මාධූර්යයෙන් නොපැවැත්මට..

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
මාධූර්යයෙන් නොපැවැත්මට..
 
 
රඟහල සිසාරා
මේ රළ නගන
ස්වර මාධූර්යය ඔබය...
සුගාමය... සත්තාව මය

නදියක්ව රැළි ලමින්
යළිදු නිසසල වෙමින්
උත්සවාකාරී ආශ්චර්යයක
වර්ණයන් මැද කළතමින්
මා වෙළයි...
මා සිසාරා ගලයි...

නිම්නාද ස්වර පන්ති
සියොළඟෙහි ඉසියුම්ම
අණු පවා අවදි කොට
මුසපත් කර
වර නගයි....

හාත්පස ඉපදෙන
සුයාමයෙහි වැතිරෙමි...
ඒ තුළ ට වැගිරෙමි...

සෞන්දර්යයෙහි නදී තෙම
මා තෙමා දිය කොට
වෙනස් ශක්ති ප්‍රභවයක් බවට හරවා ඇත...
මම බිඳී ,
යළි යළිදු ක්ෂුද්‍ර වී
විශ්වය පුරා විසිරෙමි...

රඟහලෙන් සුයාමයට පිවිසෙමි....
ඔබ සමග
ඔබ තුළ
දිය විය හැකි
දිගන්තය අස වැතිරෙමි....

හුස්මකට කැටි වන
සක්වල පුරා විසිරෙන
අනන්ත වූ මාධුර්යය හා මුසු ව
නිශ්චල වෙමි...
සියල්ල හඟිමි
සියල්ල දකිමි...
අපරිමිත හැඟුම් සෙන්
නොහිම් සර හා මුසුව
මා සිරුර විනිවිදියි...

ඔබ නොපවතීයයි කාට නම් කිව හැකිද...?
මෙන්න , ඔබ මෙතැන
ගැඹුරක්ව මිහිරක්ව
අණුවක්ව මුසු වෙමින්
එකම ලයකට
එකම රිද්මයකට
එකම තනුවක් තුළ වැයෙමින්

තත් මැදී
ඉන් රිදී
වේදනා ඉපදෙමින්...
මා පැවැත්ම ස්පර්ශ කොට
සිරුරත වෙළාගෙන
සුසුම් වල කැළතී

චෙලෝවෙහි තත් අතර පණ ලබා
මම ම වී ඉපදෙමින්

නොදැනීම
මා සුසුම් නැවතී
නොපවතින්නට පටන් ගනිමි...

එසැණින්,
චෙලෝ තත් අතර මා පණ ලබයි...
මෙතැන් සිට මා පවතින්නේ
ස්වර මාධුර්යයයෙන් සුනිශ්පන්න වූ
සමාන්තර සුගායනීය
සක්වලකය

ස්වර යනු මම ය
මා තුළ සොඳුරු සත්තාව ද
සත්තාව තුළ මා ද වෙයි...
ඔබ
විශ්වයෙහි අනන්තය අස
මා සතපවා
මා සුසුම් හා මුසුවෙයි...

එසැණින්,
චෙලෝ තත් අතර
නොපවතින මා පණ ලබයි...

07/07/2010
 
*Cello සංධ්වනියක් මැද රඟහලක දී ලියැවූණි.
(Photo credits Michael Maggs, Wikimedia Commons)
 
Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
Updated on : 2010-07-13 00:20:46
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[Dawson] මෙහෙම කියනවා :
චෙලෝ තත් අතර කම්පිතව ස්වර තුළින් ඉපිද තත් කම්පන පරිමන්දනය වූ කළ විශ්වයේ කෙළවරක සුසරව වෙනස් ශක්තියක් බවට පෙරලී යලි යලිදු උපදින මියෙන සංගීතයක් බැව් මේ මහත් ජීවය මේ කව පුරා ගලා යන රමණීයත්වය ට දෑස් පා හිඳිනු හැර පා ඔබා සංචලනය කර එම ස්වර දියමතුපිට නැවතත් එදිය තුළ උපදවන්නට බිය වෙමි. ඒ වදන් ගංගාවේ අසබඩ බවුන් වඩනට වෙර දරමි.

මේ කවිය අපූර්වත්වයේ මූර්තියකි.
කිවුව වෙලාව- 2010-07-25 23:42:01
 
[-තුෂාරි ප්‍රියංගිකා-] මෙහෙම කියනවා :


චෙලෝව ඉතාම මිහිරි වාද්‍ය භාණ්ඩයක්.

"චෙලෝ තත් අතර
නොපවතින මා පණ ලබයි..."
කිවුව වෙලාව- 2010-07-15 11:50:36
 
[සුභද්‍රා] මෙහෙම කියනවා :
හිරි ගඩු පිෙපන කවි මල් මිදුල
කිවුව වෙලාව- 2010-07-13 08:12:32
 
 
3 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මුඩුක්කු නිවසක් අසලින් රාත්‍රියක ඇසුණු දෙබසක් | ප්‍රදීප් සාරංග කුමාර
 • දුෂ්කර සේවේ නිමාවී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට... | සමිත බී. අටුවබැන්දෑල
 • මාලි | ලක්ශාන්ත අතුකෝරල
 • ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි | චින්තක රණසිංහ
 • සඳ කඳුළු මාලය | කූඹියා
 • මගේ උස් වූ හඬින් | අතුල ජයදේව
 • සඳ රාජන් සහ කෝවිල නම් ප්‍රේම සෞන්දර්යය | ධර්මසිරි රාජපක්ෂ
 • අසිරිමත් | විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.
 • ගෝලීයකරණය | දේ. වි. ගාල්ලගේ
 • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය | ලියනගේ අමරකීර්ති
 • මගේ "පත්තරකාරයා" | උද්‍යෝගී පලිහක්කාර
 • ණයට ගත් සාජ්ජය | යමුනා මාලිනි පෙරේරා
 • කවියනි | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • මන්දා | අජිත් තිලකසේන
 • මංසල | චන්ද්‍රසිරි මීවනගේ
 • අනුගාමිකයෙකුගේ කවිය | අනුෂ්ක තිලකරත්න
 • 0 | අජිත් තිලකසේන
 • වෙළඳ කවි | කූඹියා
 • 'ලොලිටා' හමුවී | ඩී. එම්. ටීම්රාන් කීර්ති
 • පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය | කේ කේ සමන් කුමාර [සර්පයා]
 
 
  තවත් වියමන්