සහෝදරියකගේ වියෝව

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
සහෝදරියකගේ වියෝව
 
 
පාන්දරින් සුපිපෙන නුඹෙ සිනා වත
යාන්තමින්වත් පිපිලා නොමැත අද
වෙඩිල්ලකටවත් සසලව නොගිය හද
මොටෝරියක වැද නිසසල වෙලා ඇත

ඇඳුම් මෝස්තර වැහි වහිනා කාලෙක
ගෙතුම් ලිහුණු ගවුමක් ඇන්ඳා වැඩට
මැහුම්හලේ රුව ඇති දූරුන් අතර
කටක් තියෙන දියණිය වූවා මෙනුඹ

සමිති ක්‍රියා තහනම් කෙරුණේ කෙදින
කුණාටුවක් ලෙස හැමුවා නුඹ එදින
පිකට් ලයින්-වර්ජන කෙරුණේ කොතැන
දිරිය මවක සේ නුඹ සිටියා එතැන

ඈත දකින දෑසක් සතු වූ නුඹට
පාර නොපෙනිතැයි අදහන්නේ කෙලෙස?
රෑට වැඩට එනු බැරි යයි කී කටට
හාම්පුතුන් ඇට වූ උගුලක් වී ද?

චේන් - බැටන් පොලු ළඟ දන නොනැමූ අය
බලන් සිරස නමනායුරු නුඹ අසල
කඳුලු ගෑස් මැද නොහඬා සිටි සෙනග
කඳුලු පිරුණු දෑසිනි නුඹ ඉදිරිපිට

දැනේ අදට වැඩියෙන් පාඩුව හෙටට
නඟේ කවුරුදෝ පුරවන්නේ අඩුව
අපේ සිරුරු දාහක් බිලි ගෙන රියට
අනේ ඉතිරි කෙරුවා නම්! නුඹ ලොවට.

[කඳුලු මිටියාවතින් 1992]
 
Darshana Medis | දර්ශන මේදිස්
Updated on : 2010-07-29 05:07:58 | [Tags] Kandulu Mitiyawathin 1992
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
 
0 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මුඩුක්කු නිවසක් අසලින් රාත්‍රියක ඇසුණු දෙබසක් | ප්‍රදීප් සාරංග කුමාර
 • දුෂ්කර සේවේ නිමාවී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට... | සමිත බී. අටුවබැන්දෑල
 • මාලි | ලක්ශාන්ත අතුකෝරල
 • ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි | චින්තක රණසිංහ
 • සඳ කඳුළු මාලය | කූඹියා
 • මගේ උස් වූ හඬින් | අතුල ජයදේව
 • සඳ රාජන් සහ කෝවිල නම් ප්‍රේම සෞන්දර්යය | ධර්මසිරි රාජපක්ෂ
 • අසිරිමත් | විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.
 • ගෝලීයකරණය | දේ. වි. ගාල්ලගේ
 • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය | ලියනගේ අමරකීර්ති
 • මගේ "පත්තරකාරයා" | උද්‍යෝගී පලිහක්කාර
 • ණයට ගත් සාජ්ජය | යමුනා මාලිනි පෙරේරා
 • කවියනි | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • මන්දා | අජිත් තිලකසේන
 • මංසල | චන්ද්‍රසිරි මීවනගේ
 • අනුගාමිකයෙකුගේ කවිය | අනුෂ්ක තිලකරත්න
 • 0 | අජිත් තිලකසේන
 • වෙළඳ කවි | කූඹියා
 • 'ලොලිටා' හමුවී | ඩී. එම්. ටීම්රාන් කීර්ති
 • පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය | කේ කේ සමන් කුමාර [සර්පයා]
 
 
  තවත් වියමන්