ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස|
මිය නොයන නික්ම නොයන මිනිසා |
| |
 |
  |
ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුණි
නුඹේ සිංදු කණ ළඟ වාගෙම ඇහුණි
ඉබේ ඇහැ ඇරී ඒ හීනය බිඳුණි
හැබෑව නම් නුඹ ළඟ නැති එක පමණි
එහෙම දුක දැණුනු රත්න ශ්‍රී පසුගිය නම වන දා හැන්දෑවේ මාස අටකට පසු ගාල්ලේ සිට කොළඹ ආවේය. ඒ කපුගේ හෙවත් සිය සහෘදයාගේ හැට පස් වන උපන් දිනය සමරන්නටය.
"ඔහු තමන් තෝරා ගත් ගීත වලට වග කීවේය. ඔහු තමන් ගැයූ/සංගීතය සැපයූ සෑම ගීතයකටම ගැළපෙන සංගීත ආකෘතිය සූක්ෂමව තෝරාගත්තේය. අතපත් නිර්මාණයේ සාර්ථකත්වය හැර අන් සියළු කාරණා ඔහු ජීවිත තර්ජන ද නොතකා ප්‍රතික්ෂේප කළේය. |
|
|
|
|
ඔහු අනම්‍ය ස්වර රචනාවන්හි තනුව වෙනුවට ගීතයේ සාහිත්‍ය අර්ථය ගැයුවේය. ඔහු සිංහල ජන දිවියේ රිද්මය මැනවින් දැන සිටියාක් මෙන්ම ඒවා සිය නිර්මාණ වලට ද මුසු කළේය. ඔහුගේ ගීතවල වූ ප්‍රතිපත්ති සමාජයට සක්‍රියව දායක කළේය. වෙල්ලස්සේ ඉඩම් අරගලයේදී, සරසවි සිසු අරගල වල දී මෙන්ම පදවි ශ්‍රී පුර ජනතා අරගල වල දී ද ඔහු ජනතාව අත් හළේ නැත. කලාවට මනුෂ්‍යත්වය ප්‍රදානය කළ මිනිසා ඔහුය." එල්පින්ස්ටන් රඟහළෙහි උතුරා යමින් සිටි කපුගේ ප්‍රේමීන් අමතා ඔහු කීවේ එසේය.
 |
|
|
Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස් |
|
Updated on : 2010-08-10 23:09:19 | [Tags] Gunadasa Kapuge, Rathna Sri Wijesinghe |
|
|
|
|
ගී කිය(ව)මු|01|
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ....! |
| |
 |
  |
වර්ෂ 1978 දී ලාංකීය කැසට් විප්ලවයේ පුරෝගාමියා වූ විජේ රාමනායක විසින් තරංගා ලේබලය යටතේ මුල් වරට කැසට් පට 10 නිකුත් කෙරිණ. ඉන් එකක් වූයේ Nihal volume 02 කැසට් පටය යි. "මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" ගීතය අන්තර්ගත වන්නේ එකී කැසට් පටය තුළයි.
හැත්තෑව දශකය අග භාගායේදී සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික ව්‍යුහයන්ගේ පිබිදීම්, නැගිටීම්, නැගීම් - බැසීම්, මෙන්ම පුනරුප්පත්තීන් සහ සංස්කෘතික තලයේ ආධ්‍යාත්මික සුඛාස්වාදයන් අද මෙන් විකාර සහගත නොවුනත් නිරවුල්ව නිර්මලව පැවතුණි. (අදට සාපේක්ෂව) ගීත ඇසීම විඳීම පෞද්ගලිකව ද සාමුහීකව ද ප්‍රවණතාමය දිගුවක් තුළ සිදුවුණි. |
|
|
|
|
බජව් සංගීතයත් බජව් කාමරත් මරදාන සහ ඒ අවට පුරා ව්‍යාප්ත වෙද්දී ඒහා බැඳුණු උප සංස්කෘතික තත්ත්වයක් නිරායාසයෙන් උත්පාදනය විය. මෙවැනි වූ බජව් කාමරයකට භෞතිකව අයිතිවාසිකම් ඇත්තෙකු සිටියි. ඔහු එය නිවැරදිව පරිපාලනය කිරීම සඳහා ආරෝපිත මෙන්ම සාධිත තත්ත්වයක් නිර්මාණය කර ගන්නා අතර නොඑසේනම් එවැනි වූ තත්ත්වයක් එළියෙන් ඔහුට පිරිනමයි.
අරක්කු බොන නිශේධනයෙන් පරිබාහිරව ගංජා සංස්කෘතියක් තුළ වින්දනය කේන්ද්‍රගත වීම සහ ශාස්ත්‍රීය තලයේ සිට රසවින්දන පරාසයන් නොයෙක් දිශානතියට විහිදිණ. මේ ගීතය හා සබැඳි ගැඹුරු කතිකාමය තත්ත්වය එයයි. අද මෙන් එදා දියුණු නොවුව ද (සමාවන්න අද ද දියුණු නැත. සමහරවිට එදාටත් වඩා අන්තය. නමුදු මේ වියමනට අනුව කෙසේ හෝ අපි එසේ සිතමු.)
 |
|
|
Veeraya | වීරයා |
|
Updated on : 2010-08-05 04:42:43 | [Tags] Nihal Nelson, Meka Gune Ayyage Bajaw Dana Kamare, Lal Thenabadu, Hemasiri Halpita |
|
|
|
|
ලංකාවෙ ජනප්‍රිය කලාව පට්ටපල් චාටර්!
-ඉන්ද්‍රචාපා |
| |
 |
  |
• ඉන්ද්‍රචාපා කියන්නෙ කවුද?
මම ගායකයෙක් සහ මේ වන විට සංගීත අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් යම් යම් දේවල් කරමින් ඉන්න කෙනෙක්. සරලව කියනවා නම් musician කෙනෙක්.
• එතකොට රඟපාන්නෙ තාත්තයි අයියයි රඟපාන නිසාද? |
|
|
|
|
එහෙම එකක් නැහැ. ඉස්කෝලෙ යන කාලේ ඉඳල drama වලට උන්දුවක් තිබ්බා. පාසැල් කාලයේදීත් සමකාලීනයන්න සමග යම් යම් ක්‍රියාකාරකම්වල යෙදුණා. අනික මම විශ්වාසකරන් නැහැ මම නළුවෙක් කියලා...
• විශ්වාසයක් නැතිනම් ඇයි රඟපෑවෙ?
ඇත්තටම මම රඟපෑවේ කාලය කාදාන්න, නොමිලේ trip එකක් යන්න, රස්තියාදු ගහන්න සහ කීයක් හරි හොයාගන්න.
• ”හරිත නිම්නය” කියන්නේ කසුන්ගෙයි චාපාගේයි එක project එකක් විතරද?
හරිත නිම්නය අපේ පළවෙනි project එක. ඒත් ඒක 2004/05 වෙද්දි project එකක් වශයෙන් බිඳවැටෙනවා. කොහොමත් එකට වැඩ කරන්න ඕන කියලා ගිවිසුමක් තිබ්බෙ නැහැ. කසුන් එයාගෙ වැඩ කරනවා. මම මගේ වැඩ කරනවා. අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැන්වලදී අපි තාම වැඩ කරනවා.
 |
|
|
|
(කොළඹ පුවත්පත වෙනුවෙන් චාපා සමග ඉල්හාම් කළ කතාබහකි.) |
|
|
Ilham | ඉල්හාම් |
|
Updated on : 2010-06-04 03:22:02 | [Tags] Indrachapa Liyanage, Sri Lankan Musician |
|
|
|
|
| වික්ටර් ප්‍රාතිහාර්යය |
| |
 |
  |
භාගේශ්‍රී සරල සැහැල්ලු සන්ධ්‍යා රාගයකි. එය මහත් වූ ආහ්ලාදයකින් සවන් මන පිනවයි. භාගේශ්‍රී ගැන මට කියා දුන්නේ නිමල් අය්යාය. ඔහුගේ ටේලර් සාප්පුවේ දී එකතු වූ සැන්දෑවක භාගේශ්‍රී මූලික ස්වර සංගතිය වාදනය කර පෙන්වා 'හෝ පළු වනපෙත' එච්චර ලස්සන භාගේශ්‍රී නිසා යැයි කීවේය.
හෝපළු වනපෙත පමණක් නොව වික්ටර් ගේ මුළු සංගීතයම මනාව සුසර කළ වයලීනයකි. ඔහුගේ හඬ වයලීන තතකින් කරන හරඹයකි, සිරුමාරුවකි, කස්තිරමකි, අඩව්වකි, සුරලකි.. ට්‍රෙමලෝවකි.. ජලාවකි.. ඇඩ්ලීපයකි. 1975 දිනෙක කෑගල්ලේ නගරශාලාවෙහි 'ස' අසන විට ඇතිවු චමත්කාරය කවර අයුරකින් නම් මඟහැර යා හැකිද... |
|
|
|
|
තොටුපළ අයිනේ.. මීනා.. බිංදුමතී අදටත් රූප වශයෙන් මතකයෙහි රැඳී පවතින්නේ මැකිය නොහැකි අන්දමිනි.
අද 'පණ්ඩිත් ජස්රාජ්' භාගේශ්‍රි මුල් කර තැනූ පෙරදිග සංධ්වනියක් අසද්දී හෝපළු වනපෙත ද යළි නොඅසා බැරි විය. ලංකාවේ සංගීතයෙහි හින්දුස්ථානි රාග ඇසුරු වුවද අර්ධ ශාස්ත්‍රීය ගී නිර්මාණය වී ඇත්තේ අතළොස්සකි. පී.වී නන්දසිරි, බී වික්ටර් පෙරේරා ආදීන් අනුදත් ගීත ආරේ, වික්ටර් අතින් බිහිවු ගීය අනූපම වෙයි. එහි ආලාප කොටස කෙටි සරු එකකි. තානාලංකාරය පරිපූර්ණය. තදියමක් හෝ මැලි කමක් නොදක්වන වික්ටර් ගීතයට ප්‍රවේශ වන ලයෙන් ම ආවේගයෙන් ම තානාලංකාරයට ප්‍රවිශ්ඨ වෙයි. එහි නැඟි යාත්‍රා කරයි.. ඉපිලෙයි.. කිමිදෙයි. හෝ පළු වනපෙත අරක් ගත් රාධාව චක්‍ර ගණනකින් අලංකෘත කරයි, රංජනය කරයි. අවසන ‘අනේ ! මේ සින්දුව තව ඩිංගක් දිග වුනා නම්’ යැයි සිතවමින් නිමා කරයි.
'වික්ටර් නේ හලෝ!' අපේ ගෙදර උන්දෑ මැදට පනී.
වික්ටර් ගේ හඬ අප නොසිතන නොවිමසන තන්හී සියුම් ඉසියුම් හැඟුම් ප්‍රකාශනයක යෙදෙයි. ‘සරා සොඳුරු’ ගීයෙහි ‘කුණාටු මැද’ පාදයේ ආරම්භය එවන් එක් තැනකි. ආදර පූජාසනේ හි 'යෞවන මල් සමයේ' යනුවෙන් ගයන තැනත් එසේම ය. ඔහුගේ අනෙක් අර්ධ රාගධාරී ගියක් වන 'නුඹේ නමින්' හි 'මා හැර ගිය දුකින් තැවී' පාදයෙහි ‘තැවී’ යනුවෙන් ලෙලෙන කොටස මගේ සංගීත ප්‍රේමයෙකි.
වික්ටර් විශිෂ්ටයෙකි. මගේ ආලවට්ටම් නැතද වික්ටර් විශිෂ්ටයෙකි. ඔහු ප්‍රාතිහාර්යයකි. 
|
|
|
Hashitha Abeywardana | හෂිත අබේවර්ධන |
|
Updated on : 2010-06-04 03:21:02 | [Tags] Victor Rathnayake, Sri Lankan Musician, Sri Lankan Singer |
|
|
|
|
| මහ රජුනි කොහෙද ඔබේ මිනිසුන් දැන්? |
| |
 |
|
|
මහ රජුනි කොහෙද ඔබේ මිනිසුන් දැන්?
යදම් ලු මිරිකා දැමූ
නිස්කාරණේ උත්සාහ කොට
උන්ට පෙන්වා දෙන්නට ක්‍රමයක්
ඒ වෙනුවෙන්ම ඔබ දිවි දුණි
තිබුණි ඔබට සිහිනයක්
පොරොන්දු දේශයක් ගැන
සියළු ජාතීන් හා එක්ව
අත් වැල් බැඳන් යන ගමනක් ගැන
නමුත් උන් තවමත්
සූදානම් නැත පිළිගන්නට
ඒ සිහිනමය පොරොන්දුව
මහ රජුනි කොහෙද ඔබේ මිනිසුන් දැන්?
යදම් ලු මිරිකා දැමූ
නිස්කාරණේ උත්සාහ කොට
උන්ට පෙන්වා දෙන්නට ක්‍රමයක්
ඒ වෙනුවෙන්ම ඔබ දිවි දුණි 
|
|
|
|
ගීතය අහන්න. |
(UB40 සංගීත කණ්ඩායම ගයන King ගීතයේ පරිවර්තනයකි.)
පරි- ඩෝසන් ප්‍රීති/මාලතී ඇම්බ්‍රෝස් |
|
|
|
Updated on : 2010-06-04 03:20:02 | [Tags] UB 40, Martin Luther King, Dawson Preethi, Kalpana Ambrose |
|
|
|
|
| කසුන් කල්හාර සමග |
| |
 |
|
|
....සංවාදයකට වඩා මම කැමති ෆීල් එකක් දෙන්න, එහෙම සංවාදයක් ඇති කරන්න මියුසික් සැලැස්මක් ඇතිව කරන්න බැහැ. ඒක ඉබේම ඇති වෙන්න ඕන දෙයක්....
....බොහෝ ගායක ගායිකාවන්ට ප්‍රතිපත්තියක් නැහැ. ජනප්‍රියත්වය පස්සේ දුවනවා. සමාජ වගකීමක් ඇතුව වැඩ කරන්න ඕන කියන තැන ඔවුන් නැහැ....
ඉල්හාම් හොසන්, කසුන් කල්හාර සමග කළ කතාබහ. (උපුටනය- විදැස- 2009 ජූලි.) 
|
|
|
|
කියවන්න. |
Ilham | ඉල්හාම් |
|
Updated on : 2010-06-04 03:19:02 | [Tags] Kasun Kalhara |
|
|
|
|
| The Beatles- මිත්‍යාවේ සෙවනැල්ල විසින් ඉතිහාසය අවිනිශ්චය කරනු ලැබීම |
| |
 |
|
|
.......බීට්ල්ස් විසින් උපයා ගන්නා ලද ජනප්‍රියවාදී සංකේත ප්‍රාග්ධනය හේතුකොට ගෙන එම කණ්ඩායමේ සාමාජිකයන් හතරදෙනා - ජෝන් ලෙනන්(1940-1980), පෝල් මැකාත්(1942- ), රින්ගෝ ස්ටාර් (1940-) සහ ජොර්ශ් හැරිසන් (1943-2001) එසේ වුවත් මොවුන් සංගීතමය වශයෙන් එතරම් කුසලතා නොදැක්වු බව විචාරකයන්ගේ මතයයි. Piero Scaruffi රචිත History of Rock Music 1950-1990 ග්‍රන්ථය කියවන්න), තරුණ වීරයින් (Teen Idols) බවට පත්වීමත් එම නිසාම ලොව කිසිම සංගීත කණ්ඩායමකට නොදෙවෙනි ආකාරයේ වාණිජ සාර්ථකත්වයක් සහ සමාජ අවකාශයක් අදටත් ඔවුන් සතු කර ගැනීම නිසා සැබෑ රොක් සංගීත වීරයින් වීමට අවකාශය හා හැකියාව තිබූ අනිකුත් සමකාලීන සංගීතකරුවන් මෙම ප්‍රධාන ධාරාවේ වාණිජ යතාර්ථය තුල බහිස්කරණය වීම නිසා අවම වශයෙන් 50 අග හා 60 දශකය ආරම්භය පමණ වන තුරු සැබෑ රොක් සංගීතයෙහි ව්‍යක්ත විප්ලවීයත්වය ලොව බොහෝ දෙනාට අහිමි විය.
දක්ෂතාවය, රොක් තේමාවන්ට අනුගතවීම හා එම යුගයේ දේශපාලන සමාජ යථාර්ථයන් ප්‍රතිබිම්භනය කිරීම වෙනුවට වාණිජ ප්‍රාග්ධන අවකාශය විසින් බිට්ල්ස් මධ්‍යම පංතික නිද්‍රාකාරකයක් (Middle class tranquilizer)ලෙස ඌණනය කිරීම නිසා අදාල සමාජ යතාර්ථයන් පුපුරායාමට හා ඒ මගින් වඩා රැඩිකල් නැඹුරුවක් තිබූ යුරෝපීය සමාජ දේශපාලන අවකාශයේ සමාජ විප්ලවීයත්වය ත්‍රීව්‍ර කිරීමේ සමකාලීන වගකීම ඉටු කිරිම පසෙක තබා තමා ගොඩ නැංවූ ව්‍යාජ වාණිජ යතාර්ථයේම සිරකරුවන් බවට පත්වීමත් එම නිසාම තම ජීවිත කාලයෙන් විශාල ප්‍රමාණයක් ළමාවැඩිහිටියන් ලෙස බිට්ල්ස් ට ගත කිරීමට සිදු වූ අලකලංචියත් මෙහි දී සාකච්ඡාවට බඳුන් වේ. ඒ අනුව ඔවුන් දේශපාලනික අර්ථයෙන් රොක් සංගීත ලොවට සත්‍ය ලෙසම අයිති ද යන්නත්, පදමාලා සංසන්දනය කරමින් බිට්ල්ස් අව්‍යාජ අර්ථයකින් ස්වකීය භාවිතාව තුල විප්ලවීය ද යන්න උත්හෝටිකට අසුවෙයි. රොක් සංගීතයේ මූලික ප්‍රභේද හා එහි පරාමිතීන් බිට්ල්ස් හා අනෙකුත් සමකාලීන රොක් සංගීත කණ්ඩායම් වල ආරම්භය, විපරිණාමය කැටුව මාක්ස්වාදය, පශ්චාත්-මාක්ස්වාදය හා ව්‍යුහවාදය මෙන්ම මනෝ විශ්ලේශණය බිට්ල්ස් හා අනෙකුත් සංගීත කණ්ඩායම් වල දේශපාලන භාවිතය අර්ථකතනය කර ගැනීම සදහා භාවිතා කරන දෘෂ්ඨිවාදී හා න්‍යායික ප්‍රවේශ හඳුනාගත හැකි වනු ඇත........
සම්පූර්ණයෙන් කියවන්න 
|
|
|
Binku | බින්කු |
|
Updated on : 2010-06-04 03:13:11 | [Tags] The Beatles, Binku |
|
|
|
|
| තිසල් පාදුක්කවිදාන - මගේ උරුමය සමග |
| |
 |
|
|
පසුගිය ඔක්තෝම්බර් තුන් වෙනිදා සවස් යාමයේ සිඩ්නි තදාසන්නයේ පිහිටි රෝස්ලී ප්‍රජා ශාලාවට පිරී යන්නට රැස්වුණු සිය ගණනක් වැඩිහිටි දෙනෙත් අතර තෙත් නොවුණු දෙනෙතක් නොතිබු‚ යැයි මා කිවහොත් එය අතිශයෝක්තියක් නොවෙනු ඇත. ඒ නෙත් කෙවෙනි තෙත් කරමින් ගලා ගියේ සතුටු කඳුළු ය.
ඕස්ට්‍රේලියාවේ උපත ලබා, ඕස්ට්‍රේලියාවේ ම අධ්‍යාපන ලබමින් සිටින යන්තං දහතුන් වරක් සපිරිණු කුඩා කොළු ගැටයෙක්, තමා ගැයු තමාගේම ගීත දාහතරක් අඩංගු ''මගේ උරුමය'' නම් වූ කුළුඳුල් සංයුක්ත තැටිය තම දෙමව්පියන්ට පිරි නමමින් ඔවුන් දෙපලට දණ නමා ආචාර කරණු දුටු සිය ගණනක් හදවත් සලිත කරමින් පැන නැගුණු සතුටු කඳුළු ය.
මේ පොඩි කොළුවා ගේ නම තිසල් වංසජ පාදුක්ක විදාන නම් වේ. ඔහු සිඩ්නි සිංහල සමාජ කටයුතු වල නිරතුරු නායකත්වයක් උසුලන උපුල් සහ චම්පානි පාදුක්ක විදාන යුවලගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් ය. වසර 1996 දී සිඩ්නි නුවර දී මෙලොව එලිය දුටු තිසල් කුඩා අවදියේ සිටම ගායනයට හැකියාවක් පෙන්වූයෙකි. ඔහු සිඩ්නි නුවර ප්‍රසිද්ධ වේදිකාවල ගී ගයන්නට පටන් ගත්තේ අවුරුදු දහයක් ලබන්නටත් පෙරාතුවය.
 |
|
|
Rasika Suriyarachchi | රසික සූරියආරච්චි |
|
Updated on : 2010-06-04 03:07:13 | [Tags] Thisal Wansaja Padukkawidana, Mage Urumaya, Rasika Suriyarachchi |
|
|
|
|
| එලාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ! |
| |
 |
|
|
ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ
බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟපානා
මගෙ මිතුරා දයාලන් ගෙ ගෙල සිඳින්න බෑ
තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගී සටන් කලෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන් ව බිලි දුන්නේ නෑ
ලොවට කියා උපන් රටත් පාව දුන්නෙ නෑ
 |
|
|
|
ගීතය අහන්න මෙතනින් යන්න. |
|
Updated on : 2010-06-04 03:03:38 | [Tags] Thisal Wansaja Padukkawidana, Lakshman Kodithuwakku, Sangeeth Wickkramasinghe |
|
|
|
|
| බැස ගිය සුපිරි තරුව |
| |
 |
|
|
-විභවි දශ්‍ය කලා තොරතුරු සංග්‍රහය- 2009 ජූලි
පොප් සංගීත ලෝකයේ කිරුළු පලන් රජු ලෙස හැදින්වූ මයිකල් ජැක්සන්ගේ වර්ණවත් ජීවිතය ඛේදනීය ලෙස ඉකුත් අවසන් වුයේය. බටහිර ජනපි්‍රය සංගීතයේ එල්විස් ප්‍රෙස්ලිගෙන් පසු ගීතයට හා එහි ප්‍රසාංගිකත්වයට ඔහු නවමු අරුතක් එක් කළ බව අවිවාදිතය. ජැක්සන් ජීවත්ව සිටියදී බටහිර අධිපති මාධ්‍යයන් විසින් ඔහුගේ පෞද්ගලික ජීවිතය අනවශ්‍ය ලෙස හුවා දක්වමින් ඔහුව දරුණු මානසික පීඩනයකට හෙළීය. මයිකල් ජැක්සන් ඇමරිකානු ප්‍රතිරූපයට සිය ආත්මය හිලව් කළ හැටි මේ ලිපිය විවරණය කරයි. එමෙන්ම මෙ මගින් මයිකල් ජැක්සන් පිළිබඳව වඩාත් විෂයමූලික විග්‍රහයක් ගෙනඑන අතර ඔහුගේ ඛේදවාචකය පිළිබඳව පූර්ණ දැක්මක් සහිත වූවක් බැවින් අප එය මෙසේ පළ කරන්නෙමු. ඔහු ජීවත්ව සිටි කාලයේදී කළ විග්‍රහයක් වූ මෙහි මාතෘකාව පමණක් අප වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න. |
|
|
මයිකල් ජැක්සන් අත් අඩංගුවට ගැනීම හා ඔහුට එරෙහි ලමා අපචාර පිලිබඳ අධි චෝදනාව සමඟ ජනපි්‍රයයන් හා ලිංගික කටයුතු අලලාගත් මෑතම සෝලියට ඇමරිකානු මහජනතාව ගොදුරු කෙරී ඇත. තම හුරුපුරුදු තලු මැරීමේ උමතුවටද වක්‍රෝත්තිසහගත හා කාමුක විස්තරය සඳහා තරග වැදීමටද විවිධාකාර ජනමාධ්‍යයන්ට මෑතම කටකතාව තවත් අවස්ථාවක් පාදා දී තිබේ.
ජැක්සන් නඩුව ආශි්‍රත පුවත්පත් හා රූපවාහිනී අවරනය මාස ගනනාවක් පුරා ඇදී යනු නියත ය. මෙම ආවරනය තුල තම තමාගේ සුවිශේෂිත ''කෝණය'' මත පදනම්ව මාධ්‍ය පන්ඩිතයන් සහ කතා මෙහෙයවන්නන් සිද්ධිය පිලිබඳව දැඩි මත පලකිරීම් උදම් ඇනීම් හෝ මුග්ධ ලෙස සිනාසීම් කරනු ඇති නමුත් එකදු බැරෑරුම් අන්තර්×නයක් සම්පාදනය නොකරනු ඇත.
ජනමාධ්‍යය මෙම කනගාටුදායක සිද්ධිය තුල කිහිප ආකාරයකට කි්‍රයාත්මක වෙයි; එනම් සුවිශේෂිතවම ඉරාකය තුල සිදු කෙරෙමින් පවතින හිංසනය හා ඝාතනයද ඇතුලු සැබෑ දැවෙන ප්‍රශ්නයන්ගෙන් මහජන අවධානය අපසරණය කිරීමට හැකි සෑම ආකාරයකින් ම මහජන විනය දුෂනය කිරීම හා නිර්වින්දනය කිරීමට සහ අලෙවිය වැඩිකර ගැනීම හා ප්‍රචාරනය ගොඩනංවා ගැනීම පිලිබඳ අපේක්ෂාවෙන් ''සල්ලි ගැරිය හැකි'' ඕනෑම දෙයක් පසුපස හඹා යෑම යනාදී වසයෙනි.
 |
|
|
|
ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඩේවිඩ් වොල්ෂ් විසින් 2003 දෙසැම්බර් 01 ලියු Michael Jackson’s Tragedy (David Walsh) නම් ලිපියේ සිංහල පරිවර්තනය (මයිකල් ජැක්සන්ගේ ඛේදවාචකය). උපුටා ගැනීම - ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි. |
|
|
David Walsh | ඩේවිඩ් වෝල්ෂ් |
|
Updated on : 2010-06-04 03:00:36 | [Tags] Devid Wolsh, Michael Jackson |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |