| 'Bucolic Poems Written in the City' |
| |
 |
  |
Chinthaka Ranasinghe as a bright one in the new generation of Sinhalese poets has won quite a name among them. He introduced himself as a literary critic first, but his ability as a poet has produced three books of poetry so far. The foremost line of his identity that can be recognized through his writings is extreme social consciousness, which disturbs in a way his work as a poet.
His arrival as a poet through “Katussakuge Malagama (Death of a lizard)” in collaboration with Tharanga Ranasinghe presented some memorable poetic thoughts, but the second collection of poems (Kalayak Thisse Liyu Kavi) that he wrote alone did not take us into that far in terms of poetic quality in them. Similarly, through the latest arrival also he has not been able to supersede his first work by himself. |
|
|
|
|
Chinthaka’s poems hint at some sort of protest he would like to direct against social issues that he himself cannot tolerate. His poems have captured several significant thematic areas.
Some of his remarkable poetic thoughts are resonating in my mind and heart. For example, read these lines:
 |
|
|
Upul Gamage | උපුල් ගමගේ |
|
Updated on : 2010-08-08 22:09:30 | [Tags] චින්තක රණසිංහ, නගරයේ දී ලියැවුණු ගැමි කවි- 2010 |
|
|
|
|
| ශක්තිකගේ කළු මකරා- විමසුමක් |
| |
 |
  |
ශක්තික සත්කුමාර සිය දෙ වන කෙටිකතා සංග්‍රහය කළු මකරා නමින් එළිදක්වා ඇත. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ විශේෂවේදී සිංහල විෂය හදාරමින් සිටින තෙවන වසර ශිෂ්‍යයෙකි. මෙම තරුණ කලාකරුවා සිය නිර්මාණය දෙස බලන අයුරු කෘතියේ සංඥාපනයෙහි මෙසේ දක්වා තිබේ: “මේ මාගේ නිර්මාණ දිවියේ අභ්‍යාස කාලයයි. “සිව්වන පරපුර” මෙන් ම “කළු මකරා” ද ඒ අභ්‍යාසවල ප්‍රතිඵල පමණි.” සාහිත්‍යය සම්බන්ධයෙන් බරපතළ අධ්‍යයනයක අවශ්‍යතාව ගම්‍ය කෙරෙන එම ප්‍රකාශය කලාකරුවාගේ නිහතමානීත්වයට දෙස් දෙන මුත් එකී ප්‍රකාශය න්‍යායික දෝෂයකින් කැලැල් ව ඇත. සාහිත්‍යකරුවකුගේ නිර්මාණ ජීවිතය “අභ්‍යාස කාලය” සහ “පරිණත කාලය” ලෙසින්- |
|
|
|
|
-ඛණ්ඩනය කළ නො හැකි ය. මන් ද ඔහුගේ සෑම නව නිර්මාණයක් ම නව්‍ය අභ්‍යාසයක් බැවිනි. ඔහු තමාට අභිමුඛ වන නව්‍ය අන්තර්ගතයන් විනිවිද දකින්නට ප්‍රයත්න දරයි; එම අත්දැකීම් කලාත්මක ව ප්‍රකාශයට පත් කරනු වස් පවතින කලාත්මක තාක්ෂණය සමතික්‍රමණය කරයි. එහෙයින් කලාකරුවකුගේ නිර්මාණ අභ්‍යාසයට නැවතුමක් නැත. එය එක ම දීර්ඝ අභ්‍යාසයකි. ඔහු තමාගේ ම පූර්ව නිර්මාණ ද තත්කාලීන ලෝක සාහිත්‍ය නිර්මාණ ද ඇසුරු කරමින් ඒවා ඉක්මවා යෑමට අඛණ්ඩ ව වෙර දරන්නෙකි. මේ කරුණ ඉස්මතු කිරීම අවශ්‍ය වනුයේ කලාකරුවකු සිය කෘතිය තම අභ්‍යාස කාලයට අයත් එකක් ලෙස සංලක්ෂණය කර ගැනීමේ බරපතළ අනතුරක් ඇති බැවිනි. ඒ අනතුර නම් සිය කෘතියේ ගුණාත්මක භාවය පිළිබඳ ව අත්‍යවශ්‍ය වූ බරසාර ආකල්පයක් නො ගෙන එය සැහැල්ලුවෙන් සැලකීමට ඉන් ඉඩ හසර පෑදීමයි. එය කලාකරුවා අගාධයකට ඇද දමයි.
 |
|
|
Justin Piyarathna | ජස්ටින් පියරත්න |
|
Updated on : 2010-07-25 22:00:12 | [Tags] "Kalu Makara" a collection of Sinhala Short Stories by Shakthika Sathkumara |
|
|
|
|
| නැදිමාලේ 'Miniහෙක්'ගේ 'දෙනේත්‍රා' |
| |
|
නැදිමාලේ 'Miniහෙක්'ගේ 'දෙනේත්‍රා' ගැන ජයතිලක කම්මැල්ලවීර තැබූ සටහනක්- |
|
|
 |
  |
අවුරුදු පහළොවකට පෙර ලියනගේ අමරකීර්ති, නිශ්ශංක විජේමාන්න, කීර්ති වැලිසරගේ, යන අයගේ මුල් නිර්මාණ ද ඒ ආසන්නයේ ම පියල් කාරියවසම්ගේ මුල් කෙටිකතා සංග්‍රහය ද කියවා සිංහල කෙටිකතා ක්ෂේත්‍රය එළිය කරන්නට අලුත් ලේඛකයන්ගේ එළඹුම සනිටුහන් වන අයුරු දැකීමෙන් සතුටු වීමි. (මේ ලැයිස්තුවට ලේඛිකාවක ඇතුළත් කරන්නට නොහැකි වීම ගැන බෙහෙවින් කණගාටු වන නමුත් ලේඛන කාර්යයේදී ස්ත්‍රීභාවයට විශේෂ සැලකිලි දැක්වීමක් කළ නොහැකි බව ද මතක් කළ යුතුය)
ඉඳහිට පොදවැසි වැටුණ ද පාළොස් වසරක් පැවතියේ නියං සමයකි. එය අහවර කරමින් නැදිමාලේ හෙක් ක්ෂේත්‍රයට එළඹ සිටින්නේ තම පළමු කතා සංග්‍රහයෙන් පෙර කී සිව් දෙනාගේ ම මුල්කෘති පරදවමිනි. මා 'දෙනේත්‍රා' කියවූයේ සතුටින් සහ විශ්මයෙන් බව සටහන් කරන්නේ අවංකව ම ය. මේ කතා ලිව්වේ කට ඇරියොත් ආවේගශීලී ලෙස හැකරයකු සේ පෙනෙන මිනිසාම ද යන පුදුමය සඟවා ගන්නට මම කැමති නොවෙමි. |
|
|
|
|
පීඩිත පංතියේ ජනයා අතරින් චරිත තෝරා ගෙන 'කළුසපත්තු' ලියා පටන් ගත්ත ද අද මම දුප්පත්කම ම තේමාව කර ගත් කතාවලට ඇලුම් නොකරමි. එහෙත් හෙක්ගේ කතාවල එන ඇඟ කිළිපොලා යන දුප්පත්කම පිළිබඳ තේමාවන් ඔහුගේ බස හැසිරවීමේ සූරකම මඟින් ආස්වාදජනක අපූරු සාහිත්‍ය නිර්මාණ බවට පත් වන අයුරු දැකීමෙන් විස්ම පත් වෙමි.
හෙක් ගෙ 'දෙනේත්‍රා' කියවා මෙවැන්නක් නොලියා සිටියහොත් එය කුහකකමක් වනු ඇත.
2010 මැයි 28 
|
|
|
'දෙනේත්‍රා' ප්‍රකාශනය : අච්චු සහ රූප | ප්‍රථම මුද්‍රණය: 2010 මැයි
'දෙනේත්‍රා' පහත ස්ථාන වලින් ලබා ගත හැක.
අච්චු සහ රූප - අංක 45, කොස්වත්ත පාර, නාවල.
ලංකා අක්ෂය- 187, කැටවලමුල්ල පටුමග, කොළඹ 09
විද්‍යාධාර පොත් හල- නො 16, මාළිගාකන්ද පාර, මරදාන |
|
|
Jayathilaka Kammallaweera | ජයතිලක කම්මැල්ලවීර |
|
Updated on : 2010-06-08 02:20:56 | [Tags] Nedimale Minihek, "Denethra", Short Story Collection, |
|
|
|
|
| කාව්‍යමයත්වය සහ නවකතාමයත්වය අතර අසිරිමත් බන්ධනයක්- බත්තලංගුණ්ඩුව |
| |
 |
  |
ලේඛකයෙකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංග ද රැගෙන ය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.
සිංහල නවකතාවට අලුත් බසක් නිපදවීම අලුත් පරම්පරාවේ නවකතාකරුවන්ට ඇති අභියෝගයකි. සාම්ප්‍රදායික යථාර්ථවාදී ආඛ්‍යාන ක්‍රමය ඉක්මවා ගත නොහැකි අපගේ නවකතාකරුවන් තමන්ට කීමට ඇති දේ ප්‍රකාශ කිරීම සඳහා සරල වූද ප්‍රකාශනීය වූද ක්‍රම අත්හදා බලන්නේ කලාතුරකිනි. අජිත් තිලකසේන, සිරි ගුණසිංහ, සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා යන අයගේ සාහිත්‍ය ජීවිත වල ඇති “තරුණකම” තරුණ ලේඛකයන්ට නැත්තේ මන්ද යන්න ගැටළු සහගත කාරණයකි.
තමන්ගේ අත්හදා බැලීම් හරි ගියා නොගියා මේ ලේඛකයෝ නිරන්තරයෙන් වෙනස් වෙන්නට තැත් කළහ. පශ්චාත්- යථාර්ථවාදී නවකතාව සඳහා බසක් නිර්මාණය කිරීම කළ හැක්කේ ඒ ඒ නවකතාකරුවන් තමන්ගේ කතාව කියන අලුත් බස සෙවීමට වෙහෙස වුවහොත් පමණි. |
|
|
|
|
තිස්ස අබේසේකර සිය නවතම ඉංග්‍රීසී පොත වන රූට්ස්, රිෆ්ලෙක්ශන්ස් ඇන්ඩ් රෙමිනිසන්ස් කෘතියේ කිහිප තැනකම මෙම ගැටළුව ගැන සඳහන් කරයි. සිංහල යථාර්ථවාදී නවකතාව සඳහා බසක් නිර්මාණය කිරීමට වික්‍රමසිංහට හැකි වුවද ඉන් පසු කිසිම ලේඛකයෙකුට ඔහු ඉක්මවා යන්නට නොපුළුවන් වූ බව අබේසේකර කියයි. වික්‍රමසිංහගේ විරාගය සිංහල නවකතා එතෙක් මෙතෙක් ගමන් කර ඇති උපරිමය බව ඔහු කියයි. මෙය සත්‍යයෙන් එතරම් ඈත් වූවක් නොවන බව මැදහත් සිතින් බලන කල පෙනේ. විරාගය වැනි අමරණීය නවකතාවක් තාමත් ලියැවී නැත. එහෙත් අබේසේකරගේ නිගමනයෙහි ඇති අඩුව නම් වික්‍රමසිංහ කතා කලාව ඉක්මවා යාමට තැත් කළ බොහෝ අය ගැන වචනයක්වත් සඳහන් නොකිරීමයි. වෙඩිවර්ධන ගේ නවකතාවේ ඉදිරිපත් කිරීමේ විලාසය නැවත නැවත යෙදීමෙන් රසහීන වූ, ස්තිතික, නොවෙනස් යථාර්ථවාදී නවකතා බසට අලුත් බවක් එක් කරයි.
 |
|
|
Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්ති |
|
Updated on : 2010-05-14 03:03:10 |
|
|
|
|
| වැලන්ටයින්ට සිද්ධාර්ථ මුණගැසීම |
| |
 |
  |
දෙවන ක්ලෝඩියස් රෝම අධිරාජ්‍යයාගේ පාලන කාලයේදී ඔහුට තිබුණ ලොකුම අභියෝගය තමයි, තම යුද්ධමය අවශ්‍යතාවට සරිලන මහා සේනාංකයක් සෑදීම සඳහා හමුදාවට බැඳෙන්න පිරිමි රෝමානුවන් ඉදිරිපත් නොවීම. කේන්ද්‍රීය විෂයය සම්බන්ධයෙන් ගන්නා තීන්දු වලදී ලෝකයේ බොහෝ පාලකයන්ගේ මුග්ධත්වය නැවතත් තහවුරු කරමින්, රෝම අධිරාජ්‍යයාටත් මෙයට විසඳුම හැටියට පෙනුනේ ලාංකීය භාවිතාවේදී වගේම කැකිල්ලේ උපාය මාර්ගයක්. ඔහු නියෝගයකින් සියලුම පිරිමින්ට විවාහය තහනම් කළා. ඔහු සිතුවා ගැහැණිය අහිමි පිරිමියාගේ ඊළඟ ආශක්ත භාවය රණබිමට කියලා. ප්‍රේමය වෙනුවට අසිපත.
මේ අහිමි කිරීම් තුළ ජනිත වන ආතතිය විශාල අර්බුදයක් කරා යොමු වන්න තියෙන අවදානම දැකපු පුද්ගලයෙක් හිටියා. ඔහුගේ නම වැලන්ටයින්. කතෝලික පූජකයෙක්. කේන්ද්‍රීය විෂයට ඇති ආශක්තභාවය වැඩිවීම හා අසම්මත ප්‍රවේශයක් හරහා එය ලබා ගැනීමට දරන උත්සාහය වාරණයේ මූලික ස්වරූපයක්. එය යතුරු සිදුරෙන් එබී බලන ප්‍රවේශයක්. රෝම අධිරාජ්‍යයා පිරිමින්ට විවාහය වාරණය කිරීම තුළ නියත වශයෙන්ම දිරිගන්වන භාවිතාව තමයි, දෙවියන් ඉදිරියේ සිදුවන විවාහ බන්ධනයකින් තොර අඹු සැමි ඇසුර. මේක දේව ධාර්මිකව පවක්. වැලන්ටයින් කතෝලික පූජකයෙක්. ඔහුගේ වගකීම ජනතාව පවෙන් මුදවා ගැනීම. ඔහු සමාජ වගකීම හා දේව රාජ්‍යය වෙනුවෙන් තීන්දුවක් ගන්නවා. ඔහු පෙම්වතුන් හොරෙන් විවාහ කරවීමට පටන් ගන්නවා. ඔහු වෙනත් විදියකට කරන්නේ, නිවහල් ප්‍රේමාන්විත හැගීම් හුවමාරුවකට පුද්ගල ජීවිත තුළ ඇති අවිඥානික සමාජීය බාධකය- |
|
|
|
|
-දෙවියන්ට ප්‍රසන්න විවාහ බන්ධනයක් මගින් අහෝසි කරන,පහසුකම් සපයන්නෙකුගේ භූමිකාවට එළඹීම.
නමුත් මේ භාවිතාව තුළ වැලන්ටයින් රාජ්‍ය විරෝධියෙක් බවට පත්වෙනවා. ලංකාවේ දී වගේම රෝමයේදීත් පාලකයාට හා ඔහුගේ දේශ හිතෛශී මාංශභක්ෂකයන්ට අනුව, මෙය හමුදා විරෝධී කුමන්ත්‍රණයක් ලෙසට ලඝු කෙරෙනවා. යුද්ධයෙන් තොර පැවැත්මක් නැති පාලකයාටත් ඔහුගේ ත්‍රස්ත විරෝධී රණකාමී සහපිරිවරටත් අනුව, මෙය හමුදාවේ 'මොරාල් එක' බස්සන විරුද්ධවාදීන්ගේ දේශද්‍රෝහී මරඋගුලක් වෙනවා. අන්තිමේදී දේව නීතිය ඉක්මවා ගිය රෝම නීතිය තුළ වැලන්ටයින් සිරකරුවෙක් වෙනවා. සමාජීය වගකීම් වෙනුවට යුද්ධය පරමාදර්ශය වූ දේශයක ඔහු රාජ්‍ය විරෝධියෙක්, හමුදා විරෝධී කුමන්ත්‍රණ කරුවෙක් හැටියට හිරගෙට යැවෙනවා. මිය යන තුරුම ඔහු මේ චෝදනා යටතේ සිරකරුවෙක්.
 |
|
|
Indika Udugampola | ඉන්දික උඩුගම්පොල |
|
Updated on : 2010-04-15 22:35:25 | [Tags] St. Valentine, Valentine Kumaraya, Nishshanka Wijemanna, Sri Lankan Novels, Sinhala Fictions |
|
|
|
|
| පශ්චාත් යටත් විජිත බූෂුවා පන්තිය පිළිබඳ සවාසනා නවකතාවේ එළඹුම |
| |
 |
  |
පශ්චාත් යටත් ලංකාවේ මධ්‍යම පන්තියේ විකාශනය පිළිබඳ ගුණදාස අමරසේකර මහා නවකතාවක් ලියමින් සිටියි. එහිදී අමරසේකර මෙම මධ්‍යම පාන්තිකයාගේ විඥානය සකස් කරන අඩවිය ලෙස හඳුනා ගන්නේ සමාජ සංවාදය නමින් ඔහු හඳුන්වන ක්ෂේත්‍රයයි. එනම් දෘෂ්ටිවාදී හා සංස්කෘතික තලයයි. සමාජ සංවාදය යන සංකල්පය ඔහු නිපදවා ගන්නේ ඔහු සහ ඔහුගේ ගෝලයන් විසින් තම මතවාදී සතුරා ලෙස සලකනු ලබන මාක්ස්ගේ උපරි ව්‍යුහය සංකල්පය ඇසුරිනි. |
|
|
|
|
කොතරම් විකෘත කරනු ලැබුවද මතු මහල සංකල්පය මාක්ස්ට ඛෙහෙවින් ණය ගැති සංකල්පයකි. නවකතාව නම් ශානරය පිළිබඳ අනෙක් න්‍යායික අදහස්වලදී අමරසේකර ණය ගැති වන තවත් මාක්ස්වාදියෙක් වෙයි. ඒ ජෝර්ජ් ලුකාශ්ය. මේ අතින් අමරසේකරගේ ජාතිකත්වය නම් දෘෂ්ටිවාදය පිහිටුවා ඇත්තේ මාක්ස්වාදයෙන් ණයට ගෙන විකෘත කරන ලද අදහස් කීපයක් මතය. ඒ විකෘත කරන ලද අදහස්වලට අනගාරික ධර්මපාලගෙන් ජාතිවාදයද එක් කරන ලද පසු අමරසේකරගේ ජාතික චින්තනය පැන නගී. ඒ නිසා ඒ ජාතික චින්තනය බෞද්ධයන්ට බුදු දහමේ එන ප්‍රජාතන්ත්‍ර විභවයන් ගවේෂණයට ඉඩ නොසලසයි. ශ්‍රී ලාංකිකයන්ට අන්තර්-සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් ගොඩ නගා ගන්නට ඉඩ නොසලසයි. පෘතුවියටද එහි වසන මිනිසාටද අනෙක් සතා සිව්පාවන්ටද හිංසාකාරී නොවන සංවර්ධන ආකෘතියක් නිර්මාණය කරගන්නට ඉඩ නොසලසයි. අමරසේකරගේ ජාතික චින්තනයේ මේවා ගැන හාංකවිසියක්වවත් ඇත්තේද නැත. බෞද්ධ සංවර්ධන ආකෘතියක් තායිලන්තයේ සුලාක් සිවරක්ස වර්ධනය කරන කතිකාව වැනි බෞද්ධ වුවත් ජාතිවාදී නොවන කතිකාවලින් ආභාසය ලබන්නට අමරසේකරකටත් වුවමනාවක් නැත. සුලාක් සිවරක්ස ජාත්‍යන්තරවාදී බටහිර විරෝධියෙකි. පරිභෝජනවාදයේ විවේචකයෙකි. අපේ ජාතිකවාදය නිර්මාණය කර ඇත්තේ මාලිගා භික්ෂූන් පමණි.
 |
|
|
Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්ති |
|
Updated on : 2010-04-01 22:50:18 | [Tags] Sawasana, Thilak Jayarathna, Liyanage Amarakeerthi, Sinhala Novels, Sri Lankan Fictions |
|
|
|
|
සවාසනා : සිංහල නවකතාවේ අවාසනාව
|
| |
|
උපුටනය- agniezine.wordpress.com|අග්නි – විද්‍යුත් සඟරාවෙනි. |
|
|
 |
  |
කෘතිය : සවාසනා
කර්තෘ : තිලක් ජයරත්න
ප‍්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් ලිමිටඞ්
අවුරුදු සියගනනකටත් වැඩි ඉතිහාසයක් ඇති සිංහල නවකතාව විශ්ව නවකතාව හා සංසන්දනය කළහොත් තවම ඇත්තේ ළදරු අවධියකය. 19 වෙනි සියවස ලෝක නවකතාවේ සියවස වීය. එම යුගයේ යුරෝපා නවකතාව විශිෂ්ට ලෙස වර්ධනය වීය. නමුත් නවකතාවේ විශාලතම උද්දීපනය ඇති වූයේ රුසියාව තුළය. එයට හේතු වූයේ එම රටේ තිබූ පරස්පර විරෝධී සමාජ ක‍්‍රමයයි.
ඒ වන විට යුරෝපා සමාජය ප‍්‍රංශ විප්ලවයෙන් පසු වැඩවසම් ක‍්‍රමය අතුගාදමා තිබුණි. රුසියාවේ තිබුණේ අත්තනෝමතික සාර් තන්ත‍්‍රය යටතේ වැඩවසම් ක‍්‍රමයකි. තමන්ට අයිති වහලෙකුට මැරෙන තුරු පහර දීම රුසියාවේ කුලීනයන්ගේ “අයිතිවාසිකමක්” විය. |
|
|
|
|
රුසියානු නවකතාවේ වර්ධනයට සීඝ‍්‍ර හේතු දක්වමින් රෝසා ලක්සම්බර්ග් මෙසේ කියයි.
‘බටහිරින් නැගී ආ ආලෝක කදම්බයන්ගේ සෙවන යට (නූපන් සාහිත්‍යය) වසන්ව තිබුණේය. එකී සංස්කෘතික බීජයන් අංකුර පිටකිරීමට නියම කාලය වනතෙක් පොලව යට සැගවී සිටියෝය. රුසියානු සාහිත්‍යය හදිසියේම පැනනැගී යුරෝපා සාහිත්‍යයේ අද්විතීය සාමාජිකයෙකුගේ තැන ගත්තේය. එහි නහරවල ඩාන්ටේ, රබෙලයිස්, ෂේක්ස්පියර්, බයිරන් ලෙසිං සහ ග’තගේ ලේ දිවීය. සිංහයකුගේ ජවයකින් පසුගිය සියවසක කලක් අහෝසිව තිබූ දේවල් ගොඩ නගාගෙන බටහිර සාහිත්‍ය පවුලේ පූර්ණ සාමාජිකයෙක් බවට රුසියානු සාහිත්‍යය පත් විය.
රුසියන් සාහිත්‍යයේ ඉතාම කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ පවතින සමාජ ක‍්‍රමයට විරුද්ධව සටන්කාමී රූපයකින් එය බිහිවීමය. දහනව වැනි සියවස පුරාම එහි කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ එයයි. එහි බුද්ධිමය අන්තර්ගතයේ පොහොසත්කම හා ගැඹුර සහ ඊටත් වඩා එහි නිර්මාණශීලිත්වය කලාත්මක රූපයන්ගේ සර්වසම්පූර්ණ බව හා ජීවාත්මක සමාජ බලවේගයක් වශයෙන් එය සර්ව සම්පූර්ණය.
 |
|
|
Somachandra Wijesuriya | සෝමචන්ද්‍ර විජේසූරිය |
|
Updated on : 2010-03-25 01:07:52 | [Tags] Swasana by Thilak Jayarathna, Fast Publishing Limited |
|
|
|
|
| අවජාතක තාරුණ්‍යය බත්තලංගුණ්ඩුව ට පලා යෑම |
| |
 |
  |
බත්තලංගුණ්ඩුව කියන්නේ මංජුල වෙඩිවර්ධනගේ අලූත්ම නව කතාව. මේ අපේ වෑයම බත්තලංගුණ්ඩුව යනු නවකතාවක් වේ යන මූලික උපකල්පනයේ සිට එහි හැඩ රුව හදුනා ගැනීම වෙනුවට කෘතිය හරහා ලේඛකයාව හදුනා ගැනීමටයි. එවැනි පශ්චාත් පිවිසුමකින් පමණයි කතුවරයාව කෘතියක් කරා උත්තේජනය කරන ප්‍රතිපක්ෂ සමාජීය අත්දැකීම් හා විසංවාදී දේශපාලනයන්හි පසුතලය හැදෑරීමට පුලූවන් වන්නේ. කිසියම් නිර්මාණ කරුවෙක් තම නිර්මාණකරණය මගින් ප්‍රක්ෂේපණය කරන්නේ සමාජීය වශයෙන් ඔහු අත්විඳි සියලූ ප්‍රතිවිරෝධ හමුවේ ගැලවීමට දරන අවිඥානික උවමනාවයි. කෘතිය හරහා කෙරෙන දේශපාලනික සමාජ කියවීම තේරුම් ගැනීම යනු කතුවරයාගේ පුද්ගල බද්ධ ප්‍රතිපක්ෂ අත්දැකීම් වල සමාජීය ප්‍රක්ෂේපණය හරහා පර්යාය ලෙස සමාජ අර්බුදය අන්තර් විනිවිද යෑමයි. කෘතියේ යටිපෙළ හැදෑරූම යනු මෙම සාහිත්‍යමය භාවිතාවේ දේශපාලනික ගැටලූව නිරවුල් කර ගැනීමයි. බත්තලංගුණ්ඩුව වෙනුවෙන් කරන මේ යටිපෙළ හැදෑරීම අනිවාර්ය කාරණාවක් වන්නේත් සමස්ත සාහිත්‍ය භාවිතාවත්- |
|
|
|
|
-සෙසු අවශේෂ කාරණා මෙන්ම දූපත් සීමාවෙන් එහාට නොයෑමෙන් ඔද්දල්වූ දේශයක කෘතිය කියවන ප්‍රේක්ෂකයා බත්තලංගුණ්ඩුව යනු මඩොල්දූව වැනි දූපතක් බවත් එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිතය කෘතිය තුළින් අපූර්ව ලෙස විග්‍රහ කර ඇති බවත් යන වින්දනීය වැරදි උපකල්පන ඔස්සේ බත්තලංගුණ්ඩුව පිළිබඳ කතිකාව අවසන් කිරීමට ඇති ආන්තරාව ඉතාමත් වැඩි බැවිනි.
සමාජය භෞතිකව වෙනස් කරන්න නම් ලිවීම තුළින් සමාජය නැවත කියවිය යුතුය යන්නයි ඩෙරීඩාගේ සමාජ ව්‍යාපාරය. මංජුල ‘බත්තලංගුණ්ඩුවෙන්’ කරන්නේ තමාට ගෝචර වන සමාජ ආනුභූතීන් අපයෝජනය කොට : (Deconstruct) කලාත්මක ප්‍රතිරූපයන් (Artistic Images) ලෙස ප්‍රතිනිර්මාණය (Reconstuct) කිරීමයි. එහිදී ඔහු නිර්මාණය ඔස්සේ පෙරළා චිමසනු ලබන ප්‍රශ්ණ හා උපදවනු ලබන උභතෝකෝටික හරහා පාඨක පරිකල්පණයට ආමණ්ත්‍රණය කරනවා. නිශ්චිත අවසානයක් නැති කෘතියක් පාඨකයාට පිළිගන්වමින් රෝලන්ඩ් බාර්ත් මෙන් පාඨකයා සාහිත්‍ය පාරිභෝජකයෙකු නොකර නිර්මාපකයෙකු ලෙස උත්කර්ෂයට නංවනවා.
බත්තලංගුණ්ඩුව කියන්නේ ලංකාව වගේම දූපතක් (භූගෝලීය සාධක අනුව විතරක් නෙමේ සෑම ප්‍රවේශයකින්ම ලංකාව දූපතක්.) කතානායකයා -ඇන්ටනි- මංජුල මේ ලොකු දූපතේ සිට කුඩා දූපතකට (පලා) යනවා. ආරම්භයේදීම (ජැටියෙදීම) ‘බත්තලංගුණ්ඩුවේ’ යටි පෙළ ගොඩනගන මානය අභිමුඛ වෙනවා.
 |
|
|
|
රාවය [23-12-2007, 30-12-2007, 06-01-2008] |
|
|
Indika Udugampola | ඉන්දික උඩුගම්පොල |
|
Updated on : 2010-03-03 22:52:44 | [Tags] Manjula Wediwardena, Baththalangunduwa, Sri Lankan Nevels, Sri Lankan Fictions |
|
|
|
|
| වෙඩි වැදුනු පන්හිඳකින් කවි ගැලීමේ අසිරිය! |
| |
 |
  |
නිකම්ම නිකම් වතුර ටිකක් ආලේප කර වර්ණවත් සිතුවමක් මවා පෙන්වීමේ හැකියාව අප කුඩා කල තිළිණ ලද “මැජික් කලරින්” පොත් වල තිබුණි. ළමා කාලය සිහි කෙරෙන මේ විජ්ජාව සිය දහස් ගුණයකින් ගුණ වී කවි පොත් වල පිටු අතර සැඟවී තිබේ. ඒ එසේ නමුත් වැඩිහිටියෝ ළමා ක්‍රීඩා නොකරති. දුරස්ථ පාලකයේ බොත්තම් එබීම, පොතක පිටුවල වතුර ගෑමට වඩා පහසු මෙන්ම ක්ෂණික ප්‍රතිඵලද ලබා දෙයි. රස දන්නා ඇඹලයෝ නම් කෙසේ හෝ පැණි බඳුනම සොයා යති.
ශක්තික, “කතු දෝතින් ...” යැයි පුංචි සටහනක් තබා අතට දුන් “වෙඩි වැදුණ පන්හිඳ” බූන්දි පොත් ගොන්නෙන් මා කියවූ පළමු පොත, කවියක මා අගය කරන මේ විශ්ව කර්ම ගුණය නො අඩුව සිහිපත් කරලීය. කවියක මා දකින මේ රසය මීටත් වඩා අපූර්වත්වයක් වන්නේ අප එකිනෙකාගේ අනන්‍යතාවන්ට අනුකූල වන්නාවූ වර්ණයන්ගෙන් මේ චිත්‍රය වර්ණවත් කර ගැනීමට කවියා තබන්නාවූ ඉඩකඩෙනි. ඒ ඉඩකඩ කියවන්නාගේ සන්තානයට සොඳුරු වන්නාවූ වර්ණ සංයෝජනයක් තෝරා ගන්නට ඉඩදෙන නමුදු, කවියේත් කවියාගේත් අරමුණට බාදාවක් නොවිය යුතුය. |
|
|
|
|
ශක්තික ගේ කවි පොතේ තිස් හත් වන කවිය ‘භක්තිය’ නම් වෙයි.
“අනන්තයෙ සිට
හමා ආ
චණ්ඩ සුළං රැලි
ගම අයිනේ
දෙවියන් වැඩ විසූ
සුවිසල් නුග ගස
බිමට පෙරළා
යන්නට ගියේ
කිසිත් සිදු නොකළ
අයුරකිනි
පව්කාර
සුළඟ සමග
සටන් වැද
පොළව සිඹ
නැවත නැගී සිටි
තුත්තිරි ගස
පාගාගත්
ගැහැණියක්
නුග ගස දෙස බලා
ශෝක වූවාය.”
වෙඩි වැදුන පන්හිඳකින් ඇඳෙන මේ වෙඩිල්ල, කාලීන සිදුවීම් හා සසැඳි කල, “සැබැවින්ම මේ පන්හිඳට වෙඩි වැදුණ කාලකණ්නි යුගයකි. සැබෑ සමාජ යථාර්ථය ඔබට - මට පෙනෙන්නේ ඒ නිසා විය හැකියි” යනුවෙන් කතු සටහනේ ශක්තික සටහන් කරන්නාවූ සත්‍යයය උපුටා පෙන්වන සාධකයකියි සිතමි.
 |
|
|
|
2010 පෙබරවාරි මස 21 වැනිදා |
|
|
Ransirimal Fernando | රන්සිරිමල් ප්‍රනාන්දු |
|
Updated on : 2010-02-23 00:14:10 |
|
|
|
|
| කවිය කම්බස්- අද්‍යතන සිංහල දේශපාලනික කවියේ, සාධනීය මුද්‍රාව සලකුණු කරයිද? |
| |
 |
|
|
''කලාව හා සාහිත්‍ය එකම සෙක්කුවක් වටේ කැරකෙමින් තිඛෙන විටෙක, එය නව මඟකට, නව මානයකට යොමු කිරීම අත්‍යවශය කර්තව්‍යයකි. එහිදී ''දේශපාලනික කවි'' බිහිවීම අවධියේ අවශ්‍යතාවකට අනුරූපව සිදුවන්නක් ලෙස මම දකිමි. ''අපේ කාලයේ මිනිසාගේ ඉරණම දේශපාලන භාෂාවෙන් ලියැවෙනු ඇතැයි'' තෝමස් මාන් (Thomas Mann) නමැති නවකතාකරු සඳහන් කරයි...''
(පරි: නිලාර්.එන්.කාසිම් - අසල්වැසියාගේ සාහිත්‍යය)
ප්‍රවීණ දෙමළ කිවි ''උ. චේරන්'' විසින් තබන ලද යට සඳහන් උපුටනය අප සිහියට ආවේ, ශ්‍රී ලාංකීය දෙමළ කවිය අත්පත් කරගෙන ඇතැ'යි චේරන් විසින් හඟින, එකී නව්‍ය දේශපාලනික මානයන් හා විපරීතභාවයන් සමතික්‍රමණය කිරීම පිණිස අද්‍යතන සිංහල කවිය කෙතෙක් දුරට සමත් වී ඇත්ද යන්න පිළිබඳ බරපතල විග්‍රහයකට බඟන් කළ යුතු යුගයෙක මේ වන විට අප සිටිති'යි තරයේ හඟින හෙයිනි. එවන් ශාස්ත්‍රීය වෑයමක් සඳහා මහේෂ් කුමාර විසින් රචිත ''කවිය කම්බස්'' කෘතිය වුවමනා වේදිකාවක් සපයනු ඇති අතර, විවේක බුද්ධිය මෙහෙයවා කෙරෙන්නා වූ එවන් සියුම් හා තුලනාත්මක කතිකාවක් පිළිබඳ වගකීම ප්‍රවීණයින්ටම පවරා, අප විසින් තැඛෙන්නා වූ මෙම සටහන ''කවිය කම්බස්'' කෘතිය ප්‍රමුඛ අද්‍යතන සිංහල කවිය, අපේ කාලයේ මිනිසාගේ ඉරණම දේශපාලනික භාෂාවෙන් ලිවීමට කොතරම් දුරට සමත්වී ඇත්දැ'යි සරලව විමසනු වස් ය.
සිංහල කවිය පිළිබඳ කෙරෙන නොගැඹුරු නිරීක්ෂණයක් තුළදී පවා සුවිශද වන්නා වූ ඛේදනීය යථාර්ථයක් ලෙස හැෙඟන්නේ, චේරන් විසින් අදහස් කරනු ලැබුවා සේ, අවධියේ අවශ්‍යතාවන්ට අනුරූපව මහපොළොව මත ක්‍රියාත්මක සුවිශේෂී දේශපාලනික භාවිතයන් හා යථාර්ථයන් පිළිබඳ, වෙසෙසින් කවිය සතු විය යුතු සුවිශේෂී සාධකයන්, භාවිතයන් හා අනන්‍යතාවන්ගෙන් විතැන් නොවී, මහ පොළොවේ පය තබා ලියැවුණු සිංහල දේශපාලනික කාව්‍ය (ශ්‍රීලාංකීය දෙමළ කවියට සාපේක්ෂ ලෙස) ඉතා දුලභ වීමයි. වෙසෙසින් රත්න ශ්‍රී විඡේසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, ධර්මසිරි රාජපක්ෂ වැනි ප්‍රවීණ කවියන්ගේ නිර්මාණයන් හා මංජුල වෙඩිවර්ධන වැනි තරුණ කවීන්ගේ නිර්මාණයන් ශ්‍රීලාංකීය දේශපාලනික මානයන් යෙහෙන් අවශෝෂණය කරගත් පටිසෝතගාමී නිර්මාණයන් ලෙස එකී ඛේදනීය යථාර්ථය තුළ වඩාලාත් කැපී පෙනෙන්නේ එකී සුවිශේෂී යථාර්ථය හේතුවෙනි.
 |
|
|
Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර |
|
Updated on : 2010-02-16 21:13:27 | [Tags] Solaikili, Tamil Poets, Naga Maru Ala by K. K. Saman Kumara (Sarpaya), Kaviya Kambas by Mahesh Kumara, Nilar N Kasim, Sahodara Piyapath, Mahagama Sekara, Heta Irak Payayi |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |