1

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
හින්දු සමුළුවට දෙවරක් ජයවේවා!
 
එස් සිවනායගම් කතුවැකි | 1982 අප්‍රේල් 10
 
   චෙල්ලයියා රාජදුරෙයි මහතා කිළිටි වූ දේශපාලන ප්‍රතිරූපයක් ඇත්තෙකි. කවුරුත් පාහේ දන්නා කාරණයක් ගැන ආචාරශීලි වීමේ හෝ එය සඟවා ලීමේ හෝ අවශ්‍යතාවක් පැන නොනගී. ඔහුගේ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ජගත් හින්දු සමලූව, ඔහුගේ ප්‍රසන්න වාග්චාතූර්යය ප්‍රසිද්ධියේ විදහා දැක්වීමටත්, අත්පොලසන් ලැබීමටත්, මල්මාලා පළඳවා ගැනීමටත්, ඡායාරූප ගත කරනු ලැබීමටත්,-
 
-හිටිඅඩියේ ප්‍රසිද්ධියට පත් වීමටත් ඔහුට මහඟු අවස්ථාවක් උදා කර දෙයි. මේ නම් අපේ සෑම ආදරණීය දේශපාලකයෙකුම පාහේ මහත් සේ ප්‍රිය කරන ඉඩ ප්‍රස්ථාවකි.

එහෙත් රාජදුරෙයි මහතා හා බැඳුනු දේශපාලන වශයෙන් වෙනතක ඈඳීම පසෙක ලූ කළ, අප හමුවේ ඇත්තේ නිසැකයෙන්ම පුරෝගාමී මෙන්ම දුර්ලභද වූ සිදුවීමකි. සැටඩේ රිවීව් පුවත්පත මේ කටයුත්තටත්, ඒ සඳහා මෙරටට පැමිණෙන ජාත්‍යන්තර නියෝජිතයන්ටත්, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සහභාගීත්වයටත්, සමළුව සාර්ථක කර ගැනීම සඳහා රාජදුරෙයි මහතා හා ඔහුගේ අමාත්‍යාංශය දැරූ වීරියටත් ස්වකීය ආචාරය පුද කරයි. ජනප්‍රිය දෙමළ නායකත්වය දමිළ කලා නිර්මාණ පිළිබඳව කිසිදු සංවේදිතාවක් නොදක්වන රටක, මුල්ම වතාවට මුල් පෙලේ ඉංදීය සංගීත හා නර්තන ශිල්පීන් ගණනාවක් ද පැමිණෙතැයි දන්වා තිබීමද අතිරේක ආශීර්වාදයකි.

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:30:52 | [Tags] Yamuna Bandara, Subramaniyam Sivanayagam, The Pen and The Gun, Editor of Saturday Review
(0)ප්‍රතිචාර|Comments
 
දැන් බැරි නම් කවදාවත්ම බෑ!
 
 
එස් සිවනායගම් කතුවැකි | 1982 අප්‍රේල් 10
 
වසර දෙක හමාරකට ඉහත දී දේශපාලකයෙකු නොවන අයෙක් ප්‍රසිද්ධියේ මෙසේ ප්‍රකාශ කළේය. ''සිංහල සහ දෙමළ ජාතිකවාද මුල් බැසගෙන ඇති බව පිළිගන්නට අපට සිදු වී තිබේ. මේ ජාතීන් දෙක මතු යම් දවසක එක් වීම අසීරුය....'' තවදුරටත් හේ මෙසේ පැවැසීය.

''වර්තමානයේ ජනාධිපතිවරයා වෙර දරන ආකාරයේ විසඳුම් ඉදිරියෙදීත් ඇති වන්නට පුළුවන. එහෙත් ඒවා සාර්ථක වනු ඇත්තේ කොන්දේසි තුනක් සපුරන්නේ නම් පමණි.

පළමුව, ස්වෛරී ඊළම් රාජ්‍යයක් පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම වෙනුවට හුවමාරු කර ගත හැකි ප්‍රත්‍යක‍ෂ හා හරවත් යමක් දමිළ දේශපාලන නායකත්වය විසින් ලබා ගත යුතුය.

දෙවනුව, ඒ විසඳුම දමිළ දේශපාලන නායකත්වය වෙත ඊළම් වරම ප්‍රදානය කළ දමිළ ජනතාවට පිළිගත හැකි බව ඔප්පු විය යුතුය. එය සතුටුදායක නොවෙතොත් වර්තමාන පාර්ලිමේන්තු නායකත්වය චණ්ඩ මාරුතයකින් පිස ලා කාරිය ඉටු කිරීමට සැදිපැහැදුනු දැඩි නාකයත්වයක් ඒ තැනට පත් කැරෙනු ඇත. මෙයින් සිදුවීමට ඉඩ ඇත්තේ සිංහල පලාත් හතේ දමිළයන් අත්හැර දමනු ලැබීමයි.

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:29:52 | [Tags] Yamuna Bandara, Subramaniyam Sivanayagam, The Pen and The Gun, Editor of Saturday Review
(0)ප්‍රතිචාර|Comments
 
තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්
 
 
1982 අප්‍රේල් 3

සැටඩේ රිවීව් මේ සතියේ දස වැනි කලාපයට එළැඹෙයි. මේ පුනරාවර්ජනයට තරම් කාලයක් නොවෙතැයි අයෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් කෙටි කලක් තුළදී අපෙන් සෑහෙන බලපෑමක් සිදු වී ඇතැයි පෙනී යන හෙයින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළිපත්තේ සිටියදී ඉකුත් සති නවයක මාධ්‍යවේදය දෙස ආපසු හැරී බැලීම සුදුසු බව අපේ හැඟීමයි. ඊට අමතරව ගත් කළ ඉඳ හිට හෝ තමන්ගේ හොරණෑව පිඹීම නුවණට හුරු පිළිවෙතකි. නැත්නම් ඒ මළකෑමට ඉඩ තිබේ.

නිර්නාමික, අපහාසාත්මක හා තර්ජනාත්මක ලියුම් නොලැබී යන පුවතක් වේ නම් එය තවදුරටත් පවත්වාගෙන යාමේ පලක් නැත. ඒ අතින් අපි වාසනාවත්න වීමු. පස් වැනි කලාපයෙන් අනතුරුව අපට එවන් ලියුම් සැලකිය යුතු සංඛ්‍යාවක් ලැබිණ. ඒවායින් තුනක්ම එකම තැනකින් ආ බව අපේ අත්අකුරු විශේෂඥයා කියා සිටියත් ඒ පිළිගැනීමට අපි එකඟ නොවීමු. එක් ලියුමක් එවා තිබුනේ හින්දු ත්‍රස්තවාදියෙකු විසිනි. තවත් නිර්නාමික ලිපියකින් කතුවරයාගේ ජන්මය පිළිබඳ සැක පහළ කොට තිබුණ. ඒ ගැන නැවත සිතා බලන විට කල්පනා වන්නේ එහි බස් වහර හා ලේඛන ශෛලිය අනුමත කළ හැකි මට්ටමේ පැවැති බවයි. එයින් ඔප්පු වන්නේ එකක් පමණි. අපේ රටේ බියසුළු බවේ, නුරුස්සනසුළු බවේ හා දුශ්චරිතයේ මට්ටමට ගැලපෙන අයුරින් සිය ප්‍රමිතිය පවත්වාගෙන යන්නට මහා රැජිනගේ ඉංග්‍රීසියත් සමත් වී ඇති බවයි.

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:28:52
(0)ප්‍රතිචාර|Comments
 
උඩ කරණම් බිම කරණම්
 
 
1982 මාර්තු 27

ඉතිහාසඥයන්ගේ, දේශපාලන වංශ කථාකරුවන්ගේ හා දේශපාලන විචාරකයන්ගේ ලිපි ලේඛන පසෙක ලා, නිදහසින් පසු ගත වු ඉකුත් තිස් වසර තුළ ලංකාවේ දේශපාලකයන් කළ කී දැ දෙස සාවධාන බැල්මක් හෙලුව හොත්, ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්වලින් හොඳම සර්කස්කරුවන්ද ලජ්ජාවට පත්වනු නියතය. ලංකාවේ දේශපාලනය විසින් විවිධාකාරයේ කොඳු නැති විෂ්ම පාන්නන්, ක්ෂණක වෙස් මාරු කරන්නන්, සිංහයින් හීලෑ කරන්නන්, කොටින් හිලෑ කරන්නන්, කඹේ ඇවිදින්නන් සහ ඉන්ද්‍රජාලිකයන් රටට දායක කොට තිබේ.

''පනහට පනහ'' නැතනම් සමතුලිත නියෝජනය පිළිබඳ ව්‍යාපාරයේ පිතෘවරයා ද, දමිළයන්ගේත්, සුළු ජාතීන්ගේත් ඔටුනු නොපළන් රාජයා ද වූ රාජ නීතිඥ ජී.ජී. පොන්නම්බලම්, ප්‍රේක්ෂකයා හුස්ම නොහෙලා බලා සිටියදී උඩු ගුවනේ බඩ පිණුමක් ගසන ඩී.ඇස්.සේනානායක ආණ්ඩුවේ කර්මාන්ත හා ධීවර අමාත්‍ය ධූරයට අතුරු ආන්තරවාකින් තොරව පාත් වූ සැටි සිතා බලන්න. ලාංකික විප්ලවයේ පිතෘවර පිලිප් ගුණවර්ධන කොයි තරම් වේගයෙන් වාමාවර්තව භ්‍රමණය වීද යත්, වැඩිකල් නොයවාම ඔහු දකුණේ නැවතුනු හැටි සිතා බලන්න.

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:27:09
(0)ප්‍රතිචාර|Comments
 
නායකත්වයේ ගැටළු
 
 
-1982 මාර්තු 13

මිනිසුන් අතරින් නායකයකු බිහි කර ගැනීම සදහා අවශ්‍ය ගුණාංග මොනවා ද? අසාමාන්‍ය ආත්ම විශවාසය එකක් විය හැකිය. නිමා නොවන ධෛර්ය සම්පන්න භාවය තවෙකක් විය හැකිය. නොවරදින වින්ශ්චය තුන්වැනි ගුණාංගයක් විය හැකිය. මීට අමතර තවත් ගුණාංගයෝ වෙති. තම අනුගාමිකයන් තුළ, අනුප්‍රාණය ඉපැදවීමේ හැකියාව, ඇතැම් අවස්ථා වලදී බිය වැද්දීමේ මුහුටි කම, පුද්ගල පෞරුෂය, ස්වකීය මෙහෙවර පිළිබද තිර අවබෝධය, ඒකායන එල්ලය නොසැලෙන අරමුණ......
මේ සැමට වඩා ඓතිහාසික අවබෝධය.

ඉදිරි මාස කීපය තුළදී මේ රටේ නායකයන් අබිමුවට එන්නේ නිදහසේ පටන් මේ වන තුරා ඉදිරිපත් කැරුනු දැවැන්තම අභියෝගයකි. මේ දේශයේ අනාගත ගමන් මගත් එහි හැඩරුවත් තීිරණය වනු ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය මගිනි. සැබෑ අභියෝගය තිබෙන්නේ මාධ්‍යයට හෝ දකුණට හෝ අද එහි සිදුවන දෑ කල්තියා කිය හැකිය. රටේ අනාගතයේ යතුර ඇත්තේ උතුර අතය. දෙමළ නායකයාගේ භූමිකාවට පණ පොවා සිටින අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් වෙත දැන් ආලෝක ධාරාව එල්ල වී තිබේ. අප එසේ කියන්නේ ඇයි?

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:22:41
(0)ප්‍රතිචාර|Comments
 
මේ ගල් ගැසීම නවතනු!
 
 
-1982 මාර්තු 06

දේශප්‍රේමය තක්කඩියාගේ අන්තිම රැකවරණයැයි ආචාර්ය සැමුවෙල් ජොන්සන් වරක් කීය. යාපනයේ දැන් පවත්නා අවුල් සහගත ප්‍රවණතාවකින් ඇඟැවෙන්නේ හින්දු ධර්මය ඇතැම් හොර අලින්ගේ අන්තිම සරණ විය හැකි බවයි.

හින්දු ධර්මය ලොව පැරැණිම ආගම් වලින් එකකි. බොහෝ විට එය ලොව පැරැණිම ඇදැහිල්ල වන්නට ඉඩ තිබේ. මුලධර්ම අතින් එය සාරගර්භ වන අතර, ආකල්ප අතින් සියල්ල එක් කොට ගන්නකි. මේ ආගම තුළ සෑම ආගමකටම පාහේ ඉඩකඩ තිබේ. නැත, එය ඒ සැම වැළැඳ ගනී- යැයි මැක්ස් මුලර් කීයේය.

හින්දු ධර්මය මහා පරිනාමික ක්‍රියා ද්‍රමයක් විනා පටු ඇදැහිල්ලක් නොවේ යයි ගාන්ධි කීය. ඉන්දියාවේදීA එය සියවස් ගණනක මෝගල් ප්‍රහාර හා බි්‍රතාන්‍ය පාලනයට ඔරොත්තු දී සිටි අතර, ලංකාවේදී පෘතුගීසී මර්දනය මෙන්ම ලන්දේසි හා ඉංග්‍රීසි පාලනය හමුවේ බිඳ වැටුනේ ද නැත. ආක්‍රමණශීලී හා කඨෝර ශ්‍රී ලාංකික පන්නයේ බුද්ධාගම හමුෙවි එය ඇදවැටෙනා සෙයක් දක්වාද නැත. එය කිසිදු ආදි කර්තෘ වරයකු නැති සුවිශේෂ ආගමකි.

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:19:16
(0)ප්‍රතිචාර|Comments
 
තවත් ත්‍රස්තවාදීන් බිහි කරන්නේ ඇයි?
 
 
-1982 පෙබරවාරි 20

වසර දෙක හමාරකට වැඩි කලකට පළමු 1979 ජූලි 14 වැනිදා ජනාධිපති ජයවර්ධන විසින් එවක යුද හමුදා ප්‍රධානී තිස්ස වීරතුංග වෙත විශේෂ ආඥාවක් නිකුත් කරන ලදී. එහි සදහන් වුයේ මෙසේයි.

''රටේ පවත්නා නීතිය අනුව ත්‍රස්තවාදයේ තර්ජනය, මෙරටින්, විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් තුරන් කරලීම ඔබේ වගකීම වන්නේය. රාජ්‍යයේ සකල සම්පත් ඔබේ සිතැඟි පරිදි යොදා ගැනීමට පවරා දෙන්නෙමි. මේ රාජකාරිය ඉටු කර 1979 දෙසැම්බර් 31 දාට පළමු හමාර කර ලිය යුතු වන්නේය.''

ඉහත කී පරිද්දෙන්ම ඒ වසර දෙක හමාරකට ඉහත දීයි. මෑතදා 1982 පෙබරවාරි මාසේ 14 වැනිදා ''ජාතික'' පුවත් පතක මුල් පිටේ පළවූ සිරස්තලයක් වූයේ තක්සේරු කළ පමණට වැඩි ත්‍රස්තවාදීන් පිරිසක් යාපනයේ යන්නයි. ඒ වාර්තාෙවි මෙසේද වී- ''උතුරේ ත්‍රස්ත වාදී ව්‍යාපාරය කළින් ගණන් බලනු ලැබු සංඛා්‍යාවට වඩා විශාල බවට සාක්ෂි පොලිසිය විසින් හෙළි කොට ගෙන තිබේ.''

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:17:46
(0)ප්‍රතිචාර|Comments
 
අත්හැර දමනු ලැබූ කල්හි
 
 
-1982 පෙබරවාරි 6

කොළඹ පළ කැරෙන ඉරිදා පුවත් පතක විමතිය දනවන පුවතක් විය.

මහනුවර සහ ගාල්ල යන නගර වලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු සැලසෙමින් පවතී. මේ පියවර ගනු ලබන්නේ දුර බැහැර පළාත් වල සිට කොළඹට පැමිණෙන පොදු මහජනතාවට සිදුවන අපහසුතාව අවම කරනු වස් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම විමධ්‍යගත කිරීමට රජය ඉකුත් සතියේ ගත් තීන්දුවෙන් අනතුරුවයි.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට බටහිර ආසියාවේ රැකියා ප්‍රස්ථා සලසා දෙන ලෙස ජනාධිපතිවරයා කම්කරු ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඔවුන්ගේ ගමන් කරදාසි කරදර රහිතව ලබා දීම කෙරේ රජයේ අවධානය යොමුව පවතී.

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:14:46
(0)ප්‍රතිචාර|Comments
 
The Pen and The Gun | හැඳින්වීම
 
   සුබ්‍රමනියම් සිවනායගම් විසින් රචිත මේි කතුවැකි මුල් වරට පල වුයේ ඉංග්‍රීසියෙන් යාපනයේ සතිපතා මුද්‍රිත සැටඩේ රිවිව් (Saturday Review) පුවත්පතේය. ඒ ජේ.ආර්.ජයවර්ධන කාලයේ මර්දනය විසින් 1983දී එම පුවත්පත තහනම් කරන ලදුව කතුවරයා දේශපාලන සරණාගතයකු ලෙස ඉන්දියාවට පළා යාමට පෙරාතුවය. ඡේ.ආර් පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාව අත්විඳි පීඩාවත් එයින් උපන් දෙමළ විමුක්ති කාමයේ දේශපාලන දිශානතියත් දකුණ දිසාවේ මාධ්‍යවේදීන් වූ අපට පහදා දුන්නේ එම පුවත්පතයි. තහනමින් පසුව එස්.සිවනායගම් ලංකාව හැර ගියත් දමිළ ජාතික ගැටලුව නන් අයුරින් ලෝකයා හමුවේ විදහා දැක්වීමට ඔහු ටැමිල් නේෂන්, ටැමින් ටයිම්ස්, ටැමිල් වොයිස් ඉන්ටර් නැෂනල් හා හොට් ස්ප්‍රිං යන සඟරා මදුරාසියෙන්ද, ලන්ඩනයෙන්ද එළි දැක්වුයේ දහසක් ගැහැට මැදය.

ජාතික ආරක්ෂක පණත යටතේ වසරක කාලයක් ඉන්දියාවේ සිරබත් කෑම එයින් එකක් පමණි. දේශපාලන සරණාගතයකු ලෙස මහාද්වීප කීපයකම වසරින් වසර දිවි ගෙවන්නට සිදුවූ මේ කතු විරුවාට දේශපාලන රැකවරණ ලැබුණේ නිජබිමින් පිටුවහල් වී දශකයකටත් වැඩි කාලයකට පසුවය. සැටඩේ රිවිව් කතු කම දරන්නට යාපනයට යන්නට කලින් සිවනායගම් කොළඹින් පළ කළ සිලෝන් ඩේලි නිව්ස් හා සිලෝන් ඩේලි මිරර් යන ඉංග්‍රීසි පුවත්පත් දෙකේම කර්තෘ මාණ්ඩලිකයකු විය. දැන් ප්‍රංශයේ ජීවත්වන එස් සිවනායගම් සියවස් කාලකට ඉහතදී ලියු මේ කතුවැකි වල එන දෙමළාට දෙමළ වීම නිසාම මුහුණ පාන්නට වී ඇති ගැටලු අදවත් විසැඳි ඇති දැයි කියවාම බලන්න.

සිංහලට නැගුවේ- යමුනා බණ්ඩාර
 

 
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
Updated on : 2010-06-04 02:09:17 | [Tags] Yamuna Bandara, Subramaniyam Sivanayagam, The Pen and The Gun, Editor of Saturday Review
(0)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • හින්දු සමුළුවට දෙවරක් ජයවේවා! | එස් සිවනායගම්
 • දැන් බැරි නම් කවදාවත්ම බෑ! | එස් සිවනායගම්
 • තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් | එස් සිවනායගම්
 • උඩ කරණම් බිම කරණම් | එස් සිවනායගම්
 • නායකත්වයේ ගැටළු | එස් සිවනායගම්
 • මේ ගල් ගැසීම නවතනු! | එස් සිවනායගම්
 • තවත් ත්‍රස්තවාදීන් බිහි කරන්නේ ඇයි? | එස් සිවනායගම්
 • අත්හැර දමනු ලැබූ කල්හි | එස් සිවනායගම්
 • The Pen and The Gun | හැඳින්වීම | එස් සිවනායගම්
 
 
  තවත් වියමන්