නික්මයාම

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
නික්මයාම
 
 
විජ්ජුලතාවෙන් සැරසී
වස්සානය සරණ විත්
නළ තෙමේ බෙලෙන් නටුවෙන්
බිම හෙවූ මලින් ගැවසුණ
කළිඟු ගං තෙරේ යට ගිය
කළල් මැද එරී සැඟවෙමි...
හංස ගීය ඇරඹී ඇත...
ක්‍රිෂ්ණා, දෑසම පියන්න
නොහඬා සුෂිරය වයන්න

වෙණ මිණි තත් පසෙකට ලා
ගාත් හි ගොලියත් පැරයූ
ගොපල්ලාන දාවිත්*,
සිහසුන හැරපියා එන්න
ඒලා නිම්නයට එන්න
යුධ වැද ඇද වැටුණු විසල්
සේනාවට යටව මියෙමි
ඇවිදින් මා නොගළවන්න
එකම එක් වරක් පමණක්
ගොළු වූ වෙණ යළි වයන්න

ජීවිතයට ද මරණයට ද
කාලයට ද ඔබ්බෙන් වූ
අසංඛ්‍ය වූ වැලි කැට යට
පොළෝ ගැබෙහි රහස් දැරූ
පණ ගැහෙනා පැපිරස් මත
මහා පිරමීඩය පතුළෙහි
නිද්‍රාවෙහි සැඟව උනිමි
යවට පොළොව ගිනියම් කොට
වැලි කතරට එසැවූ සඳ
දැවෙන හිරුට දෑස හරිමි
දුහුවිලිවී බිමට හැලෙමි
එන්න, මගේ රහස ගන්න
මිහිතල මත විසුරුවන්න

මටම පැරදී
මගෙන් ලේ ගලන
දිනන්නට කිසිත්
තවත් ශේෂව නැති
එරීනාවෙහි ඇද වැටෙමි....
ණයට ගත් අසිපත
පසෙක ලා සැතපෙමි
සුළං රළකට පොඩි වුණ
ඇහැළ මල මත වට
කඳුළු බිඳුවක් මත
ජීවිතය වෙනුවට
ආදරය යයි ලියා
රඟ මඬල තිරය හෙළනෙමි
රණ මඬල හැර පියා නික්මෙමි.

* වෙණ වැයුමෙහි දක්ෂ ගොපළු කොළුවෙකුව හිඳ ඒලා මිටියාවතේ දී ගොලියත් නම් යෝධයා පරදා පසු කලෙක ඊශ්‍රායෙලයේ රජ වූ දාවිත් (ශු. බයිබලය: 1 සාමුවෙල් - 17-18)

18/07/2010
 
Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
Updated on : 2010-07-21 00:50:43
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[Nalin] මෙහෙම කියනවා :
niyamayi!
කිවුව වෙලාව- 2010-07-22 00:35:32
 
[mevaraya] මෙහෙම කියනවා :
සුළං රළකට පොඩි වුණ
ඇහැළ මල මත වට
කඳුළු බිඳුවක් මත
ජීවිතය වෙනුවට
ආදරය යයි ලියා
රඟ මඬල තිරය හෙළනෙමි
රණ මඬල හැර පියා නික්මෙමි.
කිවුව වෙලාව- 2010-07-22 00:13:01
 
[Nimmi] මෙහෙම කියනවා :
Apooru nirmanayak..harima sanwediy
කිවුව වෙලාව- 2010-07-21 22:39:36
 
 
3 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මාලි | ලක්ශාන්ත අතුකෝරල
 • ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි | චින්තක රණසිංහ
 • සඳ කඳුළු මාලය | කූඹියා
 • මගේ උස් වූ හඬින් | අතුල ජයදේව
 • සඳ රාජන් සහ කෝවිල නම් ප්‍රේම සෞන්දර්යය | ධර්මසිරි රාජපක්ෂ
 • අසිරිමත් | විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.
 • ගෝලීයකරණය | දේ. වි. ගාල්ලගේ
 • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය | ලියනගේ අමරකීර්ති
 • මගේ "පත්තරකාරයා" | උද්‍යෝගී පලිහක්කාර
 • ණයට ගත් සාජ්ජය | යමුනා මාලිනි පෙරේරා
 • කවියනි | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • මන්දා | අජිත් තිලකසේන
 • මංසල | චන්ද්‍රසිරි මීවනගේ
 • අනුගාමිකයෙකුගේ කවිය | අනුෂ්ක තිලකරත්න
 • 0 | අජිත් තිලකසේන
 • වෙළඳ කවි | කූඹියා
 • 'ලොලිටා' හමුවී | ඩී. එම්. ටීම්රාන් කීර්ති
 • පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • ඇඹිලිපිටියේ දොර | ජගත් රණතුංග
 • බෝධිසත්ව ගබ්සාව | කුමාර හෙට්ටිආරච්චි
 
 
  තවත් වියමන්