උතුරින් දකුනට

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
උතුරින් දකුනට
 
 
(උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින

මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි
-කතෘ

['කඳුලු මිටියාවත' 1992 කෘතියෙනි]
 
Darshana Medis | දර්ශන මේදිස්
Updated on : 2010-07-28 01:51:57 | [Tags] Kandulu Mitiyawatha 1992, Sabanda Api Kandu Nowemu, Gunadasa Kapuge
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[Apurwa] මෙහෙම කියනවා :
kawiya wagema sanwadayath baluwa
harima interesting
කිවුව වෙලාව- 2010-07-29 21:17:48
 
[Neenu] මෙහෙම කියනවා :
මේ කවිය නම් දර්ශන මේදිස් ගේ...ඒක ගැන විවාදයක් නැහැ...මේක අපේ උසස් පෙළට කියවන්න නියමිත පොතකත් තිබ්බා...
කිවුව වෙලාව- 2010-07-29 21:15:30
 
[ලොකු] මෙහෙම කියනවා :
වීරයා,
මේ රචනාව සුනිල් එදිරිසිංහ ගීතයක් විදිහට ගයනවා. මට මතක හැටියට අළුත් වැස්සක් සී.ඩී. එකේ තියෙනවා.

-ලොකු
කිවුව වෙලාව- 2010-07-29 04:53:49
 
[Manusha] මෙහෙම කියනවා :
Hariyata hari. Ehemath ekka thibuna nennam. Sthuthee Koombiya saha veeraya..
කිවුව වෙලාව- 2010-07-29 00:27:57
 
[Hashitha] මෙහෙම කියනවා :
කපුගේ ගේ තනු 1990 න් පස්සේ ඔක්කොම එක වගේ උනා.. ඔය ගැන ඇහුවාම කපුගේ අපි දෙන්නෙකුට බැන්නා.
කිවුව වෙලාව- 2010-07-29 00:26:21
 
[Koombiya] මෙහෙම කියනවා :
මරු වීරයා.

කපුගේ කියන රත්න ශ්‍රී ලිවුව සිංදුවක් තියනවා ''සොඳුර නුඹ ලිහිණියකි- රැයේ අඳුරට හඩන... මම ද ලිහිණියක වෙමි- කැඩුනු තටු පිරිමදින'' කියලා. මේකෙ මෙලඩි එක සම්පූර්ණයෙන්ම සමානයි ''සබඳ අපි කඳු නොවෙමු'' එකට. මං කාලයක් ටපලවගෙන උන්නෙ දෙකේ වචන පවා. මෙතන මතු වුන රත්න ශ්‍රී ගෙ සමබන්ධය ඒ සින්දු දෙකේ සමානකම නිසා ආව නෙත්තියක් වෙන්නත් බැරි නැහැ.
කිවුව වෙලාව- 2010-07-29 00:14:47
 
[Veeraya] මෙහෙම කියනවා :
මේ ගීතය සඳහා ඇති වූ අලකංචිය විසඳීම සඳහා මෙසේ කරුණු පෙළගස්වමි. මනූෂා ඉදිරිපත් කළ ආකාරයේ මෙම ගීතයට රත්න ශ්‍රී ගේ සබඳතාවක් නොමැත. නමුත් සිදු වී ඇති දෙය පැහැදිලි වූයේ රත්න ශ්‍රී ගේ ගංගා ගීතය නැවත කියවීමෙනි. එහි සුනිල් ආරියරත්න ලියූ මන්දා නාලිනී ගැයූ කේන්තියට කියන විරිඳු හා සමාන රචනාවක් තිබෙනවා. මේ පටලැවිල්ල වෙන්න ඕන ඇයට සිදු වූයේ. එය මට මුණගැසුනේ ද අද උදෑසන නැවතත් කියවීමෙනි. ඊයෙ දවස තුළ ද එවැන්නක් එක ලෙසම හමු නොවුණි.

මෙය ඇත්කඳ ලිහිණි විත්තිය නමින් රචිතය. මෙය ධර්මසේන පතිරාජ විසින් රචිත නන්නාදුනන පුත්තු ටෙලි නාට්‍ය වෙනුවෙන් නිර්මාණය වූවකි. මෙසි සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාස ගෙනි.


හත් මූදෙන් මෙපිට ගුගුරුවා - බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි - සුද්දො ආවෙ රට කොරන්ඩ
මහත්වරුනි දන්වාද - සුද්දො ආවෙ රට කොරන්ඩ

යෝධ කඳු වළලු වටලා - මුඩුබිම් නිල් පෑ කරන්ඩ
නීල හරිත දළු නෙළලා - එතෙර එදේසෙට යවන්ඩ
ඉර නොඉහින පොළව වටේ - කතිර කොඩිය ලෙළදෙවන්න

සත්තු වගේ මඩ කාගෙන - දිව කාගෙන බර අදින්න
උත්තම මහ රාජිනීට - ජීවිත පූජා කරන්ඩ
මහත්වරුනි අපිත් ගියා - පය පාමුල වාල් වෙන්ඩ

මහ කඳවැටි කෙට්ටු වෙලා - රට වැහැරී යන අතරේ
මහ පුදුමෙට වගේ දෙයක් - සිද්ධ වුණයි මගෙ මිතුරේ
අහගන්නම වටින දෙයක් - සිද්ධ වුණයි මගෙ මිතුරේ

දුප්පත්කම දළු දමනා රටට - එදේසෙට පසින්දු
ඇත්කඳ ළිහිණියෙක් වගේ - ආවයි බන්බරි මැතින්දු
වත්තක පාලනේ ගන්ට - ආවයි බන්බරි මැතින්දු

අත්වල කරගැට පෙනිලා - හිත්වල මළකඩ දැකලා
ඇත්කඳ ළිහිණියා ඇවිත් - ඇත්තම බණ මතක් කළා
ඇත්තට කිව්වේ මොකවද - ඇවිදින් බන්බරි මැතින්දු

මිනිසුනේ නුඹලා - මේ සරු මහ පොළවෙ දරුවෝ
කෝඋඹලාගේ ඔටුන්න - නුඹලා අද හිර කරුවෝ
ඉර නොබහින අධිරාජ්ජෙ - සදාකල්ම හිර කරුවෝ

කරබාගෙන නොඉඳ ඉතින් - ලක්වැසියනි එකතු වෙයව්
ඉර නොබහින අධිරාජ්ජෙ - ඉර පෙරළා බිමට දමව්
කුරිරු අදිරදේ ගින්දර - නිවාලන්න එකතු වෙයව්

කමලා දේවිත් එක්කල - ඇවිදින් නාවල පිටියේ
බන්බරි මැති කළ කතාව - අපි අහගෙන හිටියේ
සුදු වතු පාලක පිරිවර - වෙවුලුවාලු කිටි කිටියේ

සිංහ වෙසින් බන්බරි මැති - කළ උන්ටය අභියෝගේ
කෝප වුණා වතු සුද්දන් - වෙඩි කෑ ඌරන් වාගේ
ආණ්ඩුවත් දුන්න නේද - ධනපතින්ට සහයෝගේ

මෙන්න මේ වගේ කවි 23 ක් තියෙනවා මේ ගිතය තුළ. කාර්යාලයේ කාර්යබහුල කම හේතුවෙන් ඉතිරිය නොලියමි. ඊයේ සිදු වූ පටලැවිල්ල මේ මොහොතේදී පැහැදිලි වනවා ඇති. මනූෂාගේ කරුණු දැක්වීමෙන් නැවතත් අපිට ඒ ගීතය පිළිබඳව සොයන්නට සිතන්නට ඉඩක් ලැබුණා. ඒ පිළිබඳව මනූෂාට ස්තූතියි.
කිවුව වෙලාව- 2010-07-29 00:01:40
 
[Naveen Welikala] මෙහෙම කියනවා :
දර්ශන මේදිස් මේ කවිය ලිව්වේ මගේ මතකය නිවැරදි නම් 1987දී හෝ ඒ ආසන්න කාලයකදී.
'දිවයින" පත්තරේ 'කව්මුතු' තීරයේයි මේ කවිය පළවුණේ.
කපුගේ මේක ගීතයක් වශයෙන් පාවච්චි කළේ 'කම්පන' ප්‍රසංගය වෙනුවෙන් 1990දීයි.
නමුත් මෙතැනදී දර්ශනගේ මුල් කවියේ අර්ථයත්, සන්දර්භයත් කපුගේ විසින් වගේම ඉන් පස්සේ කවිය පාව්චිචි කළ බොහෝ අය විසිනුත් විකෘති කළා.
ඒක වුණේ මෙහෙමයි:
දර්ශන තමන්ගේ කවිය නම් කළේ "උතුරින් - දකුණට" කියලා.
අර්ථය වඩාත් පැහැදිලි කරන්න තමයි උප මාතෘකාවක් වශයෙන් 'පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට' කියලා දැම්මේ.
ඒ අනුව 'සබඳ අපි කඳු නොවෙමු' කියන සහෝදරත්වයේ ප්‍රකාශය පීඩිත දෙමළෙකු සිංහල පීඩිතයෙකුට දෙන පණිවුඩයක්.
නමුත් කපුගේගේ 'කම්පන' ප්‍රසංගයේදී මේ කවියේ සන්දර්භය වහලා ප්‍රසංගය අවසානය සඳහා හෝ ඊට ආසන්න තැනකට මේක යොදාගත්තා.
අනිත්මේදී ඒක හරියටම ප්‍රසංගය බලන්න ආව අයට කියන පණිවුඩයක් බවට පත්වුණා.
ඉන් පස්සේ දිගින් දිගටම මේ කවිය යොදාගත්තේ දකුණේ බහුතරයක් වාමාංශිකයන්ගේ 'ප්‍රදර්ශනවාදී' වාර්ගික සහෝදරත්වය කෙළින් කරලා තියාගන්න අවශ්‍ය කරන කූඤ්ඤයක් විදියටයි.
මුල් කවියේ සන්දර්භය වුණ 'උතුරින් දකුණට' පසුකාලීනව 'දකුණින් උතුරට' විදියට වෙනස් වුණා.
ප්‍රතාභා සම්පන්න කවියෙක් වගේම, පිළිවෙත් ගරුක මනුෂ්‍යයෙක් වූ දර්ශන පසුකාලීනව ඒ ගැන සිටියේ පසුතැවිල්ලෙන්.

කොහොම වුණත්, රත්න ශ්‍රීට මේ කවිය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.

නවීන්.
කිවුව වෙලාව- 2010-07-28 21:31:30
 
[Koombiya] මෙහෙම කියනවා :
manushage wradi wataheema hari watinawa...
eeka nisane meka gana dana gaththe hathwalame
කිවුව වෙලාව- 2010-07-28 03:07:30
 
[Manusha] මෙහෙම කියනවා :
Ehenam kamak ne… Mage veradi wetaheema gena samaawa ayadinawa… Gangaa geethaya mekata kohoma aandunaada manda..
කිවුව වෙලාව- 2010-07-28 03:06:00
 
[Boondi] මෙහෙම කියනවා :
corrected with darshana's foot note.
කිවුව වෙලාව- 2010-07-28 03:03:22
 
[Hashitha] මෙහෙම කියනවා :
මම මේ කවිය කියෙව්වෙ දර්ශනගෙ පොතින් [කඳුලු මිටියාවතින්] පොතේ අන්තිම කවිය. දර්ශන ඒකෙ ලියලා තියෙනවා මේ කවිය අරුත් විකෘති කොට කපුගේ විසින් ගායනා කිරීම ගැන කණගාටු වෙනවා කියලා. මම දර්ශනට කතා කරන්න හැදුවා ෆෝන් එක නිවලා.
කිවුව වෙලාව- 2010-07-28 02:57:56
 
[Koombiya] මෙහෙම කියනවා :
methana aththatama mokadda ban ethakota wela thiyenne?
kapuge kiyanne mekema version ekak neda?
kapuge kiyana eka rathna sri ge lyrics da?
කිවුව වෙලාව- 2010-07-28 02:57:33
 
[Veeraya] මෙහෙම කියනවා :
Meka darshana medisge kandulu mitiyawathin kiyana pothe thiyenne. meke urumakkaraya darshana.
rathna sri ge ganga geethaye kiyana pothe thiyana sinduwa oka newei. manusha langa thiyei nam eka ewanna.
කිවුව වෙලාව- 2010-07-28 02:57:11
 
[Manusha] මෙහෙම කියනවා :
Me geethaya Rathna Shri Wijesinghage “Gangaa geethaya pothe thiyanawa” Me kaivyama aragena Kapuge kiyana geethayak thiyenawa.. Meka kohomada Darshan Medisge pothaka thiyenne.. ?????
කිවුව වෙලාව- 2010-07-28 02:56:33
 
 
15 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මුඩුක්කු නිවසක් අසලින් රාත්‍රියක ඇසුණු දෙබසක් | ප්‍රදීප් සාරංග කුමාර
 • දුෂ්කර සේවේ නිමාවී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට... | සමිත බී. අටුවබැන්දෑල
 • මාලි | ලක්ශාන්ත අතුකෝරල
 • ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි | චින්තක රණසිංහ
 • සඳ කඳුළු මාලය | කූඹියා
 • මගේ උස් වූ හඬින් | අතුල ජයදේව
 • සඳ රාජන් සහ කෝවිල නම් ප්‍රේම සෞන්දර්යය | ධර්මසිරි රාජපක්ෂ
 • අසිරිමත් | විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.
 • ගෝලීයකරණය | දේ. වි. ගාල්ලගේ
 • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය | ලියනගේ අමරකීර්ති
 • මගේ "පත්තරකාරයා" | උද්‍යෝගී පලිහක්කාර
 • ණයට ගත් සාජ්ජය | යමුනා මාලිනි පෙරේරා
 • කවියනි | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • මන්දා | අජිත් තිලකසේන
 • මංසල | චන්ද්‍රසිරි මීවනගේ
 • අනුගාමිකයෙකුගේ කවිය | අනුෂ්ක තිලකරත්න
 • 0 | අජිත් තිලකසේන
 • වෙළඳ කවි | කූඹියා
 • 'ලොලිටා' හමුවී | ඩී. එම්. ටීම්රාන් කීර්ති
 • පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය | කේ කේ සමන් කුමාර [සර්පයා]
 
 
  තවත් වියමන්