින් ඒවා අඳිමි.

මට රෆායෙල් මෙන් සිතුවම් ඇඳීමට වසර හතරක් ගතවිය. නමුත් ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක්ම ගතවිය.

සිතුවම් ඇඳීම අන්ධයෙකුගේ වෘත්තීයයි. ඔහු අඳින්නේ ඔහු දකින දෙය නොව ඔහුට හැඟෙන දෙයයි. ඔහු දුටු දෙය කුමක්දැයි ඔහුටම පවසන දෙයයි.

ඇතැම් චිත්‍ර ශිල්පීහු ඉර කහ පැහැති ලපයක් බවට පත් කරති. අනෙක් අය කහ පැහැති ලපයක් ඉර බවට පත් කරති.


වර්ෂ 1881 ඔක්තෝබර් 25 වනදින ස්පාඤ්ඤයේ උපන් පැබ්ලෝ පිකාසෝ උත්පත්තියෙන්ම චිත්‍ර කලාව හා සබැඳි දිවියක් ලද්දෙකි. ඔහුගේ පියා සිත්තරෙක් වූ අතර චිත්‍ර කලා ගුරුවරයෙකු ලෙස ද සේවය කලේය. පිකාසෝ කුඩා කල පටන්ම චිත්‍ර ඇඳීමට මහත් ඇල්මක් සහ දක්ෂ කමක් දැක්වීය. වයස අවුරුදු හතේ දී ඔහු සිය පියාගෙන් චිත්‍ර ඇඳීම පිළිබඳව මුල් පාඩම් ඉගෙන ගත්තේය. පිකාසෝගේ පියා සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙක් වූ අතර උසස් මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වීමට නම් ශාස්ත්‍රාලීය පුහුණුව, සජීවී මිනිස් රූප සහ ද්‍රව්‍ය ඇඳීමේ ක්‍රමානුකූල පුහුණුවක් ලැබිය යුතු බව විශ්වාස කල අයෙකු විය. දිනක් පියා විසින් අඩක් නිම කරන ලද පරෙවියෙකුගේ චිත්‍රයක් කුඩා පිකාසෝ විසින් නිම කරන ලදී. තම කුඩා පූත්‍රයා තමාවද අභිබවා ගොස් ඇති බව පිකාසෝගේ පියා තේරුම් ගත්තේය. වර්ෂ 1895 දී පිකාසෝගේ සත් හැවිරිදි බාල නැගණිය ඩිප්තීරියාවෙන් මියගියාය. මෙය කුඩා පිකාසෝ ගේ හද මහත් සේ සසල කල සිදුවීමක් විය.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2010-03-30 01:35:21 | [Tags] Pablo Picasso,Guernica
(2)ප්‍රතිචාර|Comments
 
ආලෝක මිනිසා!!!
 
තෝමස් අල්වා එඩිසන් (1847-1931)
 
   මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි.

මම කිසිවිටෙක අසමත්වී නොමැත. ඒ වෙනුවට දෙයක් ක්‍රියා නොකරන ක්‍රම දහස් ගණනක් සොයාගෙන ඇත.

අවසාන පුද්ගලයා හැර ගිය තැනින් මම ආරම්භ කරමි.

අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි අනෙකුත් ජීවීන්ට හිංසාකරන්නේ නම් තවමත් ම්ලේච්ඡයෝ වෙමු.

අදහසක වටිනාකම රැඳී තිඛෙන්නේ එහි ප්‍රයෝජනවත් බව තුලයි.
 
වර්ෂ 1847 ඇමෙරිකාවේ ඔහියෝ හිදී උපත ලද තෝමස් එඩිසන් දරුවන් සත් දෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා විය. පාසැලේදී නිතර විසිරුණු මනසකින් තරමක කලබලකාරී ස්වභාවයකින් ඔහු කටයුතු කළේය. මේ නිසාම ඔහුගේ ගුරුවරයා ඔහු සිහි විකල් වූවෙකු සේ සැලකූ අතර ඔහුගේ පාසැල් ගමන මාස 3 කට සීමාවිය. ඉන්පසු ඔහුගේ මව ඔහුට නිවසේදී පාඩම් කියා කියා දුන්නාය. එඩිසන් බාල වියේදීම ශ්‍රවණ ආබාධිත තත්වයට පත් විය. ඔහු කුඩා කල වැළඳුනු උණ රෝගයක් මෙයට හේතු වන්නට ඇතැයි සැලකේ. තවද පසුකලෙක එඩිසන් විසින් දුම්රිය මැදිරියක් තුළ පවත්වාගෙන ගිය රසායනාගාරයක ඇතිවූ ගින්නක් නිසා කෝප වුනු එක් දුම්රිය ගාඩ්වරයෙකු ඔහුගේ කනට ගැසීම නිසාද ඔහු ගේ ශ්‍රවණ ආබාධිත තත්වයන් වැඩිවූ බව පැවසේ.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2010-02-09 21:19:27 | [Tags] Thomas Alva Edison
(5)ප්‍රතිචාර|Comments
 
මහ පොළොවට ආදරය කළ මිනිසා
 
 
නායක සියැටල් (1780 - 1866)
 
නුඹලාගේ නගර දකිනවිට රතු මිනිසාගේ දෙනෙත වේදනාවෙන් බරවෙයි. ඒ ඇතැම් විට ඔහු ගෝත්‍රිකයෙකු නිසා මෙන්ම අවබෝධයක් නැත්තෙකු වීම නිසා විය යුතුයි.

එළියට සහ අඳුරට එකතැන වාසය කල නොහැකිය.

ඔබලාගේ ධර්මය ගල් පුවරු වල ලියැවුනේය. අපේ ධර්මය ලියැවුනේ හදවතෙහිය.

මහ සයුරේ රළ නැෙඟන්නේ යම් සේද එලෙසම ගෝත්‍රය විසින් ගෝත්‍රය අනුගමනය කෙරෙනු ඇත. ජාතිය විසින් ජාතිය අනුගමනය කෙරෙනු ඇත. සොබාදහමේ නීතිය එයයි. කණගාටුවීමෙන් පලක් නැත.

අප පෘථීවියේ කොටසක් වන අතර පෘථීවිය අපගේ කොටසකි.

සුදු මිනිසාගේ නගර වල එකදු නිශ්ශබ්ද ස්ථානයක්වත් සොයා ගත නොහැකිය. වසන්තයේ ගහ කොල වල හඬ, කුඩා කෘමීන්ගේ සර සරය අසන්නට තැනක් නැත. ඒ ඇතැම්විට මා ගෝත්‍රිකයෙකු නිසා විය යුතුය. මට නොවැටහෙනවා විය යුතුය. එහෙත් මෙම ඝොෂාව දෙසවන් පෙළයි.


වර්ෂ 1780 ට ආසන්න කාලයක උපත ලදැයි සැලකෙන සියැටල් මව් පාර්ශවයෙන් ''දුවමිෂ්'' නමින් හැඳින්වෙන ගෝත්‍රයට අයත් වන අතර පියා ''සුකුවමිෂ්'' නම් ගෝත්‍රයට අයත් වූ අතර එහි නායකයාද විය. ඉතා තරුණ වයසේදීම නායකයෙකු ලෙසද රණ ශරයෙකු ලෙසද දස්කම් පෑ සියැටල් අනෙකුත් ගෝත්‍ර සමග ඇතිවූ සටන් වලදී ඉතා දක්ෂ ලෙස සිය ගෝත්‍රය මෙහෙයවා ඔවුන්ට ජය ලබා දුන්නේය. අනෙකුත් ගෝත්‍රිකයන් ගෙන් වෙන්ව කැපීපෙනෙන අඩි 6කට ආසන්න උසකින් යුතු වූ මෙම නායකයා එවකට යුරෝපීය රටවල් වලින් පැමිණි වෙළඳුන් හැදින්වූයේ ''ලෙග්‍රොස්'' හෙවත් විශාල මිනිසා යන නමිනි. එමෙන්ම ඔහු සතුව මනා කථීකත්වයක්ද පැවතුනි. තොරතුරු වල සඳහන් වන පරිදි සැතපුම් 3/4 පමණ ඈතට ඇහෙන පරිදි කතා කිරීමට ඔහුට හැකියාවක් තිබිණි.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2009-06-03 04:42:19 | [Tags] Cheif Seattle
(0)ප්‍රතිචාර|Comments
 
මිලිනව සැඟව ගිය ආකාස කුසුම
 
 
ජූඩි ගාර්ලන්ඩ් (1922-1969)
 
සෑම වලාකුළක් පසුපසම ඇත්තේ තවත් වලාකුළකි.

මම සෑම විටම ප්‍රේක්ෂකයාට ඔවුන්ගේම නාට්‍යයක්.. ඔවුන් හොඳින්ම දන්නා සිනහවෙන් කඳුලෙන් පිරි ඔවුන්ගේම නාට්‍යයක් දීමට උත්සාහ කරමි.

මට මුදල් නැතිව ජීවත්විය හැකිය. නමුත් ප්‍රේමය නොමැතිව ජීවත්විය නොහැකිය.

රාත්‍රියේ නිහඬ බව තුළ මම නිතරම ප්‍රාර්ථනා කලේ මිනිසුන් දහසකගේ අත්පොළොසන් හඬ නොව එක් මිනිසෙකුගේ ආදරය පිරි වචන කිහිපයකි.

මා පුරාවෘතයක්ද? එසේ නම් ඇයි මට මෙතරම් හුදෙකලාවක්? මම ඔබට මෙසA පවසමි. පුරාවෘතයන් සියල්ල යහපත් වන්නේ ඔබ වටා ඔබට ආදරය කරන මිනිසුන් සිටිනතාක් කල් පමණි.


1922 ජූනි 10 වන දින උපන් ෆ්‍රාන්සස් එතල් ගම් හෙවත් පසු කලෙක ජුඩි ගාර්ලන්ඩ් නමින් ලෝක ප්‍රකට වූ ගායිකාව සහ නිළිය, උපතින්ම කලාව හා සබැඳුනු පවුලක සාමාජිකාවක් විය. ඇයගේ දෙමව්පියන් 19 වන සියවසේ ''වව්ඩෙවිල් '' ලෙස හැදින්වූ සංදර්ශන පැවැත්වූ පිරිසක් වූ අතර ඔවුහු එම සංදර්ශන පැවැත්වූ ශාලාවක හිමිකරුවන් වූහ.

ෆ්‍රාන්සස් සහ ඇගේ වැඩිමහල් සොහොයුරියෝ මුලින්ම සිය පියා ගේ නෘත්‍ය ශාලාවේ ප්‍රසංගයන් ඉදිරිපත් කළහ. ඔවුහු ''ගම්'' සොහොයුරියෝ ලෙස හැඳින්විණ. මෙම නම ඇතැම් විට ප්‍රේක්ෂකයන්ට හාස්‍යජනක වූ බැවින් පසුව එය ''ගාර්ලන්ඩ්'' සොහොයුරියෝ ලෙස වෙනස් කරගන්නා ලදී. ෆ්‍රාන්සස් ද ඇගේ නම ''ජූඩි'' ලෙස වෙනස් කලාය.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2009-06-03 04:37:55 | [Tags] Judy Garland
(0)ප්‍රතිචාර|Comments
 
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)
 
 
සෑම මිනිසෙකුගේම ජීවිතය දෙවියන් වහන්සේගේ ඇඟිලි තුඩින් ලියවුනු සුරංගනා කතාවකි.

නිකම්ම ජීවත්වීම ප්‍රමාණවත් නොවේ. මිනිසෙකුට හිරු එළිය, නිදහස වගේම මල් ටිකකුත් අවශ්‍ය වේ.

ජීවිතය, එයම ඉතාම ආශ්චර්යමත් සුරංගනා කතාවකි.

වචනය පරදින තැන සංගීතය කතාකරයි.


1805 දී ඩෙන්මාර්කයේ ඔඩෙන්ස් හිදී උපත ලැබූ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කවියෙකු මෙන්ම ලෝක ප්‍රකට ළමා කතා රචකයෙකු විය. කුඩා කලදීම ඉතා බුද්ධිමත් මෙන්ම නිර්මාණාත්මක ප්‍රතිභාවක් දැක් වූ හාන්ස් ක්‍රිස්ටියන් විශේෂයෙන් නාට්‍යය කලාවට දැඩි ඇල්මක් දැක්වීය. තමා විසින්ම සාදාගත් රූකඩ නාට්‍ය ශාලාවක, ඔහු රූකඩ ඇසුරින් විලියම් ශේක්ස්පියර් ගේ නාට්‍ය රඟ දැක්වීය.

1816 දී හාන්ස්ට සිය පියා අහිමි විය. ඉන්පසු ඔහුට තමාගේ ජීවිකාව සපයා ගැනීමට සිදු විය. ඔහු වයස අවුරුදු 14 දී කෝපන්හේගන් නුවරට පැමිණෙන්නේ නළුවෙකු ලෙස රැකියාවක් සොයාගෙනයි. ඔහුගේ අතිතාරස්වර කටහඬ නිසා ඩෙන්මාර්කයේ රාජකීය රඟහලේ නළුවෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුනි. නමුත් නොබෝ කලකින්ම ඔහුගේ කට හඬ වෙනස් වූයෙන් ඔහුට සිය වෘත්තියෙන් ඉවත්වීමට සිදුවිය.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2009-06-03 04:35:04 | [Tags] Hans Christiyan Anderson
(0)ප්‍රතිචාර|Comments
 
මොහොමඩ් අලී (1942-)
 
 
මිනිසෙකු වයස අවුරුදු පනහකදී ජීවිතය දකින්නේ තමා වයස විස්සේදී දුටු ආකාරයටම නම් ඔහු ජීවිතයෙන් වසර තිහක්ම නාස්තිකරගෙන සිටියි.

අනුන්ට කරනා සේවය ඔබ මේ මිහිපිට ඉන්නා කාමරයට ගෙවන කුළිය වෙයි.

සිය වර්ණය නිසා මිනිසුන් හෙළා දැකීම ඉතා වැරදියි. ඒ කුමන වර්ණයක් සදහා වුවද ඉතාම වැරදි ක්‍රියාවකි.

ජීවිතයේ අභියෝග භාරගැනීමට තරම් ධෛර්යමත් නොවන අයට කිසිවක් දිනාගත නොහැකි වනු ඇත.

බොක්සිං යනු කලු මිනිසුන් දෙදෙනෙකු ගුටි ඇන ගන්නා අයුරු බොහෝ සුදු මිනිසුන් නරඹන අන්දමේ ක්‍රීඩාවකි.

මිත්‍රත්වය යනු පාසැලෙන් ඉගෙනගන්නක් නොවෙයි. නමුත් ඔබ එහි තේරුම නොදන්නේ නම් ඔබ කිසිවක් ඉගෙන ගෙන නැත.

ජාතීන් අතර අරගලය සිතියම වෙනස් කරනු සඳහායි. නමුත් දුප්පත් කමට එරෙහි අරගලය, වෙනස සිතියම්ගත කරනු සඳහායි.


වර්ෂ 1942 දී ඇමෙරිකාවේ කෙන්ටුකී ප්‍රාන්තයේ උපත ලද මොහොමඩ් අලී තෙවතාවක්ම ලෝක හෙවිවේට් ශ+රතාව දිනූ බොක්සිං ක්‍රීඩකයෙකි. මෙතොදිස්ත කතෝලික නිකායට අයත් පවුලක උපත ලද මොහොමඩ් අලීගේ මුල් නම වූයේ කැසියස් ක්ලේ ය. නමුත් පසු කලෙක ඉස්ලාම් දහම වැළද ගත් ඔහු මොහොමඩ් අලී ලෙස සිය නම වෙනස් කරගත්තේය.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2009-06-03 04:30:09 | [Tags] Muhammad Ali
(0)ප්‍රතිචාර|Comments
 
චාලි චැප්ලින් (1889-1977)
 
 
සිනහවක් නැතිව ගෙවුනු දිනයක් නාස්ති වූ දිනයකි.

ඒකාධිපතියෝ තමන්ව නිදහසේ තබා ගනිති. නමුත් ඔවුහු මහජනතාව වහලුන් ලෙස තබා ගනිති.

මම දෙවියන් සමග සාමයෙන් සිටිමි. මගේ ගැටුම තිබෙන්නේ මිනිසා සමගයි.

ජීවිතය සමීපව බලන කල එය ඛේදාන්තයකි. නමුත් දුරස්තව බලන කල ප්‍රහසනය කි.

මිනිසුන්ගේ වෛරය ගෙවී යනු ඇත. ඒකාධිපතියන් මිය යනු ඇත. ඔවුහු මිනිසුන්ගෙන් උදුරා ගත් බලය යලි මිනිසුන්ටම ලැබෙනු ඇත. එලෙස මිනිසුන් මිය ගිය ද නිදහස මිය නොයනු ඇත.


ශ්‍රීමත් චාර්ල්ස් ස්පෙන්සර් චැප්ලින් (කණිෂ්ඨ) ඉංග්‍රීසි ජාතික විකට නලුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් මෙන්ම සංගීතඥයෙක්ද විය. ඔහු ඇමෙරිකානු හොලිවුඩ් සිනමාවේ සම්භාවනීය යුගයේ මුල් කාලයේ පටන් මැද දක්වාම දස්කම් පෑ විරල ගනයේ පුද්ගලයෙකි.

වර්ෂ 1899 අප්‍රේල් 16 වන දින ලන්ඩන් හි වැල්වර්ත් හිදී උපත ලද චැප්ලින්ට උපතින්ම කලා ක්ෂේත්‍රය හා බැඳුනු පරිසරයක් තිබුනි. ඒ ඔහුගේ මව මෙන්ම පියාද වේදිකා නාට්‍ය නළුවන් වූ නිසාය. චැප්ලින්ගේ මව රංගනයට අමතරව ගායනයටද දක්ෂවූවාය. නමුත් චාලිට වයස අවුරුදු 3 ලැබීමට පෙර ඔවුන් දෙදෙනා වෙන් විය.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2009-06-03 04:26:01 | [Tags] Charlie Chaplin
(0)ප්‍රතිචාර|Comments
 
නෙල්සන් මැන්ඩෙලා (1918-)
 
 
හොඳ හිසක් මෙන්ම හදවතක්ද සෑම විටම තදින් එකිනෙක බැඳී පවතියි.

ලෝකය වෙනස් කිරීමට ඔබට පාවිච්චිකල හැකි හොඳම ආයුධය නම් අධ්‍යාපනයයි.

එක්සත් ජනපදය හෝ එංගලන්තය ඔවුන්ගේ ඡන්ද කටයුතු වලදී ආසියාවෙන් හෝ අප්‍රිකාවෙන් නිරීක්ෂකයන් ඉල්ලන්නේ නැත. නමුත් අපේ (අප්‍රිකාවේ හෝ ආසියාවේ) ඡන්ද වලදී ඔවුන්ට නිරීක්ෂකයන් අවශ්‍යය.

ඔබගේ සතුරන් සමග සාමය අවශ්‍ය නම් ඔවුන් සමග එකට වැඩ කරන්න. එවිට ඔවුන් ඔබගේ සහකරුවන් වේවි.

යමක් කර අවසන් වනතුරුම එය කල නොහැකි ලෙසටම පෙනෙනු ඇත.

කෙනෙකුට තේරෙන භාෂවකින් ඇමතූ කල් හි එය ඔහුගේ හිසට ඇතුල් වෙයි. නමුත් ඔහුගේ භාෂාවෙන් ඇමතූ කල් හි එය ඔහුගේ හදවතට ඇතුල් වෙයි.

ඉතා අමාරුවෙන් කන්දක් තරණය කල පසු පමණක් කෙනෙක් දකියි, තරණය කිරීමට තවත් බොහෝ කඳු ඇති බව.


වර්ෂ 1918 ජූලි මස 18 වන දින දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කි හිදී උපන් නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ග භේද වාදයට එරෙහිව සටන් කල එරට හිටපු ජනාධිපතිවරයෙකි. මැන්ඩෙලා උපතින් අප්‍රිකාවේ තෙම්බු ජන වර්ගයට අයත් ය. ඔහුගේ මුත්තා එම ජනවර්ගයේ රජු හෙවත් නායකයා විය. ඔහුගේ මුල්ම නම වූයේ රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ය. තමන්ගේ පවුලේ සාමාජිකයන් අතරින් පළමුවෙන්ම පාසැල් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය හිමි වූයේ රොලිහ්ලාහ්ලා ටය. ඔහුට නෙල්සන් යන ඉංග්‍රීසි නාමය ලබා දුන්නේ ඔහුගේ පාසැල් ගුරුතුමියයි.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2009-06-03 04:10:31 | [Tags] Nelson Mandela
(0)ප්‍රතිචාර|Comments
 
මායා ඇන්ජෙලෝ (1928-)
 
 
ඔබ යම් දෙයකට අකැමැතිනම් එය වෙනස් කරන්න. එසේ බැරිනම් ඔබේ ආකල්පය වෙනස් කරන්න.

ඔබට ඇත්තේ එකම එක සිනහවක් පමණක්ම නම් එය හෝ ඔබ ආදරය කරන මිනිසුන්ට දෙන්න.

ආදරය බාධාවන් නොහඳුනයි.එය කඩුලු මතින් වැටවල් මතින් පනිමින් පවුරු බැමි පසාරු කරගෙන බලාපොරොත්තුවෙන් පිරී ගිය එහි ගමනාන්තයට ළඟාවෙයි.

කිසිවෙකුට නොකී කතාවක් ඔබ තුල දරාගෙන සිටීම තරම් බලගතු වේදනාවක් තවත් නැත.

අප බොහෝ පරාජයන්ට මුහුණදෙනු ඇත. එහෙත් අප පරාජය විය යුතු නැත.

වචන යනු නිකම්ම කඩදාසි මත ලියැවෙන දේ පමණක්ම නොවේ. ඒවා ඉතා ගැඹුරු අර්ථයන් සිතට කාවද්දනු පිණිස මිනිස් කටහඬ සමග මුසුවී එයි.


1928 අප්‍රේල් 4 වනදින මිසූරි හිදී උපන් මාගරිට් ඈන් ජොන්සොන් හෙවත් මායා ඇන්ජෙලෝ ප්‍රකට ඇමෙරිකානු කිවිඳියකි. එකිනෙකට වෙනස් වෘත්තීන් ගණනාවක නියුතු වූ මායා ඇන්ජෙලෝ නිළියක්, නර්ථන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක්, රූපවාහිනී නිෂ්පාදිකාවක් මෙන්ම චිත්‍රපට අධ්‍යෂිකාවක් ලෙසද කටයුතු කලාය.

එමෙන්ම ඇය සිවිල් අයිතිවාසිකම් සදහාවූ පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ අතර ආචාර්ය මාර්ටින් ලුතර් කින්ග් ගේ දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුවේ සංවිධායක වරියක් ලෙසද කටයුතු කලාය.

 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2009-06-03 04:05:22 | [Tags] Maya Angelou
(0)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා... | අනුෂ්ක තිලකරත්න
 • ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්... | අනුෂ්ක තිලකරත්න
 • ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා | අනුෂ්ක තිලකරත්න
 • ආලෝක මිනිසා!!! | අනුෂ්ක තිලකරත්න
 • මහ පොළොවට ආදරය කළ මිනිසා | අනුෂ්ක තිලකරත්න
 • මිලිනව සැඟව ගිය ආකාස කුසුම | අනුෂ්ක තිලකරත්න
 • හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875) | අනුෂ්ක තිලකරත්න
 • මොහොමඩ් අලී (1942-) | අනුෂ්ක තිලකරත්න
 • චාලි චැප්ලින් (1889-1977) | අනුෂ්ක තිලකරත්න
 • නෙල්සන් මැන්ඩෙලා (1918-) | අනුෂ්ක තිලකරත්න
 • මායා ඇන්ජෙලෝ (1928-) | අනුෂ්ක තිලකරත්න
 • ඒබ්‍රහම් ලින්කන් (1809-1865) | අනුෂ්ක තිලකරත්න
 • ජිඩ්ඩු ක්‍රිෂ්ණමුර්ති (1895-1986) | අනුෂ්ක තිලකරත්න
 • මාර්ටින් ලූතර් කින්ග් (1929-1968) | අනුෂ්ක තිලකරත්න
 • රොබර්ට් ෆ්‍රොස්ට් (1874-1963) | අනුෂ්ක තිලකරත්න
 • ලියොනාර්ඩ් කොහෙන් (1934-) | අනුෂ්ක තිලකරත්න
 • ගිල්බර්ට් කීත් චෙස්ටර්ටන් (1874-1936) | අනුෂ්ක තිලකරත්න
 • හොනොරේ ඩි බල්සැක් (1799-1850) | අනුෂ්ක තිලකරත්න
 • චාල්ස් බව්ඩෙලෙයර් (1821-1867) | අනුෂ්ක තිලකරත්න
 • විස්ටන් හියු ඕඩෙන් (1907-1973) | අනුෂ්ක තිලකරත්න
 
 
  තවත් වියමන්