1 2 3

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
නව කතිකාවකට ඇරයුම් - සිව්වන පියවර
 
 
"සිහිනය මියගිය යුගයක කලාවේ දේශපාලනය හා දේශපාලනයේ කලාව"

ප්‍රධාන අදහස් දැක්වීම- ධර්මසිරි බණ්ඩාරනායක.
දිනය- 2010 අගෝස්තු 29 වන ඉරිදා
වේලාව- පෙ.ව. 10:00
ස්ථානය- එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය. [අංක 106, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, බොරැල්ල, කොළඹ 08]

 
Updated on : 2010-08-26 22:37:14 | [Tags] Speech By Dharmasiri Bandaranayake
(0)ප්‍රතිචාර|Comments
 
ගොඩගේ සාහිත්‍ය සම්මාන| අවසන් වටය සඳහා නිර්දේශිත කෘති
 
 
දොළොස්වන ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල සැප්තැම්බර් දෙවන දා කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. එම සම්මාන සඳහා නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථ අතර බුන්දි ප්‍රකාශන ලෙස එළිදැක්වූ අහස හැඩිවී ඇත [රෝහණ පොතුලියද්ද] සහ සියොතුනට එනු පිණිස [උපුල් සේනාධිරිගේ] යන කෘති ද ඇතුළත් ය.

අවසන් වටය සඳහා නිර්දේශිත සියළු කෘතිවල සම්පූර්ණ ලැයිස්තුව බලන්න-
මෙතනින් යන්න.

 
Updated on : 2010-08-26 03:21:49
(3)ප්‍රතිචාර|Comments
 
ලක්ශාන් මධුරංග ගෙන් "සඳක් නැති වෙන්න ඉඩ ඇත"| සැප්: 5
 
 
ලක්ශාන් මධුරංග වික්‍රමරත්නගේ "සඳක් නැති වෙන්න ඉඩ ඇත" කවි සංග්‍රහය එළි දැක්වීමේ උළෙල සැප්තැම්බර් 5 වන දා සවස 2:00 ට ජාතික පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවත්වෙයි. දෙසුම- ලියනගේ අමරකීර්ති. සංවාද මෙහෙයුම- රෝහණ පොතුලියද්ද.
 
Updated on : 2010-08-20 03:21:07
(4)ප්‍රතිචාර|Comments
 
'අමරෙ අය්යා'ට සුබ පැතුම්!
 
 
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කර්තෘ සංසදය එක්‌ව සංවිධානය කළ 2009 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලංකා ඉරිදා සංග්‍රහයෙහි පළ වන "සුනාපරන්තය" කොලම වෙනුවෙන් අමරසිරි වික්‍රමරත්න හොඳම පුවත්පත් තීරු ලිපියට හිමි සම්මානය ලබා ගත්තා. සිය විසල් ජීවන අත්දැකීම් තමන්ටම ආවේණික, අපූර්ව ශෛලියකින් ලියමින් ඒවා සහෘදයන් සමග සහෝදරත්වයෙන් බෙදා ගන්නා 'සුනාපරන්තවාසියා' හෙවත් 'අමරෙ අය්යා'ට අපෙන් සුභ පැතුම්!
 
සුනාපරන්තය
Updated on : 2010-08-19 23:30:25
(6)ප්‍රතිචාර|Comments
 
චන්ද්‍රසිරි මීවනගේ ගෙන් ''සඳ පතිත වන පෙතක''| අගෝස්තු 29
 
 
චන්ද්‍රසිරි මීවනගේ තෙවැනි කවි සරණිය ''සඳ පතිත වන පෙතක'' එළි දැක්වීමේ උළෙල 2010 අගෝස්තු මස 29 වන ඉරු දින පෙ.ව. 9:30 සිට 12:30 දක්වා කොට්ටාව සිසිලස ගාර්ඩ්න්ස් හිදී (පන්නිපිටිය ධර්මපාල විදුහල ඉදිරිපිට). මෙම උළෙලේ දී ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ කථිකාචාර්ය චින්තක රණසිංහ දේශන පවත්වන අතර තිඹිරියාගම බණ්ඩාර මුලසුන හොබවනු ඇත. මෙය මතක සුවඳ (2005), ජලවක සඳ (2007) යන කෘති වලින් පසු එළි දක්වන චන්ද්‍රසිරි මීවනගේ කවියාගේ තෙවන කවි එකතුවයි.
 
Updated on : 2010-08-19 23:15:45 | [Tags] Chandrasiri Meewanage, Sanda Pathitha Wana Pethaka
(0)ප්‍රතිචාර|Comments
 
"සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනා" දේශන| 08-23 @ ARTT
 
 
"රාජ්‍ය ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රජාතන්ත්‍රීයකරණය සහ සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනා"| ප්‍රධාන දේශන : නීතිඥ වාසුදේව නානායක්කාර පා.ම., ආර් යෝගරාජන් පා.ම. [සර්ව පාක්ෂික නියෝජිත කමිටු සාමාජික], නිසාම් කාරියප්පර් [සර්ව පාක්ෂික නියෝජිත කමිටු සාමාජික- නීතිඥ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්] , මුලසුන- ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න.

සංවිධානය- ව්‍යවස්ථා අධ්‍යයන ආයතනය| දිනය- 2010-08-23 සඳුදා| වේලාව- පව 4.30| ස්ථානය- හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ සහ පුහුණු ආයතනය (ARTT) , නො.114, විජේරාම මාවත, කොළඹ 07
 
Updated on : 2010-08-18 04:58:28
(1)ප්‍රතිචාර|Comments
 
"සිහින හොරු අරන්"| අගෝස්තු 21| එල්ෆින්ස්ටන්
 
 
රාජිත දිසානායකගේ සම්මානනීය වේදිකා නාට්‍යය "සිහින හොරු අරන්"- අගෝස්තු 21 වන දින සවස 3:30 ට සහ 6:30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වෙයි.
 
Updated on : 2010-08-18 01:49:17 | [Tags] Sihina Horu Aran by Rajitha Dissanayake
(0)ප්‍රතිචාර|Comments
 
"පෙට්ටියක් තෝරගත්තද?"| අගෝස්තු 20| 3.30
 
 
අතුල ලියනගේ සිනමා නිර්මාණය, 'බඹර වළල්ල' පිළිබද සංවාදයක් 'පෙට්ටියක් තෝරගත්තද?' යන මැයෙන් අගෝස්තු මස 20 වන දින සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම සංවාදය සදහා චූලානන්ද සමරනායක, විමලනාත් වීරරත්න හා සේපාල් අමරසිංහ සම්බන්ධ වන අතර ප්‍රේක්ෂකයින් සදහා ද විවෘත අදහස් දැක්වීමකට අවකාශය තිබේ. සංවිධානය- තරුණ නව රැල්ල සිනමා සංවිධානය.
 
Updated on : 2010-08-17 21:44:35
(0)ප්‍රතිචාර|Comments
 
පොතක් කියවලා නාට්‍යයක් බලමුද?
 
 
අසංක සායක්කාර නාට්‍ය නිර්මාණ ශ්‍රී මත් සූ මන මංගල දර්ශනය අගෝස්තු 17 ලුම්බිණියේදී සවස 6:00ට. සායක්කාරගේ කෙටි නාට්‍ය පිටපත් තුනක් ඇතුළත් ශ්‍රී මත් සූ මන පොත ද එදින එළි දැක්වීමට නියමිතයි. එම පොත එළි දැක්වෙන්නේ ලංකා ෆාස්ට් පබ්ලිෂර්ස් ප්‍රකාශනයක් ලෙසයි.

 
Updated on : 2010-08-06 02:43:16
(0)ප්‍රතිචාර|Comments
 
Three ‘Best Play’ winners come alive at the Wendt
 
 
A festival of three award winning plays written and directed by Rajitha Dissanayake will come alive at the Lionel Wendt theatre on August 5, 6 and 7, at 7.00 pm.

The festival begins with ‘Apahu Herenna Behe’(No Return) on 5 August, followed by ‘Sihina Horu Arang’(Dreams Robbed) (6) and wraps up with ‘Weeraya Merila’(The Hero is Dead) on the final day (7).


 
Updated on : 2010-08-06 02:03:22
(0)ප්‍රතිචාර|Comments
 
Gladiator ප්‍රේමය| අගෝ 7| සවස 6:45| ලුම්බිණි
 
 
නාමල් ජයසිංහ සහ ප්‍රසන්න මහගමගේ නාට්‍ය නිර්මාණ "Gladiator ප්‍රේමය" අගෝස්තු 7 දින සවස 6:45ට ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ. නාමල් ජයසිංහ රචනා කළ මෙම නාට්‍යය කෝට්ටේ ප්ලේ හවුස් ඉදිරිපත් කිරීමකි.

 
Updated on : 2010-08-06 01:46:03
(0)ප්‍රතිචාර|Comments
 
ආනන්ද බණ්ඩාරගෙන් 'ගබ් පෙරහැර'| අගෝස්තු 3 දා
 
 
ආනන්ද බණ්ඩාරගේ දෙවන කාව්‍ය සංග්‍රහය ගබ් පෙරහැර දොරට වැඩුම 2010 අගෝස්තු 3 දා ප.ව. 1:30 ට බ/උල්හිටිය මහා විද්‍යාලයේ දී පැවැත්වේ. ප්‍රධාන දේශනය චින්තක රණසිංහ විසින් පවත් වනු ලබයි. ආනන්දගේ මුල්ම කවි එකතුව මංගල වප්පැන නමින් 2007 වසරේදී එළිදැක්විණ.

 
Updated on : 2010-08-02 00:40:26
(0)ප්‍රතිචාර|Comments
 
රඟ බට හිරු 2010
 
 
බස්නාහිර පළාත් නාට්‍ය හා රංග කලා ගුරු සංසදය මගින් මෙහෙයවන 'රඟ බට හිරු 2010' උළෙල 2010 අගෝස්තු 05 වන දින පෙ.ව. 9:00 ට ස ප:ව: 12.30 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වෙයි. එහිදී, 2009 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙලේ බස්නාහිර පළාතේ ජයග්‍රාහී නිර්මාණ රඟ දැක්වෙයි.

 
Updated on : 2010-07-29 02:44:09
(0)ප්‍රතිචාර|Comments
 
සුරේඛා සමරසේනට සුබ පැතුම්!
 
 
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කර්තෘ සංසදය එක්‌ව සංවිධානය කළ 2009 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාවය පුවත් පතෙහි කළ මාධ්‍ය සේවාවට සුරේඛා හොඳම තරුණ ජනමාධ්‍යවේදිනියට හිමි සම්මානය ලබා ගත්තා. වසර එකහමාරක් වන කෙටි මාධ්‍ය ජීවිතය තුළ ඇය සියුම්ව සමාජය දකිමින් නොබියව දේවල් හා ගැටෙමින් ලිවීමෙහි නිරත වුණා.

ඇය දකුණේ මිනිසුන්ගේ දුක වෙනුවෙන් මෙන්ම උතුරේ මිනිසුන්ගේ ගැටළුත් කතා කරනවා අපි දැක්කා. සම්මානයක් කියන්නෙ ඔටුන්නක් නෙවෙයි. අභියෝගයක්... මාධ්‍ය විතරක් නෙවෙයි මිනිස්සු හැමෝම අතරමං වෙලා ඉබාගාතෙ යන දූපතක සිහියෙන් යුතුව දේවල් දකින්නට, බය නැතිව ලියන්නට දිරිය වගේම වුවමනාවත් තිබුණ සුරේඛාට නිවැරදි මාවතේ දුර ගමනක් යන්නට සුබ පතමු!

 
Updated on : 2010-07-29 02:19:24 | [Tags] Sureka Samarasena
(13)ප්‍රතිචාර|Comments
 
'ඇන්ටිගනී'| ජූලි 30 සහ 31| 'ඇකඩමික් ප්ලේයර්ස්' වැඩක්!
 
 
ප්‍රියංකර රත්නායක නිෂ්පාදනය කළ ''ඇන්ටිගනී'' නාට්‍යයේ දර්ශන දෙකක් ජූලි 30 සහ 31 ප.ව. 3:00 ට සහ 6:30 ට ලුම්බිණි රඟහලේදී. සොෆොක්ලීස්ගේ මහා නාට්‍ය ත්‍රිකයෙන් එකක් වූ ''ඇන්ටිගනී'' නාට්‍යය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම නාට්‍යයක් ලෙස සැලකෙයි. ප්‍රියංකර මෙම නිෂ්පාදනයට, ආරියවංශ රණවීර විසින් සිංහලයට නගන ලද පෙළ යොදා ගෙන තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයයේ ''ඇකඩමික් ප්ලේයර්ස්'' නාට්‍ය කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයකි.

 
Updated on : 2010-07-26 05:01:31
(0)ප්‍රතිචාර|Comments
 
ප්‍රදීප් සාරංගගේ "නොසොඳුරු පෙදෙසක"| ජූලි 30|
 
 
ප්‍රදීප් සාරංග කුමාරගේ අලුත් කවි එකතුව "නොසොඳුරු පෙදෙසක" එළිදැක්වීමේ උළෙල 2010 ජූලි 30 වන සිකුරාදා සවස 3:00 ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. එහිදී ලියනගේ අමරකීර්ති සහ ආරියවංශ රණවීර ප්‍රදීප් සාරංගගේ කවි මග පිළිබඳ සහ පොදුවේ කවිය පිළිබඳ අදහස් දක්වති.

 
Updated on : 2010-07-26 04:46:58
(3)ප්‍රතිචාර|Comments
 
පිටස්තරයා කියවමු
 
 
Albert Camus ගේ L’Étranger (The Stranger or The Outsider *) කෘතිය ගැන කතාබහක් 2010 ජුලි 29 බ්‍රහස්පතින්දා සවස 06 ට ලඬකා අක්ෂයේ දී.
සංවාදය මෙහෙයවීම- කේ.කේ. සමන් කුමාර, සම්පත්දායක සහභාගිත්වය- මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහේෂ් හපුගොඩ.

 
Updated on : 2010-07-19 05:13:57
(0)ප්‍රතිචාර|Comments
 
නව කතිකාවකට ඇරයුමක් (තෙවෙනි පියවර)
 
 
"රාජපක්ෂ හෙජමොනියෙන් පිටවීමට න්‍යායික කවු‍ළුවක්"
අදහස් දැක්වීම - විදර්ශන කන්නංගර

සාකච්ජාවට මුලපිරීම වෙනුවෙන් සිදුකෙරෙන ඉහත සඳහන් මූලික කරුණු දැක්වීමෙන් අනතුරුව පැය 2 1/2 කට නොඅඩු කාලයක් තුල පාර්ශව ගණනාවකගේ සහභාගීත්වයෙන් ගොඩනැඟීමට අපේක්ෂිත පුළුල් සංවාද සභාවට ඔබගේ නියෝජනයක් ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඇරයුම් කරමු.

ස්ථානය- එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය. බොරැල්ල.| දිනය- 2010.07.25| වේලාව- පෙ.ව.10.0 සිට ප.ව.01.00 දක්වා.

සංවිධායක කමිටුව- සම්පත් ආරියසේන, සුමිත් චාමින්ද, සංජීව සේනාරත්න, අහිංසක පෙරේරා, සන්ධ්‍යා ප්‍රභාශිනී ශ්‍රියාරත්න, උදේනි සමන් කුමාර, නිර්මාල් රන්ජිත් දේවසිරි, තිලක් කාරියවසම්, වසන්ති දිසානායක, ඒ.ඩී.පී. රත්නායක, කෙලී සේනානායක, හේමමාලා විඡේසිංහ, ජෝෂප් ස්ටාලින්, රෙක‍ෂි පියදාස, අනුර බාලසූරිය.

 
Updated on : 2010-07-19 03:39:48
(3)ප්‍රතිචාර|Comments
 
මකරන්ද- රූපමය වාර්තාව
 
 
මකරන්ද ලේඛක රසික හවුල සංවිධානය කළ, නිර්මාණ කෘති එළි දැක්වීමේ උළෙල ඉකුත් මැයි 23 වන දා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි. ඩී. තිලක පියදාසගේ නරුමයෙකුගේ සුන්දර රාත්‍රිය කාව්‍ය සංග්‍රහය, ශක්තික සත්කුමාරගේ කළු මකරා කෙටිකතා සංග්‍රහය, යනුෂා ලක්මාලිගේ බිඳ වැටුණු කැණිමඩල කාව්‍ය සංග්‍රහය යන කෘති මෙහිදී එළි දක්වන්නට යෙදිණ. මේ ඒ පිළිබඳ රූපමය වාර්තාවයි.

මෙතනින් ගිහින් බලන්න.

 
Updated on : 2010-06-17 04:46:36
(0)ප්‍රතිචාර|Comments
 
නව කතිකාවකට ඇරයුම් (දෙවන පියවර)
 
 
ලාංකේය දේශපාලනයේ වත්මන් මොහොත තේරුම් ගැනීම.

ප්‍රධාන අදහස් දැක්වීම්-
අහිලන් කදිරගාමර්: පශ්චාත් යුධකාලීන උතුර; දේශපාලන ආර්ථික සළකාබැලීම් කිහිපයක්
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි: සිංහල බෞද්ධ දකුණෙහි දේශපාලනය හා දෘෂ්ඨිවාදය
සම්පත් ආරියසේන: කෘෂිකාර්මික සමාජයේ ස්වභාවික සම්පත් භාවිතය හා කළමනාකරණයේ අභියෝග

දිනය: 2010 ජූනි 20 ඉරිදා, වේලාව: පෙරවරු 10.00 ට, ස්ථානය: 'සූරිය' ශ්‍රවණාගාරය, ලංකා සමසමාජ පක්ෂ කාර්යාලය. අංක 457, කොල්වින් ආර් ද සිල්වා මාවත, යුනියන් පෙදෙස, කොළඹ 02

සංවිධායක කමිටුව:- අහිංසක පෙරේරා, උදේනි සමන් කුමාර, වසන්ති දිසානායක, සම්පත් ආරියසේන, සුමිත් චාමින්ද, තිලක් කාරියවසම්, ඒ.ඩී.පී. රත්නායක, සන්ධ්‍යා ප්‍රභාශිනී ශ්‍රියාරත්න, කෙලී සේනානායක, හේමමාලා විඡේසිංහ, නිර්මාල් රන්ජිත් දේවසිරි,ජෝශප් ස්ටාලින්, රෙක්ෂි පියදාස, අනුර බාලසූරිය

 
Updated on : 2010-06-16 02:55:58
(0)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • "අද දවසේ ජේසු" විද්‍යුත් කලා උළෙල | None
 • නව කතිකාවකට ඇරයුම් - සිව්වන පියවර | None
 • ගොඩගේ සාහිත්‍ය සම්මාන| අවසන් වටය සඳහා නිර්දේශිත කෘති | None
 • ලක්ශාන් මධුරංග ගෙන් "සඳක් නැති වෙන්න ඉඩ ඇත"| සැප්: 5 | None
 • 'අමරෙ අය්යා'ට සුබ පැතුම්! | None
 • චන්ද්‍රසිරි මීවනගේ ගෙන් ''සඳ පතිත වන පෙතක''| අගෝස්තු 29 | None
 • "සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනා" දේශන| 08-23 @ ARTT | None
 • "සිහින හොරු අරන්"| අගෝස්තු 21| එල්ෆින්ස්ටන් | None
 • "පෙට්ටියක් තෝරගත්තද?"| අගෝස්තු 20| 3.30 | None
 • 'ඇන්ටිගනී'| නොවැම්බර් 1| 'ඇකඩමික් ප්ලේයර්ස්' වැඩක්! | None
 • පොතක් කියවලා නාට්‍යයක් බලමුද? | None
 • Three ‘Best Play’ winners come alive at the Wendt | None
 • Gladiator ප්‍රේමය| අගෝ 7| සවස 6:45| ලුම්බිණි | None
 • ආනන්ද බණ්ඩාරගෙන් 'ගබ් පෙරහැර'| අගෝස්තු 3 දා | None
 • රඟ බට හිරු 2010 | None
 • සුරේඛා සමරසේනට සුබ පැතුම්! | None
 • 'ඇන්ටිගනී'| ජූලි 30 සහ 31| 'ඇකඩමික් ප්ලේයර්ස්' වැඩක්! | None
 • ප්‍රදීප් සාරංගගේ "නොසොඳුරු පෙදෙසක"| ජූලි 30| | None
 • පිටස්තරයා කියවමු | None
 • නව කතිකාවකට ඇරයුමක් (තෙවෙනි පියවර) | None
 
 
  තවත් වියමන්