|
| Comments|ප්‍රතිචාර |
| |
|
|
[-තුෂාරි ප්‍රියංගිකා-]
මෙහෙම කියනවා :
|
| තමන් තුළම සිටින "අනෙකා" මේ යැයි සිතේ.. |
| කිවුව වෙලාව- 2010-07-15 11:36:24 |
| |
|
[BANDI-ගමරාළ]
මෙහෙම කියනවා :
|
@ගමරාළ
alawaka kiyala porakuth oya wagema kathawak koheda kiyala thibuna. [hina]
meka ithin oyage podi 'J' ledak.
me ledeta behetha thamayi tikak mahansi wela hadareem karanna.
sarala silara dewalma witharak neme loke thiyenne
alawaka-la gamarala-la therum ganna awashya sathyaya eekayi. |
| කිවුව වෙලාව- 2010-07-14 21:45:37 |
| |
|
[Jagath J Edirisinghe]
මෙහෙම කියනවා :
|
සියල්ල යහපත් ලෙස සිදුවනතාක් කල් අපි අපේ ලෝක තුළ මහත් අභිමානයෙන් ජීවත් වන්නෙමු. සිහින මවන්නෙමු. තඩදාසි මත සිහින අඳින්නෙමු. ජීවිතය අපූරු ය. සුවදායක ය. ලස්සන ය. අහා.. ඒ සිහින කොයි තරම් සුන්දර ද..?
නොසිතූ මොහොතක අහසින් පෙළොවට කිසිවකු විසින් අප ඇද දමනු ලැබූ පසු අපි ඇස් ඇර බලන්නෙමු. බිම වැතිර බිඳුණ අත පය ඇතිව ඇස් පමණක් ඇර බලා කඩදාසි සිහින කොතැන වැටුණි දැයි සොයන්නෙමු. මේ සිටින්නේ අප දැයි අපට ම සිතා ගන්නට නොහැකි ලෙස අපි දුර්වලව අකර්මණ්‍යව පරාජිතව වැතිර සිටින්නෙමු. නැවත නැගී සිටින්නට හැකියාවක් ලැබේදෝහෝයි නොදැන ම ඔහේ වැතිර සිටින සඳ අර කඩදාසි සිහින ඈත පාවී යනු අපට පෙනෙයි. ඒවා අල්ලා ගිණි තබන්නේ නැතිව නැවත නැගී සිටීමක් නොමැති බව අපට දැනෙයි.
"පිළිස්සිය යුතුයැ හැම කඩදාසි හීනයක්
තටු ලබන්නට මතුයම් දිනෙක ඒ සිතුමන් "
විශ්වය අප යයි සිතා සිටි අපි පළමු වතාවට කුඩා අංශුවක් බවට පත්ව සිටින්නෙමු. ඉදින්, හැකි නම් කඩදාසි සිහින අහුලාගෙන ගිණි තැබිය යුතු වෙමු. නැත්නම් ඒ සිහින කඩදාසි කන්දරාවටම යට වී ඔහේ වැතිර සිටිය යුතු වෙමු. මේ දෙකෙන් අපට කළ හැකි වන්නේ කුමක්ද යන්න මත සියල්ල තීරණය වන්නේ ය. නැවත විශ්වය විය නොහැකි නම් අඩුම වශයෙන් ග‍්‍රහලෝකයක් වත් වන්නට හැකිවේද.. නැත්නම් සදාකල් අංශුවක් ලෙසින්ම පවතින්නට සිදුවේ ද...
ආපසු හැරී බලා කොතැනකදී හෝ අපට අහිමි වූ අප සොයාගන්නට හැකි වේද?
මේ ඩොසා ගේ කවිය මගේ සිතේ මැවූ සිතුවිළි වචන බවට පෙරළීමකි. කොහොමත් ඩොසා ගේ කවි මගේ සිත කම්පනයට පත් කරවන සුලූ ඒවා ය. ඉදිරියේ දී වඩාත් ප‍්‍රවේසම් විය යුතු ය. |
| කිවුව වෙලාව- 2010-07-14 21:35:37 |
| |
|
[ගමරාළ]
මෙහෙම කියනවා :
|
සෑහෙන්න අකුරු නාස්ති කරල.
කවියක අදහස අපැහැදිලි තරමට ඒක වියත්ලුනෙ.
පට්ට......! |
| කිවුව වෙලාව- 2010-07-14 06:57:32 |
| |
|
[Malathie Kalpana Ambrose]
මෙහෙම කියනවා :
|
මිනිසුන්ගේ පෞද්ගලික වේදනාවන් හෝ සංතෘෂ්ඨීන් වින්දනය කරන ආකාරය , භාර ගන්නා හෝ විශ්ලේෂණය කර ගන්නා ආකාරය එකිනෙකාගෙන් විවිධය..සිය අත්දැකීම් හා හැදෑරීම් මත ගොඩ නැගෙන ජීවණ දර්ශනයන් මත ඒවා රඳා පවතී. කවියා හෝ නිර්මාණකරුවා විඳ ගැනීමෙන් ඔබ්බට ගොස් මේ හැඟීම් සහ දර්ශනයන් විචිත්‍ර ලෙස සිතුවම් කරයි. මේ සිතුවමේ සායම් යනු ඔහු එක්තරා මොහොතකදී හෝ මුළු ජීවිත කාලය තුළදී හෙලූ ලේ, කඳුළු සේම ස්පර්ශ කළ සෞන්දර්යයන්ය. එවිට සහෘදයා තමන්ට සුවිශේෂිවු දැක්ම අනුව එය කියවා ගනියි...
අජිත් කියා ඇති පරිදි ප්‍රීති අයියාගේ "සිහිනය" මට අරුත් ගැන්වෙන්නේ එතැනදීය..
අඥාත වූත් අසංඛ්‍ය වූත් එහෙත් , සමාන්තර විශ්වයන්...... |
| කිවුව වෙලාව- 2010-07-13 22:17:41 |
| |
|
[Shadow|හේමලයා ]
මෙහෙම කියනවා :
|
මංමුළාවූ සිහින....:(
@Wachana Taxi |
| කිවුව වෙලාව- 2010-07-13 22:01:34 |
| |
|
[Hashitha Abeywardana]
මෙහෙම කියනවා :
|
"පිළිස්සිය යුතුයැ හැම කඩදාසි හීනයම
තටු ලබනු පිණිස මතු යම් දිනෙක'' |
| කිවුව වෙලාව- 2010-07-13 22:01:01 |
| |
|
[Ajith C. Herath]
මෙහෙම කියනවා :
|
| මෑත කාලයේ කියවන්නට ලැබුන කවි අතරින් ඉතා සුවිශේෂි කවියක්. මේ කවිය වෙන වෙනම පෙළ වශයෙන් අර්ථ දැක්වීමට හෝ තේරුම් ගැනීමට අපහසුයි.හරියට සිහිනයක් අර්ථ ගැන්වීමට හෝ තේරුම් ගැනීමට නොහැකිවාක් මෙනි.නමුත් සමස්ත නිර්මාණය කියවා ඉවර වූ විට හැගෙන්නේ අප තුළ වූ අවිනිශ්චිත හැගීමක් ප්‍රකාශ කිරීමේ වචන , සංකල්ප රූප සහ ආකෘතියක් සොයාගැනීමට ඩෝසන් සමත් වී ඇති බවයි. |
| කිවුව වෙලාව- 2010-07-13 22:00:35 |
| |
| |
| 8 Comment(s)|ප්‍රතිචාර |
| |
|
|