| පැන බූන්දි | 020 |
| |
 |
|
|
පහත එන විදෙස් නාට්‍ය කෘති අනුවර්තන හෝ පරිවර්තන ලෙස සිංහල වේදිකාව මතට ගෙන ආවෝ කවුරුන්ද? කවර නමින් ද?
1. Everyman (15 වන සියවසේ දී රඟ දක්වන ලද ක්‍රිස්තියානි සදාචාර නාට්‍යය [Medieval Morality play])
2. Blood Wedding (1932 දී ගාර්ෂියා ලෝකා තැනූ ඛේදාන්තය)
3. Can't Pay? Won't Pay! (1974 දී දාරියෝ ෆෝ තැනූ දේශපාලන ප්‍රහසනය)
4. Asinamali (1987 දී දකුණු අප්‍රිකානු ජාතික Mbongeni Ngema තැනූ නාට්‍යය)
5. The Brothers Menaechmus (ක්‍රි.පූ. 254-184 විසූ රෝමන් නාට්‍යකරු Plautusගේ ප්‍රහසනය)

|
|
|
|
Updated on : 2010-08-12 01:47:37 |
|
|
|
|
| පැන බූන්දි | 019 |
| |
 |
|
|
මේ මෑත කාලීන ලංකා ඉතිහාසයේ අඳුරු මතක ඇවිස්සීමක්. මේ සේයාරූ වලින් නිරූපිත අවස්ථා මොනවාද? ඒවා කැමරාවට නැගුවෝ කවුරුන්ද? 
|
|
|
|
Updated on : 2010-07-21 22:38:48 |
|
|
|
|
| පැන බූන්දි | 018 |
| |
 |
|
|
මේ උද්ධෘත කවර නවකථාවලින් ගත් ඒවාද? ඒ පොත්වල කතුවරුන් කවුද? ඒවා සිංහලට නැගුවෝ කවුරුන්ද?
1. "එතකොට කෙල්ලගෙ වාසගම?"
"වාසගමක් ඕනෙ නැහැ. තාත්තගේ නම වැදගත් නැහැ."
"ඒ වුණාට වාසගමක් කාටත් තියෙන්න ඕනේ. බල්ලෙකුට විතරයි එක නමක් තියාගෙන එහේ මෙහේ දුවන්න පුළුවන්."
"මෙයා ගේ තාත්තා ලූනා වංශෙ, ඒ කියන්නේ චන්ද්‍ර දරුවන්ගෙ වංශෙ. වාසගමට එහෙනං ලූනා කියලා කියන්න...."
2. "එතකොට ඔයාගෙ ආච්චිට පැක්ටේරියක් තියනවාද?" දොඩම් ලෙමන් කාරයා ඇසීය. "මොන විදිහෙ පැක්ටේරියක් ද?"
"හුඟක් දේවල් හදනවා." එදෙස නොබලා උරන බටය කටේ ඇතිව ඔහු පිළිතුරු දුන්නේය.
"පළතුරු යුෂ, අච්චාරු, ජෑම්, තුනපහ කුඩු, අන්නාසි පෙති."
3. "ඇයි මම පිරිමි ළමයි එක්ක සෙල්ලම් කරන්න ඕනෙ?"
"ඇයි?" අම්මා ඇසුවා ය. "අහස අපමණ උසයි. හොටබරියන්ට බෑ පියාඹන්න. අන්න ඒකයි-"

|
|
|
|
Updated on : 2010-06-22 04:45:07 |
|
|
|
|
| පැන බූන්දි | 017 |
| |
 |
|
|
සිංහලට නැගුනු මේ නවකතා (විදෙස්) ලිවුවේ කවුද?
1. පාන් සහ වයින් | 2. කළු දළ මල | 3. සිද්ධාර්ථ | 4. වානේ පන්නරය ලැබූ හැටි | 5. යකඩ ප්‍රවාහය

|
|
|
|
Updated on : 2010-06-02 02:33:40 |
|
|
|
|
| පැන බූන්දි | 016 |
| |
 |
|
|
මේ පැන ලාංකේය නාට්‍ය කලාව සම්බන්ධයෙන්.
1. සිය හිත මිතුරන් අතර ''ජුබාල්'' යන සුරතල් නාමයෙන් (''කාඩ් එකෙන්'') ප්‍රකටව සිටි, අපේ වේදිකාව මත පෙළහර පෑ නාට්‍ය අධ්‍යක්ෂකවරයා කවුද?
(ඉඟිය- ලංකාවට මුලින්ම භ්‍රමණ වේදිකාව හඳුන්වාදුන්නේ ඔහුය!)
2. සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය මුලින්ම රඟ පෑ රංගන ශිල්පීන් දෙදෙනා කවුද?
(ඉඟිය- කුමරුගේ පාට් එක නැටූ දෙවැන්නා පසු කලෙක අපේ වේදිකාවේ සරච්චන්ද්‍ර බඳුම ''යෝධයෙකු'' බවට පත් විය.)
3. කාන්තාවක් අධ්‍යක්ෂණය කොට, සියලු චරිත ද කාන්තාවන් විසින්ම නිරූපණය කරන ලද මුල්ම (එකම?) නාට්‍යය කුමක් ද? අධ්‍යක්ෂිකාව කවුද?
(ඉඟිය- එය ගාර්ෂියා ලෝකාගේ නාට්‍යයක පරිවර්තනයකි.)

|
|
|
|
Updated on : 2010-05-10 23:59:06 |
|
|
|
|
| පැන බූන්දි | 015 |
| |
 |
|
|
මේ ප්‍රකට චිත්‍රපටයකින් ගත් දර්ශනයක්.
1- දර්ශනයේ පෙනී සිටින රංගන ශිල්පියා කවුද? | 2- ඔහු සමග දර්ශනයේ සිටින රංගන ශිල්පිනිය කවුද? | 3- චිත්‍රපටය කුමක්ද? | 4- අධ්‍යක්ෂණය කළේ කවුද?

|
|
|
|
Updated on : 2010-04-30 02:26:26 |
|
|
|
|
| පැන බූන්දි | 014 |
| |
 |
|
|
බොහෝ ප්‍රකට චරිත ඔවුන්ගේ ජීවිතවල අප්‍රකට යුගයන්හිදී කෙබඳු වීදැයි දැන ගැනීමේ කුහුලක් හැම කෙනෙකු තුළම තිබෙනවා. මේ එවැනි ප්‍රකට චරිත අටක්. හඳුනාගන්න පුළුවන්ද? අංකයත් එක්ක කියන්න. 
|
|
|
|
Updated on : 2010-04-20 22:28:26 |
|
|
|
|
| පැන බූන්දි | 013 |
| |
 |
|
|
නිදි මත ඇති විට කෑම නොකන්නේ
නිදිමත නැති විට පොත් කියවන්නේ
කුණු කැත සිහිකොට කෑම නොකන්නේ
යහපත සිහි කොට නින්දට යන්නේ
මේ කවිය එන්නේ කුඩා දරුවන්ට කවියෙන් ඔවදන් දෙන්නට ලියූ අපේ පැරණි සාහිත්‍ය පොතකින්. පොත කුමක්ද? එය ලිවුවේ කවුද?

|
|
|
|
Updated on : 2010-04-19 01:53:06 |
|
|
|
|
| පැන බූන්දි | 012 |
| |
 |
|
|
යොවුන් වියේ පිළිසිඳගත් සිය ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් වසර පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටි අපූර්ව මිනිසෙකු ගැන කියවෙන, ලෝ පසිඳු ප්‍රබන්ධ කතාව කුමක් ද? මහළු වියේ නටබුන් අතුරින් ආදරය සොයා ගන්නා එකී චරිත ද්වය කවරේද?

|
|
|
|
Updated on : 2010-04-15 00:27:26 |
|
|
|
|
| පැන බූන්දි | 011 |
| |
 |
|
|
ගුරෝෆ් සහ ආන්නා සෙර්ගේයෙවුනා යනු ජගත් සාහිත්‍යයේ එන අපූර්ව චරිත ද්වයකි. එම චරිත වටා ගොඩනැගුණු ලෝ පසිඳු කෙටි කතාව කුමක් ද? ලියනු ලැබූවේ කවුරුන් විසින් ද? 
|
|
|
|
Updated on : 2010-04-07 22:20:15 |
|
|
|
|
| පැන බූන්දි | 010 |
| |
 |
|
|
මෙම සිත්තමෙන් පිළිබිඹු වන බටහිර නාට්‍ය සම්ප්‍රදාය කුමක්ද? 
|
|
|
|
Updated on : 2010-04-07 22:17:22 |
|
|
|
|
| පැන බූන්දි | 009 |
| |
 |
|
|
චීන ජාතික තං ෂියන්චි්‍යු විසින් රචිත 'දම්පාට කොණ්ඩා කටුව', 'නාන්කේගේ කතාව', 'හන්දන්ගේ කතාව' සහ 'පියනි මණ්ඩපය' යන නාඩගම් සතර හැඳින්වෙන්නේ කුමන නමකින්ද? 
|
|
|
|
Updated on : 2010-04-07 22:15:45 |
|
|
|
|
| පැන බූන්දි | 008 |
| |
 |
|
|
ගෝර්කිගේ ''අම්මා'' ඇසුරින් 1926දී Mother නමින් චිත්‍රපටයක් හැදූ සිනමා අධ්‍යක්ෂකවරයා කවුද? 
|
|
|
|
Updated on : 2010-04-07 22:14:06 |
|
|
|
|
| පැන බූන්දි | 007 |
| |
 |
|
|
බත්තලංගුණ්ඩුව නවකතාවේ ඇන්ටනි, දූපතට බෝට්ටුවෙන් එන අතර තුර කියවන නවකතාව කුමක්ද? එය කාගේ කෘතියක්ද? 
|
|
|
|
Updated on : 2010-04-07 22:11:43 |
|
|
|
|
| පැන බූන්දි | 006 |
| |
 |
|
|
සාමාන්‍ය මැතිවරණ ක්‍රියාදාමයකින් බලයට පත් ලොව පළමු වාමාංශික නායකයා කවුද? 
|
|
|
|
Updated on : 2010-04-07 22:09:57 |
|
|
|
|
| පැන බූන්දි | 005 |
| |
 |
|
|
මේ සිතුවම කුමක්ද? කවුරුන් විසින් අඳිනු ලැබූවක් ද? 
|
|
|
|
Updated on : 2010-04-02 02:33:19 |
|
|
|
|
| පැන බූන්දි | 004 |
| |
 |
|
|
1970 නොවැම්බර් 18 වන් දා මුල් වරට තිරගත වූ, පාසල් සිසුන් පිරිසක් එක්ව තැනූ ප්‍රථම (එකම?) සිංහල චිත්‍රපටය කුමක්ද? 
|
|
|
|
Updated on : 2010-04-02 02:28:56 |
|
|
|
|
| පැන බූන්දි | 003 |
| |
 |
|
|
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ''The Resistible Rise of Arturo Ui'' නාට්‍යය, 1994 දී ලාංකේය වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින් ද? කවර නමකින් ද? 
|
|
|
|
Updated on : 2010-04-02 02:21:00 |
|
|
|
|
| පැන බූන්දි | 002 |
| |
 |
|
|
ගම සිටියදී විවාහ යෝජනාවක් ගැන ඇසූ හැම විටම මම ''කසාද බඳින්නේ නෑ''යි කීවෙමි. විවාහ ජීවිතය ගැන මම මෙතෙක් නොසිතුවෙමි. ගෑනුන් හා ආදරය ද පිළිබඳ මගේ අද්භූත හැඟීම් ඒ තරම් වෙනස් නොවූ නමුදු ගැහැනියකට ආලය කළ යුතුය යන හැඟීමක් මා තුළ නොවීය. ගෑනුන් ගැන සිතන්නට හෝ ඔවුන් ඇසුරු කරන්නට හෝ අනුබල දෙන තරම් මගේ කාමුක හැඟීම උග්‍ර නොවීය. විද්‍යාව හා දර්ශනය පිළිබඳ පොත් කියවීම සඳහා හිසට වධ දෙන මට ගෑනුන් මතක් වන්නේ ද ඉතා කලාතුරකිනි.''
ඉහත උපුටනය ලබා ගෙන ඇත්තේ කවරෙකු විසින් ලියන ලැබූ කවර නම් කෘතියකින් ද? 
|
|
|
|
Updated on : 2010-04-02 02:14:17 |
|
|
|
|
| පැන බූන්දි | 001 |
| |
 |
|
|
සිය මව් රටේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත් වූ ලෝක ප්‍රකට ලතින් අමරිකානු සාහිත්‍යධරයා කවුද? 
|
|
|
|
Updated on : 2010-04-02 02:07:36 |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |