1 2

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස
 
   සරච්චන්ද්‍ර වනාහි සිංහල නාට්‍ය කලාවේ විශිෂ්ටත්වය විස්‌තර කරන සංකේතයයි. ග්‍රීක්‌ නාටකය සහ එළිසබෙතානු නාටකය මෙන් සරච්චන්ද්‍ර නාටකය ද විශාල ජනකායකට බලපෑවේය. එම ජනකාය සරච්චන්ද්‍ර නාටකයෙන් බොහෝ දේ උගත් අතර ජීවිතය තුළ කලාව රඳවා ගැනීම සඳහා සරච්චන්ද්‍ර නාටකය ඉවහල් කර ගත්තේය. එම ජනකායෙන් බහුතරය පේරාදෙණිය මුල් කර ගත් සරසවි අධ්‍යාපනය ඔස්‌සේ ජීවිතය ගොඩනගා ගන්නා ලද සිංහල මැද පංතිය විය. නූතන සිංහල සංස්‌කෘතිය ශක්‌තිමත් කලාත්මක පදනමක්‌ මත රඳවන්නට සරච්චන්ද්‍ර නාටකයෙන් සිදුවුණු සේවාව සුළුපටු නැත. අද ජීවත්වන්නන් තුළ විමතියක්‌ උපදවන තරමට ඔහුගේ විශිෂ්ට නාටකයන් සංස්‌කෘතිය තුළට කිඳා බැස්‌සේය. සරච්චන්ද්‍ර නාට්‍යයන් හි ඉතා පැහැදිලිව පෙනෙන කාරණා දෙකක්‌ ඇත. පළමුවැන්න ඒ කුඩා කාව්‍යයන්ගේ රසාස්‌වාදයට වෙන් වුණූ කලාවක්‌ නොවීමයි. දෙවැන්න එය ජනතාවාදී කලාවක හෝ ඊනියා ජනප්‍රිය කලාවක-
 
-හෝ අනුග්‍රහය නොලබා ප්‍රචලිත වීමයි. පනහ දශකයෙන් ආරම්භව රට පුරා ප්‍රචලිත වුණු ඒ කලා ව්‍යාපාරයෙහි නිදන්ගතව තිබුණු ජීවන ශක්‌තිය පිළිබඳ අයකු මවිත වනු ඇත. නූර්ති‍යෙහි මෙන්ම ස්‌වාභාවික නාට්‍යයන්හි ද මෝඩකම් ගණනාවක්‌ ප්‍රදර්ශනය කළ සිංහල නාටකය නැණවත් මඟකට ප්‍රවිෂ්ඨ වූයේ සරච්චන්ද්‍ර නිසාය.

ඕනෑම නාට්‍යකරුවකුට නාට්‍ය කලාව වෙනුවෙන් කළ හැකි විශිෂ්ටතම සේවාව වන්‍ නේ ට්‍රැජඩියක්‌ හෙවත් ඛේදාන්තයක්‌ ලබාදීමයි. සරච්චන්ද්‍ර අතින් සිදුවූයේ ද මේ සේවාව යැයි සිතමි. ඔහු සිංහල නාට්‍ය කලාවට ට්‍රැජඩියක්‌ ලබා දුන්නේය. ඔහුගේ නාට්‍යවල අඩංගු ජීවන ශක්‌තිය තේරුම් ගත හැක්‌කේ ඛේදාන්ත සංකල්පය ඔස්‌සේ බව කල්පනා කරමි.

 
Eric Ilayapparachchi | එරික් ඉලයප්ආරච්චි
Updated on : 2010-08-16 01:52:28 | [Tags] Friedrich Wilhelm Nietzsche, Professor Ediriweera Sarathchandra, Premasiri Khemadasa, Khemadasa Master
(1)ප්‍රතිචාර|Comments
 
දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා|
ආර්. ආර්. සමරකෝන්
 
   රණසිංහ රාජපක්ෂ සමරකෝන් හෙවත් කවුරුත් දන්නා ආර්. ආර්. සමරකෝන් හෙවත් කැළණි පාලම හැදූ ආර්. ආර්. සිය 71 වෙනි උපන්දිනයට දින කිහිපයක් ඉතිරිව තිබිය දී දිවි රඟ මඩලින් බැස ගියේය. කෙතරම් බැලුවත් එපා නොවෙන අතළොස්සක් සිංහල නාට්‍ය අතරින් හුණුවටය හෝ සුභ සහ යස හැරුණු විට වැඩිම ප්‍රේක්ෂක සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යය කැළණි පාලමයැයි සිතමි.

කැළණි පාලමයැයි කියූ විට බොහෝ දෙනෙකුට සිහියට එන්නේ අර අපූරු ''මැම්බර් මහත්තයා''වය. අපේ වේදිකාව නිපද වූ විශිෂ්ටතම රංගධරයෙකු වන ජේ. එච්. ජයවර්ධන විසින් නිරූපණය කරන ලද එකී චරිතය පමණක් නොව චුට්ටේ (නීල් අලස්), මැටිල්ඩා (රම්‍යා වනිගසේකර), රූපවතී (මැණිකේ අත්තනායක), සරණපාල (සිරිල් ධර්මවර්ධන), සුරංගනී (ගීතා කාන්ති ජයකොඩි) වැනි පාලම උඩ ලෝකයේ චරිත ද ප්‍රේක්ෂක සන්තානයේ සදා රැඳුණෝ වෙති.
 
ඔවුන් එහි ලා ප්‍රකට කළ රංගන කෞශල්‍යයත් ඔවුන් කරළිය මත හසුරුවා ගන්නට ආර්.ආර්. දැක්වූ බුහුටි බවත් නොවන්නට කැළණි පාලම කෙතරම් අපූර්ව පෙළක් වුවද ඒ සා සාර්ථකත්වයක් අත් කර නොගන්නට ඉඩ තිබිණි.

තිරය පිටුපස යෝධයෙකු වූ සමරකෝන් ඉන් බැහැර ජීවිතයේ දී නිහඬ මිනිසෙකු විය. නාට්‍ය අරික්කාලක් කිරීමෙන් පසු ටෙලි නාට්‍ය උමතුවට ගොදුරු වීමෙන් කාලයත් හොඳ නිර්මාණයකට යොදවා ගත හැකි ශක්තියත් අපතේ යවන අපේ කාලයේ තරුණ නාට්‍යකරුවන්ට වඩා වෙනස් ලෙස, ආර්. ආර්. ද ඇතුළත් හැටේ දශකයෙන් ගමන් ඇරඹූ නිර්මාණකරුවෝ අද පවා අපට කතා කළ හැකි බොහෝ හොඳ නිර්මාණ බිහි කළහ.

 
Masha Jayasena | මාෂා ජයසේන
Updated on : 2010-08-08 23:51:57 | [Tags] A Review on R. R. Samarakoon, Kelani Palama, Ahasin Watunu Minissu, Kaputu Bo, Sinhala Stage, Sri Lankan Theater
(3)ප්‍රතිචාර|Comments
 
කැළණි පාලම ලියූ හැටි
 
   අහස නොකඩවාම දින දහයක් දොළහක් හඬා වැටිණ. වැහි වතුර පාර තොට පුරා දෝරේ යන්නට විය. වැස්සේ හැඩ රුව අනුව එය කොළඹට පමණක් නොව මුළු රටටම ඇද හැලෙන්නක් බව මට තේරුම් ගියේය. එක් සෙනසුරාදාවක හවස් වරුවේ තවත් වගුරුවන්නට කඳුළු නැති බැවින්දෝ හිටි හැටියේම වැස්ස තුරල් වී කහ පැහැති අව් රැල්ලක් ද එබිකම් පාන්නට විය. මම කලින් නියම කරගත් ගමනකට සැරසී එළියට බැස්සෙමි. ගල්කිස්සෙන් කිරිබත්ගොඩට යන බසයකට ගොඩ වූ මට දෙමටගොඩට යාගත නොහැකි විය. අහස ගුගුරා යළි-
 
-මහ වැස්සක් ඇද හැළිණ. කුඩ කබලක්වත් රැගෙන ඒමට අමතක වූ බැවින් මම හිත යටින් වෙව්ලා ගියෙමි. කැළණි පාලම පසු කරත් දී අන් කවරදාකවත් නොදුටු දසුනින් මම අන්ද මන්ද වීමි. පාලම දෙපැත්තේ තැනින් තැන පොල් අතු කූඩාරම් කීපයක් අටවා තිබිණ.

මම යන්නට ගිය ගමන අමතක කොට ඊළග බස් නැවතුම්පොළෙන් බැස මහ වැස්සේම තෙමි තෙමි යළි පාලම පැත්තට ආවෙමි. පොල් අතු කූඩාරම් තුළ ගැහැණු පිරිමි ගුලි ගැසී සිටියහ. එක් කූඩාරමක් එක පවුලකට අයත් බව මට පසක් විය. ඔවුන් කමින් බොමින් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් කෙළිදෙළෙන් කල් ගෙවන බව තේරුම් ගන්නට මට අපහසු නොවීය. කිසිවෙකු තුළ කණස්සල්ලක් පීඩාකාරී හැඟීමක් නොවූ බව ඔවුන්ගේ මුහුණේ ඉරියව් වලින් පැහැදිලි විය.

 
R R Samarakoon | ආර්. ආර්. සමරකෝන්
Updated on : 2010-08-08 23:09:30 | [Tags] Kelani Palama, R. R. Samarakoon, Sri Lankan Drama and Theater
(1)ප්‍රතිචාර|Comments
 
ඇන්ටිගනි| ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ|
ප්‍රියංකර රත්නායක සමග කතාබහ
 
   •ක්‍රි.පූ. 500-400 වැනි යුගයක නිර්මාණය වුණු ඇන්ටිගනි නාට්‍යය, දේශපාලනික භාවිතයන් අද්‍යතන සමාජ දේශපාලනික කාරණා තේරුම් ගැනීම සඳහා ඔබ යොදා ගන්නේ කොහොමද?

නාට්‍ය රචකයින් විසින් රචනා කරන නාට්‍ය වර්ග දෙකක් ලෝකයේ තිබෙනවා. ඉන් පළමු වර්ගය තමයි නාට්‍ය රචකයා තමා ජීවත් වන සමාජයේ දේශපාලන මතුපිට ස්පර්ශ කරමින් ඒ පිළිබඳ රචනා කරපු නාට්‍ය. තවත් පිරිසක් නාට්‍ය රචනා කිරීමේදී පවත්නා දේශපාලනයේ මතුපිට ස්පර්ශ කරනවා වෙනුවට මිනිස් සමාජය සහ ජීවිතය-
 
-ඉතාමත් සියුම් ලෙස ගවේෂණය කිරීමට උත්සාහ ගන්නවා. ග්‍රීක නාට්‍යකරුවා ගත්තාම ඔහු තුළ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි ඔවුන් රාජ්‍ය තන්ත්‍රය කෙරේ තියෙන බල අරගලයේ මතුපිට ස්වභාවය දකින ගමන්, ඒ ස්වභාවය ඇතුළේ ඇති මිනිස් ජීවිතය, මිනිස් සිත සහ මිනිස් ඥානය පිළිබඳව සියුම් ගවේෂණයකට යෑම.

ඇන්ටිගනී නාට්‍ය ගත්තාම ඒකෙදි මතුවන කරුණක් තමයි බලය පිළිබඳ නීතිය සහ දේවත්වය පිළිබඳ නීතිය කියන ගැටුම අතරේ මනුෂ්‍යයා කොහොමද පීඩාවට පත් වෙන්නෙ කියන එක. මෙසේ මනුෂ්‍යයා මූලික කොට බිහි කළ නාට්‍ය තුළ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නෙ මානව හැඟීම්. ඒ අනුව මානව හැඟීම් කියන කරුණ තුළ එදා සහ අද අතර විශාල සාම්‍යයක් දක්නට තිබෙනවා. ආදරය සහ ඊර්ෂ්‍යාව වගේ කරුණු ගත්තාම ලෝකයේ සෑම මනුෂ්‍යයාටම එදා සහ අද ඒ හැඟීම් දැනෙන්නෙ එකම විදිහකමයි. මේ වගේ තත්ත්වයක් එක්ක ගත්තාම ග්‍රීක නාට්‍යවල තියෙන ස්වභාවය තමයි ඒවා විශ්ව සාධාරණීය වීම. ඒ හේතුකොටගෙන ඒවා රෝම නාට්‍යයට බලපානවා. රෝම නාට්‍ය ශේෂ්ක්පියර් නාට්‍යවලට බලපෑවා. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය නූතන නාට්‍ය සඳහා බලපෑවා.

 
Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
Updated on : 2010-08-06 03:35:29 | [Tags] Antigone [Ἀντιγόνη], Greek Tragedy by Sophocles, Sinhala Production of Antigone by Priyankara Rathnayake 2010, Translated By Ariyawansha Ranaweera, Kelaniya University, Acedemic Players, Sri Lankan Drama and Theater
(1)ප්‍රතිචාර|Comments
 
කළම්බෝ... කළම්බෝ සහ ජීවන යථාර්ථය
 
   කළම්බෝ කළම්බෝ..... මම මුල්ම වතාවට මේ වේදිකා නාට්‍ය නැරඹුවේ ඊයේ රාත්‍රියේ. ඒ ලයනල් වෙන්ඩ්ට් හී රෑ හතේ දර්ශන වාරයේ බැල්කනියේ සීයේ ටිකට් පතකිනි. මට ඒ සඳහා විචාරයක් ලිවීමට ඇති ප්‍රධානම සුදුසු කම ලෙස මට දැක්විය හැකි මහා කාරණා නොවූවත් සුළු සුළු කාරණා මෙසේ දැක්විය හැකිය.

1. කුඩා කල සිටම කොළඹ නගරයේ ජීවත් වීම. පදිංචිය- බත්තරමුල්ල.
2. පාසල් ගියේ පුංචි බොරැල්ලේ කොළඹ ගෝතමී බාලිකා විදුහලට
3. මෙම නාට්‍ය එක වරක් නරඹා තිබීම.
4. වයස අවුරුදු 20ක් වීම.
 
මා කුඩා කල සිටම බත්තරමුල්ලේ සිට මරදානට එන විට පාරේ බොරැල්ල මංසංධිය පසු වේ.මට යමක් කමක් තේරේන අවධියේදී නිර්මාණය වූ බොරැල්ල උමං පධික මාරු වීම සැබවින්ම පුදුමාකාර ස්ථානයකි. නොයෙක් ආකාරයේ මිනිසුන් මොහොතකට හමුවන , මොහොතකින් වෙන්වෙන පාරවල් දැක දැක අතරමං වන, අතරමං වී පාර සොයන මිනිසුන්ගෙන් අදටත් එය පිරී ඇත. මහජන පුස්තකාලයට යන හැම වේලාවකම පසු කර යන, බත් කන්නට ඇතුළු වන, යාළුවන් සමඟ සෙල්ලම් කරන ,විහාර මහා දේවී උයනද අදටත් බංකුවක් හුදෙකලා වනතුරු බලා සිටිනා පෙම්වතුන්ගෙන් පිරී ඇත. කුඩා කාලයේ සිට අත් දකින මේ සිදුවීමද දැන් මට හුරු පුරුද්දක් වී ඇත. බොරැල්ලේ කනත්ත මල් වලින් සරසා පෙම්වතුන්ගේ උයනක් කිරීමේ සංකල්පයට සැබවින්ම ගෞරවය හිමි විය යුතුය. නිරන්තරයෙන් 135 බස් රියේ ගමන් ගනිද්දී මම දකින් කැඩුනු ජරා ජීර්ණ සොහොන් කොත් ඊට හේතුවයි. ඒවාට මලක් තියන්නටවත් කාලෙකින් කෙනෙක් ආ බවක් දැක ගන්නට නොමැත. මල් ශාලා ගැන නම් මට ඇත්තෙන්ම අත්දැකීම් අඩුය. මන්ද මා එතරම් අවමඟුල් සඳහා සහහාගි නොවූ කෙනෙක් හෙයිනි.නමුත් මෘත ශරීර අපයෝජනය නම් මම අසා ඇත්තෙමි. එහෙයින් මෙසේ කළම්බෝ කළම්බෝ හී විචාරය ආරම්භ කරමි.

 
Neranji Sulakkana Ekanayake | නීනු
Updated on : 2010-06-07 21:26:34 | [Tags] Colombo Colombo By Indika Ferdinandu, Sinhala Drama, Sri Lankan Drama
(7)ප්‍රතිචාර|Comments
 
යුද බයිනෙත්තුවෙන් ඇන ස්ත්‍රීත්වය නටබුන් කිරීම- Ruined
 
   Lynn Nottageගේ Ruined, 2009 වසරේ පුලිට්සර් සම්මානය දිනූ වේදිකා නාට්‍යයයි. එය බ්‍රෙෂ්ට්ගේ Mother Courage and Her Children නාට්‍යය [1], කොංගෝ ප්‍රජානත්ත්‍රවාදී ජනරජයේ පවතින යුද සන්දර්භය තුළ නැවත ලිවීමකි. මේ නාට්‍යය හරහා Nottage, ප්‍රේක්ෂක සන්තානය වෙව්ලුම් කවන තරමේ බිහිසුණු ප්‍රචණ්ඩත්වයක් වේදිකාව මත චිත්‍රණය කරන්නී, එහෙත් නාට්‍යයේ චරිත අතුරින් ඉතාම දුෂ්ඨ පුද්ගලයන් කෙරෙහි පවා දයානුකම්පාවේ ශේෂ මාත්‍රයක් අප තුළ ගොඩ නංවන්නීය.

නාට්‍යයට පාදක වන අවන්හල සහ ගණිකා නිවාසය, වැසි වනාන්තරයක් මැද, පතල් ආශ්‍රිත නගරයක හුදකලාව පිහිටි, වනාන්තරයේ ගැවසෙන එකිනෙකා සමග යුද වැදී විටින රජයේ හමුදා සහ කැරළිකාර හමුදා යන දෙපිරිසෙන්ම යැපෙන එකකි. එහි පාලිකාව ''මමා නඩී'' (Mama Nadi- Saidah Arrika Ekulona රඟ දක්වන චරිතය)ය[2].

''පිරිමින්ගේ'' කුරිරු යුද්ධයට මැදිව මමා නඩී සහ ඇගේ කෙල්ලන් නොනැසී ජීවත් වන්නේ, පිරිමින්ගේ තනිකම සහ ආශාව, ලාභය බවට පෙරලීමෙනි. ඔවුන්ගේ සිත් අලවන කාම රංගන ඉදිරිපත් කිරීමෙනි. ඔවුන්ගේ ඔඩොක්කුවලට පැන ඔවුන් නලවන- පිනවන- රවටන බස් දෙඩීමෙන් අවන් හලේ පසු පස කාමර වලට යෑමට පෙළඹවීමෙනි. ආරෝහණ ක්‍රමයට මිල ගණන් ඉහළ යන, ප්‍රේමාලිංගනයේ වඩ වඩාත් රහස් ඉසවු කරා ඔවුන් පොළඹවා ගැනීමෙනි.
 
ඇඳ සිටින නිල ඇඳුමෙන් පමණක් වෙන් කොට හඳුනාගත හැකි, පපුවෙහි උරහිසෙහි ආයුධ දරමින් එකම කැලෑවේ සිට පැමිණෙන ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ගේ සොල්දාදුවන්ට සංගීතය, ආහාර, මත්පැන් ද සමග ස්ත්‍රී මාංශයේ සැපත මුදල් ගෙවා ලබාගෙන තම තමන්ගේ ''බැටරි චාජ් කර ගැනීමට'' මමා නඩීගේ අවන්හල ඉඩ සලසයි. යුද වැදී සිටින දෙපාර්ශ්වයේම සෙබළුන්ගේ චරිත එකම නළුවන් පිරිසක් විසින් රඟ දක්වනු ලබන අතර එකම නළුවා දෙපාර්ශ්වයටම අයත් (රජයේ හමුදා සහ කැරලිකාර හමුදා) නිල ඇඳුම් ඇඳ ගෙන නාට්‍යයේ පෙනී සිටිනු දැකිය හැක. එමගින් හැඟවුම්කරනු ලබන්නේ, වෙනස් නිල ඇඳුම් තුළ සිටිය ද මනුෂ්‍යත්වයට කරන ලද අපරාධ සහ ම්ලේච්ඡත්වය අතින් ඔවුන් දෙපිරිසම සමාන වන බවය; කිසිලෙසකින්වත්, වෙන් කොට දැක්විය නොහැකි බවය.

කෙසේ නමුදු, එය සාමකාමී රක්ෂාස්ථානයක් නම් නොවේ. මෙහි දැක්වෙන සමාජ සම්බන්ධතා අතිශයින්ම තුනී ය. සොල්දාදුවන් මමා නඩීව සහ ඇගේ කෙල්ලන්ව බලෙන් දුෂණය නොකරන්නේත්, අවන්හලේ කුඩා තොග ගබඩාව කොල්ලකෑමෙන් වලකින්නෙත් හුදෙක් ඇගේ පෞරුෂත්වයේ බලයෙන් සහ සොල්දාදුවන්ට ලැබෙන ලිංගික තෘප්තියේ හිලවුවෙනි.

 
The Feminist Spectator වෙබ් අඩවියේ Ruined, by Lynn Nottage යන හිසින් පළ වූ ලිපියේ පරිවර්තනයකි.
 
පරිවර්තනය - Koombiya | කූඹියා
Updated on : 2010-04-15 02:14:40 | [Tags] Ruined by Lynn Nottage, The Feminist Spectator
(1)ප්‍රතිචාර|Comments
 
එච්.ඒ. පෙරේරා
 
කලාවේ නවාතැන්පලෙන් සමුගත් තවත් එක් මගියෙක්
 
   කලාව යනු උන්මන්තකභාවය කරා අප යන ගමනේ අවසාන නවාතැන්පල වැනිය. සමහරු මෙතනට දුක් සෝ සුසුම් මැද පැමිණෙති. සමහරු මෙතනට ප‍්‍රීතියෙන් ඔදවැඞී පැමිණෙති. සමහරු මෙතැනට තනි තනිව පැමිණෙති. තවත් සමහරු මෙතැනට ජාතීන් ලෙස පැමිණෙති. රටවල් ලෙස පැමිණෙති. ශිෂ්ටාචාරයන් ලෙස පැමිණෙති. උන්මන්තකභාවයේ ගීලී යාමට මොහොතකට පෙර මොවුහු මෙතැන මඳකට නැවතෙති. මඳකට මෙතැන නැවතී ගිමන් හරින මොවුහු එතැන දී තම ශෝකය ගීතයකට හරවති. තම හුදෙකලාව සිතුවමකට නගති. තම ආවේගය කවියක් කරති. තම වැරදිකාරත්වය මූර්තියක් බවට පත් කරති.
මෙතැන අපූර්ව දේවල් සිදුවේ. සමහරු තම ගමන අතරමග නවතා මුළු පීවිත කාලයම මෙතැන ගතකරති.
 
තවත් සමහරු ආශ්චර්යමත් ලෙස නැවත ජීවිතය කරා ගමන් අරඹති. එහෙත් තවත් සමහරු එතරම් වාසනාවන්ත නොවෙති.

වින්සන්ට් වැන්ගෝ, කර්ට් කොබේන්, එමිලි බ්‍රොන්ටේ වැනි ආදරණීය මිනිස්සු මෙම නවාතැන්පලේ මදකට නැවතී ගියහ. සුදු වර්ගවාදයේ නිරන්තර පීඩනය දරාගත නොහැකිව මෙතැනට පැමිණි දකුණු අප‍්‍රිකානු කළු මිනිස්සු ආශ්චර්යමත් ලෙස යලි තම අරගලය මෙතැනින් ආරම්භ කලෝය. ජීවිතය අතරමඟ අතුරුදහන් වූ තම අමරණීය පෙම්වතා වෙනුවෙන් පාර්වතී මෙතැන සිට කවි ලිව්වාය. එ්ම කවි කිසිවෙක් දුටුවේත් කියෙව්වේත් නැත. එ්ත් ඇය මියෙන තුරු කවි ලිව්වාය. අඳුරු සිර කුටියේ මරණය පෙනෙන මානයේ සිරිපාල ගීයක් ගැයීය. කොහේ ද කොහේද අපේ ලොවක්. මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක්.

 
කටු සටහන් බ්ලොග් අඩවියෙනි.
 
Praba Manurathna/ Buddhika Bandara | ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
Updated on : 2010-02-14 22:55:52 | [Tags] H.A. Perera, Sri Lankan Actors, Sri Lankan Drama and Theater
(2)ප්‍රතිචාර|Comments
 
කලම්බෝ කලම්බෝ - අත්‍යාවශ්‍ය පසුවදනක්
 
 
ඉන්දික පර්ඩිනැන්ඩූ ගේ කොළම්බු, කොළම්බු අමුතු ඒත් හිත් ඇදගන්නා නාට්‍යයක්. උඩින් පල්ලෙන් බැලූවොත් ඒක නල්ල තම්බි වගේ හිනා යන නාට්‍යයක් කියල හිතෙයි. මොකද? ඉල ඇදෙන හිනා යන කෑලිවලින් පිරිලා හන්දා. ඒත් ඒක ඇස්බැන්දුමක් විතරයි. යටින් තියෙන්නේ කෙළඹ නගරය තුළ දිළිඳුකම ගැන විමුසුමක්. ඇත්තටම ආදරයේ දිළිඳුකම කිව්වොත් නිවැරදියි. ආදරයේදී තැලෙන්නේ ගැහැණිය හින්දා ගැහැනියගේ ළතෝනිය කිව්වොත් වඩා නිවැරදියි. ඇත්තටම ඒ ළතෝනිය මට දැනුත් ඇහෙනව, ඇහෙනවා වගේ. හැම තැනම ඉඳිකටුවලින් ඇනෙනවා වගේ. කියන්න බැරි දුකක් දිගටම පවතිනවා. සෞම්‍ය ලියනගේ මුලින්ම කිව්වා, මේක ''අනෙකා'' පිළිබඳ කථාවක් කියලා. මං කැමැති නැහැ ඛ්ජ්බගේ පටලැවිලි කියුම් එක්කල පොරබදන්න. ඒත් මං කොයි එකටත් The Four Fundamental Concepts of Psycho - Analysis පෙරළලා බැලූවා. ලකාන්ගේ ලටපට කියවන හැම වෙලාවකම අලූත් දෙයක් හිතට එනවා. ලකාන් කියන දේට වඩා වැදගත් මට දැනුන දේ. මිනිසාගේ බඩගින්න, ලැගුම්ගින්න ආදී හැම ගින්නකටම වඩා ආදර ගින්න ශක්තිමත්. ඒ පරපුරක් පිළිබඳ බැඳීම එයට අනුගත වෙලා තිඛෙන නිසා. දැන් එහෙම බැඳිල නැති වුණත් ලිංගික මෙහෙයුම තෘෂ්ණාවේ ප්‍රධාන මෙහෙයුම වෙලා. මේ තෘෂ්ණාව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මමත්වය යටි හිතට ඇතුල් කරනවා.

 
Dr. Vickramabahu Karunaratne | ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
Updated on : 2009-11-17 01:52:00 | [Tags] Colombo Colombo, Sinhala Stage Play, Indika Ferdinandu, Dr. Wikckramabahu Karunarathna
(1)ප්‍රතිචාර|Comments
 
අසඩක් ඔබට සුභ රාත්‍රියක්!
 
 
ශෛලිගත නාට්‍ය පණ යන පක්ෂයට යමින් සිටි සමයක, කාන්තා සංවිධාන කාන්තා විමුක්තිය ගැන කතා නොකළ වකවානුවක, හෙන්රි ශෛලිගතය හා තාත්විකත්වය සංකලනය කරමින් කුවේණි නිර්මාණය කොට, සදාකාලික දුක් විඳින ගැහැණියගේ විත්තිය ජනතා අධිකරණය හමුවේ තැබුවේය. කලාකරුවන් ස්වකීය ගමනේ එක්තරා වකවානුවකදී භාවනාවක යෙදෙන බව ''කඩුල්ල'' ටෙලියේ තිරනාටකය කළ තිලක් ජයරත්න කලකට පෙර පැවසීය. කුඩා නාටක කිහිපයක් කරමින් අත්හදා බැලීම් කළ හෙන්රි හැටේ දශකයේ දී බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව ගෙන කරළියට පැමිණියේ එවන් භාවනාවකින් නැගිට සිටියාක් මෙනි. සිංහල නාට්‍ය වංශයේ වැදගත් තැනක නිරනුමානයෙන් ම ලියැවෙන මෙම නාට්‍යය හොඳ නිෂ්පාදනයකින් නොනැවතී සිත කය වචන ඒකාග්‍ර කොට ගත් එසේම ස්වකීය ධී ශක්තියෙන් අපමණ පල නෙළමින් අපූර්ව රංගනයක යෙදීමට ද හෙන්රිට කාලයෝගය ලබා දුනි. අපට සිටින නිර්මාණාත්මකම රංගන ශිල්පීන් කීප දෙනා අතරට ද ඔහු ගැනෙන අතර පුංචි තිරටය ද අත්‍යාවශ්‍ය නළුවෙකු ව සිටී. ඔහුගේ සුදු සීයා සහ ජෝර්ජ් මහත්තයා විවිධ චරිතයනට සරිලන සේ ආවේශ වීමට සමත් නියාව මොනවට ප්‍රත්‍යක්ෂ කරයි.

මා දැන සිටි හෙන්රි ජයසේන නම් සහෘදයා - සුගතපාල ද සිල්වා
(අභියනය හයෙන් උපුටනයකි)
 
Sugathapala De Silva | සුගතපාල ද සිල්වා
Updated on : 2009-03-16 03:50:45 | [Tags] Henry Jayasena, Sugathapala De Silva, Thilak Jayarathna, Hunuwataye Kathawa
(0)ප්‍රතිචාර|Comments
 
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ
දෘෂ්ටිය සහ රංග සංකල්ප
-හෙන්රි ජයසේන
 
 
නැත!

අපට නරඹන්නා ගේ අවදි බව අවශ්‍ය ය....
විමසිලිමත් බව අවශ්‍ය ය.
පැහැදිලි දිදුලන ආලෝකය යට - රුචි නම් -
ඔවුන් ගේ සිහින ඔවුහු දකිත්වා.....
ඔහු මෙසේ ද පවසා ඇත:

"මගේ තිරය
අඩවන් ව තබන්න
වේදිකාව වසා
මුද්‍රා නොතබන්න.

නරඹන්නන් සිය අසුන්වල දිග ඇදී
දුටුවාවේ....
අප ලක ලැහැස්ති වන අයුරු

ඔවුන් වෙනුවෙන් ම
ශූර ලෙස නිමවන ලද
වේදිකා මෙවලම්....

බෙලෙක් සඳහන්
පහත්වන සැටි!
උළු පියස්සක්
ඔසවාගෙන එන අයුරු

වැඩිපුරමත් පෙන්වන්න එපා
පෙන්වන්න
මොනවා හෝ යමක්

මිතුරනි
ඔවුන් දුටුවාවේ
ඔබ සැම
විජ්ජාකරුවන් නොව
කම්කරුවන් බව....

තුමූ ජීවත් වූ යුගයට උචිත වන ලෙස, ඒ අනුව නාට්‍ය ලියූ මිනිසෙක් විය බ්‍රෙෂ්ට්. ඔහුගේ රංග සංකල්ප එකල ද වෙනස් වුණි. දැනුදු වෙනස් වෙමින් පවතී. මෙය ඔහු ගේ ම ප්‍රියතම න්‍යායට ද අනුකූල වන්නේ ය.

"ලෝකය වෙනස් විය යුතු ය-
ලෝකය වෙනස් කළ යුතු ය....."


සම්පූර්ණයෙන් කියවන්න - මෙතනින් යන්න

(කලා සඟරාවේ 40 වෙනි කලාපයට හෙන්රි ජයසේන ලියන ලද ලිපිය, අප උපුටාගත්තේ අභිනය හයවැනි කලාපයෙන්)
 
Henry Jayasena | හෙන්රි ජයසේන
Updated on : 2009-03-12 03:50:45 | [Tags] Henry Jayasena on Bertolt Brecht, Brecht's Alienation Effect
(0)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස | එරික් ඉලයප්ආරච්චි
 • දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා| ආර්. ආර්. සමරකෝන් | මාෂා ජයසේන
 • කැළණි පාලම ලියූ හැටි | ආර්. ආර්. සමරකෝන්
 • ඇන්ටිගනි| ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ| ප්‍රියංකර රත්නායක සමග කතාබහ | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
 • කළම්බෝ... කළම්බෝ සහ ජීවන යථාර්ථය | නීනු
 • යුද බයිනෙත්තුවෙන් ඇන ස්ත්‍රීත්වය නටබුන් කිරීම- Ruined | None
 • එච්.ඒ. පෙරේරා | ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
 • කලම්බෝ කලම්බෝ - අත්‍යාවශ්‍ය පසුවදනක් | ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
 • අසඩක් ඔබට සුභ රාත්‍රියක්! | සුගතපාල ද සිල්වා
 • බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දෘෂ්ටිය සහ රංග සංකල්ප -හෙන්රි ජයසේන | හෙන්රි ජයසේන
 • ප්‍රබුද්ධයාණ ඇදුරාණ මිතුරාණ | පරාක්‍රම නිරිඇල්ල
 • COLOMBO ! MAXA COLOMBO!!! ''හෙට දවසේ මෙය සිදුවන්නේ කාටද?' | අනුෂ්ක තිලකරත්න
 • කලම්බෝ කලම්බෝ වී ලව් යූ කලම්බෝ | අමිල ගලප්පත්ති
 • ''මට වෙඩි තියන්නැද්ද'' ගැන අවිධිමත් අදහස් ගොනු කිරීමක් | අමිල ගලප්පත්ති
 • Blood Wedding- Federico Garcia Lorka | නයෝමී ගුණසිරි
 • A Streetcar Named Desire - Tennessee Williams | නයෝමී ගුණසිරි
 • Lower Depths- මැක්සිම් ගෝර්කි | නයෝමී ගුණසිරි
 • ඊඩිපස් රජ- සොෆොක්ලීස් | නයෝමී ගුණසිරි
 • ආපහු හැරෙන්න බෑ ඇත්ත කතාව | අමිල ගලප්පත්ති
 
 
  තවත් වියමන්