කෙට්ටුම කෙට්ටු ගඟකට

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
කෙට්ටුම කෙට්ටු ගඟකට
 
 
සකොබ රුදු ගන අඳුර ගල් ගසන
තිමිරන්ද යට සුසුම් හඬ නැගෙන
නිලන නිල් වනස්පති ඇකයෙහින
හොවන කෙට්ටුම ගඟකි සෙනෙහසින

නෙක් කුඹුක් කැලන දරු කෘෂ දෙතන
බොත් උරා දරු සෙනේ කිරි එරෙන
රිදුම් දෙන කටු පඳුරු පුළුලුකුල
මව් සෙනේ සීරාව සුවසදන

මදහසින සැටි බලා සතුටුවන
සියොන් සුතනන් පැලඳි තුඟු තුරින
පිදුම් දෙන පර පතින පර මලින
විසුළ වසුරින් ද නැත පෙම බි‍ෙඳන

පිරිපතින සියල් වන හද හොවන
තව තවත් කේඩෑරි වී ගලන
මව්සෙනේ සිහිලසින් උණුසුම්ව
කුල ගොතක් නොඅසාම පා දොවන
 
Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
Updated on : 2010-07-09 04:21:35
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[booruwa] මෙහෙම කියනවා :
aththamai koi tharam honda kaviyakda? kettuma kettu gangakata mahathama mahatha prathichara awashyai noweda?
කිවුව වෙලාව- 2010-07-12 00:18:10
 
[Gamarala] මෙහෙම කියනවා :
බොලව් ඇයි කවුරුත් මේ වගේ කවි වලට ප්‍රතිචාර දෙන්නෙ නැත්තෙ ?
කිවුව වෙලාව- 2010-07-11 08:27:35
 
 
2 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මුඩුක්කු නිවසක් අසලින් රාත්‍රියක ඇසුණු දෙබසක් | ප්‍රදීප් සාරංග කුමාර
 • දුෂ්කර සේවේ නිමාවී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට... | සමිත බී. අටුවබැන්දෑල
 • මාලි | ලක්ශාන්ත අතුකෝරල
 • ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි | චින්තක රණසිංහ
 • සඳ කඳුළු මාලය | කූඹියා
 • මගේ උස් වූ හඬින් | අතුල ජයදේව
 • සඳ රාජන් සහ කෝවිල නම් ප්‍රේම සෞන්දර්යය | ධර්මසිරි රාජපක්ෂ
 • අසිරිමත් | විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.
 • ගෝලීයකරණය | දේ. වි. ගාල්ලගේ
 • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය | ලියනගේ අමරකීර්ති
 • මගේ "පත්තරකාරයා" | උද්‍යෝගී පලිහක්කාර
 • ණයට ගත් සාජ්ජය | යමුනා මාලිනි පෙරේරා
 • කවියනි | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • මන්දා | අජිත් තිලකසේන
 • මංසල | චන්ද්‍රසිරි මීවනගේ
 • අනුගාමිකයෙකුගේ කවිය | අනුෂ්ක තිලකරත්න
 • 0 | අජිත් තිලකසේන
 • වෙළඳ කවි | කූඹියා
 • 'ලොලිටා' හමුවී | ඩී. එම්. ටීම්රාන් කීර්ති
 • පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය | කේ කේ සමන් කුමාර [සර්පයා]
 
 
  තවත් වියමන්