|
|
|
|
|
කට දිග ඇරලා කියන්න! |
|
|
|
|
| |
|
|
| Still I Rise| එහෙත් මම නැගිටිමි. |
| |
 |
|
|
ඔබ ඔබේ තිත්ත වංචනික
මුසාවලින්
ඉතිහාසය තුළ
මා පහත හෙළනු ඇත..
කසළ ගොඩක දමා පාගනු ඇත
එහෙත් මම නැගිටිමි...
දුහුවිලි සේ නැගෙන්නෙමි..
ඇයි ඔබ දොම්නසින් පීඩිතව?
මගේ උතුරා යන ජීවය
ඔබ ව පෙළනවා ද?
“මන්ද යත්, මා ඇවිද යන්නේ
මගේ විසිත්ත කාමරයෙන්
තෙල් ළිං උල්පත්
මතු වුණාක් මෙන් නිසා...”
සූර්යයන් සේම
චන්ද්‍රයන් සේම
නොවැරදී ඍතු පහළ වන්නා සේම
ප්‍රාර්ථනා ඉහළට එසවෙන්නා සේම
මම නැගිටිමි..
ඔබට මා දකින්නට අවැසි කෙසේද?
නැමුණු හිසින්, බිමට බරවූ දෑසින්
ආත්මීය විළාපයෙන් මැඩුණු
කඳුළු සේ කඩා හැළුණු උරහිස් වලින්
කැඩී බිඳී ගිය අයෙකු ලෙසින්ද?
මගේ සාඩම්බරය
ඔබ රිදවනවාද?
ඔව්, එය ඔබට තදින් දැනවා නොවේද?
“මන්ද යත්, මා සිනාසෙන්නේ
ගෙමිදුලෙන් රන් ආකර
හමු වූවාක් මෙන් නිසා...”
ඔබ ඔබේ වදන් වලින්
මට වෙඩි තබනු ඇත..
තියුණු දෑසින්
මා කපා දමනු ඇත..
වෛරයෙන්
මා මරා දමනු ඇත...
එහෙත් මම
සුළඟ සේ නැගෙමි....
මගේ ආකර්ශනය
ඔබට හිරිහැරයක් ද?
දෙපා හමුවණ තැන
දියමන්ති ඇත්තාක් මෙන්
මා රඟන විට
ඔබට විස්මපත් වන්නට සිදුවී ඇත්ද?
නින්දිත ඉතිහාසයේ
ගරා වැටුණු මඩුවෙන්
මම නැගෙන්නෙමි...
වේදනාවේ මුල් ඇදුණු
අතීතයෙන්
නැගෙන්නෙමි...
රළ නගන්නා වූ ද
ඉමහත් වූ ද
කළු මුහුදක් වෙමි...
ගලමින් හා විසල් වෙමින්
රළ පහර දරා සිටිමි...
ත්‍රාසයේ හා භීතියේ
රාත්‍රීන් පසුකොට
නැගිටිමි...
මුතුන් මිත්තන්ගෙන් ලද
දායාද රැගෙන
සුපැහැදිළි වූ ත්
චමත්කාරජනක වූත්
හිමිදිරියකට
සුපසන්ව නැගිටිමි...
වහල්බව ට
සිහිනයද බලාපොරොත්තුවද
වන්නෙමි....
මම නැගෙමි...
මම නැගෙමි...
මම නැගිටිමි!
-මායා ඇන්ජලෝ
ආචාර්ය මායා ඇන්ජලෝ යනු අද්‍යතන සාහිත්‍ය ලෝකයෙන් ඉමහත් හරසර ලද හා එයට බලපෑම් කළ හඬකි. විශ්වීය සහ විප්ලවීය කතක් ලෙස ගොඩ නැගුණ ඇය කිවිඳියකි, නවකතාකාරියකි, අධ්‍යාපනවේදිනියකි, නාට්‍යවේදිනියකි, නිළියකි, ඉතිහාසඥවරියකි, චිත්‍රපට තනන්නියකි, සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියකි.1928 දී ඇමරිකාවේ මිසූරි හි කළු ඇමරිකානුවෙකු ලෙස උපත ලද ඇය ජාති භේදයෙන් දැඩි ලෙස පීඩා වින්ද ද කිසිදු විටෙක සිය අප්‍රිකානු -ඇමරිකානු සංස්කෘතියෙන් ලද විශ්වාසය හා වටිනාකම් අහිමි කර නොගත්තාය. සිය ජිවිත කතාව ලියවෙන I Know Why the Caged Bird Sings හි සඳහන් වන පරිදි වයස අවුරුදු අටේදී මවගේ පෙම්වතා අතින් ලිංගික අපයෝජනයට ලක්වන මායා එම සිද්ධි දාමයේ ප්‍රතිඵලයක් ලෙස පුරා වසර පහක් වචන පිට කර ගත නොහැකිව ගොළු දැරියක වූවාය. පසු කලෙක හමුවන ගුරුවරියක විසින් නැවත කතා කිරීමට උනන්දු කරවනු ලැබ, සාහිත්‍ය ලොව සොයා ගන්නා ඇය ශේක්ස්පියර්, එඩ්ගාර් ඇලන් පෝ, චාල්ස් ඩිකන්ස් වැන්නවුන්ගේ පොත් පරිහරණය කරමින් සිය සාහිත මං පෙත් හෙළි පෙහෙළි කර ගත්තාය.
විවිධ කෙෂ්‍ත්‍ර වලින් සිය අධ්‍යාපනය ලබමින් විවිධ වෘත්තීන්හි නියැලෙමින් , මාටින් ලූතර් කිං සමග පවා වැඩ කරමින් ඇය පන්නරය ලැබුවාය. Down in the Delta, 1998 චිත්‍රපටය තනමින්ඇමරිකාවෙන් බිහි වූ ප්‍රථම කළු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරිය වීමේ ගෞරවය ද ලද්දාය. ලින්කන් පදක්කම ද , ජනාධිපති සම්මාන ද ඇතුළු බොහෝ සම්මාන හිමි කර ගත් ඇය ට ලොව පුරා විශ්ව විද්‍යාල වලින් හිමිව ඇති ගෞරව උපාධි ගණන තිහකට අධිකය. කළු ජාතික කාන්තා කතුවරියන් නොසළකා හරින ලද යුගයක හා රටක උපන් ආචාර්ය ඇන්ජලෝ ලියූ I Know Why the Caged Bird Sings, I Shall Not Be Moved , Phenomenal Woman, A Song Flung Up to Heaven, All God's Children Need Traveling Shoes, Still I Rise, Letter To My Daughter වැනි නිර්මාණ ඇගේ අනතර්ජාතිකව පිළි ගැණුනු ග්‍රන්ථ කිහිපයක් පමණි.
පරිවර්තනය සහ සටහන- මාලතී 
|
|
|
|
|
Maya Angelou | මායා ඇන්ජලෝ |
පරිවර්තනය - Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස් |
|
Updated on : 2010-07-26 00:21:39 | [Tags] Still I Rise by Maya Angelou |
|
|
|
|
|
|
| Comments|ප්‍රතිචාර |
| |
|
|
[PP]
මෙහෙම කියනවා :
|
nicely translated!
compared with da original. excellent.. |
| කිවුව වෙලාව- 2010-07-28 03:09:51 |
| |
|
[ගිම්හාන.]
මෙහෙම කියනවා :
|
මේක අති විශිෂ්ට කවියක්. මාලතී ඉතා හොඳින් පරිවර්තනය කරල තියෙනවා. මම දැකපු හොඳම පරිවර්තන කවිය. මායා ඇන්ජලෝ.....ඔව් එහෙත් අපි නැගිටිමු.
මාලතී ගෙ පරිවර්තන කාර්යය ට මගෙන් සුබ පැතුම්.! මෙපමණ සාර්ථක ලෙසින් මෙය නිම කළා ට ඔබට ස්තූතියි.
ඇයි ඔබ දොම්නසින් පීඩිතව?
මගේ උතුරා යන ජීවය
ඔබ ව පෙළනවා ද?
“මන්ද යත්, මා ඇවිද යන්නේ
මගේ විසිත්ත කාමරයෙන්
තෙල් ළිං උල්පත්
මතු වුණාක් මෙන් නිසා...”
මගේ සාඩම්බරය
ඔබ රිදවනවාද?
ඔව්, එය ඔබට තදින් දැනවා නොවේද?
“මන්ද යත්, මා සිනාසෙන්නේ
ගෙමිදුලෙන් රන් ආකර
හමු වූවාක් මෙන් නිසා...”
කළු මුහුදක් වෙමි...
ගලමින් හා විසල් වෙමින්
රළ පහර දරා සිටිමි...
ත්‍රාසයේ හා භීතියේ
රාත්‍රීන් පසුකොට
නැගිටිමි...
විශිෂ්ට යි.!!!
|
| කිවුව වෙලාව- 2010-07-26 01:58:40 |
| |
| |
| 2 Comment(s)|ප්‍රතිචාර |
| |
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |
|
|
|
 |
| |
කවරයේ කතාව |
|
| |
|
|
| |
 |
|
| |
|
|
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ. |
|
|
|
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී |
|
|
|
සෙස්ස
අස්සට |
|
|
|
|
|
|
|
|
|
|
| |
|