1 2

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
ගෞතම බුදුන් සමග බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
 
 
කවියට නළුවට උපන් බර්ටොල්ට් බ්‍රෙෂ්ට්
එක් ඉරුදින සැඳෑවෙක
හිසට වද දුන්, එහෙත් සරල පැන ගොන්නක්
නිරවුන් මනසැ'ති ගෞතම බුදුන්ගෙන් විචාළේය.
සිදුහත් හිමි සඳුනි,
දුක කුමක්ද, ඉන් මිදෙන්නේ කෙසේද යනු ඔබ දනිති.
සියලු ආශාවන් ඔබ ජය ගත්හ.
එහෙයින් තවමත් ‍ලෝකාශාවන්ගෙන් වද විඳින
සැක මුසු පැන විමසන්නකු කෙරෙහි
සමාවනු මැනවි;
මිහිතලයේ දිළින්දෝ
අබිනික්මන සඳහා මාලිගා අහිමිව,

 
K. Satchidanandan | කේ. සචිදානන්දන්
පරිවර්තනය - S.G. Punchihewa | එස්.ජී. පුංචිහේවා
Updated on : 2010-08-10 04:09:04 | [Tags] Siddhārtha Gautama, Bertolt Brecht
(0)ප්‍රතිචාර|Comments
 
පීඩිතයාගේ සුසුම
 
 
ඔවුහූ මනුෂ්‍යත්වය
ඝාතනය කර දමා
එය දේශපාලනය යයි නම් කළහ.
පල් වෙච්ච මුද්‍රික ඵල
'වයින්' ලෙස හැඳින් වූහ.
මිනිසුන් තුළ වූ යහපත් වේශය
විනාශ කළහ..
එයයි, නියම දක්ෂතාවය!

මගේ හදවත, හැම විටම
මගේ ශක්තිය හා සහයෝගයම විය.
මේ ලොවේ පැවැත්මට
එයම නිරිඳුන් විය, මට.

 
Khalilullah Khalili | උස්තාද් කලි උල්ලාහ් කලීලි
පරිවර්තනය - Pushpa Ramlani | පුෂ්පා රම්ලනී
Updated on : 2010-08-05 23:52:06
(3)ප්‍රතිචාර|Comments
 
සුළඟ එක් කාන්තිමත් දවසක....
 
 
සුළඟ,
එක් කාන්තිමත් දවසක....
පිච්ච මල් සුවඳක් සමගින්
මගේ ආත්මයට කතා කෙරුවේය.
"මාගේ පිච්චමල් සුවඳ වෙනුවට
නුඹේ උයනේ රෝසමල් වල
සියළුම සුවඳට මම කැමැත්තෙමි."

"මා ළඟ රෝසමල් නොමැත;
මඋයනේ සියළුම මල්
පරවී ගොස්ය."

 
Antonio Machado | අන්තෝනියෝ මචාඩෝ
පරිවර්තනය - Muthu Paba | මුතු පබා
Updated on : 2010-08-02 02:59:59 | [Tags] The Wind, One Brilliant Day by Antonio Machado
(2)ප්‍රතිචාර|Comments
 
Still I Rise| එහෙත් මම නැගිටිමි.
 
 
ඔබ ඔබේ තිත්ත වංචනික
මුසාවලින්
ඉතිහාසය තුළ
මා පහත හෙළනු ඇත..
කසළ ගොඩක දමා පාගනු ඇත
එහෙත් මම නැගිටිමි...
දුහුවිලි සේ නැගෙන්නෙමි..

ඇයි ඔබ දොම්නසින් පීඩිතව?
මගේ උතුරා යන ජීවය
ඔබ ව පෙළනවා ද?
“මන්ද යත්, මා ඇවිද යන්නේ
මගේ විසිත්ත කාමරයෙන්
තෙල් ළිං උල්පත්
මතු වුණාක් මෙන් නිසා...”

 
Maya Angelou | මායා ඇන්ජලෝ
පරිවර්තනය - Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
Updated on : 2010-07-26 00:21:39 | [Tags] Still I Rise by Maya Angelou
(2)ප්‍රතිචාර|Comments
 
රණවිරු උපහාර
 
 
විදුලි පුවත ලදිමි
මෙහෙකරුවන් සමග දොඩමලුව
එළිමහනේ හිස පීරන විට...

''රජයේ සාතිශය කනගාටුව''
ඒ සමඟ දන්වා තිබිණි...
ක්‍රියාන්විතයේ දී
මිය ගිය මහිමි වෙනුවෙන් !

දින දෙකක් කිසිවක් නොදත්තෙමි
ඉනික්බිති අවදි වූයෙමි
දුක් වන අසල්වැසියකුගේ හඬකින්
යළි පියවි සිහිය ලදිමි...

 
Taoufik Rafath | තවුෆික් රෆාත්
පරිවර්තනය - Chandana Sirimalwatte | චන්දන සිරිමල්වත්ත
Updated on : 2010-06-18 01:57:56
(12)ප්‍රතිචාර|Comments
 
A Dream | සි හි න ය ක්
 
 
වරක් එක් සිහිනයක (මා ඔබව දුටු සිහිනයේ)
සිටියා සිටගෙන අප දෙදෙන
එළිමහන් තැන්නක‍

පරෙවි යුවළක් තටු සලා වේගෙන්
විනෝදෙන් ඉපිලෙමින්
දකින නෙත් නවතමින්
සැරුවා අපේ හිස්වලට ඉහළින්

අඳුර බෝ වෙත ඉහළ
කෙමෙන් පහතට ඇදෙන
සයින් සිටි උකුසෙකුත්
දිස් වුණා එහි සැණින්!

 
(ඉංග්‍රීසි ජාතික Chistina Rossetti (1830-1894) කිවිඳියගේ "A Dream" නමැති කවිය)
 
Chistina Rossetti | ක්‍රිස්ටිනා රොසෙටි
පරිවර්තනය - Lakshantha Athukorala | ලක්ශාන්ත අතුකෝරල
Updated on : 2010-06-08 03:20:10 | [Tags] Chistina Rossetti (1830-1894)
(1)ප්‍රතිචාර|Comments
 
චිදම්බරම් පිල්ලේගේ පිළිතුර
 
 
අපේ ම දේශයේදී
වහළුන් වන්නට නොහැකිය අපට
නිදා වැටෙමින්...
තවත් භීතියෙන් නොසැලෙමු

නිවට වූවොත්
මේ මිහිමඟල මත
අයුක්තිය තවත් වැඩෙනු ඇත
මවිබිමට අපි දිවිය කැපකරමු
සතුටින්....

සදහට ම මිය යා යුතුද අපි
තව තවත්
අපටම දුක කියමින්?

 
සුබ්‍රමනියා භාරතී කවියා විසින් රචිත 'චිදම්බරම් පිල්ලේගේ පිළිතුර' [Chidambaram Pillai's Reply] කවියේ පරිවර්තනකි.
 
Subramanya Bharathi | සුබ්‍රමනියා භාරතී
පරිවර්තනය - Chandana Sirimalwatte | චන්දන සිරිමල්වත්ත
Updated on : 2010-05-26 01:51:08 | [Tags] Chidambaram Pillai's Reply
(2)ප්‍රතිචාර|Comments
 
ස්ත්‍රී භාණ්ඩය
 
 
රිසි ද? ලබනුව ගැහැණියක්
ඔව්! ගැහැණියක්
තොග තිබේ ගැහැණුන් ගේ
විවිධ මාදිලි වලින්

සුදු අය උස අය
දණිස් දක්වා දිගැති කෙස් කළඹ
සිහින් ඉඟ, තිළිණ ලත් දේහය
මේද නැත - ලුණු නැත
සමෙහි ඉරි නැත
නාසයේ සහ දෙ කනේ
පිරිපුන් පිහිටුම
ප්‍රජනන පද්ධතිය ද එබඳුමය
විමසා දත හැකිය
ඔබ ගේ අතැඟිලි වලින් ම
නොමැති බව අන් සිදුරු
කන්‍යාවකි ඇය
තවමත් නොපලුදු
සුවඳ නොබැලුණු

 
අසල් වැසියන් ගේ කවි (2005)- දේ. වි. ගාල්ලගේ
(ස්වතන්ත්‍ර සහ පරිවර්තිත දකුණු ආසියානු කවි එකතුව)
 
Taslima Nasrin | තස්ලිමා නස්රින්
පරිවර්තනය - D. V. Gallage | දේ. වි. ගාල්ලගේ
Updated on : 2010-05-10 03:58:43 | [Tags] Bangladeshi author Taslima Nasrin
(1)ප්‍රතිචාර|Comments
 
ගල් ගයන ගීතය
 
 
අයිස් මෙන් සීතල භූගත
වසර සිය දහසක් නින්දෙන්
අවදි කරවනු ලැබ
ඩයිනමයිට් ප්‍රහාරයෙන්.....

ගල්වලේ කම්කරුවා හඬ තැලීය
ඔහුගේ රුහිරු දහදිය අපමත
මාවත්වල අතුරනු ලැබ
තලා දමනු ලැබ සමතලයට
කම්කරු දහදිය අප මතය

ඉන්පසු පැරණි නූතන
සෑම රථයක්ම දිවගිය
බරකරත්ත, පාපැදි හා නවීන මොටෝරිය
කම්කරු හදවත් අප මතය

දිනෙක ගොරබිරම් හඬෙන් අවදි විය
කම්කරු උද්ඝෝෂණයෙ කලබලය
ඔවුහු ගැයූහ තාල තබමින් දෙපා අප මත
අනතුරුව වෙඩිහඬ ඇසින
ගිනි හා සුන්බුන් වීසිවිය

වැඩ කරන මිනිසුන්ගෙ රුධිරය
අප විසින් උරාගනු ලැබිණ
ඔවුහු අප උගුලුවා ගත්හ
ඉන්පසු අප බැරිකේඩ් වීය
කම්කරුවන් අත අවියේ උණුසුම් චලනය ද
පුපුරු ගසනා කෝපය ද අපට දැනුනි

ඔවුන් වෙත හමා එන වෙඩිසර
අප විසින් වලක්වනු ලැබිණ
ජයග්‍රාහී ලෙස උදම් වීමු
ඉන්පසුව අපි.....
සොයුරන්ගෙ සොහොන් කොත් ලෙස!
 
(ජර්මන් ජාතික ERICH WEINERT ලියූ SONG OF THE PAVING STONES කවියේ පරිවර්තනයක්- උපුටා ගත්තේ ''සිතිජය'' සඟරාවේ 2001 මැයි කලාපයෙන්)
 
Updated on : 2010-05-03 04:43:35 | [Tags] ERICH WEINERT, SONG OF THE PAVING STONES
(1)ප්‍රතිචාර|Comments
 
මවකගේ විලාපය
 
 
ලෙයින් තෙත බරියම් වී
දූවිලි ගොඩේ පාරේ
නුඹ බිම වැටී සිටියි
මා නැමී මුව මඬලට
ඒ නුඹමදැයි බැලුවා
පුතේ ඒ නුඹ බවම දැනගෙන
මං හැපී ඇඬුවා
ගිනි අවිය මානාන
මූ උඹේ කවුරුදැයි ඇසූ විට
මගේ කුළුඳුල් පුතේ
නුඹ නාඳුනන බව කිවුවා

පුතු මළකුණට වත්
මගේ ‍යැයි කියන්නට වෙර නැති
අම්මා කෙනෙක් මම අද

 
පරිවර්තනය - Thusith Abeynayaka | තුසිත් අබේනායක
Updated on : 2010-04-29 02:07:55
(5)ප්‍රතිචාර|Comments
 
සිනාසෙනු! | Smile!
 
 
සිනාසෙනු මැන හදවත රිදුනද
සිනාසෙනු මැන හදවත බිඳුනද
අහස පුරාවට මේකුළු ඇති සඳ
නිසැකය ඔබ එය වටහා ගනු ඇත

බිය සැක අතරින් සිනාසුනොත් නුඹ
නුඹ වෙනුවෙන් හෙට හිරු දිලිසෙනු ඇත
සිනාසෙනු මැන - සිනාසෙනු මැන

සතුටු සිනාවෙන් ඔබෙ මුව සරසනු
සෝ දුක් සලකුණු සඟවා හිනැහෙනු
කඳුලක් ලං වෙනමුත් යම් මොහොතක
ඉසිඹුව එයමය දිරිමත් විය යුතු
සිනාසිය යුතු, හඬා කුමන පල?
දිවියෙහි වටිනාකම වැටහෙන්නේ
සිනාවකින් එය සැරසුවොතින්මය!
 
චාලි චැප්ලින්ගේ Modern Times චිත්‍රපටයේ තේමා ගීතයේ (Smile) පරිවර්තනයකි.
 
පරිවර්තනය - Muthu Paba | මුතු පබා
Updated on : 2010-04-16 03:14:36 | [Tags] Charlie Chaplin, Modern Times 1936
(1)ප්‍රතිචාර|Comments
 
වසන්තය
 
 
පිඹිනු මැන නලාව !
දැන් ඉතින්....
පී‍්‍රති විය යුතු කාලයයි !
කුරුළු කිරිලියන්
දිවා රෑ, සොම්නසින් !
රෑ කොවුලෝ ද !
මිටියාවතේ....
සින්දුවෙහි දක්ෂ
කුඩා විහඟුන්,
සොම්නසින් උනන්දුව
වසන්තය පිළිගනී....

ගෑණු පිරිමි පුංචි ළමෝ
උතුරායන සන්තෝසෙන්!
කුකුළෝ ද හඬලති.
ඔබත් හඬ නගයි!
බාල බිළිඳු මොළකැටි නද,
වසන්තය....
සන්තෝසෙන් පිළිගනී.

පුංචි බැටළුවෝ
දුව එන්න මා ළඟට
සිඹින්න මසුදු ගෙල.
ඉඩදෙන්න මට නුඹේ
සුදු ලොම පිරිමදින්න....
සිඹින්නට නුඹේ,
මුදු මුහුණ.
සොම්නසින් ඉපිල
වසන්තය පිළිගන්න....

[”විලියම් බ්ලේක්” ගේ ”Spring” කවියේ අනුවර්තනය]
අනුවර්තනය: මුතු පබා
 
ලන්ඩන් නුවර උපත ලද ”විලියම් බ්ලේක්” (1757 - 1827) ඉංග‍්‍රීසි ජාතික කවියෙකි. සිත්තරෙකි. Songs of Innocence and Experience, Jerusalem, The Marriage of Heaven and Hell, An Island in the Moon ඔහු විසින් ලියල ලද පොත් වලින් කිහිපයකි.
 
William Blake | විලියම් බ්ලේක්
Updated on : 2010-03-25 03:20:02
(0)ප්‍රතිචාර|Comments
 
කාලය යනු අපය..... කීර්තිවන්තයින් යනු අපය...
 
 
කාලය යනු අපය
ගුප්ත මිනිසා හෙවත් හෙරක්ලිටස්ගේ*
පසිඳු රූපකය අපය

නිසලව පවතින - දිනෙක ගිලිහෙන
ඝන දියමන්තිය නොව,
ජලය යනු අපය

ගංගාව යනු අපය
ගංගා‍ව තුළින් තමන් දෙස බලන ඒ ග්‍රීකයා අපය
ඔහුගේ ප්‍රතිබිම්බය,
වෙනස් වන කැඩපතෙහි ජලය බවට හැරෙයි.
ගින්න බඳුව වෙනස් වන පළිඟුව බවට හැරෙයි

සිය සයුර කරා ඔහු යන ගමනේ
නිෂ්ඵල වූ ද කලින් නීර්ණය කරනු ලද්දාවූ ද
ගංගාව අපය.

සෙවණැලි විසින් ඔහු වසාගෙන ඇත
සැම දෙයක්ම අපෙන් සමුගෙන ඇත
සියල්ල අප හැර යමින් සිටියි

මතකය තමන්ගේම කාසිය තමන් විසින්ම මුද්‍රා තබා ගන්නේ නැත

කෙසේ වුව,
එතැන නැවතී සිටින යමක් තිබේ.
වැළපෙන්නා වූ යමක් ද තිබේ.
 
* එපීසස් හි හෙරක්ලිටස් (535–c. 475 BCE) සොක්‍රටීස් ට පෙර සිටි ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහු ගුප්ත මිනිසා ලෙසද වැළපෙන දාර්ශනිකයා ලෙසද හඳුන්වන ලදි. විශ්වයෙහි පදනම යනු වෙනස් වීම ය යනු ඔහුගේ මතවාදය විය. “එකම ගඟට දෙවරක් බැසිය නොහැකිය” යනු ඔහුගේ සුප්‍රසිද්ධ කියමනකි.
 
Jorge Luis Borges | ජෝර්ජ් ලුවිස් බෝ(ර්)ගස්
පරිවර්තනය - Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
Updated on : 2010-03-16 03:19:59 | [Tags] Heraclitus of Ephesus
(0)ප්‍රතිචාර|Comments
 
උදාහිරු ගීතය
 
 
අරුණෝදයේ කඩුව
සිඳියි අහසින්
රාත‍්‍රී ආවරණය,
උදෑසන එබෙයි
පොරොවනයෙන් එළියට
සීනුවේ නින්නාද හඬ අසන්නට
තොටිල්ලෙන් නැගිටින දරුවකු විලස.

අවදිවන්න! අවදිවන්න!
සියලූ වැඩ කරන්නනි!
රැකියාවට! රැකියාවට!
ඔබ යා යුතුමයි!

බස්රථ, කුලීරථ
නදදෙයි ගොරහැඩිව,
කෝච්චිය හූ තියයි.

මම දෙපය අද්දවමි පෝළිමේ
අප‍්‍රාණිකව අඩි ශබ්ද නගා
දුම්රිය වේදිකාවේ,
තෙරපි තෙරපී ගොඩවෙමි
මගේ ජීවිතේ සියලූම සාරය
දෙහි ගෙඩියක් විලස
මිරිකා දමන දුම්රිය මැදිරියට
 
[ඔස්වල්ඩ් ම්ත්ශාලිගේ The Song Of Sunrise කවියේ පරිවර්තනය]

1940 ජනවාරි මස 17 වෙනිදා උපත ලද ඔස්වල්ඩ් ම්ත්ශාලි සූලු බසින් මෙන්ම ඉංග්‍රීසියෙන් ද කාව්‍යකරණයේ නියැලුණු කවියෙකි. මොහු කොලොම්බියා සරසවියෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහුගේ ප්‍රථම කවි පොත ''Sounds of a Cowhide Drum'' නමින් පිටවිය. කළු සුදු බේදය පිළිබඳව දකුණු අප්‍රි‍කාවේ වැඩකරකරන්නන්ගේ දෘෂ්ඨි කෝණයෙන් ලියූ මේ පොත සාර්ථක වූයේ, එය ප්‍රචාරය කෙරූ සුදු ජාතික ලයනල් ඒබ්‍රහම්ස් ට වටිනා ලාභයක් උපදවා දෙමිනි.
 
Oswald Mbuyiseni Mtshali | ඔස්වල්ඩ් මූයිසේනි ම්ත්ශාලි
පරිවර්තනය - Muthu Paba | මුතු පබා
Updated on : 2010-03-04 03:40:39 | [Tags] The Song Of Sunrise
(0)ප්‍රතිචාර|Comments
 
මරණය
 
 
කොතැනින් ද සොයා ගැනුනේ
මළ සිරුර ?
කවුරුන් ද සොයා ගත්තේ මළ සිරුර?
මළ සිරුර මිය ගොස් ද
සොයා ගන්නා විට
සොයා ගනු ලැබුයේ කෙලෙසකද
මළ සිරුර?
කවුරුන් ද මළ සිරුර
කවුරුන්ද
මවක පියකු
සොහොයුරකු සොහොයුරියක
මාමෙකු දියණියක වන්නේ
අත්හැර දැමූ විට දෝ සිරුර මැරුණේ
සිරුර අතහැර දමා තිබුණේ ද
කවුරුන් විසින් එය අත් හැර දමුවෙද
නිරුවත්ව සිටියා ද?
ඇඳුම් ඇඳ සිටියා ද

මළ සිරුර මරණයට ඔබ හැදු ප්රදකාශය
කුමක් වී ද?
ඔබ
නොවලහා කීවෙ ද?
මළ සිරුරෙ මරණය ?
කෙලෙසක ද ඔබ
දැන ගත්තේ මරණය
ඔබ
මළ සිරුර සේදුවෙ ද?
ඇස් දෙක ම වැසුවෙ ද?
සිරුර වැළලුවෙ ද?
අත්හැර දමා ආවෙ ද?
සිප ගත්තා ද මළ සිරුර?

පරිවර්තනය - පබෝදනී චන්ද්‍රරත්න
 
Harold Pinter | හැරල්ඩ් පින්ටර්
පරිවර්තනය - Pabodini Chandrarathne | පබෝදනී චන්ද්‍රරත්න
Updated on : 2010-02-25 23:28:27
(0)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • Gurov’s Letter | රත්න ශ්‍රී විජේසිංහ
 • ඔබ ඔබද මම මම ද විය යුතු! | පැබ්ලෝ නෙරුඩා
 • ගෞතම බුදුන් සමග බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් | කේ. සචිදානන්දන්
 • පීඩිතයාගේ සුසුම | උස්තාද් කලි උල්ලාහ් කලීලි
 • සුළඟ එක් කාන්තිමත් දවසක.... | අන්තෝනියෝ මචාඩෝ
 • Still I Rise| එහෙත් මම නැගිටිමි. | මායා ඇන්ජලෝ
 • රණවිරු උපහාර | තවුෆික් රෆාත්
 • A Dream | සි හි න ය ක් | ක්‍රිස්ටිනා රොසෙටි
 • චිදම්බරම් පිල්ලේගේ පිළිතුර | සුබ්‍රමනියා භාරතී
 • ස්ත්‍රී භාණ්ඩය | තස්ලිමා නස්රින්
 • ගල් ගයන ගීතය | None
 • මවකගේ විලාපය | None
 • සිනාසෙනු! | Smile! | None
 • වසන්තය | විලියම් බ්ලේක්
 • කාලය යනු අපය..... කීර්තිවන්තයින් යනු අපය... | ජෝර්ජ් ලුවිස් බෝ(ර්)ගස්
 • උදාහිරු ගීතය | ඔස්වල්ඩ් මූයිසේනි ම්ත්ශාලි
 • මරණය | හැරල්ඩ් පින්ටර්
 • වචනය ගැන | පැබ්ලෝ නෙරුඩා
 • අදේශපාලනික බුද්ධිමතුන් | ඔටෝ රෙනෙ කැස්ටිලෝ
 • මීනාට | සුනිල් රණසිංහ
 
 
  තවත් වියමන්